2016 වසරේ හොඳම සංචාරක ජායාරුප එකතුව

නිතරම විද්‍යාත්මක තොරතුරු ඔබට ගෙන එන අපි අද ඔබට වෙනස් යමක් ගෙන ඒමට අදහස් කළා. මේ සටහන photography සඳහා දැඩි උනන්දුවක් දක්වන ඔබ සඳහායි. ඔබ photography පිළිබඳව උනන්දුවක් දක්වනවා නම් National Geographic නාලිකාව මගින් පවත්වන හොඳම ජයාරූප ශිල්පියා තේරීමේ තරඟ පිළිබඳව දන්නවා ඇති. ඒ අතරින් Best Travel Photographer of The Year තරඟය බොහෝ දෙනාගේ අවධානය දිනාගන්නා ලද තරඟයක්. අද අප ඔබට ගෙන එන්නේ 2016 වසර සඳහා මේ වනතෙක් ඉදිරිපත්ව ඇති ජයාරූප අතුරින් බොහෝ දෙනාගේ සිත් ඇදගැනීමට සමත්වූ ජයාරූප කිහිපයක්. Continue reading

ජංගම දුරකථනය ජලයට වැටුනොත් ?

ජංගම දුරකථනය යනු අද අප කාටත් නැතිවම බැරි දෙයක් බවට පත්වෙලා. අප අතේ නිතරම රැඳෙන උපකරණ වලින් එකක් බවට ජංගම දුරකථනය පත්වෙලා අවසානයි. මේ නිසාම ජංගම දුරකතනයට නිතර නිතර විවිධ ආපදාවන්ට මුහුණ දෙන්නට සිදුවෙනවා. ජංගම දුරකතනයට ජලය කාන්දු වීම මේ අතරින් එක සුලභ කාරණයක්. අද අප ඔබට කියන්නට යන්නේ ජංගම දුරකථනය වතුරට වැටුනොත් කල යුත්තේ සහ නොකළ යුත්තේ කුමක්ද යන්නයි. Continue reading

කොළ හඳට ඔබත් රැවටුනාද Green Moon Hoax

මේ ආරංචිය අනුව අප්‍රේල් මස 20 වැනි දින හෝ මැයි මස 29 වන දින යන දිනයන් වලදී ඇතිවන දුර්ලභ ග්‍රහ පිහිටීමක් නිසා විනාඩි 90 ක කාලයක් පුරාවටම අපට කොළ පැහැති චන්ද්‍රයෙක් දක්නට හැකි වෙනවා. මෙමෙ මිත්‍යා මතයට අනුව මෙලෙස චන්ද්‍රයාට කොළ පැහැය ලැබෙන්නේ යුරේනස් ග්‍රහයා නිසයි. එමෙන්ම මේ මිත්‍යා මතයට අනුව මෙවන් සිදුවීමක් 1596 වසරේදී සිදුවී තිබෙනවා එමෙන්ම මේ සිදුවීම වසර 420 කට වරක් සිදුවන ක්‍රියාවක්. Continue reading

නිතර නිතර ලෙඩ නොවී වාහනය දුවන්නේ මෙහෙමයි Part 2

තමන්ගේ මෝටර් රථය හොඳින් පවත්වා ගැනීමට අප සියලූ දෙනාම කැමතියි. එය වාහනයේ කල් පැවැත්මට මෙන්ම ඔබගේ පසුම්බියටත් වාසිදායක වනවා ඇති (වාහනේ නිතරම ලෙඩ වෙන්නේ නැතිනම් එක ලොකු වාසියක් නේ). බොහෝ දෙනෙක් තමන්ගේ නොදැනුවත් කම සහ අතපසුවීම් නිසා තමන්ගේ මෝටර් රථයට අනවශ්‍ය හානි ලඟා කරගන්නවා. මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වන්නේ ඔබගේ වහනය නිතර නිතර ලෙඩ නොවී තබාගැනීමට ඔබ කලයුතු දේ පිළිබඳවයි. මෙවන් ක්‍රියා පිළිවෙලවල් හඳුන්වන්නේ preventative maintenance ලෙසයි. නම ලොකු වුනාට වැඩ ඒ තරම් ලොකු නැහැ හරිම සරලයි. Continue reading

නිතර නිතර ලෙඩ නොවී වාහනය දුවන්නේ මෙහෙමයි.

තමන්ගේ මෝටර් රථය හොඳින් පවත්වා ගැනීමට අප සියලූ දෙනාම කැමතියි. එය වාහනයේ කල් පැවැත්මට මෙන්ම ඔබගේ පසුම්බියටත් වාසිදායක වනවා ඇති (වාහනේ නිතරම ලෙඩ වෙන්නේ නැතිනම් එක ලොකු වාසියක් නේ). බොහෝ දෙනෙක් තමන්ගේ නොදැනුවත් කම සහ අතපසුවීම් නිසා තමන්ගේ මෝටර් රථයට අනවශ්‍ය හානි ලඟා කරගන්නවා. මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වන්නේ ඔබගේ Continue reading

අයාලේ ගිය කෘතීම බුද්ධිය (Tay)

පසුගිය 23 වනදා Microsoft ආයතනය ලොව පුදුම කරවන එළිදැක්වීමක් සිදුකලා ඒ වෙන කිසිවක් නොවෙයි තමන් වෙතට ලැබෙන twitter පණිවිඩ මගින් self learn කිරීම තුලින් එම පණිවිඩ වලට පිළිතුරු දිය හැකි කෘතීම බුද්ධිමය පරිගණක වැඩසටහනක්. කෙටියෙන්ම කියනවා නම් AI tweet bot කෙනෙක්. එය හඳුන්වා දී තිබුනේ Tay නමින්. නමුත් මේ AI එක එලි දැක්වීමෙන් පැය කිහිපයකට පසු ඉතා ජාතිවාදී ප්‍රකාශ නිකුත් කිරීමට පටන් ගැනීම නිසා Microsoft සමාගමට එම වැඩසටහන නවතා දැමීමට සිදුවුනා. Continue reading

ඔබ විවාහ වන දිනය කවදාද?

ඔබ විවාහ වන දිනය කවදාද?. මේ ගැටලුව බොහෝ දෙනෙකුට තිබෙනවා. මේ ගැටලුවට විසඳුමක් අවශ්‍ය වූ විට අපේ රටේ නම් බොහෝ දෙනා කරන්නේ ජන්ම පත්‍රය පරික්ෂා කර ගැනීමයි. නමුත් අපට නොපෙනෙන ග්‍රහලෝක වල බලපෑමට වඩා ඉහත ගැටලුවට බලපාන ප්‍රධාන කරනා කිහිපයක් විද්‍යාත්මකව හඳුනා ගැනීමට ඇමරිකානු සමීක්ෂණයක් සමත්ව තිබෙනවා. මෙම දත්ත මත පදනම්ව ඔබ ජිවිතයේ කුමන අවදියකදී විවාහයට පත් වේවිද යන්න දැන් ඔබට දැක බලා ගැනීමට පුළුවන්. Continue reading

මොකක්ද මේ HIV/AIDS

HIV යන කෙටි නාමයෙන් හැඳින්වෙන්නේ Human Immunodeficiency Virus යන්නයි. මෙයත් අපගේ ශරීරයට ඇතුල් වී අපව රෝගී කල හැකි තවත් එක් virus වර්ගයක්. නමුත් අනෙකුත් virus වර්ග මෙන් මෙම virus එක සම්පුර්ණයෙන්ම අපගේ සිරුරෙන් ඉවත් කිරීම කල නොහැකියි. එමෙන්ම මෙම virus එක ප්‍රධාන වශයෙන්ම පහර දෙන්නේ අපගේ ප්‍රතිශක්තිකරණ පද්දතියටයි. HIV වැළඳුනු පසු ප්‍රතිශක්තිකරණ පද්දතියේ අඩංගු CD4 cells එසේත් නැත්නම් T cells ලෙසින් හැඳින්වෙන සෛල විශේෂය අඩු වී යනවා. එවිට අපගේ ශරීරය වෙනත් වෛරස වලට ගොදුරුවීමේ අවධානම ඉහල යනවා Continue reading

Free Wi-Fi අනතුරුදායකයි

Free Wi-Fi එසේත් නැත්නම් නොමිලයේ ලැබෙන අන්තර්ජාල පහසුකම් අත්විඳීමට අප බොහෝ දුරට ප්‍රිය කරනවා නමුත් පොදු ස්ථාන වලදී මෙසේ ලබාදෙන Free Wi-Fi සම්බන්ධතා බොහෝවිට අනාරක්ෂිත ඒවා වන අතර ඒවා භාවිතයට ගැනීමට පෙර ඔබ දෙවරක් සිතා බැලිය යුතු වෙනවා. මේ අනතුරු ඇඟවීම කොතරම් සිදු කෙරුණත් බොහෝ දෙනා මෙලෙස අනාරක්ෂිත Wi-Fi සම්බන්දතා හරහා අන්තර්ජාලයට සම්බන්ද වීම නතර කිරීමක් නම් පෙනෙන්නේ නැහැ. Continue reading

Gravitational Wave ගුරුත්වජ තරංග

Gravitational Wave එසේත් නැත්නම් ගුරුත්වජ තරංග පිළිබඳව මේ දිනවල පවතින්නේ විශාල කතාබහක්. ඔබත් මේ ගුරුත්වජ තරංග යනු මොනවාදැයි විමසිලිමත් වුනා වන්නට පුළුවන්. ලෝකයේ බොහෝ දෙනා අද වන විට ගුරුත්වජ තරංග පිළිබඳව කතාබහ කිරීමට පටන්ග ගෙන තිබුනත් මේ තරංග වර්ගය පිළිබඳව ලෝකයට ප්‍රථමයෙන්ම අදහස් ඉදිරිපත් කලේ මහා විද්යාඥයෙකු වන Albert Einstein විසින් මිට වසර 100 කට පමණ ඉහතදීයි. Continue reading