මොරටුව සරසවිය ෆොර්මියුලා තරඟයකට

2-2-e1459068419650

ෆොර්මියුලා මෝටර් රථ කියන්නේ ලෝකයේ තිබෙන තාක්ෂණයෙන් ඉතාමත් ඉදිරියෙන් තිබෙන මෝටර් රථයක් කිව්වොත් නිවැරදියි. ඒ වගේම ෆෝර්මියුලා ධාවන තරඟ කියන්නේ ලෝකයේම අවධානයට පත්ව ඇති ක්‍රීඩාවක්. මෝටර් රථයන් වල ඇති තාක්ෂනය නිසාම බොහෝ මෝටර්රථ සමාගම් තම අනුග්‍රයහ දක්වන්නේ ඩොලර් මිලියන ගණන් වියදම් කරමින්. ඒ අතර ලොව පුරා විසිරි සිටින ඉංජිනේරු සිසුන්හට තම මෝටර්රථ ක්ෂේත්‍රයේ දක්ෂතාවන් පෙන්වීමට හා ෆොර්මියුලා මෝටර් රථ කණ්ඩායම් වලට එක්වීමේ හැකියාව ලැබෙන අවස්ථාවක් තමයි Institute of mechanical engineers ආයතනය මගින් සංවිධානය කරන Formula Student 2016 තරගාවලිය. මෙවර බ්‍රිතානයේ Silverstone F 1 ධාවන පථයේ පැවැත්වීමට නියමිත තරඟයට  අපරටෙන් ප්‍රථම වරට කණ්ඩායමක් ඉදිරිපත් වනවා ඒ TeamSHARK ලෙස මොරටුව සරසවියෙන්.

IMG_3380

ඔව්න්ගේ තම මෝටර් රථයෙ එන්ජිම වශයෙන් CBR 600 එන්ජිමක් යොදාගන්න අතර දැනට මෝටර් රථයේ චැසිය සම්පුර්ණ කර තිබෙනවා. කණ්ඩායම් 110කට ආසන්න ප්‍රමාණයක් සහභාගිවන මෙම තරඟය මේ වසර මැදදී පැවැත්වීමට නියමිතයි. මෙහි design එක සඳහා  මොරටුව සරසවියේ තෙවන වසරේ සිසුන් 25ක පමණ කණ්ඩායමක් අතින් සිදුවන අතර එය මෙහෙයවීම සසිරංග ද සිල්වා මහතා අතින් සිදුවනවා. ප්‍රථම වරට ඉදිරිපත්කරන  තම මෝටර් රථය හොදම මෝටර් රථය ලෙස ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වන ඔව්න්හට සම්පුර්ණ අනුග්‍රහය දැක්වීමට DIMO සමාගම ඉදිරිපත්ව සිටිනවා. ඊට අමතරව මෝටර් රථය නිර්මාණය කිරීමට DIMO ආයතනයේ සියඹලාපේ ශාකාවේදී සිදුකිරීමට නියමිතයි. ඔව්න්ට techpedia අපගේ සුබපැතුම්.

ඒ වගේම අපෙගේ web අඩවිය පිලිබඳව ඔබගේ අදහස් අපට එවන්න. අප හා සම්බන්ධ වන්න
Like Us: www.fb.com/techpedia.lk
Visit Us: www.techpedia.lk

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *