Traction Control කියන්නේ මොකක්ද ?

1111

මිට පෙර අපි ඔබට පැවසු පරිදි අදත් අප කතා කිරීමට සුදානම් වන්නේ මෝටර් රථ තාක්ෂණයක් පිළිබඳවයි ABS ගැන ඔබ දන්නවද ? හා Auto වාහනයක් එලවන ඔබ අනිවාර්යෙන් දැනගතයුතු දේවල් ලිපි පෙළ අනුව යමින් අද අපි කතා කිරීමට සුදානම් වන්නේ Traction Control තාක්ෂනය පිලිබඳවයි.අද බොහෝදෙනා නවීන වාහන පැදවුවත් ඒවා සතුව ඇති මෙම තාක්ෂනයන් පිළිබඳව එතරම් අවබෝධයක් නොමැති තරම්. මිට පෙර අප කතාකළ ABS තාක්ෂනය හා මේ Traction Control තාක්ෂනයන් කියන්නේ අනතුරක් වලකා ඔබගේ ජීවිතය පවා බේරාදීමට හැකියාවක් ඇති තාක්ෂනයන් දෙකක්

මුලින්ම අපි බලමු මොකක්ද මේ Traction Control කියන්නේ කියලා. Traction කියල සාමාන්යෙන් අපි කියන්නේ යම්කිසි පෘෂ්ඨයන් දෙකක් අතර ඇති බලයක්, වාහනයක නම් රෝදය හා පාර අතර ඇතිවන බලය තමයි ඒ. ඒම ඝර්ෂණ බලය වැඩිවන තරමට මෝටර් රථයකට වැඩි වේගයෙන් වංගු ගත හැකි අතරම වඩා වැඩි ත්වරනයක්ද ලබාගන්නට පුළුවන්. එම නිසා sports මෝටර් රථ වල මෙම බලය උපරිම කිරීමට වැඩ වැඩි පළලකින් යුතු ටයර භාවිතාකිරීම සිදුකරනවා. නමුත් මේ බලය නැතිනම් traction එක ගිලිහි යාමෙන්  රථයෙ wheel spin වීම, වංගු වලින් ඉවතට විසිවියාම හා ලෙස්සන සුළු මතුපිටකදී වාහනය පාලනය ගිලිහියාම් සිදුවන්න පුළුවන්. එවැනි දේවල් වලින් ඔබ හා ඔබගේ වහනය ආරක්ෂා කරදීම මෙම පද්ධතිය මගින් සිදුවනවා.

02.2_Electronic Stability Control

මෙම තාක්ෂණයත් ABS සමග එකට බැඳී පවතින තාක්ෂණයක්. මොකද ABS හා traction control පද්ධති දෙකම රෝදවල ඇති speed sensors වලින් එන data යොදාගන්නවා. මෙහිදී සිදුවන්නේ මෝටර් රථය ගමන් ගන්නා වේගයට වැඩ වැඩි වේගයකින් රථයේ රෝද බ්‍රමණය වුවහොත් තිරිංග වෙන වෙනම ඒ රෝද වලට යොදා රෝදය පාලනය කිරීමයි. නමුත් සමහර නවීන මෝටර් රථ වල එන්ජිමෙන් යෙදෙන බලයත් පාලනය කරනු ලබනවා. (ABS වලින් වෙන්නේ ගමන් ගන්න වේගයට වඩා අඩු වේගයකින් රෝද කැරකුනොත් හෝ lock උනොත් ත්රිංග අක්‍රිය කිරීමයි )

මෙලෙස Traction Control ඇති වාහනයක වාසි මෙහෙමයි.

  1. වංගුවක් ගැනීමේදී ඉවතට විසිවියාම අවම කරයි
  2. ඉතා ඉක්මනින් ත්වරණය කරීමේ හැකියාව ලබාදෙයි.
  3. ලිස්සන සුළු මාර්ග තත්ත්වයන්හිදී වාහනය ලිස්සා යාම වලකාලයි

ඒ වගේම Traction Control ඇති සෑම මෝටර් රථයකම එය ඉවත්කිරීමට වෙනම switch එකක් පවතිනවා. නමුත් කොහොම උනත් සැමවිටම මෙය ක්‍රියාත්මක කර තබාගැනීම නුවනට හුරුයි.

අපෙගේ web අඩවිය පිලිබඳව ඔබගේ අදහස් අපට එවන්න. අප හා සම්බන්ධ වන්න
Like Us: www.fb.com/techpedia.lk
Visit Us: www.techpedia.lk

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *