Hybrid sports මෝටර් රථ

hybrid මෝටර් රථ පිළිබඳව අපි තොරතුරු බොහොමයක් ඔබට ගෙන ආවාමතක ඇති. අදත් අප ඔබට ගෙන එන්නේ hybrid sports මෝටර් රථ පිළිබඳවයි. ලෝකය අරපිරිමැස්ම ගැන දැන් පෙරට වඩා සිතන නිසා හා පරිසර දුෂණය වැනි කරුණු නිසා ඉන්ධන කාර්යක්ෂමතාවය මෝටර් රථයක් මිලදීගැනීමේදී අනිවාර්යෙන්ම සොයාබලන දෙයක් බවට පත්ව තිබෙනවා. Toyota Prius, Axio Honda Fit, Insight වැනි මෝටර් රථ වෙළඳ පොලට පැමිණියේ ඒ සමගයි. නමුත් අද අප තොරතුරු ගෙන එන්නේ Porsche, Ferrari,McLaren හා BMW යන සුපිරි සමාගම් තුන මහින් හදුන්වා දී ඇති  hybrid sports මෝටර් රථගැනයි. ලොව දැනට බොහෝ වෙලාවට hybrid තාක්ෂනය යොදාගත්තේ  කාර්යක්ෂමතාව ඉහල දැමීම මගින් ඉන්ධන පරිභෝජනය අඩුකිරිමටයි. නමුත් මෙම මෝටර් රථ වල එම කරුණට අමතරව hybrid තාක්ෂනය යොදාගනිමින් සාමාන්‍ය එන්ජිමක ඇති අඩු ලුහුඩු කම් පුරවමින් වඩාත් වේගවත් sports මෝටර් රථයක් ඉදිරිපත් කිරීමට ඔව්න් උත්සහ කර තිබෙනවා.

 2015 BMW i8

2015-bmw-i8-drive-review-06

මෙම මෝටර් රථය විශාල වශයෙන් කතා බහට ලක්වූ මෝටර් රථයක් වන අතර දැනට මින් එක් මෝටර් රථයක් ලංකාවේ ව්‍යාපාරිකයකු සතුව තිබෙනවා. මෙය all-wheel drive මාදිලියේ මෝටර් රථයක් වන අතර එන්ජිම මගින් පසුපස රෝදත් එක් මෝටරයක් මගින් ඉදිරිපස රෝදත් බලගැන්වේනවා 7.1 kWh බැටරියක් සහිත මෙයට පුර්ණ  විදුලි මෝටර් රථයක් ලෙස කිලෝමීටර 37ක් යන්න පුළුවන්. තවද මෙම all-wheel drive plug-in hybrid i8 මෝටර් රථය අශ්වබල   362ක් නිපදවනවා. උපරිම වේගය පැයට කිලෝමීටර 250ක් වන අතර 0 සිට 100 දක්වා තත්පර 4.4කින් ළඟාවිය හැකියි. පුදුම දනවන දෙයනම් මේ සියල්ල සිදුකරන්නේ cylinder තුනක 1.5 l turbo charged එන්ජිමක් මගින් වීමයි. තවද මෙය පෙට්‍රල් ලීටර 2.1කින් කිලෝමිටර 100ක් ධාවනය කිරීමටද පුළුවන්.

2015 Porsche 918 Spyder

porsche-918-Jan21-photoshoot-7

මෙය  mid-engined plug-in hybrid hypercar එකක් ලෙස හදුන් වන්න පුළුවන්. මොකද මේක BMW මෝටර් රථයට වඩා අධික වේගයකින් ධාවනය කිරීමට පුළුවන් නිසා. මෙයද පසුපස රෝද එන්ජිම මගින් හා මෝටරයක් මගින්  බල ගැන්වෙන අතර ඉදිරිපස රෝද දෙක සඳහා තවත්  මෝටරයකින් සමන්විතයි. පුර්ණ විදුලි මෝටර් රථයක් ලෙස මෙය කිලෝමීටර 19ක් ධාවනය කරන්න පුළුවන් කම තිබෙනවා. මෙහි ධාරිතාවය අශ්වබල 887ක් වන අතර එන්ජිම ලීටර  4.6 ක v8 එකක් උපරිම වේගය පැයට කිලෝමීටර 340ක් වන අතර 0 සිට 100 ට යාමට තත්පර 2.5 කාලයක් ගතවන බව ඔව්න් පවසනවා. මෙය ට US$847,000 මිලක් නියම කොට තිබෙනවා

2015 Ferrari LaFerrari

landscape-1436384001-roa080115fea-laferrari02

මේම මෝටර් රථය පුර්ණ විදුලි ධවනයකින් තොර වන අතර ලීටර 6.3ක V12 එන්ජිමකින් හා මෝටරයකින් බල ගැන්වෙනවා. මෙයහි සම්පුරන් ධාරිතාවය අශ්වබල 950ක්. උපරිම වේගය ලෙස 365 km/h දක්වා ළඟාවීමේ හැකියාව මෙය සතුවනවා.  අතර 0 සිට 100 ට යාමට තත්පර 2.5 කාලයක් ගතවන බව ඔවන් පවසන අතර තත්පර 7ක් ඇතුලත 300 km/h වේගයක් ලබාගැනීමටත් සමත් වනවා. මිට අමතරව මෙය මෙම මෝටර් රථ අතුරින් වැඩිම මිලක් සහිත වන මෝටර් රථය වන අතර මෙය ඩොලර් මිලියනයකට වැඩි මුදලකට අලෙවිකොට තිබෙනවා

2015 McLaren P1

mclaren-p1-06

මෙම බ්‍රිතාන්‍ය මෝටර් රථය 3.8-liter twin-turbo V-8 එන්ජිමකින් හා එක මෝටරයකින් සමන්විත වන අතර අශ්වබල 903ක බලයකින් යුක්තයි. පුර්ණ විදුලි මෝටර් රථයක්යක් ලෙස කිලෝමීටර 10ක් ගමන් කරන්න පුළුවන්.  මිට අමතරව මෙහි turbo lag එක පිරවීමට මෝටරය කටයුතු කරන අතර එම නිසා තත්පර 2.8කින් 0 සිට 100 දක්වා ලගවන්න පුළුවන්. උපරිම වේගය ලෙස 395 km/h තෙක් ලඟාවී ඇතිමුත් 350 km/h කට සිමා කර තිබෙනවා.12 L/100 kmක  ඉන්ධන කාර්යක්ෂම තාවයකින් මෙම මොටර් රථය යුක්තයි.

holy-trinity-in-line

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *