Galaxy S7 edge මුලින්ම ලංකාවෙන් ගත්තේ කව්ද?

page

පසුගිය දිනෙක Samsung සමාගම තම ප්‍රථම Samsung Galaxy S7 දුරකථන ය හා Samsung Galaxy S7 edge දුරකථනය වෙළඳපොළට නිකුත් කරා ඔබ දකින්න ඇතිනේ, දැන් එම දුරකථනය ලංකාවේ වෙළඳපොළට පැමිණ තිබෙනවා. අප රටෙත් බොහෝදෙනා දැන් නව තාක්ෂනය හා යමින් නිතර නිතර update වෙන phone ගන්න කැමැත්තක් දක්වන නිසා මුලින්ම ලංකාවේ වෙළඳ පොලට දුරකතනයක් ගෙන ඒමත් ලංකාවේ  ප්‍රසිද්ධ දුරකථන සමාගම් අතර තිබෙන තරඟයක්.

මිට පෙර ලිපියකින් අපි ඔබට Galaxy S7එකට පුළුවන්, iPhone 6 එකට බැරි වැඩ ලෙස ලිපියක් ඉදිරිපත් කර මතක ඇති ඒ එම දුරකථන මාදිලි දෙක සසඳමින්. Samsung Galaxy S7 දුරකතනයේ ගැන කෙටි සටහනක් තියනවානම්,12 MP back camera එකකින් හා 5 MP front cameraවකින් සහිත මෙය  මීටරයකට වඩා වැඩි ගැඹුරක මිනිත්තු 30ක් පමණ තබාගන්න පුළුවන්  IP68 rated දුරකතනයක්, Galaxy S7 දුරකතනයක් මිනිත්තු 30ක් ඇතුලත 60%ක බැටරි charge වීමක් ලබාගැනීමට සමත් නිසා බැටරිය ගැන බයවෙන්න දෙයකුත් නැහැ. අනික තමයි Galaxy S7 දුරකතනය සතුව 3,000 mAh බැටරියක් ඇති අතර Galaxy S7 Edge දුරකතනයේ  3,600 mAh බැටරියක් සහිතවීම ඒ නිසා දිගු බැටරි අයුකාලයකින්ද යුක්තයි.

Samsung Galaxy S7 edge දුරකථනය මුලින්ම ලංකාවට ගෙන ආවේ MoBo Solutions ආයතනයේ චතුරංග රණවීර විසින්. ඒ වගේම ලංකාවට ගෙන ආ මෙම ප්‍රථම දුරකතනයේ ප්‍රථම අයිතිකරුවුයේ  අප රටේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහලම තැනක් සහිත පුද්ගලයෙක් ඒ නවලෝක සමුහයේ අධිපති ජයන්ත ධර්මදාස මහත්මයා. දැනට මෙම දුරකථනය MoBo Solutions ආයතනයන් (077 8 888 333) 120,000ක මුදලකට මිලදීගැනීමේ හැකියාව පවතිනවා.

12804700_10208942023857557_7151027620234064782_n

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *