Cricket ක්‍රීඩාවේදී භාවිතාවන තාක්ෂනයන්.

page

Cricket තරම් අපට සමීප තවත් ක්‍රීඩාවක් නැති තරම්. මොකද අපගේ ජාතික  ක්‍රීඩාව වන volleyball  වලටවත් නැති ඇල්මක්  අපිට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තිබෙනවා. තව දෙයක් තමයි අපිව ලෝකයට ගෙන යන ප්‍රධාන දෙයක් බවට Cricket පත්වී හමාරයි. Twenty20 ලෝකශුරතාවයත් දැන්  ආරම්භ  වෙලා  තියන  නිසා අපි හිතුව දැනට Cricket ක්‍රීඩාවේ භාවිතා කරන තාක්ෂනයන් කිහිපයක්  පිළිබඳව ඔබට විස්තර ගෙන එන්න. මෙහිදී තාක්ෂණික ක්‍රම යොදාගන්නේ එක් ප්‍රධාන අවශ්‍යතාවයක් වෙනුවෙන්. ඒ තමයි නිවැරදි තීරණ ගැනීම සඳහා විනිශ්චයකරුවන්ට උපකාරවීම. නමුත් කොහොම උනත් මොන තාක්ෂනය තිබුනත් තමන්ගේ හිතුමතේට මෝඩ තීන්දු දෙන විනිසුරන් නැතුවමත් නොවෙයි.

snickometer

අපි මුලින්ම කතා කරමු Sniko නැතිනම් Snickometer එක ගැන. මෙම තාක්ෂනය මුලින්ම හදුන්වාදුන්නේ 90දශකයෙ මැදභාගයේ වන අතර මෙය බොහෝවිට යොදාගන්නේ bat එක බෝලයේ වැදුනාද  නැද්ද යන බව සොයාබැලීමටයි. මේසඳහා අවශ්‍ය ශබ්දය middle stump එකේ සවිකර ඇති mic එකෙන් ලබාගන්නා  අතර ඉන්පසුව එහි frequency එක විෂලේෂණය මගින් හදුනාගැනීම සිදුකරනවා. මෙය තෙවැනි විනිසුරුසතු තාක්ෂණයක්.

Hotspot_2_1825884a

Hot spot කියන්නෙත් පන්දුව පිතිකරුගේ ශරීරයේ හෝ bat එකේ  වදින ස්ථානය හදුනාගැනීමට යොදාගන්න තාක්ෂණයක්. මෙහිදී අධෝරක්ත සංවේදී කැමරාවන් දෙකක් මගින් පිතිකරුව වීඩියෝගත කරන අතර පන්දුව වැදීමේදී හටගන්නා තාපය නිසා උෂ්ණත්වය ඉහලයන ප්‍රදේශය ඉතා පැහැදිලිව පෙන්නුම් කරනවා. ඒ නිසා තෙවැනි විනිසුරුට අවශ්‍යවිට පන්දුව වැදුනු ස්ථානය නිවැරදිව බලාගැනීමේ හැකියාව තිබෙනවා.

hawkeye1 hawkeye-off-the-pitch

Hawk Eye මෙය cricket වල පමණක් නොව ටෙනිස් පාපන්දු වැනි ක්‍රීඩාවන් වලත් යොදාගන්න තාක්ෂණයක්. එංගලන්තයේ Dr Paul Hawkins විසින් 2001 වසරේ මෙය සජීවී විකාශය තුලදී විනිසුරුවන්ගේ තීරණ විචාරය කිරීමට හදුවනවා දුන්නා. මෙහිදී camera 6ක් පමණ යොදාගන්නා අතර ඒවා මගින් එකිනෙකට වෙනස් කොණ වලින් පන්දුව track කරනනු ලබනවා. ඉන්පසුව පරිඝනකය ආධාරයෙන් එහි virtual path එක නිර්මාණය කරනු ලබනවා. ප්‍රධාන වශයෙන් මෙය LBW සම්බන්ධ තීරණ විචාරයට හා තෙවැනි විනිසුරු තීරණය සඳහා යොදාගන්නවා.

dc-Cover-ioovnjqpub1432k6rvg0v347i1-20160128175805.Medi

Spider-cam තාක්ෂනය යොදාගනු ලබන්නේ වෙනස්ම කොණ වලින් තරඟය ආවරණය ක්රිමටයි. නමුත් ඉන් ලබාදෙන රූපරාමු තෙවැනි විනිසුරුද යොදාගන්නවා. මෙය ක්‍රියාකරන්නේ පිටියේ කෙළවරවල් වල සවිකරන ලද winch හතරක් මගින් වන අතර ඒවා මගින් එන ඉතාමත් ශක්තිමත්  Kevlar cable හතරක් කැමරාවට සවිකොට තිබෙනවා. ඉතාමත් සංවේදීව පාලනය කළහැකි මෙම කැමරාව හැසිරවීමට වෙනම software එකක් යොදාගන්නා අතර winch හා එම software එක සහිත පරිඝනකය fiber optics මගින්  සන්නිවේදනය පවත්වාගෙන යනවා.

Price-of-LED-Bails-in-Cricket-2015

මෙවැනි තාක්ෂණයන්ට අමතරව stump කැමරාවද කඩුලූ අතර දුවද්දී දෑවියාම් හදුනා ගැනීම හා stump කිරීම් හදුනා ගැනීමට යොදාගන්න බව ඔබ දන්නා සාමාන්‍ය දෙයක්. ඒ වගේම පන්දු වයන්න වේගය මැනීමට speed gun එකක්  හා පන්දුව බ්‍රමණය වන වේගය මැනීමට rpm counter වැනි තාක්ෂණික උපකරණ යොදාගන්නවා  මිට අමතරව අලුතෙන්ම එක්වූ LED Bails මගින් තත්පරයකින් 1000කින් 1කක වේගයකින් bails ඉවත්වූ වහාම led දැල්වීම මගින් bails ඉවත්වුබව පෙන්වනු ලබනවා.

Bookmark the permalink.

One Comment

  1. Thankz for the info

Leave a Reply

Your email address will not be published. Required fields are marked *