2000 Facebook Likes

2000_4

techpedia.lk වෙත ලැබුණු 2000 වන Facebook like එක පසුගිය දා රාත්‍රියේ අපට ලැබුණා. ශ්‍රී ලංකාව තුල විද්‍යාව සහ තාක්ෂණය පිලිබඳ නව අදහස් සහ ආකල්ප ගොන්නක් ඇතිකරලීම සඳහා අප ගනු ලබන මේ උත්සාහයට ඔබෙන් ලැබෙන සහයෝගය අපි ඉතා අගයකොට සලකනවා. මන්ද මෙතරම් දුරක් මේ කාර්ය ඉටුකරලීම සඳහා අපට ශක්තියක් වුනේ පාඨක ඔබ සියලු දෙනායි.

මුළුමහත් සමාජයම අවිද්‍යාව, මුලාව සහ හිස් සමාජ ප්‍රතිරුප කරා දිවයන අවදියක. අන්තර්ජාලය එකිනෙකාගේ ඕපාදුප කියවීමට සහ තවත් පිරිසකගේ පහත් ආශාවන් සපුරා ගැනිමට වෙර දරන අවස්ථාවක. ලෝකයේ විද්‍යාව සහ තාක්ෂණය අතින් අත්කරගෙන ඇති සහ අත්කරගනිමින් පවතින්නාවූ බොහෝ දෑ පිළිබඳව සරල ලෙස සිංහලෙන් ඔබ වෙත ගෙන ඒමට අප දරන උතසහයට දායක වීමට දැන් ඔබටද අප අවස්ථාව උදාකරදීමට සුදානම්

techpedia.lk වෙත ලිපි යොමුකිරීමේ අවස්ථාව ඔබටත් ලබාදීමට අප දැන් සුදානම්. විද්‍යාව සහ තාක්ෂණය පිලිබදව ඔබ දන්නා යම් කරුණක් අනෙකුත් අය සමගත් බෙදාගැනීමට ඔබ කැමතිනම් publications@techpedia.lk යන අපගේ E-Mail ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න. එසේත් නැත්නම් techpedia.lk පිළිබඳව ඔබට සිතෙන අදහස් comment එකක් ලෙස හෝ info@techpedia.lk  යන අපගේ E-Mail ලිපිනයට එවන්න.

මිත්‍යා මතවාද සහ හිස් සමාජ අර්ථකතනයන් පසෙකලා විද්‍යාවෙන් සහ තාක්ෂණයෙන් අනුන සමාජයක් ගොඩනැගීම උදෙසා ඔබ අප හා තව දුරටත් එක්වනු ඇතැයි අපි විශ්වාස කරමු.

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *