page gear

Auto gear වාහන දැන් කොච්චර තිබෙනවද කියනවනම් ඇතැම්විට manual වහනයක් හරියාකාරව clutch balance කරලා එලවන්න පුළුවන් කෙනෙක් හොයාගන්න එකත් සැහෙන්න  අමාරු දෙයක්. මොකද දැන් auto gear වාහන ඒ තරමට ජනප්‍රියයි, සමහරුන් manual එකක් එලවල තියෙන්නේ රියදුරු බලපත්‍රය ගන්න විතරයි. ඒ කොහොම උනත් තාක්ෂණයක් එක්ක ඉස්සහරට යද්දී තව ටික කාලෙකින් clutch එක ඉවත්වෙලා යන එක අනිවාර්යෙන් සිද්ධවෙන දෙයක්. ඒ tiptronic, හා pedal shifters වල ජනප්‍රියතාවයත් එක්ක. නමුත් කොළඹ වැනි වාහන තදබදය අධික ස්ථානයකටනම් තෙල් වැඩකිරීම අඩු උනත් හරියන්නේ auto gear වහනයක් තමයි. මොකද නැතිනම් හොද traffic එකක manual gear වහනයක් එක්ක හිරවුනාම ගෙදර ඇවිත් වම්කකුලේ තෙල් ගාගන්න වෙනවනේ. හරි කොහොම උනත් auto gear වාහන එලවන පුද්ගලයින් අනිවාර්යෙන්ම දැනගතයුතු කරුණු කිහිපයක් පිළිබඳව දැනුවත් කරන්න හිතුවා. ඔබ මේ දේවල් පුරුද්දක් විදිහට කරනවානම් අනිවාර්යෙන් එක අත්හරින්න මොකද වාහනයට එක හොඳ නැහැ

  • කිසිම අවස්ථාවක පල්ලමක ගමන්කරන විට neutral  (N) කරන්න එපා. නවීන වාහන බොහොමයක් ස්වයන්ක්‍රියව ඉන්ධ සැපයුම  පලල්ම් වලදී කපාහරින අතර neutral කිරීමෙන් කිසිදු විශාල ඉන්ධන ඉතුරුවක් වන්නේ නැ. අනික් අතට රෝද සම්පුර්ණයෙන්ම එන්ජිමෙන් ඉවත් වන නිසා පාලනය අපහසු වනවා මෙන්ම තිරිංග වැඩිපුර යෙදීමට සිදුවන නිසා brake bind වෙන්නවුවත් පුළුවන්.
  • මෝටර් රථය rivers කිරීමට හෝ rivers කර ඉදිරියට ගමන්කරවීමට ගියරමාරු කිරීමට පෙර වාහනය සම්පුර්ණයෙන්ම නතර වන තුරු සිටින්න.  brake කරලා slow වෙද්දී gear එක මාරු කරන්න එපා. මොකද එතකොට brake වල වැඩේ වෙන්නේ gear box එකෙන්.
  • accelerate කරල rpm එක වැඩි අගයක තියෙද්දී  D එකට, නැතිනම් driving gear එකට දාන්න එපා, gear එකට මුලින් දාලා accelerate කරන්න. මොකද ඔබ පදවන්නේ manual gear එකක් නොවයි. ඒවගේම  wheel spin දාන්න යන්න එපා, ඒවා කරන්න manual එකක් ගන්න.
  • red light එකකදී, නැතිනම් තාවකාලික නැවතුමකදී P නැතිනම් parking එකට දාන්න ඉක්මන් වන්න එපා, අනවශ්‍ය ගෙවීයාම් අවම කරගන්න brake කරගෙනම ඉන්න. ගොඩක් වෙලා නවත්තගෙන ඉන්නවනම් විතරක් Parking එකට දාන්න
  • Parking gear එකට දැමීම වාහනය සම්පුර්ණයෙන්ම නතරවුපසු සිදුකරන්න, නැතිනම් එහි ඇති locking mechanism වලට හනිසිදුවිය හැකියි.

මේ වැනි දේවල් සිදුකිරීමෙන් හැකිතාක් වලකින්න, මොකද මේවා වාහනයට හොඳනැහැ, වාහනයට හොඳනැහැ කියන්නේ ඔබගේ සාක්කුවටත් හොඳ නැහැ

ලෝකයේ නවතම තාක්ෂණික දේවල් සිංහලෙන්ම කියවන්න එක්වන්න අප සමග,

Like Us: www.fb.com/techpedia.lk
Visit Us: www.techpedia.lk

45777 Total Views 2 Views Today

Comments

comments