මිනිස් මොලයට සමාන කෘතීම බුද්ධියක්

AI_0

Artificial Intelligence (AI) එසේත් නැත්නම් කෘතීම බුද්ධියන් සහ ඒවායේ ක්‍රියාකාරකම් පිළිබඳව අප කොතෙකුත් බටහිර චිත්‍රපට ඔස්සේ නරඹා තිබෙනවා. AI එකක ක්‍රියාකාරිත්වය නිසා මුළුමහත් මිනිස් වර්ගයාගේම පැවැත්මට තර්ජනයක් එල්ල වෙන ආකාරයන මෙමෙ අවස්ථාවල ඔබ දැක ඇති. නමුත් සත්‍ය ලෝකයේ තත්වය මිට හතපසින්ම වෙනස්. මිනිසාගේ මොලයට සමාන ආකාරයෙන් ක්‍රියාත්මක වන AI එකක් නිර්මාණය කිරීම ඉතා අසීරු කාර්යයක් ඒ නිසා මේවනතුරුත් සාර්ථක ලෙස මිනිසාගේ මොලයට සමාන AI එකක් නිර්මාණය කිරීමට නොහැකිව තිබෙනවා.

නමුත් මේ ආරංචිය ලැබෙනේ ඇමරිකාව හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේක්ෂකයන් පිරිසක් මේ ආකාරයේ සුපිරි කෘතීම බුද්ධියක් නිර්මාණය කිරීමට පර්යේෂණ ආරම්භ කොට ඇති පුවතක් පිළිබඳවයි. මෙමෙ පර්යේක්ෂකයන් පිරිසට මෙම ව්‍යාපෘතිය කරගෙන යාම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 28 ක මුදලක් ලැබී තිබෙන බවයි පැවසෙන්නේ.

සාමාන්‍ය පරිගණකයක් මිනිස් මොළයකට හැසිරවිය නොහැකි මට්ටමේ දත්ත ප්‍රමාණයක් එක වර හැසිරවීමේ හැකියාව තිබෙනවා නමුත් අලුත් අලුත් දේ ඉගෙන ගැනීම සහ ඒ ඉගෙන ගත දේ සහ පෙර ඉගන ගත් දේ අනුව නව තීරණ ගැනීම යන ක්‍රියාවලියේදී පරිගණක සිටින්නේ සාමාන්‍ය මිනිස් මොළයකට බොහෝ පිටුපසින්.

උදාහරණයක් ලෙස ඔබ කුඩා අවධියේදී බල්ලන් ගේ රුප කිහිපයක් දුටු විට ඔබට ඊළඟ මොහොතේදී බල්ලෙක් දුටුවහොත් ඒ බල්ලෙක් ලෙස අඳුරා ගැනීමේ හැකියාව තිබෙනවා. ඔබ මුලින් දුටු රුප කිහිපයෙන් ඔබ බල්ලෙක් යනු කුමන ආකාරයේ සතෙක් දැයි අඳුනා ගන්නවා. නමුත් මේ ක්‍රියාවලියම පරිගණකයකින් සිදුකළහොත් ඔබට පරිගණකයට බල්ලන් ගේ රුප විශාල ප්‍රමාණයක් ඇතුල් කල යුතු වෙනවා. ඊට අමතරව ඒ සඳහා විශේෂ දෘඩාංග සහ මෘදුකාංග පවා භාවිත කිරීමට සිදුවෙනවා

හාවර්ඩ් සරසවියේ මේ නවතම උත්සයහ මේ භාදකයන්ගෙන් තොරව මිනිස් මොලයට ඉතා සමීප ලෙස ක්‍රියා කල හැකි AI එකක් නිර්මාණය කිරීමටයි. මෙමෙ ක්‍රියාවලියට විවිධ අංශය වල පර්යේක්ෂකයන් එකතුව සිටිනවා.

ඔවුන්ගේ ප්‍රථම ව්‍යායාමය වන්නේ මිනිස් මොලයේ ස්නායු සම්බන්දතා නිවැරදිව සටහන් ගත කිරීමයි. ඒ ඔස්සේ ඔවුන් එම ස්නායු සම්බන්දතා ජලය පරිගණකයක් තුල නිර්මාණය කිරීම ආරම්භ කරනු ඇති.

Bookmark the permalink.

One Comment

  1. Pingback: මිනිස් මොලයට සමාන කෘතීම බුද්ධියක් | සතුටු වැස්ස බ්ලොග් කියවනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *