නිතර නිතර ලෙඩ නොවී වාහනය දුවන්නේ මෙහෙමයි Part 2

 

preventive-maintenance

මිට පෙර ලිපියෙන් අපි ඔබට ඔබේ වාහනය නිතර නිතර කැඩෙන්නේ නැතිව පාවිච්චි කරන හැටි ගැන විස්තර ටිකක් ගෙන අවා. මේ එම ලිපියේ ඉතිරි කොටසයි. ඔබට එම ලිපිය කියවීමට අවස්ථාවක් ලැබුනේ නැතිනම් මෙතනින් ඔබට ඒ ලිපිය කියවන්න පුළුවන්.

ඔබේ tires නිසි ලෙස මාරුකරන්න

බොහෝ දෙනා සිත සිටින්නේ වාහනයේ tire එකක් ගෙවී ගිය පසු එය අලුත් එකකින් මාරුකිරීම පමණක් ප්‍රමාණවත් ලෙසයි. නමුත් එය වැරදියි. ඔබගේ වාහනයේ tire සියල්ල එක හා සමානව ගෙවීමට ලක්වීමයි නිවැරදි ක්‍රමය. මේ සඳහා ඔබ ඔබේ වාහනයේ tire එකිනෙක මාරු කල යුතු වෙනවා. ඔබගේ manual එකේ කෙතරම් කාලසීමාවක් තුල ඔබ මෙසේ tire මාරු කල යුතු දැයි සඳහන් වී පවතිනවා. එමන්ම ඔබ tire එකින් මාරුකළ යුතු ආකාරයත් එහිම අන්තර්ගත වලා තියෙනවා. වඩාත්ම නිවැරදි දේ නම් ඔබ ඒ manual එකේ තියෙන ආකාරයටම කටයුතු කිරීමයි. මොකද ඒ මෝටර් රථ නිෂ්පාදකයන් බොහෝ පරීක්ෂණ කිරීමෙන් අනතුරුවයි මෙවන් උපදෙස් manual එකට අන්තර්ගත කරන්නේ.

මේ තියෙන්නේ ඔබ එසේ tire මාරු කලයුතු ආකාරය දැක්වෙන රුප සටහනක්.

4-tire-rotation

වාහනයේ alignment හොඳින් පරික්ෂා කරගන්න.

වාහනයක tire වල අසමමිතික ගෙවියමට ප්‍රබල හේතුවක් වන්නේ වාහනයේ alignment නිසි ආකාරව නොතිබීමයි. එමෙන්ම මෙය රෝදය ආශ්‍රිත අභ්‍යන්තර කොටස් වල පවා අක්‍රමවත් ගෙවියාමක් ඇතිකිරීමට හේතු වෙනවා. එමෙන්ම මෙය වාහනයේ සහ ගමන් ගන්නා අයගේ ආරක්ෂාවටත් තර්ජනයක් විය හැකියි. නිතරම alignment හොඳින් පරික්ෂා කොට නිසි පරිදි නඩත්තු කිරම ඔබට බොහෝ වාසි ගෙන දෙනවා නියතයි.

වාහනයේ spark plugs හොඳින් පරික්ෂා කර පිරිසිදුව තබාගන්න.

ඔබේ වාහනයේ spark plugs පිරිසිදු නැතිනම්, ඒවා buildup වලින් වැසි ඇත්නම් ඔබගේ එන්ජිමේ කාර්යක්ෂමතාවය අඩුවීමට පුළුවන්. මෙය එන්ජිමේ ඉන්දන පරිභෝජනය ඉහල දැමීමටද හේතුවක් වීමට පුළුවන්. මේවා කෙතරම් කාලසීමාවකට වරක් මාරුකළ යුතුදැයි ඔබගේ manual එකේ අන්තර්ගත වෙනවා. සාමානයෙන් කිලෝමීටර් 48, 000 කට පමණ වරක් මේවා මාරුකළ යුතු වෙනවා. නමුත් ඔබේ වාහනයේ වෙනත් දෝෂයක් ඇතිනම් මේවා ඉක්මනින්ම අපිරිසිදු වන්නට පුළුවන්. ඒ නිසා මේවා හොදින් පරික්ෂා කිරීම ඉතා වැදගත්.

 fuel filter නිසි කාලයේදී මාරුකරගන්න.

fuel filter එක මගින් ඔබේ එන්ජිමට ලැබෙන ඉන්දන පිරිසිදු වීම සිදුවෙනවා. එවිට ඔබගේ එන්ජිමේ කාර්යක්ෂමත්ව අඩුවී ඉන්දන පරිභෝජනය ඉහල යනවා. එමෙන්ම අපිරිසිදු ඉන්දන නිසා ඔබගේ එන්ජිමේ අභ්‍යන්තර කොටස් වලට හානි සිදුවිමටද පුළුවන්. එවන් අවස්ථාවකදී ඔබට වහනය අලුත්වැඩියාවට ඉතා විශාල මුදලක් වැයවීමට පුළුවන්. Fuel filter එක කාලයෙන් කාලයට මරුකිර්ම මගින් එන්ජිමට හොඳින් පිරිසිදුවූ ඉන්දන ලැබෙනවා.

අපි ඉහත සඳහන් කලේ සැම වහනයකටම වාගේ අවශ්‍ය වන preventative maintenance පියවරයන් කිහිපයක්. ඔබේ වහයන පිළිබඳව නිසි අවධානයෙන් පසුවෙනවා නම් එය කිසිදු ගැටලුවකින් තොරව බොහෝ කාලයක් ධාවනය කිරීමට ඔබට හැකියාවක් ලැබෙනු ඇති.

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *