lazareth-lm847-tilting-quad-motorcycle-5

මෝටර් සයිකලයක්  කියල කියන්නේ අප වැනි රටක බොහො නිවාසවල  දකින්න පුලුවන් දෙයක්. එදිනෙද වැඩ කටයුතු කරගැනීමට  car එකක් හරවනවාට වඩාපහසුවෙන් ගිහින් එන්න පුළුවන් නිසා අපි මෝටර්සයිකලයට සැහෙන කැමැත්තක් දක්කවනවා. හොද තත්වයේ වැඩි එන්ජින් ධාරිතාවයකින් යුතු මෝටර්සයිකල් සඳහා දැන් වැඩි උනන්දුවක් තිබෙනවා. නමුත් අපගේ මාර්ගයන්ට ගැලපෙන ලෙස 250 cc වලට එය සිමාකරලා තිබුනත් එහෙන් මෙහෙන් රිංගල ගෙන 1000cc මෙහෙ නැතුවමත් නෙවෙයි. ඒ වගේ බයිසිකලයක් පැදලා ගණන් සතුට car එකකින් ගන්න අමාරුයි මොකද ඒ ත්වරණය ගන්න car එකක් අසමත් වන නිසා. අද අපි මේ ලිපිය ගෙන එන්නේ අරුම පුදුම 4700cc මෝටර්සයිකලයක් පිළිබඳවයි.

lazareth-lm847-tilting-quad-motorcycle-9

ඔබට බැලුවොත් පෙනෙනවා ඇති මේක ඇත්තටම මෝටර්ස්ය්කලයක් පදිනවට වඩා එන්ජිමක්  පදිනවා කියල කිව්වත් වැරදි නැ. මෙය නිෂ්පාදනය කරලා තිබෙන්නේ Lazareth නම් ප්‍රංශ සමාගමක් විසින්. මෙය ඔව්න් නම් කර තිබෙන්නේ Lazareth LM 847 ලෙසයි. මෙය මුලිකව 4.7-liter Maserati V8 එන්ජිමක් වටා නිර්මාණය කරලා තිබෙනවා. මෙහි අනෙක් විශේෂත්වය නම් මෙය රෝද හතරකින් සමන්විතවීමයි එහිදී ඔව්න් මෙයට වේගවත් ධාවනයක් හා සමතුලිත තාවය ලබාදීමට swing arm යොදාගනිමින් නිපදව තිබෙනවා . තවද  single-speed viscous clutch automatic transmission system එකක් තමයි ඔව්න් මෙය වෙනුවෙන් යොදාගෙන තිබෙන්නේ. four single-sided swingarms, rim-mounted brakes, dual hub-centre steering යන ක්‍රමයන්ද ඔව්න් යොදාගෙන තිබෙනවා. මෙම මෝටර්සයිකලය යුරෝපයෙ නිත්‍යානුකුලව ධාවනය කිරමට හැකි අතර මෙය කිලෝ 400ක් බරින් හා මීටර 2.6ක දිගින් යුතුයි මෙහි පුදුම දනවන චයාරුප කිහිපයක් පහතින් බලන්න පුළුවන්.

lazareth-lm847-tilting-quad-motorcycle-10 lazareth-lm847-tilting-quad-motorcycle-11 lazareth-lm847-tilting-quad-motorcycle-6 lazareth-lm847-tilting-quad-motorcycle-4 lazareth-lm847-tilting-quad-motorcycle-3 lazareth-lm847-tilting-quad-motorcycle-2 lazareth-lm847-tilting-quad-motorcycle-1

1146 Total Views 1 Views Today

Comments

comments