ගවයාගෙන් ට්‍රැක්ටරයට, දැන් එතනින් කොහෙටද ?

ගොවිතැන කියන්නේ අපේ ලෝකයේම ජිවය රඳාපවතින කාරණයක්, අපි එක ගැන එච්ර හිතුවේ නැති උනාට අපට බත සපයා දෙන ගොවියන් ඉන්නේ නැත්තම් අපි මොනවද කන්නේ ? අපේ අතිශය කාර්යබහුල ජීවිතයන් එක්ක එය ගැන  කල්පනවෙන්න වෙලාවක්  නැති එක පුදුමයක් නොවෙයි. අපේ රටේ ප්‍රමාණයත් එක්ක අපේ ගොවියන් සතු වග බිම් තරමක් කුඩා උනත් ඇතැම් රටවල් වල එක පුද්ගලයකුට හෙක්ටයාර ගණන් විශාල ඉඩම් අයිතිය තිබෙනවා, මොකද ඔව්න්ගේ රටවල් එතරම් විශාලයි. අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමෙරිකාව ඒ අතුරින් ඉදිරියෙන් සිටිනවා.  අපේ රටේ නැති උනාට මේ වගේ රටවල් වල වගා කටයුතු සඳහා යොදාගන්නේ අතිවිශාල යන්ත්‍ර සුත්‍ර, නමුත් අක්කර දහස් ගණන් විශාල ඉඩම් වල කටයුතු කිරීම එතරම් පහසු දෙයක් නොවන නිසා දැන් රියදුරන් නොමැතිව auto pilot තාක්ෂනය  ගොවිබිම් වලටත් එක්කිරිමටයි සුදානම.

concept-autonomous-tractor-2

CNH කියන්නේ එංගලන්තයේ පිහිටි වගාකටයුතු හා බරවාහන නිපදවන සමාගමක් වන අතර ඔව්න් දැන් ස්වයංක්‍රිය ධාවනය ගොවිබිම් වලට හදුන්වා දීමට සුදානම් වනවා. මෙයද අප මිට පෙර ඔබට ගෙන ආ Lidar තාක්ෂනය පදනම් කරගත් රියදුරු නොමැතිව ධාවනය කිරීමට හැකි ට්‍රැක්ටර් රථයක්. මෙය දැනට concept design එකක් වශයෙන් පවතින අතර නමුත් මෙයද තව වැඩි කාලයක් නොගොස් යථාර්තයක් බවට පත්වනු නියතයි. මෙහිදී GPS හා Lidar තාක්ෂනය එක්ව කැමරා මගීන් පාලනය වන මෙම ට්‍රැක්ටරය රියදුරු නොමැතිව පොහොර යෙදීම , අස්වනු නෙලීම මෙන්ම බිම් සැකසීම සිදුකිරීමටත් හැකියාව පවතිනවා. මේ කටයුතු සියල්ල ගොවිපල හිමියාට තම පරිඝනකය හෝ ටැබ් එක මගීන් නිරීක්ෂණය කිරමට පුළුවන්, නොකඩවා පැය 24ක් හෝ ඊට වඩා වැඩ කිරීමේ හැකියාවෙන් මෙම යන්ත්‍ර සමන්විත වන අතරම  එකවර යන්ත්‍ර කිහිපයක් වුවද එකම බිම්කඩක් සකස් කිරීමට යොදවන්න හැකියාව තිබෙන අතර එවිට එම යන්ත්‍ර අතර පණිවිඩ හුවමරුව සිදුකරගනිමින් වඩාත් කාර්යක්ෂමව ක්‍රියාකිරීමට නියමිත අතර එමගින් ගොවිතැන වඩාත් ඵලදායි හා කාර්යක්‍ෂම වනු ඇතියි.

Self Driven ට්‍රක් රථ දැන් ඇමෙරිකාවේ

truk

Self driven, නැතිනම් ස්වයංක්‍රීයව ධාවනය වන මෝටර් රථයන් පිළිබඳව දැන් වෙනදාටත් වඩා කථාකෙරෙන බව අවිවාදයෙන් පිළිගත යුතු කාරණයක්. ටෙස්ලා සමාගම තම මෝටර් රථ සමග එම තාක්ෂනය ප්‍රචලිතකර අතර අද අපි කතා කරන්න සුදානම්වන්නේ ඇමෙරිකානු යුධ හමුදාව මගින් එරට මහාමාර්ග වලට හදුන්වාදුන් self driving ට්‍රක් රථ පිළිබඳවයි.

පසුගිය දිනෙක ඔව්න් ඇමෙරිකාවේ මිච්චිගන් නගරය අසන්න අධිවේගී මාර්ගයක මෙවැනි ට්‍රක් රථ හතරක් අත්හදා බැලුවා. එහිදී මේ ට්‍රක් රථයන් වේග සිමාවන් වලට අනුගත වෙමින් හා තම මංතීරු වෙනස්කරගනිමින් ගමන් කරන ආකාරය පරීක්ෂණ වලට ලක්කර තිබෙනවා. ඊට අමතරව මේ ට්‍රක් රථ කෙටි ගුවන් විදුලි තරංග යොදාගනිමින් ඒවා අතර සන්නිවේදනය පවත්වාගන්න අතර ඒ හරහා මාර්ගයේ තත්වයන් පිළිබඳව දත්ත හුවමාරු කරගැනීමත් සිදුකරනු ලබනවා.

VELODYNE-IMAGE

lidar තාක්ෂනය මගින් මෝටර් රථයකට පාර පෙනෙන්නේ මෙහෙමයි.

මේ ට්‍රක් රථයන් තම ගමන් මාර්ගයන් පවත්වාගැනීමට කැමරා වලට අමතරව LIDAR නම් තාක්ෂණයක් උපයෝගිකරගෙන තිබෙනවා. Light Detection And Ranging හැදින්වෙන මේ ක්‍රමය ලේසර් කිරණ යොදාගනිමින් සිදුකරන scan එකකට සමාන කරන්න පුළුවන්. මෙහි ඇති විෂෂත්වය නම් 3D නැතිනම් ත්‍රිමාණ scan වීම හා එය අනුව ඉතා ඉක්මනින් යම්කිසි ස්ථානයකට ඇති දුර නිර්ණය කිරමේ හැකියාවයි. කෙසේවෙතත් තවමත් මෙම තාක්ෂනය 100%ක්ම සුදානම් බව ඔව්න් පවසන්නේ නැ. ඇමෙරිකානු හමුදා ඉංජිනේරුවන්ට අනුව මේ තාක්ෂනය පරිපුර්ණ වීමට තව වසර 10ක් 15ක් අතර කාලයක් ගතවනු ඇතියි.

family

lidar sensor වර්ග

බැටරි නැතිව WiFi වලින් වැඩකරන උපකරණ ළඟදීම

power-over-wifi-2

ටෙස්ලා කිව්වම සමහරුන්ට ටෙස්ලා මෝටර් රථයත් තවත් සමහරුන්ට ටෙස්ලා නම්වූ අද්විතීය විද්යාඥයා මතක් වෙන්නත් පුළුවන්. මෝටර් රථ ගැන නම් අපි ටිකක් වැඩිපුරත් කතාකරනවනේ. අද කතා කරන්න යන්නේ ටෙස්ලා නම්වූ විද්යාඥයාගේ සිහිනයක් සබැවන ලකුණක් පිළිබඳවයි. නිකොල් ටෙස්ලා නම්වූ ඔහුට තිබු එක සිහිනයක් තමයි රැහැන් රහිතව සන්නිවේදනය හා බලශක්තිය සම්ප්‍රේෂණය. සනිවේදනය කියන කරණය දැන් සැබෑවෙලා බොහෝකල් උනත් රැහැන් රහිත බලශක්ති සම්ප්‍රේෂණය ගැන එතරම් කතාවක් තිබුනේ නෑ. නමුත් දැන් University of Washingtonහි පර්යේෂකයින් පිරිසක් wifi තාක්ෂනය හරහා බලගැන්විය හැකි ambient Wi-Fi backscatter නම් තාක්ෂණයක් හදුන්වා දෙනවා.

තරමක් ප්‍රථමික අවදියේ පවතින මේ තාක්ෂනය ඔස්සේ ඔව්න් සමත් වෙලා තිබෙනවා විවිධ වූ ඉලෙක්ට්‍රොනික උපකරණ අතර සන්නිවේදනය බැටරි රහිතව wifi සිග්නල් යොදාගනිමින් සිදු කරන්නට. එහිදී එම සනිවෙදන කටයුතු සඳහා භාවිතා කර ඇත්තේ wifi හරහා පැමිණෙන ඉතාමත් කුඩා ශක්තියයි. ඒ වගේම මේ සඳහා wifi වලට අමතරව අප අවට ඇති ඕනෑම ගුවන් විදුලි තරඟයක් මගින් තම බලශක්තිය සපයාගැනීමේ හැකියාව පවතිනවා, එහිදී රුපවාහිනී හා ගුවන්විදුලි තරංග මෙන්ම gsm තරංගත් යොදාගත හැකි බව ඔව්න් පවසනවා.

backscatter

මේ තාක්ෂණය ඉතාමත් හොඳ අනාගතයක් ඇති තාක්ෂණයක් ලෙස හදුන්වන්න පුළුවන්. දැනට මොන තරම් තාක්ෂනය දියුණුවුවත් ඒ සෑම තාක්ෂණික උපකරණයක්ම බල ගැන්වීමට බලය ලබාගන්න වෙන්නේ බැටරියකින් හෝ wire එකක් මගින්. නමුත් සිතන්න අප දැනට භාවිතා කරන සියලුම උපකරණයන් බැටරි charge කිරීමකින් හෝ කිසිදු wire එකකින් සම්බන්ද කිරීමකින් තොරව භාවිතා කරන්න පුළුවන් උනොත් කොහොම තියේවිද? ඒ විතරක් නොවෙයි දැනට විවිධ දත්ත එකතුකිරිම සඳහා යොදාගන්න sensor මේ ආකාරයට බලගන්වන්න පුළුවන් වේවි,එවිට මිනිසුන්ට ගමන් ගැනීමට අපහසු ස්ථානවල රැඳවිය හැකි මෙවැනි උපකරණ බැටරි හුවමාරුවක් අනවශ්‍ය නිසා ඉතා දිගු ආයුකාලයක් ඇතිව භාවිතා කරන්න අපට පුළුවන් වේවි.

තාක්ෂනය ගැන ලියවෙන අපේ වෙබ් අඩවියහා එක් වූ ඔබට බෙහෙවිම ස්තිතියි,
Like Us : www.facebook.com/techpedia.lk
Visit Us: www.techpedia.lk

3D printed හදවත

3dprinting

3D  printing  යනු අද වනවටිට ලෝකයේ බොහෝ ජනප්‍රිය මාතෘකාවක්. විවිධ වර්ගයේ තාක්ෂණයක් සහ අමුද්‍රව්‍ය යොදාගෙන විවිධ වර්ගයේ භාණ්ඩ 3D printing ක්‍රමය යටතේ නිපදවන ආකාරය පිළිබඳව විස්තර අප ඔබට මිට පෙර ලිපි කිහිපයකින්ම ගෙන අවා. නමුත් මේ සියලුම නිර්මාණ සිදුකරනු ලබන්නේ අකාබනික අමුද්‍රව්‍ය යොදාගෙනයි. කාබනික අමුද්‍රව්‍ය යොදාගෙන මෙලෙස 3D printing කිරීමේ හැකියාවක් තිබෙනවානම් අපට වඩාත් සංකීර්ණ මනුෂ්‍ය අවයව නිපදවීම දක්වා මෙම තාක්ෂනය දියුණු කිරීමේ හැකියාවක් පවතිනවා. අද අප ඔබට විස්තර ගෙන එන්නේ එලෙස කාබනික අමුද්‍රව්‍ය යොදාගෙන මනුෂ්‍ය අවයව 3D printing ක්‍රමය යටතේ නිපදවීමට ගත සාර්ථක පරීක්ෂණයක ප්‍රතිපල පිළිබඳවයි.

මෙම පරීක්ෂණය සිදුකොට තිබෙන්නේ Carnegie Mellon සරසවියේ පර්ක්ෂකයන් පිරිසක් විසින්. ඔවුන් මේ සඳහා යොදාගෙන තිබෙන්නේ සාමාන්‍ය වෙළඳපොලේ මිලදී ගැනීමට තිබෙන 3D printer එකක් යම් යම් වෙනස්කම් වලට ලක් කිරීමෙන් අනතුරුවයි. මේ පිළිබඳව වැඩිදුර විස්තර  ඔවුන් විසින් ප්‍රසිද්ධ කොට තිබෙනවා.

මෙමෙ පරීක්ෂණයේදී ඔවුන් මුහුණ දී ඇති ප්‍රධානමතම ගැටලුව වනෙන් අකාබනික අමුද්‍රව්‍ය මෙන් නොව කාබනික අමුද්‍රව්‍ය ඉතා මෘදු ඒවා වීමයි. එම නිසා ඒවාට ඒවායේ බර දරාගැනීමේ හැකියාව වත් නැහැ. ඒවා print කර අවසන් වූ පසුව එම ආකෘතියේ බර දරාගැනීමේ හැකියාවක් නොහැකිව බිඳී යනවා. මෙයට විසඳුමක් ලෙස ඔවුන් ජෙලිමය ආධාරකයක් යොදාගෙන තිබෙනවා. එවිට ශරීර අවයවය print  වන්නේ මෙමෙ ජෙලිමය ආධාරක තරලය තුලයි. print කිරීම සිදුවන්නේ ශරීර උෂ්ණත්වයට වඩා අඩු අගයකදී . print කිරීම අවසන් වූ පසුව එය ශරීර උෂ්ණත්වය දක්වා උණුසුම් කිරීමේදී මෙමෙ ජෙලිමය අධාරක තරලය දියවී යනවා එමගින් වඩාත් ශක්තිමත් සහ භාවිතයට ගත හැකි ශරීර උපාංගය ඉතිරිවෙනවා.

පර්යේෂකයන් මිනිස් හදවත්  වැනි ඉතා සංකීර්ණ අවයව මෙලෙස 3D printing ඔස්සේ නිපදවා තිබෙනවා. මෙමෙ ශරීර අවයව ස්වභාවික ශරීර අවයව වලට ඉතාමත් සමානව පවතින බවත් printing කිර්යවලිය ඉතා නිවැරදි බවත් ඔවුන් පවසා තිබෙනවා. කෙසේ වෙතත් මෙලෙස නිපදවන ලද ශරීර අවයව භාවිතයට ගන්නට පෙර නම් මෙය තවත් බොහෝ පරීක්ෂණ වලින් සමත්විය යුතු වෙනවා.

Noise cancelling headphones වැඩකරන්නේ කොහොමද ?

nc1

Noise cancelling කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ටිකක් මිල අධික headphone එකක්, මොකද අපිට වැඩිපුරම Noise cancelling කියන වචනේ ඇහිලා තියෙන්නේ headphone ගැන කතා කරද්දීනේ. නමුත් Noise cancelling කියන්නේ headphone වලට විතරක් වෙන්වෙලා තියන තාක්ෂණයක් නෙවෙයි. එක නිසාම අපි අද කතා කරන්න හිතුවේ මේ Noise cancelling තාක්ෂනය ක්‍රියාත්මක වන ආකාරය හා එහි යෙදීම් පිළිබඳවයි.

Noise cancelling තාක්ෂනය ජනප්‍රිය උනේ headset එකත් එක්ක උනාට මේ තාක්ෂනය තරමක් පැරණි තාක්ෂණයක්. මුලින්ම මෙවැනි තාක්ෂණයකට පේටන්ට් බලපත්‍රය ලබාගැනීමට හැකියාව ලැබී තිබෙන්නේ 1934 තරම් ඈත කාලයේදීයි. ඉන්පසුව මෙය නුලින්ම ප්‍රයෝගිකව යොදාගෙන තිබෙන්නේ 1950 ගණවලදියි, ඒ ගුවන්යානා හා හෙලිකොප්ටර් යානාවන් වල නිවමුවන් හා පණිවුඩ හුවමාරුවේදී බාහිරින් ඇතිවන ශබ්ධය අවම කිරීමටයි. එතනින් ආරම්භ වූ මේ තාක්ෂනය දැන් දිගු ගමනක් ගෙවා ඇවිත් අපිට ඕනෑම ඝෝෂාකාරී පරිසරයකදීවුවත් පහසුවෙන් ගීතයක් රසවිඳින තැනට ඇවිත් ඉවරයි,  දැන් අපි බලමු කොහොමට මේ තාක්ෂනය ක්‍රියාත්මකවෙන්නේ කියල.

sc_b00f6ov6lm-05noisecancel_lg

මේ තාක්ෂණයේ ප්‍රධාන පැති දෙකක් තියනවා. ඒ Active noise cancelling හා passive noise cancelling ලෙසයි. මෙහි passive තාක්ෂණයේදී සිදුවන්නේ ශබ්ධ පරිවාරක අමුද්‍රව්‍ය යොදාගනිමින් බාහිර ශබ්ධය ඇතුළුවීම වැලැක්වීමයි. නමුත් active ක්‍රමයේදී සිදුවන්නේ බාහිරින් එන අනවශ්‍ය ශබ්ධ තරංගයන් බාහිර බලයක් යොදාගෙන ඉවත් කිරීමයි. අපි හැමෝම දන්නා දෙයක් තමයි ශබ්ධය ගමන් ගන්නේ එකිනෙකට ආසන්නව ඇති වායු අංශුන් කම්පනය වීම මගින් ඇතිවන පීඩන විචල්‍යතා මගින් කියන එක. එතැනදී අපේ කණට දැනෙන ඒ පීඩන වෙනස් වීම මගින් අපේ මොළය මගින් ශබ්ධය කියන දේ අපිට ඇසෙන්නට සලස්වනවා.  දැන් හිතන්න අපේ කණට එන මේ ශබ්ධ තරඟය ඒ විදිහටම inverse කරලා නැතිනම් උඩ යට මාරු කරලා ඒ ත්‍රිවතාවයෙන්ම එව්වා කියල. එතකොට මොකක් වේවිද??? එතකොට වෙන්නේ ධන එකයි ඍන එකයි එකතු උනාම බින්දුව වෙනවා වගේ ඒ ශබ්ධය cancel වෙලා යනඑක.

How-noise-canceling-headphones-work

ඉතින් මේ Noise cancelling head set එකේදී වෙන්නේ අපි අහන සින්දුවත් එක්ක realtime අපේ බාහිර ශබ්දයන් වල negative එක ඇහෙන්න සලස්වන එක, එතැනදී අපිට බාහිර ශබ්වදවල බලපෑමක් නැතිවම සින්දුව අහන්න පුළුවන්. මේ realtime negative එක හදන්න වෙනම analog පරිපථයක් යොදාගන්නවා, ඒ වගේම එකට වෙනම බැටරියක් යොදාගන්නවා. ඒ වගේම දැන් මේ තාක්ෂනය කාර්යබහුල මාර්ග ආසන්නයේ ඇති නිවාස වල, අපේ ඇමතිලා පාවිච්චි කරන වාහන වලත් ඇතුලතට පිටතින් එන ශබ්ධය අවම කරන්න යොදාගන්නවා. ඊට අමතරව කුඩා දරුවන් නින්දට ගිය විට ඔව්න්ට බාහිරින් එන හඩවල් වලින් ඇතිවන බාධාව අවම කිරීමටත් මේ තාක්ෂනය යොදාගැනෙනවා.

තාක්ෂනය ගැන ලියවෙන අපේ වෙබ් අඩවියහා එක් වූ ඔබට බෙහෙවිම ස්තිතියි,
Like Us : www.facebook.com/techpedia.lk
Visit Us: www.techpedia.lk