රුසියාවේ හදපු අරුම පුදුම වාහනය.

sherp-atv-5

රුසියාව කියන්නේ ලොව විශාලම රටක්. ඒ වගේම ලෝක බලතුලනයේදී ඇමරිකාවට අභියෝගයක් එල්ලකරන්න පුළුවන් යුධමය හා තාක්ෂණික ශක්තියකින් යුතු රටවල් අතුරින් ප්‍රධානතම රටක්. ඔව්න් සැමවිටම ඔව්න්ගේම ක්‍රමයන් අනුගමනය කරීමට උත්සහ කරනවා. ජෙට් එන්ජින් මගින් ධාවනය කරන ලද දුම්රිය මෙන තවත් බොහොමයක් අරුම පුදුම දේවල් ඔව්න් නිර්මාණය කර තිබෙනවා. ඉහත රුපයේ තිබෙන වාහනය ගැන මුලින්ම ඔබට මොකක්ද හිතුනේ ? මටනම් මතක් උනේ සෙල්ලම් බඩුවක්. නමුත් විශ්වාස කරන්න මෙය දැනට වෙළඳ පොලේ ඔබට මිලදීගත හැකි දෙයක්. මෙය තවත් එක් concept design එකක් නොවෙයි. වසරේ බොහෝ කාලයක් හිමෙන් වැසි තිබෙන රුසියාවේ වගුරුබිම්, ජලාශ, අයිස්තටු වලින් පිරි පවතිනවා. එබැවින් මේ පිළිබඳව අවධානය යොමුකර ඕනෑම මතුපිටක ධාවනය කල හැකි මෙම රථය නිර්මාණය කර තිබෙනවා.

outdoorhub-video-super-powered-russian-atv-that-can-walk-across-broken-ice-2016-02-10_15-29-24-880x503

මෙහි නිර්මාණ ශිල්පිය රුසියානු ජාතික Aleksei Garagashian, ඔහු මෙම මෝටර් රථය නිර්මාණය කිරීමට පටන් ගෙන ඇත්තේ වසර 2012දි. වසර හතරක පර්යේෂණයන් වලින් පසුව මෙම වසරේ ඔව්න් මෙය වෙළඳ පොලට හදුන්වාදුන්නේ Sherp ATV නමින්. සාමාන්යෙන් ATV යනුවෙන් අදහස් කරන්නේ all terrain vehicle යන්නයි. එනම් ඕනෑම මතු පිටක ගමන් කල හැකි බව.  නමුත් සාමාන්යෙන් ATV රථයකට ජලයෙහි ගමන් කිරීමට නොහැකියි. නමුත් මෙම අරුම පුදුම Sherp ATV රථයට ජලයේ ගමන් කිරීමේ හැකියාවද තිබෙනවා. මෙහි මීටර 1.6ක් උසැති රෝද මගින් ඕනෑම මතුපිටක ගමන් කිරීමේ හැකියාව මෙන්ම  Sherp ATV රථය ජලයේ ගමන් කිරීමේදී පාවීමට අවශ්‍ය උඩුකුරු තෙරපුමද ලබාදෙනවා. තවද ගමන් ගන්නා මතුපිට අනුව රෝදවල පීඩනය වෙනස් කිරීමේ පහසුකමින්ද මෙය යුක්තයි.

lifebuzz-5740e353cef6045261215f17d877aef1-limit_2000

මෙවැනි විශාල රෝද වලින් සමන්විත මෙම රථය ධවනය කිරීමට විශාල එන්ජිමක්  අවශ්‍යයි කියල ඔබ සිතනවා ඇති. නමුත් ඇත්තටම මෙය ධාවනය වන්නේ 1.5 ධාරිතාවයකින් යුක්ත සිලින්ඩර හතරක turbo charge එන්ජිමක් මගින්. ගොඩබිමදී 45 km/h උපරිම වේගයක් සහිත මෙය ජලයේදී 6 km/h වේගයක් ලබාගැනීමට සමත්. මගීන් හතර දෙනෙකුට ගමන් කිරීමට හැකි මෙම මෝටර් රථය කිලෝ 1300ක  බරින් යුක්ත අතර අමතර කිලෝ 1000ක බරක්  රැගෙන යාමටද සමත්. මෙහි steering system එක  skid steering  වර්ගයේ එකක්. එනම් මෝටර් රථයේ වම්පස හා දකුණුපස රෝද එකිනෙක සම්බන්දව සමාන්තර ධාවනයක යෙදෙනවා (පාරේ වැඩකරන bobcat loader එකක් වගේ.) දැනට මෙම අරුම පුදුම මෝටර් රථය ඇමෙරිකානු ඩොලර් 65000 කට වෙළඳපොළට එක්කර තිබෙනවා. මෙම මෝටර් රථය ගමන් කරන අයුරු පහත වීඩියෝවෙන් බලන්න පුළුවන්.

sherp-atv-russian-amphibious-truck-with-monster-wheels-9

Bookmark the permalink.

One Comment

  1. Pingback: රුසියාවේ හදපු අරුම පුදුම වාහනය. | සතුටු වැස්ස බ්ලොග් කියවනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *