iphone-6s

iphone 6 s | www.techpedia.lk

apple සමාගමේ නවතම දුරකථනය පසුගිය දා එළිදැක්වුනා එය නම් කොට තිබෙන්නේ iphone 6s නමින්. මේ අලුත් iphone එක ගැන ලෝකය පුරා පිරිස් දැඩි උනන්දුවෙන් කතාකරනවා. පහතින් දැක්වෙන්නේ නවතම iphone 6s පිළිබඳව විස්තරයක්.

නවතම iphone 6s හි 3D touch එකක් අඩංගු වෙනවා. එනම්  iphone 6s හි අඩංගු වෙන touch screen එකට ඔබ කොපමණ තදින් touch කරනවාදැයි හඳුනාගැනීමට පුළුවන්. ඒ අනුව ඔබ දුරකතනයේ screen එක තදින් touch කලේද නැතිනම් මෘදුව touch කලේද යන්න මේ දුරකතනයට අඳුනාගැනීමට පුළුවන්. ඒ අනුව වෙනස් වෙනස් තීරණ ගැනීමටද මේ දුරකතනයට හැකියාව තිබෙනවා. උදාහරණයක් ලෙස  ඔබ iphone එකෙන් emails කියවන අවස්ථාවකදී email පණිවිඩයක් මත මෘදුව touch කිරීමෙන් email පණිවිඩයේ කෙටි විස්තයරක් ඔබට ලැබෙනු ඇති අතර ඔබ වඩා තදින් touch කළහොත් ඔබට email පණිවිඩයේ සියලු විස්තර දැක ගැනීමට හැකිවෙනු ඇති.

නව iphone 6s හි මෙගා පික්සල් 12 ක කැමරාවක් (12-megapixel) අඩංගු වන අතර ඒ මගින් 4k high-definition video ලබාගැනීමේ හැකියාව තිබෙනවා. මිට අමතරව මෙගා පික්සල් 5 කින් යුතු කැමරාවක් දුරකතනයේ ඉදිරි පස කැමරාව ලෙස ඔබට ලැබෙනවා. ඔබ selfies ගැනීමට ඉහල උනන්දුවක් දක්වනවා නම් මේ නව 5 megapixel කැමරාව ඉතා අලංකාර සහ සුපැහැදිලි selfies ගැනීමට ඔබට අවස්ථාව ලබාදෙනු ඇති.

මේ නව දුරකථනය නිමවා තිබෙන්නේ ඇලුමිනියම් මිශ්‍ර ලෝහයකින් මේ ඇලුමිනියම් මිශ්‍ර ලෝහය මෙතෙක් iphone එකක් සදහා යොදාගෙන තිබෙන වඩාත්ම ශක්තිමත් මිශ්‍රලොහය වෙනවා. මේ මගින් නව iphone 6s වෙත වඩා ඉහල ආරක්ෂාවක් ලැබෙනු ඇති. iphone 6s හි screen glass එක පෙරටත් වඩා ශක්තියෙන් යුක්ත වෙන අතර ඒ මගින් මේහි අන්තර්ගත වන 4k display එකට වඩා හොඳ ආරක්ෂාවක් ලබාදෙනු ඇති. අලුත් iphone 6s එක ප්‍රමාණයන් දෙකකින් ලබාගැනීමට පුළුවන් iphone 6 s එක අඟල් 4.7 ක screen එකකින් යුක්ත වන අතර iphone 6s plus එකෙහි අඟල් 5.5 ක screen එකක් අන්තර්ගත වෙනවා.

apple සමාගමට අනුව iphone 6s එකට යොදාගෙන ඇති නවතම processor එක නිසා එහි වේගය ඉහල ගොස් ඇති අතර බලශක්ති පරිභෝජනය සාපේක්ෂව පහල ගොස් තිබෙනවා. ඒ අනුව මේ නව දුරකථනය battery life එක ඉතා ඉහල අගයක් ගනු ඇති

iphone 6s හි අවම  මිල $649 ක් ලෙසද iphone 6s plus එකෙහි අවම මිල $749 ක් ලෙසද වාර්තා වෙනවා. කෙසේ වෙතත් තවමත් මේ නව දුරකථනය සාමාන්‍ය වෙළඳපොළට ඇවිත් නැහැ. නමුත් ඔබට දැන් තියාම මේ අලුත් දුරකථනයක් වෙන්කොට තබාගන්නට පුළුවන්.

1954 Total Views 6 Views Today

Comments

comments