ABS ගැන ඔබ දන්නවද ?

Screen_Shot_2015-05-07_at_3.32.35_PM

අප මිට පෙර පළකරපු Auto වාහනයක් එලවන ඔබ අනිවාර්යෙන් දැනගතයුතු දේවල්  ලිපියට ඉතාමත් ඉහල ප්‍රතිචාරයක් ලැබුනා. ඒ වගේම අපට බොහොපිරිස් අපේ www.fb.com/techpedia.lk  Facebook   පිටුව හරහා පණිවුඩ ඒවා තිබුනා. ඉන් බහුතරයක්ම තිබුනේ දැන් වෙළඳපොලේ පවතින මෝටර් රථ වල පවතින තාක්ෂනයන් සම්බන්ධයෙන් ප්‍රශ්න. ඒ නිසා අපගේ පාඨකයන්ගේ ඉල්ලීම මත මෙම ලිපිය ඉදිරිපත් කිරීමට සිතුවා. මෙහිදී අප දැනට ලංකාවේ වෙළඳ පොළ තුල පවතින නවීන වාහන වල පොදුවේ භාවිතාවන තාක්ෂනයන් කිහිපයක් පිළිබඳව කෙටි ලිපි කිහිපයකින් ඉදිරිපත් කිරීමට බලපොරොත්තු වනවා.  මේ අනුව ABS system එක, air bags , traction controllers, brake assist හා  trip tonic තාක්ෂනයන් පිළිබඳව කතාකිරීමට අප සුදානම්. අද ABS system එක.

ABS (anti-locking brake system)

මෙය නම් එතරම් අලුත් තාක්ෂණයක්නොවන බව ඕනෑම කෙනෙක් දන්නවා, නමුත් මෙහිදී සිදුවන කාර්ය කෙටියෙන් පැහැදිලි කිරීමට සිතුවා. ABS නොමැති වාහනයකින් තරමක් වේගයෙන් ගොස් රථයේ රෝද lock වනලෙස brake කරොත් මොකද වෙන්නේ ? අනිවාර්යෙන්ම වාහනයේ රෝද ලිස්සා යාම සිදුවනවා. එහි ප්‍රථිපල තරමක් භයානකයි, මොකද වාහනය පාලනය ඔබගේ අතෙන් ගිලිහි යනවා. lock වෙච්ච රෝද හැරෙව්වා කියල වාහනය ගමන් කරන දිශාව වෙනස් වන්නේ නැනේ. ඒ වගේම රෝද පාරෙන් පිට වැලි වල තිබ්බොත් වාහන හැරවෙන එක සිදුවනවා , ඊට අමතරව රෝද වල එක කොටසක් පමණක් ඉතා තදින් ගෙවීයාම නිසා රෝද ඉවත් කිරීමට සිදුවන්න පුළුවන්.  නමුත් ABS තාක්ෂනය මගින් රෝද lock වීම වළකනවා.

anti-lock-brake-system

එය සිදුවන්නේ මෙහෙමයි. ABS සහිත මෝටර් රථවල එක් එක් රෝදවලට වෙන වෙනම speed sensors යොදා තිබෙනවා. එහිදී අනතුරක් සිදුවීමට යනවිට ඉතා තදින් brake කිරීමේදී රෝදවල කැරකෙන speed එක අඩුවීම අනුව lock වීමට ආසන්න රෝද හදුනාගෙන ඒයට brake oil සැපයුම අඩාල කරනවා, මෙය ඉතාමත් ඉක්මනින් සිදුවන අතර රෝද මගින් යෙදෙන නැවතුම් බලය ඉහල අගයක පවත්වාගැනීමට රෝද lock වීමට ආසන්න අවස්ථාවේ පවත්වගන්නවා. (ස්ථිතික හා ගතික ගර්ෂණ සංගුණ ගැන මතකද ?) වාහනය නැවතීමට උපකාර වන්නේ රෝදවල ඝර්ෂණ බලයි. එහෙදි එම රෝදය මගින් රෝදය ලිස්සන විට ලබාදෙන බලයට වැඩ වැඩි බලයක් රෝදය ලිස්සිමට අසන්න විට ලබාදෙනවා.(ස්ථිතික හා ගතික ගර්ෂණ සංගුණක) එක නිසා lock වූ රෝද වලට වඩා අඩු දුරකින් ABS සහිත වාහනයක් නවතා ගන්න පුළුවන්. රෝද lock වීම සිදුනොවන නිසා වාහනය පාලනය කරගනිමින් නවතාගන්න පුළුවන්.

blogentry-43809-0-02350600-1420641556

මිට අමතරව දැන් මෝටර් බයිසිකල් වලටත් ABS තාක්ෂනය යොදාගන්නවා. ඒ වගේම ABS light එක on උනොත් එක නොසලකා ඉන්න එපා, වහාම වගකීමකින් යුක්ත ගරාජයකින් check කරගන්න. ඒ වගේම ABS සහිත වාහනයක් එලවන ඔබ දැනගත යුතු දේවල් පිලිබන්දව ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න .
අපෙගේ web අඩවිය පිලිබඳව ඔබගේ අදහස් අපට එවන්න. අප හා සම්බන්ධ වන්න
Like Us: www.fb.com/techpedia.lk
Visit Us: www.techpedia.lk

http://i.imgur.com/g8P8vae.gifv

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *