2029 දී රුසියානුවන් සඳ මතට

Lunar_base_made_with_3D_printing

රුසියානු  අභ්‍යවකාශය ඒජන්සිය වන Roscosmos ආයතනය තමන් 2029 වසරේදී සඳ මතුපිටට මිනිසෙකු යැවීමේ ඔවුන්ගේ මීළඟ ව්‍යාපෘතිය පිළිබඳව විස්තර පසුගියදා මාධ්‍යයට නිකුත් කරනු ලැබුවා. ප්‍රථම සඳ ගමන පිළිබඳව ඇමරිකාව සහ සොවියට රුසියාව අතර පැවති තියුණු තරඟයෙන් ඇමරිකාව ජයග්‍රහණය කරනු ලැබුවා. එම අවස්ථාව ඉතිහාසයට එකතු දැනට දශක 6 ක් වෙනවා. නමුත් මෙවර රුසියාවේ අරමුණ සඳ මතට මිනිසෙකු යැවීම පමණක් නොවෙයි සඳ මත ස්ථිර ජනපදයක් බිහිකිරීම දක්වා රුසියාවේ සැලැස්ම දිවයනවා.

“වසර 2029 දී මිනිසෙකු සහිත යානයක් සඳ මතට ගොඩබැස්සවීමට තමන් බලාපොරොත්තු වන බව Roscosmos Energia හි ප්‍රධානියා වන Vladimir Solntsev විසින් ප්‍රකාශ කර සිටිබව Russia today පුවත්පත වාර්තා කොට තිබුනා

මෙම සම්පුර්ණ ක්‍රියාවලිය පිළිබඳව තවමත් වැඩිදුර විස්තර මාධ්‍ය වෙත නිකුත් වී නැතත් දැනටමත් මෙමෙ අභ්‍යවකාශය ගමන සඳහා නව අභ්‍යවකාශය යානයක් රුසියාව විසින් අත්හදා බලන බවට බොහෝ තොරතුරු මාධ්‍ය මගින් වාර්තා කර තිබුනා

මම නව අභ්‍යවකාශය යානයේ ප්‍රථම අභ්‍යවකාශය ගමන සැලුම් කර තිබෙන්නේ 2021 වසරේදී ක්‍රියාත්මක කිරීමටයි. ඉන් පසුව 2023 වසරේදී මෙමෙ යානයෙන් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වත අභ්‍යවකාශ ගමනක්ද. 20125 වසරේදී සඳ වෙත මිනිසුන් රහිත යානයක්ද 2029 වසරේදී සඳ වෙත මිනිසුන් සහිත යානයක්ද යැවීමට රුසියාව බලාපොරොත්තු වෙනවා. ඉන්  පසුව සඳ මත ස්ථිර ජනපදයක් බිහි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වනු ඇති.

මිට අමතරව 2024 වසරේදී අන්තර්ජාතික අභයවකෂ්‍ය මද්‍යස්ථානය භාවිතයට ගැනීම නවතා දැමීමත් සමගම නව අභ්‍යවකාශය මධ්‍යස්ථානයක් ඉදිකිරීමටද ඔවුන් බලාපොරොත්තුවෙන්  සිටිනවා.

හඳුනා නොගත් අභ්‍යවකාශ වස්තුවක් පෘථිවියට

wtf3

හඳුනා නොගත් අභ්‍යවකාශ වස්තුන්(Unknown Space Object)  යන නම අසුන සැනින් අපට මතක් වන්නේ පිටසක්වල ජීවින්. නමුත් මේ කියන්නට සුදානම් වන්නේ ළඟදීම පෘථිවිය හා ඝට්ටනය වීමට පැමිණෙන හඳුනා නොගත් අභ්‍යවකාශ වස්තුවක් පිළිබඳවයි.

මෙම අභ්‍යවකාශ වස්තුව නම්කොට තිබෙන්නේ WT1190F  ලෙසයි. මෙය පෘථිවිය වටා අවකාශයේ ගමන්ගන්නා space debris වලින් කොටසක් ලෙස බොහෝ දෙනා විස්වාස කරනවා. කෙසේ වෙතත් මෙම හඳුනා නොගත් වස්තුව November මස 13 වන දින ශ්‍රී ලංකාවට පහලින් වන ඉන්දියන් සාගරයට පතිතවනු ඇති ගණන් බලා තිබෙනවා. එය එදින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 12 ට පමණ ශ්‍රී ලංකාවේ දකුණු දිග වෙරල තිරයෙන් කිලෝමීටර් 65ක් පමණ ඇත මුහුදට කඩා වැටෙනු ඇති ගණන් බලා තිබෙනවා

දැනට ලැබී ඇති දත්ත අනුව එය මීටර් 2 ක පමණ විශාලත්වයකින් යුතු කුහර සහිත වස්තුවක් ලෙස අනුමාන කෙරෙනවා. ඒ නිසාම එය ස්වභාවික වස්තුවක් නොවන බවයි බොහෝ දෙනාගේ අදහස වන්නේ. මෙය මෑතකදී හෝ කාලයකට ඉහත කරන ලද චන්ද්‍ර ගමනකට යොදාගන්නා ලද රොකට්ටුවක ඉතිරි වූ කොටසක් වනු ඇති බවටද මතයක් පල වී තිබෙනවා.

මෙම වස්තුවේ ප්‍රමාණය කුඩා වීම සහ එය කුහරමය වස්තුවක් වීම නිසා ඒ මගින් කිසිදු හානියක් සිදුවෙතැයි අපේක්ෂා කල නොහැකි තරම්. කෙසේ වෙතත් පර්යේෂකයන් මේ අභ්‍යවකාශ වස්තුව පිලිබන්දව බොහෝ උනන්දුවෙන් පසුවන්නේ ඔවුන්ට අභ්‍යවකාශයේ සිට පැමිණෙන වස්තුවක ගමන් මාර්ගය කල් තියා නිර්ණය කිරීමට ඔවුන් යොදාගන්නා ක්‍රම වේදයන් වල නිවැරදි තවා පිරික්සීමට මෙය ඉතා අනගි අවස්තාවක් වන බැවිනි.

එමෙන්ම කිසියම් දිනක පෘථිවියට අහිතකර විනාශකාරී උල්කාපාතයක් පෘථිවිය හා ගට්ටනය වීමට පැමිණෙන්නේනම් එවන් අවස්ථාවක ගත යුතු ආරක්ෂාකාරී ක්‍රියා පිළිවෙත් මොනවද සහ ඒවා අනුගමනය කල යුත්තේ කෙසේද යන්න පිලිබන්දව සලකා බැලීමටත් මෙය ඉතා වැදගත් අවස්ථාවක් වනු ඇති.

මෙමෙ අභ්‍යවකාශ වස්තුව ප්‍රථම වරට සොයාගෙන තිබුනේ 2012 වසරේදී. 2013 වසරේදීද පරීක්ෂකයන් විසින් මෙම ආකාශ වස්තුව නිරීක්ෂණය කොට තිබෙනවා.

විවිධ අවස්ථාවන් වලදී සිදුකරන ලද අභ්‍යවකාශ ගමන් සහ අතහැර දම ලද චන්ද්‍රිකා වලින් නිර්මාණය වුන අභ්‍යවකාශ කසල ගොඩක් පෘථිවිය වටා නිරන්තරයෙන්ම සැරිසරමින් පවතිනවා. මෙවන් වස්තුන් පෘථිවි වායුගෝලයට අතුල්විමේදීම ගිනිගෙන විනාශ වී යනවා. නමුත් WT1190F   යනු පෘථිවියට ඉතා අතින් වූ කක්ෂයක පෘථිවිය සහ චන්ද්‍රයා මැදිකරගෙන විශාල කක්ෂයක ගමන් ගන්නා අභ්‍යවකාශ වස්තුවක්. මෙවන් අභ්‍යවකාශ වස්තුන් පවතින්නේ ඉතාමත් කිහිපයක් පමණයි. WT1190F  යනු ඒවා අතරින් එකක්. ඒ නිසාවෙන් මෙය දුර්ලභ ගනයේ අකෂ වස්තුවක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා

අරුම පුදුම ග්‍රහලෝක

640px-Artist’s_impression_of_the_deep_blue_planet_HD_189733b

මේ ලෝකයේ ජිවත් වීම බොහෝ දෙනෙක් සිතන්නේ බොහෝ අභියෝගාත්මක කාරණයක් ලෙසයි. මිනිසුන් ලෙස අප විසින් අප වටා ගොඩනගා ගන්නා ලද අභියෝගයන් ඇරුණුකොට ස්වභාවධර්මය විසින් මිනිසුන් වන අප වෙත එල්ල කරන බාධක අභියෝග එපමණයි. සුළිසුලං, සුනාමි, භූමිකම්පා මේ ආකාරයේ නොයෙක් අභියෝග අප වෙත එල්ල වෙනවා. ඇතැම් විට කෙනෙක් අපේ පෘථිවියට වඩා සුව පහසුවෙන් ජීවිතය ගත කල හැකි වෙනත් ග්‍රහලොවක් ගැන සිහින මවනවා වෙන්නටද පුළුවන්. නමුත් යථාර්තය මිට වඩා තරමක් වෙනස්. අද අප ඔබට ගෙන එන්නේ වෙනත් සුර්යයන් වටා භ්‍රමණය වන අරුම පුදුම ග්‍රහලෝක කිහිපයක් පිළිබඳවයි. මේවයේ වාතාවරණය දුටු පසු ඔබ පෘථිවිය පිළිබඳව සිතන ආකාරය මදක් වෙනස් වීමටත් පුළුවන්

HD189773 Ab

640px-Artist’s_impression_of_the_deep_blue_planet_HD_189733b

මෙමෙ ග්‍රහලොව තැඹිලි වාමන තරුවක් වටා භ්‍රමණය වන්නක්. එය අපේ සෞරග්‍රහ මණ්ඩලය මණ්ඩලයේ සිට ආලෝක වර්ෂ 63ක් ඇතින් පිහිටියක්. මෙම ග්‍රහලොවේ විශේෂත්වය වන්නේ එහි ඇති දීප්තිමත් නිල් පැහැයයි. නිල් පැහැයෙන් දිදුලන ග්‍රහ ලොවක් යනු බොහෝ සුන්දර ග්‍රහ ලොවක් ලෙස ඔබ සිතන්නට පලුවන් නමුත් මේ ග්‍රහලොවට නිල් පැහැය ලැබෙන්නේ එහි වායුගෝලයේ අඩංගු වන magnesium silicate microcrystals වලින් මෙම කුඩා magnesium silicate අංශු එයට ලැබෙන අලෝකය සැලකිය යුතු ලෙස විසරණය කරනු ලබනවා. මේ ග්‍රහලොවට නිල් පැහැය ලැබෙන්නේ මේ නිසාවෙන් magnesium silicate යනු අප සාමාන්‍යයෙන් භාවිත කරන පවුඩර් (talk) වල අඩංගු වන සංයෝගයමයි නමුත් ගැටලුව වන්නේ මේ සියුම් silicate අංශු ග්‍රහලෝකයේ වායුගෝලය හරහා ගමන් කරන්නේ පැයට කිලෝමීටර් 9,700 ක පමණ වේගයෙන්.  මිට අමතරව මෙම ග්‍රහ ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 800 ක පමණ වෙනවා. මෙතරම් ඉහල උෂ්ණත්වයකදී ඉතා ඉහල වේගයෙන් ගමන් ගන්නා වැලි දහරාවකට අසුවුවහොත් ඔබ ඇඹරුම් යන්ත්‍රයකට හසුවූවා වැනි හැඟීමක් දැනෙනු ඇති

Beta Pictoris b

This artist's concept illustrates the preferred model for explaining ALMA observations of Beta Pictoris. The new observations from ALMA now show that the disc around the star is permeated by carbon monoxide gas. The presence of carbon monoxide could indicate that the Beta Pictoris planetary system may eventually become a good habitat for life. At the outer fringes of the system, the gravitational influence of a hypothetical giant planet (bottom left) captures comets into a dense, massive swarm (right) where frequent collisions occur.

මෙම ග්‍රහලොව තවමත් සම්පුර්ණයෙන් ගවේෂණය අවසන් කොට නැහැ. Beta Pictoris නමැති තාරකාව වටා ගමන් ගන්නා මෙම ග්‍රහලොව ගවේෂණය අවසන්ව නොමැති උවත් එහි පැවතිය හැකි මිනිසුන්ට අහිත කර තත්ව පිළිබඳව නම් බොහෝ දුරට සොයාගෙන අවසන්.

මෙම ග්‍රහලොව බ්‍රහස්පති ග්‍රහයා මෙන් 11 ගුණයක් විශාලයි. මෙහි ඇති විශාලත්වය නිසා උල්කාපාත නිතරම මෙම ග්‍රහලොව කරා ඇදෙනවා. ඒවායේ ගට්ටනය නිසා ඇතිවන carbon monoxide වායුව ටොන් බිලියන 200 000000 ක් පමණ මෙම  ග්‍රහලොව වටා පවතින වායුගෝලයේ පවතිනවා. carbon monoxide යනු මිනිසාට බෙහෙවින් අහිතකර වායුවක්. නමුත් තරුවකින් නිකුත් වන පාරජම්බුල කිරණ වලට මම carbon monoxide ප්‍රමාණය බිඳ දැමීමට ගතවන්නේ වසර 100ක් වැනි කෙටි කාලයක්. නමුත් මෙම ග්‍රහලොව වටා පවතින නියත carbon monoxide පරිමාව නිසා සැම මිනිත්තු කිහිපයකටම වරක් විශාල උල්කාපාතයක් මෙම ග්‍රහලොව සමග ගැටීම සිදුවන බවට නිගමනය කර තිබෙනවා.

WASP-12b

WASP-12b_(NASA)

මෙම ග්‍රහලොව බ්‍රහස්පති මෙන් 1.4 ගුණයක් විශාලයි. නමුත් අවාසනාවකට මෙම ග්‍රහලොව එය භ්‍රමණය වන තාරකාවට ඉතා අසන්නයෙනුයි පවතින්නේ. මේ ග්‍රහලෝවත් එහි තාරකවත් අතර දුර කිලෝමීටර් මිලියන 3ක් පමණ වෙනවා. ග්‍රහලෝක පිළිබඳව සලකා බලන විට මෙය ඉතා කුඩා දුරක්.

තම තාරකාවට මේ තරම් ලඟින් පිහිටීම නිසා මෙමෙ ග්‍රහ ලොවේ වායුගෝලය කෙමෙන් කෙමෙන් එහි තාරකාව වෙත ආදී යනවා දකින්නට පුළුවන් එමෙන්ම එහි උෂ්නත්වය සෙල්සියුස් අංශක 2,250 පමණ වෙනවා.

PSR J1719-1438 b

Artist's_concept_of_PSR_B1257+12_system

මෙම ග්‍රහලොව දියමන්ති ග්‍රහලොව ලෙසත් හඳුන්වන්න පුළුවන් එයට හේතුව වන්නේ එහි පවතින අධික ඝනත්වය නිසයි. එහි ස්කන්ධය පෘථිවියේ ස්කන්දය මෙන් 330 ගුණයක් වෙනවා නමත් එහි විශාලත්වය වන්නේ පෘථිවියේ විශාලත්වයෙන් 64% ක් පමණයි. මෙහි ඇති අධික ඝනත්වය නිසා මෙය ජිවින්ට හිතකර ස්ථානයක් ලෙස සිතිය නොහැකියි

මිට අමතරව මෙම ග්‍රහලොව ගමන් කරන්නේ millisecond pulsar එකක් වටායි. මෙම pulsar එක සැම මිලිතත්පර 5.8කට වතාවක් තමා වටා භ්‍රමණය වෙනවා මේ සෑම භ්රමනයකදිම එය මේ ග්‍රහලොව වෙත ඉතා ප්‍රභල චුම්බක ක්ෂේත්‍රයක් මුදා හරිනවා. මේ චුම්බක ක්ෂේත්‍රය සමග විශාල x කිරණ සහ ගමා කිරණ ප්‍රමාණයක් මේ ග්‍රහලොව වෙත ලඟා වෙනවා. මේ කිරණයන් විසින් මේ ග්‍රහලොව තුල පවතින ඕනෑම ආකාරයේ ජීවයක් සැනකින් විනාශකර දමනු ඇති.

 

NASA ආයතනයේ අලුත්ම වෙබ් අඩවිය

NASA ආයතනය ඔවුන්ගේ නව වෙබ් අඩවිය http://epic.gsfc.nasa.gov/  පසුගිය සඳුදා දින web අවකාශයට මුදා හැරියා.  මෙම වෙබ් අඩවිය මගින් පසුගිය පැය 36 තුළ පෘථිවියේ සුර්යයා මගින් අලෝකමත්වූ  ප්‍රදේශයේ  ඡයාරුප 19ක් පමණ දැකගැනීමට පුළුවන්. මෙම නව වැඩසටහන EPIC (Earth Polychromatic Imaging Camera) ලෙස නම් කර ඇති අතර  DSCOVR  (Deep Space Climate Observatory)  චන්ද්‍රිකාව දළ වශයෙන් එක් සැතපුම් මිලියන දුරින් එහි L1 කක්ෂයේ සිට මේ රූප හසුකරගන්නවා ඇත. මෙහිදී මෙගාපික්සල් 4ක තනිවර්ණ රුප චන්ද්‍රිකාව මගින්  වරකට 10 බැගින් පෘථිවිය වෙත එවන අතර මෙම තනි-වර්ණ රූප තුනක් ඒකාබද්ධ කොට පුර්ණ වර්ණ රුපය සාදාගනී,  ඉන්පසුව මෙම රූපයන් 12 මෙගාපික්සල් ප්‍රමාණයට සකසා අදාල web අඩවිය වෙත එක්කිරීම සිදුකරයි. මිට අමතරව පෘතුවිය හා චන්ද්‍රිකාව අතරමදින් අපගේ චන්ද්‍රයා ගමන්කිරීමද පසුගිය දිනක සිදුවූ අතර එහි වීඩියෝවක් පහතින් දැක්වෙනවා. මිට අමතරව 17 වන දින අප රටද අයත්වන ලෙස ඔව්න් පළකර ඇති චායාරුපයද පහතින් දක්වා ඇත

අඟහරු මත ජලය සොයාගැනේ

PIA144791

අභ්‍යවකාශය පිළිබඳව උනන්දුවක් දක්වන බොහෝ දෙනෙක් පුදුමයට පත්කරන ආරංචියක් පසුගිය දා NASA ආයතනය මගින් ප්‍රසිදියට පත්කරනු ලැබුවා එනම් අඟහරු ග්‍රහයා මත මිදුන ජලය පවතින බවට NASA ආයතනය මගින් තහවුරු කිරීමයි. අද අපි ඔබට විස්තර ගෙන එන්නේ මේ නව සොයාගැනීම පිළිබඳවයි

අගහරු ග්‍රහයා මත ජලය ඇතිබවට බොහෝ දෙනා මිට බොහෝ කලකට පෙර සිටම අදහස් පලකොට තිබුනා. 18 වන ශතවර්ෂයේදී  William Herschel විසින් අගහරු ග්‍රහයාගේ ධ්‍රැව ප්‍රදේශ මිදුණු ජලයෙන් වැසි පැවතිය හැකි බවට අදහසක් ප්‍රකාශ කර තිබුනා. නමුත් ඒ පිළිබඳව සනාථ කිරීම සඳහා ඔහුට ප්‍රමාණවත් සාදක තිබුනේ නැහැ. 1950 වසරේ දී ප්‍රථම වරට දුරේක්ෂ යන්ගෙන් ලබාගන්නා ලද දත්ත වර්ණාවලීක්ෂ මාන මගින් විශ්ලේෂණය කිරීම මගින් පවා අඟහරුගේ ධ්‍රැව ප්‍රදේශ වල අයිස් පවතීදැයි යන්න තහවිරු කරගැනීමට නොහැකිව තිබුනා ඊට හේතුව වන්නේ සුර්යගෙන් පරාවර්තනය වන ආලෝකය මගින් ලගන්නා ලද දත්ත වලට භාධා පැමිණීමයි. 

අඟහරු වෙත යවන ලද ප්‍රථම යානය මගින් ලබාගන්නා ලද සමීප ජයාරූප මගින් පවා අඟහරු ග්‍රහයාගේ ධ්‍රැව ප්‍රදේශයන් අයිස් වලින් වැසි තිබෙනවද යන්න සනාථ කර ගැනිමට නොහැකි වී තිබෙනවා ඊට හේතුව වන්නේ අඟහරු මත පවතින අධික ශීතල නිසා co2 වායුව ඝනීභවනය වීම නිසා ජලය මිදී ඇත්දැයි නිසියාකාරව සොයාගැනීමට නොහැකි වීමයි.

image-20150925-17725-1k6o7rp

1970 දී දියත්කෙරුන Mariner 9 ව්‍යාපෘතිය මගින් ජලය ගලා යාම නිසා සැදුනා යයි සැක කල හැකි සටහන් අනාගහරු ග්‍රහයා මතින් සොයාගැනීමත් සමගම අඟහරු ග්‍රහයා මත ද්‍රව ජලය පවතී යන මතයට ඉතා ඉහල ප්‍රසිධියක් ලැබුනා. නමුත් මම සටහන් වසර මිලියන ගණනක් පැරණි යයි ගණන් බැලීමත් සමග අතීතයේ අඟහරු මත ජලය පැවතියද වර්තමානයේ ඒ මත ද්‍රව ජලය පවතින බවට මේ සටහන් ස්ථිර සාදකයක් නොවන ගණයට පත්වුනා.

image-20150925-17725-9mvhyw

වසර 2000 දී පමණ මේ මාතෘකාව නැවතත් උණුසුම් බවට පත්වුනා ඒ අඟහරු වටා ගමන් කරන Mars Global Surveyor යානය මගින් ලබාගන්නා ලද වඩා පැහැදිලි ජයාරූප මගින් ඉතාම මෑතකදී ජලය නිසා ඇතිවුනා යයි සැක කල හැකි සටහන් කිහිපයක්ම දැකගැනීමට හැකි වීම නිසයි. මේවා දක්නට ලැබී තිබෙන්නේ අගාධයන්ගේ ඇතුලත පෘෂ්ටයේ වන අතර ඒවායේ දාර වඩාත් තියුණු වන අතර එම නිසා ඒවා වඩාත් මෑත කාලයේදී ඇතිවූ ඒවා බවට සැක පල කෙරුණා. මේවා නිර්මාණය වන්නට ඇත්තේ අඟහරු අභ්‍යන්තරයේ පවතින ජලය මතුපිටට කාන්දු වීම නිසාවෙන් විය හැකි බවටද මතයක් පළකෙරුනා.

image-20150925-17729-40b5lb

2008 වසරේදී අඟහරු මත පතිත කෙරුණු Phoenix යානයේ පාදයක ද්‍රව ජල බින්දු කිහිපයක් රැඳී තිබෙනු එහි ජයාරූප වල සටහන් වී තිබෙනු දක්නට ලැබුනා. මෙයත් අඟහරු මත ජලය පවතින බවට තහවුරු කෙරෙන සාදකයක් බවට පත්වුනා.

image-20150925-17725-r1tx90

2011 වසරේදී අඟහරු වටා ගමන් ගන්න යානා මගින් ලබාගන්නා ලද ජයාරූප මගින් එහි ආවට වල ඇතුල් බිත්ති මත කාලයෙන් කාලයට ඇතිවී නැතිවී යන රේකා සමුහයන් නිරීක්ෂණය කිරීමට හැකිවුනා. මෙය අඟහරු මත ජලය සොයා යන ගමනේ තවත් එක් වැදගත් සන්දිස්ථානයක් බවට පත්වුනා. මේවා මීටර් 1 සිට මීටර් 5 දක්වා පළල කින් යුක්ත වුන අතර මීටර් 100 ක පමණ දිගින් යුක්ත වුනා. NASA ආයතනයේ අදහස වුනේ අනාගහරු ගේ වායුගෝලය මත ඇති සියුම් ජාල බිඳිති පෘෂ්ටය මත පතිත වන බවත් ඒවා ජල පහරක් නිර්මාණය කිරීමට තරම් ප්‍රමාණවත් නොවුනත් එය ඉහල අහසේ සිට නරඹන විට අඟහරුගේ වැලි සහිත පෘෂ්ටය මත සලකුණක් ඇති කල හැකි මට්ටමට ප්‍රමාණවත් බවට නිගමනය කෙරුනා.

image-20150925-17725-1j0ge10

මෙම නිරීක්ෂණයන් තුලින් මෙලෙස අඟහරු මත අඳි තිබෙන මේ අඳුරු රේකා වල  magnesium perchlorate, magnesium chlorate සහ  sodium perchlorate අඩංගු බව සොයාගෙන තිබෙනවා මේ සඳහා NASA ආයතනය මගින් CRISM (Compact Reconnaissance Imaging Spectrometer for Mars) නමැති උපකරණය භාවිත කොට තිබෙනවා. ඉහත ලවන වර්ගයන් අඟහරු මතින් ගලයන සියුම ජාල පහරවල් වියලිගිය පසු ඉතිරි වන ඒවා බවට බොහෝ දෙනා මත පළකරනවා.

කෙසේ වෙතත් තවමත් අඟහරු පෘෂ්ටය මත ද්‍රව ජලය සොයාගැනීමට නොහැකිව පවතිනවා. පරීක්ෂකයන් දිගින් දිගටම උත්සාහ දරන්නේ අඟහරු මත ද්‍රව ජලය පවතින්නේද යන්න යන්න ස්ථිර වශයෙන්ම දැනගැනීමටයි.

අභ්‍යවකාශයෙ සිටින පියාට දියණිය යැවූ අපුරු ලියමන.(Steph loves you)

page1

ලියුමක් අභ්‍යවකාශයට යැවීම ඇත්තටම සිදුකිරීමට අපහසු දෙයක්. එබැවින් තමා විසින් ලියු දෙයක් තම පියාට යැවීමට හැකිනම් සිතු දියණියක් අයගේ එම සිහිනය සැබැකරගත්තා. ඇමෙරිකාවේ Texas ප්‍රාන්තයේ වෙසෙන Stephanie වයස අව්රුදු 13ක දැරියක්වන අතර අයගේ පිය අජටාකාශගාමියෙක්. වසරෙන් වැඩි කාලයක් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගතකරන ඔහුට දුරකතනයෙන් ඇමතීමට හැකියාව තිබුනද ඇය ඔහු නොමැතිව කෙතරම් පාලුවෙන් සිටිනවාද යන්න අකුරින් ලිවීමට සිතුවා. අයගේ පියාගේ විනෝදාංශය ඡායාරූප ගැනීම වන අතර ඇය ඔහුට ඡායාරූපයගැනීමට හැකිවන පරිදි විශාල ලියමනක් ලිවිම ඇයගේ අදහසවුවා.

vlcsnap-2015-04-14-13h43m58 steph-message-astronaut-dad-1

ඇයට මේ සඳහා අවශ්‍ය උපකාර කිරීමට Hyundai සමාගම ඉදිරිපත්වුණා. කෙසේවෙතත් අවසානයේ මෙම විශාල ලියමන ගිනස් ලෝක වාර්තාවක්ද පිහිටුවනු ලැබුවා. ඒ වර්ග මීටර 5,556,411.86 ප්‍රමාණයක ඇඳුනු ලොව විශාලම tire track සිත්තම ලෙසයි. Stephanie විසින් ලියු Steph loves you යන වැකිය ඇයගේ අත් අකුරු එලෙසම ඇඳීමට Hyundai සමාගම සමත්වුණා. මෙහිදී ඔව්න් ඇයගේ ලියමන scan කොට එම රේඛාවන් GPS තාක්ෂනය යොදාගනිමින් කාර් 11ක් මගින් නෙවාඩා ප්‍රාන්තයේ වියලි වැව් පතුලක සිත්තම් කරා. ඉන්පසුව අන්තර්ජාතික අභ්‍යවකාශ යානාව එම ස්ථානය ඉහලින් ගමන් කරමින් තිබියදී අයගේ පිය විසින් එය තම කැමරාවේ සටහන් කරගනිමින් තමන් පණිවිඩය ලද බව සතුටින් ප්‍රකාශකර සිටියා.

 

278DDFF500000578-3038227-image-a-30_1429006977256    Screen_Shot_2015-04-13_at_3.45.03_PM.0

ලොව ප්‍රභලතම ඩිජිටල් කැමරාව | most powerful digital camera

most-powerful-digital-camera

Most powerful digital camera | www.techpedia.lk

දැනට ඔබේ අතේ තිබෙන ජංගම දුරකථනයේ mega pixel 16ක කැමරාව ඉතා හොද තත්වයේ හා ගුණාත්මක සේයාරු ඔබට ලබාදීමට සමත්වන අතර නමුත් එවැනි කැමරාවක් අනන්තවූ විශ්වය දෙසට යොමුකිරීම මහින් ලබාදෙන රූපයන් කිසි විටෙක තාරකා විද්යාඥයන් සතුටු කරවීමට ප්‍රමාණවත් වන්නේ නෑ. එබැවින් United States Department of Energy හි  SLAC National Accelerator පර්යේෂණාගාරය මගින් ලොව විශාලතම ඩිජිටල් කැමරාව සැදීමට ඉදිරිපත්වී  තිබෙනවා.

දැනට වාර්තාවී ඇති කරුණු අනුව මෙම කැමරාව Giga pixel 3.2 ප්‍රමාණයේ එකක් වන අතර එමගින් ලබාගන්න ඡායාරූපය 100% ප්‍රමාණයෙන් පෙන්වීමට high definition රුපවාහිනී තිර 1500 පමණ අවශ්‍ය වනු ඇත.මෙය නිපදවූ පසු එය දැනට චිලි හි නිෂ්පාදනය කරමින් පවතින මීටර 8.4ක් දිගින් යුතු  Large Synoptic Survey Telescope තුල සවිකිරීමට නියමිතයි. තවද මෙම කැමරාව ප්‍රමාණයෙන් කුඩා මෝටර් රථයක ප්‍රමාණයේ වන අතර බර අසන්න වශයෙන් ටොන් 3ක් පමණවේ.  මෙය විශාල ප්‍රමාණයේ sensor 189යක එකතුවක් වන අතර  එය mega pixel 8ක ප්‍රමාණයේ  කැමරාවන් 800,000 එකතුවක් ලෙසද සැලකීමට හැක.   

lsst-green-light@2x

මෙම කැමරාව වසර 2020දි උඩුගුවනට එක්කිරීමට සැලසුම් කර ඇති අතර එය ඉන්පසුව තම වසර 10යක ගමන ආරම්භ කරනු ඇත. එය දැනට අප හදුනාගෙන ඇති තාරකාවන් හා ග්‍රහලෝකවල මෙන්ම අපට නොපෙනෙන විශ්වයේ අඳුරු ප්‍රදේශයන්ද ගවේෂණයට සුදානම් වනු  ඇත. දිනකට සේයාරු 800 පමණ ගනිමට සැලසුම් කර ඇති අතර මෙමගින් වසරකට gigabyte මිලියන 8ක තරම් දත්තයන් ප්‍රමාණයක් එකතු කරනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

LSST_sensor_grid_with_moon_blue_940x442

Self-Healing Material

Self-Healing-Material

Self Healing Material | www.techpedia.lk

අභ්‍යවකාශ අපද්‍රව්‍ය කියන්නේ මොනවද?  අප මුලින් ඒ පිළිබඳව කතා කරමු. අභ්‍යවකාශ අපද්‍රව්‍ය යනු ප්‍රධාන වශයෙන්ම මිනිසුන් විසින් අභ්‍යවකාශ මත අතහැර දමන ලද පැරණි  චන්ද්‍රිකාවන් ප්‍රමුක අපද්‍රව්‍යන් වේ. ඉන් බොහොමයක් යානා වලින් ගැලවිගිය ලෝහ කොටස්  වන අතර ඒවා අප පෘතුවි කක්ෂය තුල පැයට සැතපුම් 17500 පමණ වේගයෙන් චලිතය වෙමින් පවතී. එබැවින් මෙම අපවිත්‍රවී ඇති අභ්‍යවකාශය  අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය මෙන්ම අනෙකුත් ක්‍රියාකාරී චන්ද්‍රිකා වලට දැඩි අවධානමක් එල්ල කරයි.

එබැවින් මෙවැනි අධික වේගයෙන් චලනය වන ලෝහ කැබැල්ලක් වැදීම මගින්  අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙ සිදුරක් ඇතිවුවහොත් එය තුල ඇති වාතය අභ්‍යවකාශයේ රික්තයට ඇදීයාමට එතරම් කාලයක් ගත වන්නේනැ. එබැවින් මෙම කරුණ පිළිබඳව අවධානය යොමුකිරීමෙන් පසුව University of Michigan හි පර්යේෂකයින් පිරිසන් NASA ආයතන හා එක්ව සිදුරු වූ විට වාතය එලියට ගලායාම වැලැක්වීම සදහා Self-Healing Material එකක් නිපදවීමට සමත්ව තිබෙනවා.

මෙම නවතම අමුද්‍රව්‍ය නිපදව ඇත්තේ ඝන තත්වයේ පවතින polymer layer දෙකක් මැදට ද්‍රවයක් එක් කිරීම මගිනුයි. මෙහිදී හදිසි සිදුරු වීමකදී මධ්‍යයේ ඇති ද්‍රව්‍ය එලියට ගලා එන අතර ඉන්පසු එය වාතයේ ඇති ඔක්සිජන් හා එක වීම මගින් තත්පර ගණනක් තුලදී ඝන තත්වයට පත්වනවා. මෙහිදී මෙම ආවරණය සවිකිරීමෙන් පසුව ඇතිවන හදිසි සිදුරු වීමකදී  එය තාවකාලිකව වැසි යන අතර ඉන්පසු එලෙස ඇති වන සිදුර නියමාකාරයෙන් වසා දැමීමට අවශ්‍ය කාලය අජටාකාශගාමින් හට කාලය ලැබෙනවා

අභාවකාශයට සෝපානයෙන් යන්න ThothX Space Elevator

thothx-space-elevator

ThothX Space elevator | www.techpedia.lk

අභ්‍යවකාශයට පිවිසීම ඉතා අසීරු මෙන්ම විශාල මුදලක් වැයවන ක්‍රියාවක් නමුත් ඉතා උස් ගොඩනැගිල්ලක ඉහලටම නැගීමට අපි විදුලි සෝපානයක් භාවිත කරනවා සේම අභ්‍යවකාශයට පිවිසීමටත් සෝපානයක් තිබුනොත්. මෙවන් අභ්‍යවකාශ සොපනයන් (space elevator) බොහොමයක් විද්‍යා ප්‍රබන්ද වල අඩංගු වෙනවා. නමුත් අද අප ඔබට ගෙන එන්නේ සැබවින්ම එවන් space elevator එකක්  නිපදවීම සදහා දරන වැයමක් පිළිබඳවයි.  මේ අලුත්ම space elevatorසංකල්පයේ හිමිකාරිත්වය තිබෙන්නේ කැනේඩියානු අභ්‍යවකාශ ආයතනයක් වන Thoth Technology  නමැති ආයතනයයි. ඔවුන් මේ අදහසට patent එකක් පවා ලබාගෙන තිබෙනවා. ඔවුන් මේ space elevator එක නම් කොට තිබෙන්නේ ThothX ලෙසයි

මේ space elevator එකත් සමග අභ්‍යවකාශ ගමනක ඉන්දන වියදම 30% පමණ අඩුකරගත හැකි බව මේ සමගම පවසා සිටිනවා. සාමාන්‍යයෙන් පෘථිවි පෘෂ්ටයේ සිට 50km ට වඩා ඉහල උසකට නැගීමට නම් අනිවාර්යයෙන්ම rocket තාක්ෂනය අවශ්‍ය වෙනවා. rocket තාක්ෂනය යනු ඉතා අකාර්යක්‍ෂම ප්‍රවාහන මාධ්‍යයක්. rocket එකක් මගින් කිසියම් වස්තුවක් කක්ෂ ගත කිරීමට නම් ඉතා විශාල ඉන්දන පරමනයක් අවශ්‍ය වෙනවා. මෙහිදී අදාල වස්තුවේ බරට අවශ්‍ය ඉන්දන පමණක් නොව rocket එකේ බරත් ඉන්දන වල බරත් ඉහලට ගෙන යාමට අවශ්‍ය ඉන්දන rocket එක තුල අඩංගු විය යතු වෙනවා. Rocket එක මත වායුගෝලයෙන් ඇතිකරන ප්‍රතිරෝදී බලය මැඩගෙන ඉදිරියට යාමටත් තව අමතර ඉන්දන ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේ නිසා rocket එකක ගමන් අදියර වලින් ප්‍රථම 100km ඉහලට නැගීම සඳහා ඉතා විශාල ඉන්දන වියදමක් යනවා.

rocket එකක් වෙනුවට space elevator එකක් ප්‍රථම වරට යෝජනා කරනු ලැබුවේ රුසියානු අභාවකෂ විද්‍යාවේ පුරෝගාමියෙක් වන Konstantin Tsiolkovsky විසින් 1909 දී. ශ්‍රීමත් ආතර් සි ක්ලාර්ක් මහතා විසින් මේ අදහස තමාගේ පරාදීසයේ උල්පත් (The Fountains of Paradise) නමැති කෘතියේදී යොදාගැනීමත් සමගම මේ අදහස බොහෝ ජනප්‍රිය වුනා.  මෙතෙක් කල් යෝජනා වී ඇති space elevator වල පවතින ප්‍රධාන ගැටළුවක් වන්නේ ඔවුන් ඒවා  භූ සමමුහුර්ත (Geo Synchronous) කක්ෂය දක්වාම ඉදිකළ යුතු යයි යෝජනා කොට තිබීමයි Geo Synchronous orbit එක පවතිනේ මුහුදු මට්ටමේ සිට     36,000 km පමණ උසකින්. මෙතරම් උසකට ගොඩනැගිල්ලක් ඉදිකළ හැකි තාක්ෂණයක් අපට නැහැ එමෙන්ම ඒ සඳහා සුදුසු අමුද්‍රව්‍යයක් වත් තවම සොයාගෙන නැහැ. කෙසේ වෙතත් මෙවන් space elevator එකක් නිර්මාණය කළහොත් එයට 1kg ක බරක් අභ්‍යවකාශ ගත කිරීම සඳහා වැයවන්නේ $220 ක් පමණ සුළු මුදලක්. 

thothx-space-elevator-7@2x

Thoth Technology සමාගමේ අදහස මිට හාත්පසින්ම වෙනස් ඔවුන් යෝජනා කරන කුළුන ඉදිවන්නේ 20km උසකට පමණයි. වක්‍රාකාර හැඩයක් ගන්නා එහි පහල බඳ කොටසේ විෂ්කම්භය 230m පමණ වෙනවා. එහි ඉහල කොටස rocket අභ්‍යවකාශ ගත කිරීමට අවශ launch pad එකක් මෙන්ම space shuttle land කිරීමට අවශ්‍ය ධාවන පථයයක් (Runway) එකකින් ද සමන්විතයි. 20km යනු අභාවකාශයට පිවිසීම සඳහා අවශ්‍ය දුරෙන් ඉතා කුඩා ප්‍රමාණයක් උවත් ඒ හරහා ඉන්දන වියදම 30% පමණ අඩුකරගත හැකිවනු ඇති බවට Thoth Technology ආයතනය ගණන් බලා තිබෙනවා. එයට හේතුව වන්නේ පෘථිවි පෘෂ්ටයට ආසන්නව පවතින ඉහල  වායු ප්‍රතිරෝදය ඉහලට යාමේදී කෙමෙන් කෙමෙන් අඩුවන නිසා.

මෙතරම් උස කුළුණක් සමබරව තබන්නේ කෙසේදැයි ඔබට ගැටළුවක් මතුවෙනවා ඇති. මේ සඳහා Thoth Technology සමගම ලබා දී තිබෙන්න අපුරු විසඳුමක්. කුලුනේ විශාල  flywheels (ජවරෝද) කට්ටල අන්තර්ගත වෙනවා මේවා මගින් ලැබෙන  අවස්ථිති ඝූර්ණය පාලනය කිරීම තුලින් මේ කුළුන සමබරව තබගනෙනවා 

space elevator එකක් ලෙස භාවිත වනවාට අමතරව හෝටල් කටයුතු සඳහා සනිවෙදන කටයුතු සඳහා මෙන්ම සුළං විදුලි බලාගාරයක් ලෙසද මෙය භාවිතයට ගත හැකි බවයි Thoth Technology සමාගමේ අදහස වන්නේ. කෙසේ වෙතත් තවමත් මෙය අදහසක් පමණයි. එය යථාර්තයක් වන්නට තව බොහෝ කලක් ගතවනු ඇති.

බ්‍රහස්පති වෙත ලංවිම|Catching Jupiter

බ්‍රහස්පති වෙත ලංවිම - www.techpedia.lk

බ්‍රහස්පති වෙත ලංවිම | www.techpedia.lk

මිනිසුන් වශයෙන්  අපට ඇත්තේ  කිසිදිනක නොසන්සිදෙන කුතුහලයක්. සෑම දෙයක් පිළිබඳවම සෙවීම අධ්‍යනයට අපට ඇත්තේ අපිරිමිත ආශාවක්. එහිදී අප ජිවත් වන ලොවට පමණක් එම කුතුහලය සිමාවන්නේනැ. ප්ලුටෝගේ විස්තරද සොයාබැලීමෙන් අනතුරුව පර්යේෂකයින් අප සෞරග්‍රහ මණ්ඩලයේ දැවැන්තයා වන බ්‍රහස්පති වෙත අවධානය යොමු කර තිබෙනවා. පෘථිවියේ සිට සැතපුම් මිලියන 588 ඇතින් පිහිටන  බ්‍රහස්පති වෙත ළඟාවීමද පහසු කටයුත්තක් නොවේ. එයට දල වශයෙන් මාස නමයක පමණ කාලයක් ගතවනු ඇත. නමුත් ප්‍රධානම ගැටලුව එයට ලගාවීම නොවේ

couldwindbot

අඟහරු වෙත විවිදවූ  rover යැවීම සිදුකෙරුණේ එය මත පැහැදිලි පෘෂ්ටයක් (surface) පවතී නිසාවෙනි. නමුත් බ්‍රහස්පති යනු විවිධවූ වායුන් පිරි විශාල කුණාටු සක්‍රියව පවතින ග්‍රහලොවක්. එබැවින් එවැනි ග්‍රහලෝවකට rover යානාවක් යැවීම සිදුකරීමට අපහසු කාරණාවක්. එබැවින් පර්යේෂකයින් බ්‍රහස්පති ග්‍රහය මත සක්‍රියව පවත්වාගැනීමට හැකියාවක් ඇති යානාවක් සැදීම සඳහා අවධානය යොමුකර තිබෙනවා. මෙහිදී පාවෙන රොබෝ යානාවන් වල තාක්ෂණය නව මාවතකට ගෙනයාමට ඔව්න් බලාපොරොත්තු වනවා. මුලික වශයෙන් මෙම යනවා කිසිදු පියාපතක් හෝ තටු වලින්යුතු නොවන අතර එය උඩුකුරු තෙරපුම් බලය යොදාගෙන හයිඩ්‍රජන් පිරවූ බැලුමක් මෙන් පාකරවීමට බලාපොරොත්තු වනවා. අභ්‍යන්තර අක්ෂිය චලනයන් මගින් දිශාවන් වෙනස් කිරීමට හැකිව ලබාදීම මගින් එයට වායුගෝලය තුල ගමන්කිරීමේ හැකියාව ලැබෙනු ඇති. තවද බ්‍රහස්පති මත පවතින අධික චුම්භක ක්ෂේත්‍රය තුල පැවතීමේ හැකියාව, අධික උෂ්ණත්වය හා අධික පීඩනය සඳහා මුහුණ දීමට මෙම යානාවට සිදුවේ.

පර්යේෂකයින් ලබන වසරේ ක්‍රියාත්මක වන Juno ව්‍යාපෘතියෙන් පසුව ඉන් ලැබෙන දත්තයන් මෙම ව්‍යාපෘතියට යොදාගැනීමට නියමිතයි. මිට ප්‍රථමව බ්‍රහස්පති වෙත යානාවන් යවනු ලැබූ අතර ඒවා බොහොමයක් බහිරව ස්ථානගත කරන ලද යානාවන් වේ. උදාහරණයක් ලෙස බ්‍රහස්පති කර යැවූ Galileo යානාව වසර 2003 වනතෙක් වසර  7ක් පුරාම බ්‍රහස්පතිගේ කක්ෂයේ පවතී අතර එය බ්‍රහස්පතිහේ වායුගෝලයට probe එකක් ද හෙලනු ලැබුවා. නමුත් එය ඇතුළුවී මිනිත්තු 78 තුලදී එය අධික උෂ්ණත්වය හා පීඩනය හේතුවෙන් විනාශවිය. එබවීම් මෙවැනි පාවෙන රෝබෝවක් යැවීම පිළිබඳව බලාපොරොත්තුවක් තැබිය හැකි බව NASA ආයතනය පවසනවා