කොළ හඳට ඔබත් රැවටුනාද Green Moon Hoax

GreenMoon_web2_1024

බොහෝ විට පහත දැක්වෙන post එක ඔබ facebook හෝ වෙනත් සමාජ ජාලයක් ඔස්සේ දැනටමත් දැක තිබෙන්නට පුළුවන්. ලෝකය පුරාම බොහෝ දෙනා මේ වනවිට මේ ආරංචිය පිළිබඳව විශාල උනන්දුවක් දක්වනවා. බොහෝ දෙනා මෙය සත්‍ය යයි සිතා සිටින නමුත් මෙය අන්තර්ජාලය හරහා පැතිර යන තවත් එක බොරු ආරංචියක් පමණයි.

Screen_Shot_2016-04-20_at_3.58.05_pm

මේ ආරංචිය අනුව අප්‍රේල් මස 20 වැනි දින හෝ මැයි මස 29 වන දින යන දිනයන් වලදී ඇතිවන දුර්ලභ ග්‍රහ පිහිටීමක් නිසා විනාඩි 90 ක කාලයක් පුරාවටම අපට කොළ පැහැති චන්ද්‍රයෙක් දක්නට හැකි වෙනවා. මෙමෙ මිත්‍යා මතයට අනුව මෙලෙස චන්ද්‍රයාට කොළ පැහැය ලැබෙන්නේ යුරේනස් ග්‍රහයා නිසයි. එමෙන්ම මේ මිත්‍යා මතයට අනුව මෙවන් සිදුවීමක් 1596 වසරේදී සිදුවී තිබෙනවා එමෙන්ම මේ සිදුවීම වසර 420 කට වරක් සිදුවන ක්‍රියාවක්.

අන්තර්ජාලය තුල බොහෝ දෙනා මේ ආරංචිය පැතිරවීමට දායක වුවත් මෙහි කිසිදු සත්‍යක් නැහැ. මෙය සත්‍ය වශයෙන්ම අන්තර්ජාලය තුල විහිළුවක් පැතිරවීමේ අරමුණින් කිසියම් පිරිසක් විසින් සිතා මතා ගොඩනගන ලද මුසාවක්.

බොහෝ විද්‍යාත්මක සඟරා සහ වෙබ් අඩවි මෙය මිත්‍යා මතයක් බව මහජනයාට දැනුවත් කිරීමට උත්සාහ කලද බොහෝ දෙනා තවමත් මේ මිත්‍යා මතයට රැවටෙමින් සිටිනවා.

කෙසේ වෙතත් ඔබ රාත්‍රී අහස දෙස හොඳින් අවධානය යොමු කළහොත් ඉතා චමත්කාර ජනක සංසිද්ධීන් බොහොමයක් ඔබට දැකගැනීමට හැකි වනු ඇති. ඒවා කිසිවක් කිසිවෙකුන් විසින් වත් හිතා මතා ගොඩනගන ලද මුසාවන් නොවෙයි. ඒවා සත්‍ය වශයෙන්ම සිදුවන සවාභාවික සංසිද්ධීන්.

aurora එසේත් නැත්නම් උත්තරාලෝකය ලෙස අප හඳුන්වන සංසිද්ධිය එවන් චමත්කාර ජනක සිද්ධියක්. මේ video වෙන් දැක්වෙන්නේ එවන් අවස්ථාවක්. විද්‍යාවට සහ තාක්ෂණයට නැඹුරු එමෙන්ම ඒ පිළිබඳව තොරතුරු ඔබට නිතරම ගෙන එන වෙබ් අඩවියක් ලෙස අප ඔබෙන් ඉල්ලා සිටින්නේ මෙවන් දෑ වලට ප්‍රසිද්ධියක් ලබාදීමට පෙර එහි සත්‍යතාව මැනවින් විමසා බලන ලෙසයි.

අප ජිවත්වන මේ ග්‍රහ ලොව එය පිහිටා ඇති මේ අතිමහත් විශ්වය මේ මිත්‍යා මත වලට වඩා ඉතා මනරම් සහ චමත්කාර ජනක ස්ථානයක්.

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *