සැප්තැම්බර් 1 දා පෘථිවිය ලඟින් පියඹා යන දැවැන්ත ග්‍රහකය

අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුල  Asteroid (ග්‍රාහක) විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවායින්  බොහොමයක් පෘථිවියට සැලකිය යුතු දුරකින් සුර්යා වටා දිගු ඉලිප්සාකාර කක්ෂයන්ගේ ගමන් ගන්නවා. පෘථිවියට ආසනයෙන් ගමන් කරන ග්‍රාහක බොහෝ විට ප්‍රමාණයෙන් කුඩා මට්ටමේ ඒවා. නමුත් ලබන සැප්තැම්බර් 1 වන දින විශාල ප්‍රමාණයේ ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිතයි.

මෙම ග්‍රාහකයේ නම “Florence”. ප්‍රථම වරට මේ ග්‍රාහකය නිරීක්ෂණය කොට තිබෙන්නේ 1981 දී. ඕස්ට්‍රේලියාවේ පිහිටි Siding Spring Observatory නම් නිරීක්ෂණාගාරය මගින්. නසා ආයතනයට අනුව 1890 ට පසුව මම ග්‍රාහකය පෘථිවියට ආසන්නයෙන්ම ගමන් ගන්නා අවස්ථාව මෙය වෙනවා. ඊට අමතරව 2500 වනතෙක් මෙම ග්‍රාහකයා පෘථිවියට මෙතරම් ආසන්නයෙන් ගමන් ගන්නේ නැති බවට ගණන් බලා තිබෙනවා.

පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන මේ විශාල ග්‍රාහකය ගැන ලොව වටා පරීක්ෂකයන් බොහොම උනන්දුයි ඒ මේ සමීප ගමන් කිරීම තුලින් ඔවුන්ට මෙම ග්‍රාහකය ගැන වඩාත් හොඳින් අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ලැබෙන නිසා. මෙම ග්‍රාහකයේ විශාලත්වය ගණන් බලා තිබෙන ආකාරයට කිලෝමීටර් 4.4 ක්. පෘථිවිය ආසන්නයෙන් ගමන් ගන්නා අනෙකුත් කුඩා ප්‍රමාණයේ ග්‍රාහක සමග සංසන්දනය කරන විට මෙය විශාල ගනයේ ග්‍රාහකයක්.

ග්‍රාහකය සහ පෘථිවිය අතර සමීපතම දුර කිලෝමීටර් මිලියන 7ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා. මෙය පෘථිවිය සහ චන්ද්‍රයා අතර ඇති දුර මෙන් 18 ගුණයක දුරක්. මේ නිසා මම ග්‍රාහකයෙන් පෘථිවියට අවදානමක් නම් දැනට නැහැ. ඔබ අභ්‍යවකාශ වස්තුන් නිරීක්ෂණයට උනන්දුවක් දක්වන කෙනෙක් නම් කුඩා ප්‍රමාණයේ සාමාන්‍ය දුරේක්ෂයකින් ඔබට මේ ග්‍රාහකය නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබෙනවා. පාසල් තාරකා විද්‍යා සංගම් වලට මෙය හොඳ අවස්තාවක් වනු ඇති.

අභ්‍යවකාශයෙත් කුණු අයින් කරන්න වෙලාලු !

page

ඉහලට ගිය යම් දෙයක් යලි පහලට වැටීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු දෙයක්. පළමු රොකට්ටුව අභ්‍යවකාශයට යැවූ දින සිට මේ දක්වා රොකට් සිය ගණනක්  අභ්‍යවකාශ ගත කර තිබෙනවා. එහිදී රොකට් කැබලි, ඉවත දමන ද්‍රවය  ආදිය අභ්‍යවකාශයට ඉතිරි වී තිබෙනවා.ඉන්සමහරක් අපගේ වායුගෝලයට ඇතුළුවී  ගිනි ගෙන විනාශවී ඇතිමුත් ඉතාවිශාල අභ්‍යවකාශ අපද්‍රව්‍ය ප්‍රමාණයක් තවමත් ඉතිරිව තිබෙනවා. තවමත් ඉතිරි වී ඇති අපද්‍රව්‍ය දැනටමත් අපට තර්ජනයක් වී හමාරයි. අද අප මේ ලිපිය ඉදිරිපත්කරන්නේ එවැනි අපද්‍රවය නැවත පෘතුවියට ගේනවා ගෙන අපගේ අභ්‍යවකාශය පිරිසිදු කිරීමට උතසහ දරන ව්‍යාපෘතියක් පිළිබඳවයි.මේ යටතේ ටොන් 7000 පමණ අපද්‍රවය ඉවත් කිරීමට ක්‍රමයක් අවශ්‍යතාවය මතුව තිබෙනවා. ඒ සඳහා 2017 වසරේදී  RemoveDebris ව්‍යපෘතිය  ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අභ්‍යවකාශ සුන්බුන් කැබලි , විශාල කොටස් මෙන්ම කුඩා කැබලි ලෙස පවතින අතර.මේ සියල්ලම පැයට සැතපුම් දහස් ගණනක් වේගයෙන් චලනය වෙනවා. මෙම කැබලි චන්ද්‍රිකා වල ගැටීමෙන් ඒවාට හානිසිදුවීම මගින් සිදුවිය හැකි පාඩුව අතිමහත්.මිදි ගෙඩියක් තරම් වූ කුඩා අපද්‍රව්‍ය කැබැල්ලක් මගින් එහි අධික වේගය නිසා  සැටලයිටයක් විනාශ වීමට හෝ එසේ නැතිනම් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පිරිමැසිය නොහැකි හානියක් සිදු වීමට පුළුවන්. දැනට ඇස්තමේන්තු ගත කර ඇති ආකාරයට 1cm ප්‍රමාණයේ කැබලි මිලියන 170ක් පමණ ඇති අතර, Envisat යනු දැනට පවතින තනි විශාලතම අභ්‍යකාශ කැබැල්ලයි.එය ටොන් 8.5 බරැති, මීටර් 10ක් දිග චන්ද්‍රිකාවකි.

මෙම ගැටලුව සඳහා ස්ථිර විසඳුමක් ගෙන ඒමට Airbus Defence and Space, Surrey Satellite Technology Limited, Innovative Solutions in Space, CSEM, Inria, සහ Stellenbosch University in South Africa යන ආයතනයන්  මගින් අභ්‍යකාශහි අපද්‍රව්‍ය පිරිසිදු කිරීමට ක්‍රම කිහිපයක් අත්හදා බැලීමට RemoveDebris mission ව්‍යාපෘතියෙදී බලාපොරොත්තු  වෙනවා.

මෙහිදී කතාබහට ලක්වී ඇති එක ක්‍රමයක් නම් net එකක් මගින් අභ්‍යකාශ අපද්‍රව්‍ය අල්ලා ගැනීමයි. අපද්‍රව්‍ය කැබැල්ලක් අසු වූ පසු එය වායුගෝලයේදී ගිනිබත් කිරීමට පුළුවන්. සමහර විශාල කැබලි මිනිස් වාසයෙන් ඈත සාගර වලට දැමීමට පුළුවන්.මෙම ක්‍රමය නිවැරදිදැයි අත්හදා බැලීමට RemoveDebris අභ්‍යකාශ යානය මගින් කුඩා ලෝහ කැබැල්ලක්(CubeSat නමින් හදුන්වයි) පිට කර එය බැලූනයක් මගින් එය  පුම්බා විශාල ඉලක්කයක් බවට පත් කරයි. මෙම net එක මීටර් 5ක් පළල වන අතර ශක්තිමත් fiber වලින් නිම කර ඇත. ඉලක්කය අල්ලා ගත් පසු net එක එය ආවරණය කර ගනී. මෙය පහත වීඩියෝව මගින් පැහැදිලිව දකින්න පුළුවන්. මිට අමතරව Dragsail යනු අත්හදා බැලීමට සුදානම් වන තවත් එක් ක්‍රමයකි. එය ගමන් කරන විට දිග හැරෙන තුනී පටලයකි. චන්ද්‍රිකාවට සම්බන්දිතව ඇති මෙය එම චන්ද්‍රිකාව එහි ජීවිත කාලය අවසන් වූ විට dragsail එක දිගහැරීම සිදුවේ. ෆෝටෝන වලින් සැදුනු ආලෝක ධාරවක් මගින් තල්ලු වන මෙම dragsail එක නිසා හිරුගෙන් ලැබෙන ආලෝකය හමුවේ එය අපගේ වායුගෝලයට කෙමෙන් තල්ලු වේ. උන්පසුව එම ද්‍රව්‍ය වායුගෝලයේදී ගිනිබත්විම හෝ සාගරයකට කඩාවැටෙන්නට සැලැස්විමට හැකියාව ලැබෙනවා.

 

කොළ හඳට ඔබත් රැවටුනාද Green Moon Hoax

GreenMoon_web2_1024

බොහෝ විට පහත දැක්වෙන post එක ඔබ facebook හෝ වෙනත් සමාජ ජාලයක් ඔස්සේ දැනටමත් දැක තිබෙන්නට පුළුවන්. ලෝකය පුරාම බොහෝ දෙනා මේ වනවිට මේ ආරංචිය පිළිබඳව විශාල උනන්දුවක් දක්වනවා. බොහෝ දෙනා මෙය සත්‍ය යයි සිතා සිටින නමුත් මෙය අන්තර්ජාලය හරහා පැතිර යන තවත් එක බොරු ආරංචියක් පමණයි.

Screen_Shot_2016-04-20_at_3.58.05_pm

මේ ආරංචිය අනුව අප්‍රේල් මස 20 වැනි දින හෝ මැයි මස 29 වන දින යන දිනයන් වලදී ඇතිවන දුර්ලභ ග්‍රහ පිහිටීමක් නිසා විනාඩි 90 ක කාලයක් පුරාවටම අපට කොළ පැහැති චන්ද්‍රයෙක් දක්නට හැකි වෙනවා. මෙමෙ මිත්‍යා මතයට අනුව මෙලෙස චන්ද්‍රයාට කොළ පැහැය ලැබෙන්නේ යුරේනස් ග්‍රහයා නිසයි. එමෙන්ම මේ මිත්‍යා මතයට අනුව මෙවන් සිදුවීමක් 1596 වසරේදී සිදුවී තිබෙනවා එමෙන්ම මේ සිදුවීම වසර 420 කට වරක් සිදුවන ක්‍රියාවක්.

අන්තර්ජාලය තුල බොහෝ දෙනා මේ ආරංචිය පැතිරවීමට දායක වුවත් මෙහි කිසිදු සත්‍යක් නැහැ. මෙය සත්‍ය වශයෙන්ම අන්තර්ජාලය තුල විහිළුවක් පැතිරවීමේ අරමුණින් කිසියම් පිරිසක් විසින් සිතා මතා ගොඩනගන ලද මුසාවක්.

බොහෝ විද්‍යාත්මක සඟරා සහ වෙබ් අඩවි මෙය මිත්‍යා මතයක් බව මහජනයාට දැනුවත් කිරීමට උත්සාහ කලද බොහෝ දෙනා තවමත් මේ මිත්‍යා මතයට රැවටෙමින් සිටිනවා.

කෙසේ වෙතත් ඔබ රාත්‍රී අහස දෙස හොඳින් අවධානය යොමු කළහොත් ඉතා චමත්කාර ජනක සංසිද්ධීන් බොහොමයක් ඔබට දැකගැනීමට හැකි වනු ඇති. ඒවා කිසිවක් කිසිවෙකුන් විසින් වත් හිතා මතා ගොඩනගන ලද මුසාවන් නොවෙයි. ඒවා සත්‍ය වශයෙන්ම සිදුවන සවාභාවික සංසිද්ධීන්.

aurora එසේත් නැත්නම් උත්තරාලෝකය ලෙස අප හඳුන්වන සංසිද්ධිය එවන් චමත්කාර ජනක සිද්ධියක්. මේ video වෙන් දැක්වෙන්නේ එවන් අවස්ථාවක්. විද්‍යාවට සහ තාක්ෂණයට නැඹුරු එමෙන්ම ඒ පිළිබඳව තොරතුරු ඔබට නිතරම ගෙන එන වෙබ් අඩවියක් ලෙස අප ඔබෙන් ඉල්ලා සිටින්නේ මෙවන් දෑ වලට ප්‍රසිද්ධියක් ලබාදීමට පෙර එහි සත්‍යතාව මැනවින් විමසා බලන ලෙසයි.

අප ජිවත්වන මේ ග්‍රහ ලොව එය පිහිටා ඇති මේ අතිමහත් විශ්වය මේ මිත්‍යා මත වලට වඩා ඉතා මනරම් සහ චමත්කාර ජනක ස්ථානයක්.

අභ්‍යවකාශයේදී ශරීරයට කුමක් සිදුවේද ?

nasa

අභ්‍යවකාශ තරඟය කියනදේය අද ඊයේ පටන ගත්ත දෙයක් නොවෙයි. සඳ ගමනට වුවත් ඇමෙරිකාව හා රුසියාව අතර තිබුනේ ඉතාමත් දැඩි තරඟයක්. නමුත් කෙසේවෙතත් දැන් අවධානය යොමුවෙලා තිබෙන්නේ අඟහරු තරඟය වෙතටයි. මෙය එතරම් පහසු කාරණාවක් නොවුවත් මේ පිළිබඳව පර්යේෂණ දිගින් දිගටම පැවැත්වෙනවා. ඒ අතරතුරදී ඇමෙරිකානු ජාතික Scott Kelly දින 340යක් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගතකොට පෘතුවිය වෙත පැමිණියා. මෙය ඇමෙරිකානු ගඝනගාමියකු වැඩිම කාලයක් එකදිගට අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගතකල කාලය ලෙස සැලකෙනවා. එය වසරකට ඉතාමත් ආසන්නයි. නමුත් වැඩිම කාලයක් එකදිගට  අභ්‍යවකාශයේ ගතකල පුද්ගලයා වන්නේ  රුසියානු ජාතික Valeri Vladimirovich Polyakov ඒ දින 437. කෙසේවෙතත් දැන් NASA ආයතනය සුදානම් වන්නේ පුරා වසරක කාලයක් පෘතුවි ගුරුත්වයෙන් තොරව ගතකල ඔහුගේ ශරීරයේ සිදුව ඇති වෙනසකම් අද්‍යනය කිරීමටයි. මන්ද අඟහරු තරනයක් සිදුකෙරේනම් එයට ආසන්න වශයෙන් වසර 2.5 වත් ගතවන නිසා.

අප පරිණාමයවී ඇත්තේ ගුරුත්වයක් යටතේ ජිවත්විමටයි. නමුත් ගුරුත්වය රහිතව සිටීමේදී අප ශරීරය එයට හැඩගැසීමට උත්සහ කරනවා. මේ අනුව ශරීරය එයට දක්වන ප්‍රතිචාරයක් ලෙස වෙනස්කරගන්න දේවල් පිළිබඳවයි NASA ආයතනය පරීක්ෂණ පැවැත්වීමට සුදානම් වන්නේ. මෙහි ඇති තවත් එක් වාසිදායක කරුණක් නම්  Scott Kellyට නිවුන් සහෝදරයකු සිටීමයි. මෙහිදී ඔව්න් දෙදෙනාම සංසන්දනය කරමින් පර්යේෂණවල නිරතවීමට හැකිවීම ඔව්න් වාසියක් ලෙස සලකනවා.

143846525-miles-of-total-travel-in-the-iss-thats-about-the-same-distance-as-a-one-way-trip-to-mars-according-to-the-new-york-times

මෙහිදී ප්‍රධාන වශයෙන් සිදුව ඇති වෙනස්කම් ලෙස ඔව්න් දක්වන දේවල් අතර  නිසිආකාරයේ ව්‍යායාම කිරීමක් සිදුනොවිනම් ශරීරයේ අස්ථිවල ඝනත්වය 12% කින් අඩුවිය හැකි බවයි, මන්ද අස්ථිවලට කිසිදු බරක් දරාසිටීමට සිදුනොවන නිසා. මිට අමතරව බර දැනීමක් සිදුනොවන නිසා මාංශපේශීන් ඇකිලිම සිදුවන බවද ඔව්න් පවසනවා. කොඳු ඇටපෙලට බරක් නොවැටීම නිසා එය දිගාරිමට ලක්වෙන අතර එමනිසා උස 3%කින්  පමණ වැඩිවනවා. තවද ගුරුත්වය රහිත තත්වයක් තුල හදවත ක්‍රියාකරන නිසා එක වරකට රුධිරය ලීටර දෙකක් පමණ එකවරකට පොම්පකිරිම සිදුවනවා. මිට අමතරව  වැඩි කාලයක් එකදිගට  අභ්‍යවකාශයේගතකිරීම නිසා විකිරණ වලට පහසුවෙන් නිරාවරණය වීම සිදුවනවා. එමනිසා පිලිකා තත්වයන් ඇතිවීමේ වැඩි අවස්ථාවක් තිබෙනවා. මෙම පර්යේෂණ වලින් අඟහරු තරඟයට බොහෝ කරුණු එක්කර ගතහැකිබව ඔව්න් පවසනවා.

Gravitational Wave ගුරුත්වජ තරංග

gravitational-waves

Gravitational Wave එසේත් නැත්නම් ගුරුත්වජ තරංග පිළිබඳව මේ දිනවල පවතින්නේ විශාල කතාබහක්. ඔබත් මේ ගුරුත්වජ තරංග යනු මොනවාදැයි විමසිලිමත් වුනා වන්නට පුළුවන්. ලෝකයේ බොහෝ දෙනා අද වන විට ගුරුත්වජ තරංග පිළිබඳව කතාබහ කිරීමට පටන්ග ගෙන තිබුනත් මේ තරංග වර්ගය පිළිබඳව ලෝකයට ප්‍රථමයෙන්ම අදහස් ඉදිරිපත් කලේ මහා විද්යාඥයෙකු වන Albert Einstein විසින් මිට වසර 100 කට පමණ ඉහතදීයි. මෙම ගුරුතවජ තරංග පිලිබඳ සංකල්පය ඉදිරිපත් වූ පසුව බොහෝ පරීක්ෂකයන් විසින් මෙම තරංග විශේෂය පිළිබඳව පරීක්ෂණ පවත්වනු ලැබුවත් මෑතක් වන තුරුම ඔවුන්ට මෙම  ගුරුතවජ තරංග පිළිබඳව නිසි ලෙස සාදක සොයාගැනීමට නොහැකිවුනා.

Einstein ගේ මතයට අනුව නම් විශ්වයේ කල-අවකාශ තලයට එහි පවතින විශාල ස්කන්ධයක් සහිත වස්තුන්ගෙන් බලපෑම් එල්ල වනවා. එය හරියට හොඳින් දිගහැර තිරස්ව එල්ලා ඇති රෙදිකඩක් මත බර වස්තුවක් තැබූ විට එම රෙදි කොටස තරමක් පහතට එබෙන්නා ලෙස උපකල්පනය කල හැකියි. අප විසින් ගුරුත්වාකර්ෂණය ලෙස හඳුන්වා ගනු ලබන්නේ මේ කල-අවකාශයට විශාල ස්කන්ධයක් සහිත වස්තු වලින් ඇතිවන බලපෑමයි. මෙම මතයට අනුව විශ්වයේ විශාල ස්කන්ධ සහිත වස්තුන් වල සිදුවන විවිධ ක්‍රියාකාරකම් නිසා මෙම කාල-අවකාශය තුල යම් ආකාරයක තරංග විශේෂයක් හටගන්නවා. අප ගුරුතවජ තරංග ලෙස හඳුන්වනේ මෙම තරංග විශේෂයි.

දැවැන්ත කලුකුහර දෙකක් එකට එකතුවීම. තාරකාවක් පිපිරීයාම වැනි කරුණු වලින් මෙවන් ගුරුත්වජ තරංග ඇතිවීමට පුළුවන්. නමුත් මේවා සාමාන්‍ය තරංග මෙන් ග්‍රහණය කරගැනීමට පහසු වන්නේ නැහැ. ඒ මෙම තරංග ඉතාමත් කුඩා ප්‍රමාණයේ ඒවා වීමයි. මෙම තරඟයක තරංග ආයාමය ප්රෝටෝනයක විශ්කම්භයෙන් දහසකින් එකක් පමණ ඉතා කුඩා අගයක් පමණ වනවා.

මෙම සුවිශේෂී සොයාගැනීම සිදු කරනු ලැබුවේ LIGO (Laser Interferometer Gravitational Wave Observatory) නම් පරික්ෂනාගාරයක් මගිනුයි. ඔවුන් ප්‍රථම වරට මේ පිළිබඳව සොයාගැනීමක් සිදුකර තිබෙන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් 14 වන දිනයි. නමුත් කරුණු නිසි ලෙස සොයා බැලීමට ඔවුන් සැලකිය යුතු කාලයක් ගැනීමෙන් අනතුරුව ඔවුන් මෙමෙ සොයාගැනීම පිලිබන්දව ලෝකයට නිවේදනය කොට සිටියා.

මෙම නව සොයාගැනීම විශ්වය සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව මිනිසාගේ දැනුම වඩාත් දියුණු කිරීමට හේතු වනු ඇති බව පර්යේක්ෂකයන් ගේ අදහසයි. මන්ද මෙම ගුරුතවජ තරංග ඇතිවීමට හේතු වූ කරුණු මිට වසර මිලියන ගණනකට පෙර සිදුවූ සිදුවීම වනන්ට පුළුවන්. මේ නිසා මෙම නව තරංග වර්ගය අද්‍යනය කරීම මගින් මිට වසර බිලියන ගානකට පෙරේ මේ විශ්වයේ සිදුවූ අසිරිමත් සිදුවීම පිළිබඳව තොරතුරු අපට දැනගැනීමට ලැබෙනු ඇති

LIGO ආයතනය මෙම කුඩා ගුරුත්වජ තරංගයන් සටහන් කර ගත ආකාරය ඔබට මේ video ව තුලින් සරලව අවබෝධ කරගත හැකි වනු ඇති

guGravwaves

2000px-Ligo.svg

ග්‍රහලෝක පහක් එකවිට දැකගන්න

image-20160115-7344-biho8i

අපට අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටි ග්‍රහලෝක විටින් විට දැකගන්න හැකියාව ලැබුනත් අද මේ තොරතුර ගෙන එන්නේ එක් විශේෂිත අවස්ථාවක් පිළිබඳවයි. එනම් මෙම මාසයේ 20 වන බදාදා දින සිට පෙබරවාරි 20 වන දින දක්වා කාලය තුලදී ඔබට එකවිට බුධ, සිකුරු , අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහලෝක පහම එක ඉරක පිහිටන ආකාරය පියවි ඇසින් දැකගන්න පුළුවන්. 

image-20160115-7361-oue1p9

නැගෙනහිර අහසේ ඉහල සිට නැගෙනහිර අහසේ ක්ෂිතිජය දෙසට වනලෙස ඇති රේඛාවක මෙම ග්‍රහලෝකයන් දැකගැනීමට පුළුවන් කෑම ලැබෙනු ඇතියි. ආලෝක දුෂණය අවම හා ක්ෂිතිජය දක්වා පැහැදිලිව අහස දැකීමට හැකි ස්ථානයකදී හිරු නැගීමට අසන්න අවස්ථාවේදී ඔබට ඉතාමත් පහසුවෙන් නැරඹීමට පුළුවන් කම තිබෙනවා. මෙය එක්තරා දුලබ අවස්ථාවක් වන අතර විශේෂත්වය වන්නේ කිසිදු දුරදක්නයක ආධාරය නොමැතිව මෙය දැකගැනීම හැකියාව ලැබීමයි. තවද ඔබට ග්‍රහලෝක හදුනා ගැනීමට පහසුව සඳහා google star map එක යොදාගන්නත් පුළුවන්.

පෘථිවිය යෝධ වල්ගතරුවකින් විනාශවී යාවිද ?

comet-nasa_1024

පෘථිවිය හා සමග ගැටෙන උල්කාපාතයක්(asteroid) නිසා පෘථිවියේ පැවැත්මට විශාල තර්ජනයක් ඇතිවිය හැකි බව බොහෝ දෙනා විශ්වාශ කරනවා එමෙන්ම මෙවන් අවධානමක් ඇතිවිය හැකි උල්කාපාත පිළිබඳව සොයාබැලීම පිළිබඳව වසරකට විශාල මුදලක් වියදම් වෙනවා. නමුත් අලුත්ම වාර්තාවලට අනුව නම් උල්කාපාත වලට වඩා පෘථිවියේ පැවැත්මට විශාල බලපෑමක් එල්ල කිරීමට වල්ගාතරු (comets)හේතුවීමට පුළුවන්.

උල්කාපාත සහ වල්ගාතරු වල ඇති ප්‍රධානම වෙනස නම් උල්කාපාත සැදී තිබෙන්නේ ගල් හෝ ලෝහ වර්ග එක්වීමෙන් නමුත් වල්ගාතරු වල ප්‍රධාන සංයුතිය වන්නේ අයිස් සහ දුහුවිලියි. වල්ගතරුවක් තාරකාවක් ආසන්නයෙන් ගමන්ගන්නා විටදී එහි වල්ගය නිර්මාණය වෙන්නේ මේ දුහුවිලි සහ අයිස් වලිනුයි.

පර්යේක්ෂකයන්ට අනුව අප අවට විශ්වයේ පෘථිවියට හානි ගෙනදිය හැකි විශාල ප්‍රමාණයේ  උල්කාපාත වලට වඩා පෘථිවියට බරපතල තර්ජනයක් එල්ල කල හැකි වල්ගාතරු බහුලව පවතිනවා. මෙවන් විශාල වල්ගාතරු හඳුන්වන්නේ centaurs යන නමින් මේවා කිලෝමීටර් 50 සිට 100 දක්වා වූ විශාලත්වයක් ගනු ලබනවා.

මෙවන් විශාල උල්කාපාත වලින් පෘථිවිය ආරක්ෂා වී පවතින්නේ බ්‍රහස්පති සහ සෙනසුරුගේ අතිවිශාල ගුරුත්වාකර්ෂණය බලයයි. මෙම විශාල උල්කාපාත වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ බ්‍රහසිපති ගෙන් පිටත වූ කලාපය තුලයි. මේ නිසා එම කලාපයේ සිට පෘථිවිය දෙසට ගමන්කරන වල්ගතරුවක ගමන් මාර්ගය ඉතා පහසුවෙන් බ්‍රහසිපති ගේ අතිවිශාල ගුරුත්වය හමුවේ පෘථිවියෙන් ඉවතට නැඹුරු වෙනවා

නමුත් පරීක්ෂකයන් පවසන්නේ මෙම විශාල ගුරුත්ව භාධකයෙන් මිදෙන විශාල ප්‍රමාණයේ උල්කපතයන් වසර 40000 කට පමණ වතාවක් පෘථිවිය දෙස ගමන් කිරීමේ හැකියාවක් පවතින බවයි. දැනට ලැබී ඇති සාක්ෂි අනුව අවසන් වරට මෙවන් විශාල වල්ගතරුවක් පෘථිවිය හා ගැටී තිබෙන්නේ මිට වසර 30000 ක පමණ අතීතයේදී ඒ අනුව ඉදිරි වසර 1000 ක කාලය ඇතුලත පෘථිවිය මෙවන් විශාල උල්කාපාතයක් සමග ගැටීමේ ඇති හැකියාව ඉතා ඉහල අගයක පවතිනවා.

පරීක්ෂකයන්ට අනුව මෙම විශාල වල්ගාතරු වල ඇති තවත් එක් බරපතල ගැටළුවක් වන්නේ මෙවන් විශාල වල්ගතරුවක් පෘථිවිය ආසන්නයේදී කුඩා කොටස් වලට බිඳී ගියහොත් එයින් ඇතිවන කුඩා උල්කාෂ්ම කොටස් වසර 100 000 පමණ කාලයක් පෘථිවිය කරා නිරන්තරයෙන්ම ඇදවැටීමට ඉඩ ඇති බවයි.

වසර 10000 ක් යනු පෘථිවියේ සහ විශ්වයේ කාල රමුවන් දෙස බැලීමේදී ඉතා කුඩා කාලයක්. මිනිසාට නම් එය ඉතා විශාල කාල පරාසයක්. නමුත් මෙවන් විනාශයක් ඕනෑම මොහොතක ඇති විය හැකි බවයි පර්යේක්ෂකයන් ගේ අදහස.

සුර්ය කුණාටුවකින් ලෝකයම ගල් යුගයට?

solar storm

මේ ලෝකයේ තිබෙන සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග එක මොහොතක නැවත භාවිතයට ගත නොහැකි ලෙස අක්‍රිය වී ගියහොත් ඔබට කුමක් සිදුවේවිද. මේ සිදුවීම බොහෝ විට අප දැක ඇත්තේ විද්‍යා ප්‍රබන්ධ වලදී පමණයි. නමුත් මේ සිදුවීම සත්‍ය වශයෙන්ම සිදුවීමේ අවධානමක් තිබෙනවා. අද අප විස්තර ගෙන එන්නේ ඒ පිළිබඳවයි.

මෙවන් විශාල විනාශයක්  එකවර සිදුවීමේ අවධානම තිබෙන්නේ වෙන කිසිවෙකු නිසාවත් නොවෙයි පෘථිවියට ජිවය ලබාදෙන අපගේ සුර්යා නිසාවෙනි. සුර්යාගේ මාධ්‍යය ඉතාමත් උණුසුම් මේ නිසා එහි පවතින පරමාණු බිඳ වැටෙමින් නව පරමාණු නිපදවීමේ ක්‍රියාවලිය සිදුවෙනවා. සුර්යාගේ උණුසුම දිගටම රැඳී පවතින්නේ මෙමෙ ක්‍රියාවලිය දාම ප්‍රතික්‍රියාවක් ලෙස සිදුවන නිසාවෙනි. මෙලෙස පරමාණු බිඳවැටීම සිදුවෙන නිසා සුර්යාගේ මද්‍යයේ ආරෝපිත උප පරමාණුක අංශු (charged subatomic particles) නිතරම රැඳී තිබෙනවා.

මෙමෙ ආරෝපිත උප පරමාණුක අංශු වරින් වර සුර්යාගේ මද්‍යයේ සිට බාහිර අවකාශයට නිකුත් කෙරෙනවා. මේවා හඳුන්වන්නේ සුර්ය කුණාටු (solar storm) ලෙසයි. ඇතැම් අවස්ථාවල මේ ආරෝපිත උප පරමාණුක අංශු පෘථිවිය කරා පවා ලඟා වෙනවා. මෙවන් ආරෝපිත අංශු ධාරාවක් පෘථිවිය දෙසට පැමිණි විට එයින් බහුතරයක් ප්‍රමාණය පෘථිවි චුමබක ක්ෂේත්‍රය මගින් විසිරුවා හැර ඒවා පෘථිවියට ලඟා වීම වළක්වනවා. ඇතැම් අවස්ථාවලදී ආරෝපිත අංශු ධාරාවෙන් සුළු ප්‍රමාණයක් පෘථිවියේ ඉහල වායුගෝලය හා සමග ගැටීම සිදුවෙනවා. පෘථිවියේ ද්‍රව ආසන්න ප්‍රදේශවල අහසේ ඇතිවන වර්ණවත් ලෝක රටාවන් වලට හේතු වන්නේ මේවායි. බොහෝවිට අප ඒවා උතතරාලෝකය ලෙස හඳුන්වනවා.

මෙම ආරෝපිත උප පරමාණුක අංශු ධාරාව ඉලෙක්ට්‍රොනික උපාංග වලට නම් ඒ තරම් හොඳ ආරංචියක් නොවෙයි. මන්ද මේවයෙන් ඇතිවන ස්ථිතික ධාරාවන් නිසා එලෙක්ට්‍රොනික උපාංග වල ක්‍රියාකාරිත්වයට භාදා ඇතිවීමේ සිට ඒවා සම්පුර්නයේම අකර්මන්‍ය වීම දක්වා වූ තත්වයන් උද්ගතවීමට පුළුවන්. මිට අමතරව මෙම ආරෝපිත අංශු නිසා විද්‍යුත් චුම්භක තරංග වලටද භාදා ඇතිවීමට පුළුවන්.

සුර්ය කුණාටුවකින්  පෘථිවියට ඇති එකම ආරක්ෂාව වන්නේ පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය පමණයි. නමුත් පෘථිවි චුම්භක ක්ෂේත්‍රයටත් නැවැත්විය හැකි නොහැකි විශාල සුර්ය සුළඟකට පෘථිවිය මත ඇති සියලුම ඉලෙක්ට්‍රොනික උපාංගයන් අකර්මන්‍ය කිරීමේ හැකියාව තිබෙනවා.

සාමන්‍යයෙන් සූර්යයාගෙන් මෙවන් විශාල ප්‍රමාණයේ සුර්ය ගිනිදැල් ඇතිවන්නේ වසර 150 කට පමණ වතාවක් යැයි ගණන්බලා තිබෙනවා. දැනට වාර්තා වී ඇති දරුණුම සුර්ය කුණාටුව වාර්තා වී තිබෙන්නේ 1859 වසරේදී මෙමෙ සිදුවීම Carrington Event ලෙස හඳුනවනවා. මෙහිදී ඇතිවූ උත්තරාලොකයන් කියුබාව දක්වා දර්ශනය වී තිබෙනවා. නමුත් 1859 දී වර්තමානය මෙන් ඉලෙක්ට්‍රොනික උපාංග බහුලව භාවිත වී නොමැති නිසා එමගින් ඇති වූ හානිය ඉතා අවමයි.

මීළඟට විශාලම සිදුවීම වාර්තා වන්නේ 1989 දී. එම වසරේ ඇතිවූ සුර්ය කුණාටුවේ බලපෑම නිසා තත්පර 90ක් ඇතුලත සම්පුර්ණ කැනඩාවටම විදුලිය විසන්ධි වී තිබෙනවා විදුලි බාල පදධතිය යතා තත්වයට ගැනිමට පැය 9 කටත් වඩා කාලයක් ගතවී තිබෙනවා. 1989 වසරටත් වඩා ලෝකයේ ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතය අද ඉහල ගිහින්, එම නිසා මෙවන් සිදුවීමක් දැන් සිදුවුවහොත් ඉතා විශාල හානියක් සිදුවිය හැකියි.

ඉදිරි දශකය ඇතුලත මෙවන් බරපතල මට්ටමේ සුර්ය කුණාටුවක් ඇතිවීමට 12% ක සම්භාවිතාවක් ඇති බවට පර්යේෂකයන් නිගමනය කොට තිබෙනවා. මේ නිසා ලෝකයේ බොහෝ දියුණු රටවල් මෙවන් අවස්ථාවකට මුහුණ දීමේ වැඩපිළිවෙලවල් සකස් කරමින් පවතිනවා. ඇමරිකාව මේ පිළිබඳව ඔවුන්ගේ වැඩපිළිවෙල පසුගියදා එලිදකවා තිබුනා.

ලංකාවට ඉහල අහසේ දැවීගිය අබිරහස් අභ්‍යවකාශ වස්තුව

screen shot 2015-11-12 at 2.44.45 pm

හඳුනා නොගත් අභ්‍යවකාශ වස්තුවක් ශ්‍රී ලංකාව ආසන්න මුහුදට වැටීමට නියමිතව තිබුනේ ඊයේ දිනයේදීයි. මේ පිළිබඳව අප ඔබට මිට පෙර සටහනකින් විස්තර ගෙන අවා. බොහෝ දෙනා බලාපොරොත්තුව සිටි පරිදිම ඊයේ මෙමෙ අභ්‍යවකාශ වස්තුව පෘථිවි වායුගෝලයට ඇතුල්වුණා නමුත් එයෙට මුහුදට හෝ ගොඩබිමට වැටෙන්නට අවස්ථාවක් පෘථිවි වායුගෝලයෙන් නම් ලැබුනේ නැහැ.

මෙම හඳුනා න නොගත් අභ්‍යවකාශ වස්තුව WT1190F යනුවෙන් නම්කොට තිබුනා. NASA ආයතනයට අනුව නම් මෙය සිදුරු සහිත වස්තුවක් එනම් මෙය මිනිසා විසින් නිර්මිත එකක් බවට නිගමනය වී තිබුනා. මෙය බොහෝදුරට මිට පෙර සිදුකරන ලද අභ්‍යවකාශ ගමනකදී රොකට්ටුවකින් ඉවත්වූ කොටසක් වනු ඇති බවට සැක පහල කෙරුණා.

පරීක්ෂකයන් සිතා සිටි පරිදි ශ්‍රී ලංකාවට ඉහල අහසෙන් මෙමෙ අභ්‍යවකාශ වස්තුව පෘථිවි වායුගෝලයට ඇතුල්වුණා. වායුගෝලයට ඇතුල්වූ වහාම එය ගමන් ගන්න අධික වේගය නිසා වායුගෝලය සමග ඇතිවන ඝර්ෂණය හේතුවෙන් එය අධික ලෙස රත්වීමට  භාජනය වෙනවා. මෙලෙස ජනනය වන තාපය නිසා එම වස්තුව ඉහල අහසේදීම ගිනිගෙන දැවීමට පටන් ගන්නවා. ගොඩබිම කරා ලඟා වීමට හැකිවන්නේ මෙලෙස දැවියාමෙන් අනතුරුව ඉතුරුවන කොටසට පමණයි.

WT1190F ආකාශ වස්තුව ඉතා කුඩා එකක් එම නිසා එය පෘථිවි වායුගෝලය සමග ගැටීමේදී ඇතිවූ තාපයෙන් සම්පුර්ණයෙන්ම දැවී අළුවී යන ආකාරය කැමරා කාච වල සටහන් වී තිබුනා. කෙසේ වෙතත් මෙම අකෂ වස්තුව පතිත වෙතැයි අනුමාන කරන ලද ප්‍රදේශය ගොඩබිමට ඉතා ආසන්නව පැවති නිසා ඒ ආශ්‍රිතව මුහුදු ගමන් සහ ගුවන් ගමන් සිමා කර තිබුනා. NASA ආයතයට අයත් පරීක්ෂණ ගුවන් යානා කිහිපයක්ම ඉහල අහසේ රැඳී සිටිමින් මේ සිද්ධිය පිළිබඳව තොරතුරු එක්රැස් කොට තිබුනා

පහතින් දැක්වෙන්නේ එම අවස්ථාවේ වීඩියෝ පටයක්

මෙක්සිකාවේ පිටසක්වල ජීවින් Extraterrestrial contact in Mexico

diskmaya1

පිටසක්වල ජීවින් (extraterrestrial life) පිළිබඳව ලෝකයේ බොහෝ දෙනා දක්වන්නේ ඉහල උනන්දුවක්. විශ්වයේ අප පමණක් නොව තවත් බොහෝ ජීවින් විශේෂ සිටිය හැකි බව මේ වනවිට බොහෝ දෙනා පිළිගන්නා කාරණයක්. එමෙන්ම ලොව මවිත කරන ලද ඉපැරණි ශිෂ්ටාචාර වල අදහාගත නොහැකි නිර්මාණ සඳහා පිටසක්වල ජිවින්ගේ සහය ලැබෙන්නට ඇති බව බොහෝ දෙනා විස්වාස කරන කාරණයක්. එමෙන්ම මේ පැරණි ශිෂ්ටාචාර පැවති ස්ථාන වලින් හමුවෙන විවිධ සාදක සහ සාක්ෂි මෙම කරුණ වඩාත් තහවුරු කරන්නට හේතු වෙනවා.

ඉපැරණි ශිෂ්ටාචාර සහ පිටසක්වල ජිවින්ගේ සම්බන්දතාවයන් පිළිබඳව අලුත්ම තොරතුරු වාර්තා වෙන්නේ මෙක්සිකාවෙන්. මෙක්සිකාවේ Calakmul නමැති ස්ථානයෙන් සොයාගන්නා ලද ඉපැරණි ශිෂ්ටාචාරයනට අයත් භාණ්ඩ කිහිපයක් පිලිබඳ තොරතුරු National Institute of Anthropology and History (INAH) නමැති ආයතනය විසින් පසුගියදා ප්‍රසිද්ධියට පත් කළා.

මෙම සොයාගන්නා ලද භාණ්ඩ අතර ඇති එක් මැටි පුවරුවක් ඒවා අතරින් සුවිශේෂී වනවා. ඊට හේතුව නම් එහි පිටසක්වල ජිවින්ගේ යැයි සැක කල හැකි රුප අඩංගු වීමයි. INAH ආයතනයට අනුව මේවා මායා වරුන්ගේ නිරමාණයක් වන අතර මේවා ප්‍රථම වරට සොයාගෙන තිබෙන්නේ දැනට වසර 80 කට පමණ පෙරයි

පහතින් දක්වෙන්න මේ ආන්දෝලනයට තුඩුදී තිබෙන මැටි පුවරුවයි. එහි සුවිශේෂී අවධානය යොමු වන තැන් සලකුණු කොට තිබෙනවා

diskmaya1

Ancient Mayan disks describing extraterrestrial contact

1 සලකුණ මගින් පෘථිවිය සහ එහි වායුගෝලය නිරුපනය වන බවට විශ්වාස කෙරෙනවා. මෙම සලකුණේ රවුම් දෙකක් දක්නට ලැබෙන අතර ඉන් ඇතුලත පිහිටි රවුම පෘථිවිය ලෙසත් පිටත ඇති රවුම වායුගෝලය ලෙසත් නිරුපනය කර ඇති බව විශ්වාශ කෙරෙනවා. පෘථිවිය පැතලි එකක් නොව ගෝලාකාර වස්තුවක් බව මේ මයා ශිෂ්ටාචාරයේ විසුවන් දැනසිටි බවට මෙය සලකුණක්. බොහෝ විට මේ දැනුම වෙනත් ග්‍රහලෝවකින් පැමිණි බුද්ධිමත් ජීවි විශේෂයකින් ලැබෙන්නට ඇති බවට සැලකෙනවා

2 සහ 3 රුප වලින් පෙන්වන්නේ අභ්‍යවකාශයේ සිට පෘථිවිය හා ගැටීමට පැමිණි උල්කාවක් හෝ වෙනත් අභ්‍යවකාශ යානයක් වීමට හැකියාවක් ඇතැයි නිගමනය කොට තිබෙනවා

4 ලෙස සලකුණු කොට ඇති රුප සටහනින් ඉහත උල්කාපාතය සමග ගැටීම සඳහා විශේෂයෙන් සකස්කරන ලද කිසියම් යානයක් හෝ අවියක් නිරුපනය කරන බවට නිගමනය වී තිබෙනවා.

5 වැනි රුපයෙන් දැක්වෙන්නේ අභ්‍යවකාශ යානයක් පාලනය කරන ගගනගමියෙකු බවති 6 වැනි රුපයෙන් දැවෙන්නේ ඔහු විසින් පදවාගෙන යනු ලබන යානය වීමට හැකි බවත් නිගමනය වී තිබෙනවා

මේ අනුව ඉහත මැටි රුපයෙන් දැක්වෙන්නේ මිට බොහෝ කලකට පෙර පෘථිවියට පැමිණි බුද්ධිමත් ජීවින් බොහෝ දෙනාගේ කොටසක් ඔවුන්ගේ තාක්ෂණය භාවිත කොට පෘථිවිය හා සමග ගැටීමට පැමිණි උල්කාවක් විනාශ කරන අයුරු විය හැකි බවට අදහසයි. නමුත් මේ අදහසට විරුද්ධව යන තවත් පිරිසක් කියා සිටින්නේ මේ මගින් දැක්වෙන්නේ බුද්ධිමත් ජීවින් කොට්ටාශ දෙකක් අතර පෘථිවිය මතදී සිදුවුණ ගැටුමක රුප සටහනක් විය හැකි බවයි.

කෙසේ වෙතත් මේ විශාල විශ්වය තුල අප තනිවී නොමැති බව තහවුරුයි.