49213f5c-49a8-4626-9358-ac4ae7274440

අපසමග නිරන්තරයෙන් රැඳී සිටි ඔබට මතක ඇති අපි මිට පෙර ඔබට ගෙන ආ ලිපියක් ගැන. ඒ මොරටුව සරසවියේ සිසුන් තිදෙනෙකු විසින් නිපදවූ බිහිරි පුද්ගලයින්ට අනතුරු හැඟවීමේ බඳ පටියක් ගැනයි. ඔව්න් ඉන්දියාව පකිස්ථානය පරදා දකුණු ආසියාතික කලාපිය ජයග්‍රහණය ලඟා කරගත්තා. ඉන්පසුව දැන් ඔව්න් එම නිර්මාණය සඳහා ආසියා ශාන්තිකර කලාපයේ ප්‍රථම ස්ථානය හිමිකරගනිමින් ලංකාවට අන්තර්ජාතික ජයග්‍රහණයක් ලබාදීමට සමත්ව තිබෙනවා. ඔව්න් මේ දස්කම දක්වා ඇත්තේ හොංකොං හා චීනය දෙවන හා තේවන ස්ථානයන්ට ඇද දමමින්. හසල සක්විති රෝහණවංශ, එරංග ද සිල්වා හා පේශාන් සම්පත් තිදෙනාටම අපගේ උණුසුම් සුභ පැතුම්.

Institute of Mechanical Engineers (IMechE) ආයතනය විසින් මේ තරඟාවලිය පැවැත්වූ අතර. එදිනෙද මිනිසුන් හට මුහුණ දීමට සිදුවන ගැටළු හදුනාගනිමින් ඒසඳහා ඉංජිනේරුමය විසදුම් ලබාදෙමින් මානව සුභසාධනය ළඟාකරදීම අරමුණුකරගත් මෙම තරඟාවලියේ මෙවර තේමාව වී ඇත්තේ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන්. ආචාර්ය රන්ජිත් අමරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ මෙම “මැවිසුරු” කණ්ඩායම විසින් තරඟයට ඉදිරිපත්කරන ඇත්තේ බඳපටියක්. මෙම බඳපටිය මයික්‍රෝෆෝන කිහිපයකින්, vibrator කිහිපයකින් සමන්විත වුවක්.

c41eb416-1e1f-4668-8da9-e3df7f35240e

මෙම බඳපටිය ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි. ශ්‍රව්‍යඅබාධ සහිත පුද්ගලයකු ප්‍රධාන වශයෙන් සංවේදනය ලබන්නේ දෑස මගින්, අපට ඇස්දෙක මගින් දැකිය හැක්කේ සිමිත පරාසයක් පමණයි. හැබැයි අපට අප වටා සිදුවන සියලුදේ ශ්‍රවනය කිරීමට පුලුවන්. නමුත් ශ්‍රව්‍යඅබාධිත පුද්ගලයෙකුට එය මගහැරෙනවා. එම හිඩැස පිරවීමට මෙම බඳපටිය සහය වනවා. උදාහරණය ලෙස අප හිතමු මෙම බැඳපටිය සහිත පුද්ගලයකුට  පසුපසින් එන බස් රථයකින් නලාව ශබ්දකරනවා, ඒවිට බඳපටියෙහි ඇති පිටුපස මයික්‍රෝෆෝනය මගින් එය හදුනාගෙන පසුපස vibrator එක ක්‍රියාත්මක කරනවා. එවිට එය පැළඳි පුද්ගලයාට දැනගන්න පුළුවන් තමාට පසුපසින් විශාල ශබ්දයක් ඇසුණු බව හා එය දෙස බලා ආරක්ෂාකාරීව ඉවත්වීමට. මෙලෙස විශාල ශබ්ද වලට  හා මුලික මිනිස් විධානයන් වලටද මෙය සංවේදී වනවා. මුලික විධානයන් විවිධ වූ කම්පන රටාවන් මගින් දැනගැනීමට ඉඩ සලසාදීමට මෙම උපකරණය සමත්.

අපෙගේ web අඩවිය පිලිබඳව ඔබගේ අදහස් අපට එවන්න. අප හා සම්බන්ධ වන්න
Like Us: www.fb.com/techpedia.lk
Visit Us: www.techpedia.lk

1417 Total Views 1 Views Today

Comments

comments