page gear

Auto වාහනයක් එලවන ඔබ අනිවාර්යෙන් දැනගතයුතු දේවල් නමින් මිට පෙර අපි ලියු ලිපියට ඉතාමත් ඉහල ප්‍රතිචාර ලැබුනා වගේම බොහෝදෙනා auto වාහන වල gear පද්ධතිය පිළිබඳව විවිධ ප්‍රශ්න අපවෙත යොමුකර තිබුනා. ඒ අතුරින් auto gear වල තිබෙන විවිධ gear පිළිබඳව බොහෝදෙනා ප්‍රශ්න කර තිබුනිසා අපි සිතුවා ඒ පිළිබඳත් කෙටිලිපියක් ඉදිරිපත් කරන්න.  මේ ලිපිය අපි අති නවීන වාහන වගේම පැරණි auto gear වාහන වලටත් පොදුවේ ඉදිරිපත් කරන්නවා. අලුත් වාහන බොහොමයක gear එන්නේ P R N D S ලෙසයි. ඒ වගේම විවිධ වාහන නිෂ්පාදකයින් විවිධ වාහන වල gear වලට තමන්ට අවේනික අර්ථකතන දීලා තියන නිසා සැකයක් තිබුනොත් වාහනයේ manual එක හොයාගන්න එක නුවනට හුරුයි.

  • gear P නැතිනම් “parking” gear එක යොදාගැනෙන්නේ වහනයක් නවතාතබා යන විටයි, මෙහිදී එලවුම් රෝද නැතිනම් driving wheels, gear box එක මගින් lock කිරීම සිදුකරනවා. වාහනය නවත්තදී hand brake ඇදල P එකට දානඑක වැඩිය හොඳයි.
  • gear R  වාහනය පසුපසට ධාවනය කිරීමට යොදාගන්න “reverse” gear එක. මේක තරමක low range gear එකක් මොකද පහසුවෙන් කන්දකට උනත් වහනය reverse කරන්න පුළුවන් වෙන්න තමයි design කරන්නේ.
  • gear N  වාහනයේ රෝද gear box එකෙන් ඉවත් කිරීම තමයි මේ gear එකෙන් සිදුවන්නේ. වාහනය පණගන්නවා ගන්න බැරිවූ වෙලාවක N එකට දාලා තල්ලු කරගන්න පුළුවන්. හැබැයි N එකට ස්ටාර්ට් නොකර දාන්න එක එක වාහන වල වෙනස් විදි භාවිතවනවා. උදාහරණ ලෙස ගත්තොත් Honda fit එකේ gear leaver එක ළඟ තියන කුඩා පියනක් ඉවත්කරලා එකට වාහනයේ යතුර දැම්මාම neutral කරන්න පුළුවන්.
  • gear D මේ ඉතින් සුපුරුදු driving gear එක. පරණ වාහන වලනම් මේ gear එක සඳහා over drive on/off switch එකක් තිබ්බා. ඒ ඉහල gear වලට යාම වලක්වන්න.  මොකද traffic වෙලාවක උඩ gear වලට ගිහින් තේරුමක් නැති නිසා.
  • gear S or (2) මේක ටිකක් වාත gear එකක් මොකද එක එක සමාගම් මේක විවිධ නමින් හදුන්වනවා.  නමුත් සාමාන්‍ය වාහනයක මේ gear එක මගින් සිදුවන්නේ මුල් gear දෙක සඳහා සිමාවිමයි. එහිදී snow ලෙස හදුන්වන මේ gear එක හිම ඇති විට කඳු නැගීම හා බැසීමට යොදාගැනෙනවා. ඒ වගේම සමහර වාහන වල sport gear එක වශයෙන්ද නම් කරනවා. එහිදී වඩාත් හොඳ throttle response එකක් එක්ක වේගවත් gear change එකක් ලබාදෙනවා. (මේකටනම් වාහනයේ manual එක බලන එක තමයි වඩාත් හොඳ)

මිට අමතරව තිබෙන්න පුළුවන් තව gear වර්ග කිහිපයක් තිබෙනවා. ඒවා ගැන පොඩි සටහනක් පහතින්.

  • gear L or (1)  මේක තමයි තියන අඩුම range එක. මෙහිදී මුල් gear එකෙන් උඩට gear වැටෙන එක නතරවෙනවා. වැඩි බැවුමක් සහිත කඳු හා පල්ලම් වලදී මේ gear එක යොදාගන්න පුළුවන්.
  • gear M tiptronic වර්ගයේ gear box වල manual gear change කිරීම active කරගන්න මෙතනින්. මේ gear එකට දාලා stick එකෙන් හරි steering wheel එක දෙපසින්එන paddle sifters වලින් හරි gear මාරුකරන්න පුළුවන්.
  • gear B මේ gear එක සාමාන්යෙන් තියෙන්නේ පුර්ණ විදුලි හෝ hybrid මෝටර් රථවල. මේකෙන් කෙරෙන්නේ වාහනය එකදිගටම පල්ලමක යනවනම් brake කරන එක. පුර්ණ විදුලි හෝ hybrid මෝටර් රථයක නම් මේ gear එකට දැම්මම වාහනය පල්ලමේ යද්දී බැටරිය හොදට ආරෝපණය කරනගන්න පුළුවන්.

අපෙගේ web අඩවිය පිලිබඳව ඔබගේ අදහස් අපට එවන්න. අප හා සම්බන්ධ වන්න
Like Us: www.fb.com/techpedia.lk
Visit Us: www.techpedia.lk

8803 Total Views 1 Views Today

Comments

comments