අයාලේ ගිය කෘතීම බුද්ධිය (Tay)

tay-01

පසුගිය 23 වනදා Microsoft ආයතනය ලොව පුදුම කරවන එළිදැක්වීමක් සිදුකලා ඒ වෙන කිසිවක් නොවෙයි තමන් වෙතට ලැබෙන twitter පණිවිඩ මගින් self learn කිරීම තුලින් එම පණිවිඩ වලට පිළිතුරු දිය හැකි කෘතීම බුද්ධිමය පරිගණක වැඩසටහනක්. කෙටියෙන්ම කියනවා නම් AI tweet bot කෙනෙක්. එය හඳුන්වා දී තිබුනේ Tay නමින්. නමුත් මේ AI එක එලි දැක්වීමෙන් පැය කිහිපයකට පසු ඉතා ජාතිවාදී ප්‍රකාශ නිකුත් කිරීමට පටන් ගැනීම නිසා Microsoft සමාගමට එම වැඩසටහන නවතා දැමීමට සිදුවුනා.

සාමාන්‍යයෙන් tweet bot එකක් යනු twitter සමාජ  ජලය තුල හුවමාරු වන පණිවිඩ (tweets) ස්වයන්ක්‍රියව නැවත පළකිරීම (retweet) කිරීම වැනි ක්‍රියාවලියක නිරත වෙන පරිගණක වැඩසටහනක්. Microsoft ආයතනයේ Microsoft’s Technology and Research team, එක මගින් නිපදවූ මේ tweet bot එකෙහි ඇති සුවිශේෂී කාරණය වන්නේ ඔබ විසින් එය වෙත යොමු කරනු ලබන පණිවිඩ මගින් එය තනිවම ඉගෙන ගැනීම මගින් නව පණිවිඩ නිර්මාණය කිරීම සහ එය වෙත ලැබුන පණිවිඩ වලට සාමාන්‍ය මිනිසෙකුගෙන් ලැබෙන ආකාරයේ ප්‍රතිචාර දැක්වීමයි. එය හරියට කුඩා දරුවෙක් අලුතින් යමක් ඉගෙන ගන්නවාට බොහෝ සමානයි. එකම වෙනස නම් මිනිසෙකුට වඩා ඉතා වේගයෙන් ඉගෙන ගැනීමේ හැකියවක් මෙවන් කෘතීම බුද්ධියකට තිබීමයි.

කෙසේ වෙතත් අන්තර්ජාලයේ සැරිසරන්නන් මේ AI එකට වැරදි ආකාරයේ පණිවිඩ බොහෝ ප්‍රමාණයක් එවීම ආරම්භ වීම නිසා එය තරමක් ගැටළු සහගත twitter පණිවිඩ නිකුත් කරීමට පෙළඹී තිබෙනවා. එය මෑත කාලයේදී බොහෝ මතවාද වලට තුඩු දී තිබෙන ඇමරිකානු ජනාධිපති ධුර අපේක්ෂකයෙකු වන Donald trump වෙත සහය පලකිරීමට සහ හිට්ලර් කිසිදු වරදක් සිදු කලේ නැතැයි යනුවෙන් අන්දොලනත්ක්ම twitter පණිවිඩ නිකුත් කරනු ලැබුවා.

පහත දැක්වෙන්නේ මෙම tweet bot එක විසින් ප්‍රථමයෙන්ම නිකුත් කරන ලැබූ පණිවිඩයයි

tay-02

පහත දැක්වෙන්නේ මෙම tweet bot එක විසින් නිකුත් කරනලද ආන්දෝලනාත්මක twitter පණිවිඩ කිහිපයකුයි.

tay-04

tay-03

tay-01

බොහෝ දෙනෙක් මෙය සිනහවට කාරණයක් ලෙස සැලකීමට පුළුවන් නමුත් මෙය එක්තරා ආකාරයක අනතුරු ඇඟවීමක් අපවෙත එල්ල කරනවා. එනම් මෙවන් කෘතීම බුද්ධිමය වැඩසටහන් කෙතරම් පහසුවෙන් නොමග යැවීමට හැකිද යන්නයි. කෙසේ වෙතත් මෙම twitter bot එක තවමත් ක්‍රියාත්මකයි නමුත් එය මගින් කිසිදු පණිවිඩයක් හෝ ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. කෙටියෙන්ම කියනවා නම් එය Microsoft ආයතනය ඔවුන්ගේ අරුම පුදුම නිපැයුම තාවකාලිකව නිහඩ කොට තිබෙනවා. නමුත් එහි ඉගෙනුම් ක්‍රියාවලිය තවමත් සක්‍රියව පවතිනවා.

පහත දැක්වෙන්නේ එය නිකුත් කරන ලද අවසාන twitter පණිවිඩයයි.

tay-06

අපෙගේ web අඩවිය පිලිබඳව ඔබගේ අදහස් අපට එවන්න. අප හා සම්බන්ධ වන්න
Like Us: www.fb.com/techpedia.lk
Visit Us: www.techpedia.lk

Free Wi-Fi අනතුරුදායකයි

wi-fi-public_1024

Free Wi-Fi එසේත් නැත්නම් නොමිලයේ ලැබෙන අන්තර්ජාල පහසුකම් අත්විඳීමට අප බොහෝ දුරට ප්‍රිය කරනවා නමුත් පොදු ස්ථාන වලදී මෙසේ ලබාදෙන Free Wi-Fi සම්බන්ධතා බොහෝවිට අනාරක්ෂිත ඒවා වන අතර ඒවා භාවිතයට ගැනීමට පෙර ඔබ දෙවරක් සිතා බැලිය යුතු වෙනවා. මේ අනතුරු ඇඟවීම කොතරම් සිදු කෙරුණත් බොහෝ දෙනා මෙලෙස අනාරක්ෂිත Wi-Fi සම්බන්දතා හරහා අන්තර්ජාලයට සම්බන්ද වීම නතර කිරීමක් නම් පෙනෙන්නේ නැහැ.

මේ නිසා මෙවන් අනාරක්ෂිත අන්තර්ජාල සම්බන්දතා මගින් ඔබගේ පුද්ගලික තොරතුරු වලට සිදුවිය හැකි හානිය පිළිබඳව අද්‍යයනයක් සුප්‍රසිද්ධ අන්තර්ජාල ආරක්ෂක මෘදුකාංග සමාගමක් වන Avast සමාගම මගින් සිදු කරනු ලැබුවා. මෙහිදී Avast ආයතනය මගින් විශාල වශයෙන් ජනයා ගැවසෙන ප්‍රසිද්ධ ස්ථාන වල ඔවුන්ගේ ව්‍යාජ Wi-Fi ජාලයන් පිහිටුවනු ලැබුවා. මේ සඳහා ඔවුන් යොදාගත් එක ස්ථානයක් වනුයේ  Mobile World Congress එක සඳහා ලියාපදිංචි වීම සඳහා Barcelona ගුවන් තොටුපලෙහි පිහිටවන ලද ස්ථානයකුයි. මෙවන් ස්ථාන වලට බොහෝවිට පැමිණෙන්නන් නිතරම අන්තර්ජාලයට සම්බන්ධ වීමට උත්සාහ දරන නිසා ඔවුන්ගේ උගුලට පහසුවෙන්ම හසුවුණා.

මෙම ව්‍යාජ Wi-Fi ජාලයන් ගේ නම් (SSIDs) වෙනුවෙන් ඔවුන් යොදා ගෙන තිබුනේ කිසිවෙකුත් සැක නොසිතන ආකාරයේ නම් කිහිපයකුයි. උදාහරණයක් ලෙස “Airport_Free_Wifi_AENA”, යන්න ඔවුන් ගුවන් තොටුපලේදී යොදා ගන්නා ලද SSID එකයි. පැය 4 ක් වැනි ඉතා කෙටි කාලයක් තුලදී 2000 කට අධික පිරිසක් මේ ව්‍යාජ Wi-Fi ජාලයන් හා සම්බන්ධ වී තිබුනා. කෙසේ වෙතත් Avast ආයතයන කිසිදු දත්තයක් ගබඩා කොට ගෙන තිබුනේ නැහැ. නමුත් ඔවුන්ට අනුව මෙවන් අනාරක්ෂිත පොදු Wi-Fi ජාලයක් තුලදී ඔබව පහසුවෙන් network spoofing attack එකකට හසුවීමේ ඉඩකඩක් තිබෙනවා. මේ හරහා ඔබගේ සියලුම පුද්ගලික දත්ත සහ ඔබ භාවිතයට ගනු ලබන passwords පවා වෙනත් කෙනෙකු අතට පත්වීමේ ඉඩක් පවතිනවා.

මේ නිසා මින් පසුව ඔබ මෙවන් අනාරක්ෂිත Wi-Fi ජාලයන් හා සම්බන්ධ වීමේදී වඩා වැඩි සලකිලක් දැක්විය යුතු වෙනවා. මන්ද මේ හරහා ඔබේ email ගිණුම facebook ගිණුම මෙන්ම ඔබගේ බැංකු කටයුතු වලට අදාල password පවා වෙනත් අයෙකු අතට පත්වීමට පුළුවන්. එසේ වුවහොත් සිදුවම විනාශය පිළිබඳව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. කෙසේ වෙතත් බොහෝ දෙනෙක්ගේ ජංගම දුරකථනයන් ස්වයංක්‍රීයව Wi-Fi ජාලයන් හා සමග සම්බන්ද වෙනවා. මේ නිසා ඔබ නොදැනුවත්වම ඔබ අනාරක්ෂිත Wi-Fi ජාලයකට සම්බන්ද වීමේ ඉඩකඩ තිබෙනවා. මේ නිසා ඔබ ඔබගේ ජංගම දුරකතනයේ settings නිසි පරිදි සකසා තබා ගත යුතු වෙනවා.

Sri Lankan IT industry එක පිළිබඳව ඔබ නොදත් කරුණු

sl-it

Sri Lankan IT industry එක මේ දිනවල ලොකු කතාබහකට ලක්වෙමින් පවතින මාතෘකාවක්. ලංකාවේ IT industry එක සහ ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව මේ ක්ෂේශ්ත්‍රයේ නැති බොහෝ දෙනෙකුට එතරම් අදහසක් නැතිබව මේ දිනවල සිදුවෙන කතාබහෙන් බොහොම පැහැදිලිවෙන කරුණක්. ඒ නිසාම Sri Lankan IT industry එක පිළිබඳව ඔබ නොදත් කරුණු කිහිපයක් ඔබ වෙත ගෙන ඒමට අප තීරණය කළා.

1.ebay

ebay එක ගැන දැන් නොදන්නා කෙනෙක් නැති තරම්. ඔබට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් මිලදී ගැනිමට බොහෝ දෙනා ප්‍රිය කරන අන්තර්ජාල වෙළඳ පොලක් තමයි ebay එක කියන්නේ. මේ ebay එක තුල මිලියන 149 ක ගැනුම් කරුවන් පිරිසක් සම්බන්ධ වී සිටිනවා. මේ හරහා හුවමාරු වන භාණ්ඩ වල වත්කම ඇමරිකානු ඩොලර්  බිලියන 200 කටත් වඩා වැඩියි. මේ මේ තරම් මුදලක් හුවමාරු වන ebay එකේ මුදල් හුවමාරුව සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන් ගේ අතින් නිමවුණු මෘදුකාග භාවිතයෙනුයි

  1. London stock exchange

London stock exchange එක යනු ලෝකයේ ඇති කොටස් වෙළඳපොල අතුරින් ප්‍රමුක ස්ථානයක ඇති කොටස් වෙළඳපලක්. මෙහි තත්පරයකට ගනුදෙනු 20,000 ක් පමණ සිදුවෙනවා. ගනුදෙනු අතර කාල ප්‍රමාදය පවතින්නේ නැනෝ තත්පර කිහිපයක් පමණයි. මේ සා විශාල ගනුදෙනු ප්‍රමාණයක් මෙහෙයවන පද්දතිය නිමවී තිබෙන්නේ අපගේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් ගේ දැනුමෙන් බව ඔබ දැනසිටියාද?

  1. Emirates Air Line

Emirates Air Line යනු ලෝකයේ ප්‍රමුකම පෙලේ ගුවන් යානා සමාගමක් මිලියන 44 කට වඩා වැඩි මගින් ප්‍රමාණයක් මේ ගුවන් යානා සමාගම හරා තමාගේ ගුවන් ගමන් සිදුකරනවා. ගුවන්යානා 180 කට වඩා වැඩි ප්‍රමාණයක් මේ සඳහා සේවයේ නියුතු වෙනවා. මෙම සියලු කටයුතු මෙහෙයවීමට අඩාල ERP system එක නිපදවන්නේ අපගේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්

  1. Three gorges dam

three gorges dam යනු ලෝකයේ ඇති විශාලම ජාල විදුලි බලාගාරයයි. එහි ධාරිතාව 22.5 GW වෙනවා (1 GW = 1000 MW) මෙම විදුලි බලාගාරයේ සියලු කටයුතු මෙහෙයවන ERP system එක නිපදවන්නේත් අපේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්

මේ අපගේ ඉංජිනේරුවන් ගේ දක්ෂතා වලින් කිහිපයක් පමණයි. පහතින් ඇති video එක සම්පුර්ණයෙන්ම නරම්බුවහොත් ඔබට මේ වගේම අපගේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් ගේ දස්කම් රාශියක් බලාගැනීමට පුළුවන්

මිට අමතරව ලෝකයේ විවිධ අවස්ථාවන් වල තරඟ වලින් ප්‍රථම ස්ථානයට පැමිණීමට අපගේ ඉංජිනේරුවන් සමත්වී තිබෙනවා. google summer of code යනු එවන් එක් තරඟයක් මේ තරඟයෙන් වසර 9ක් නොකඩවා ප්‍රථම ස්ථානයට පත්වීමට මොරටුව සරසවිය සමත්වී තිබෙනවා. ඒ වගේම සුප්‍රසිද්ධ NVIDIA ආයතනයේ research center එකක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පිහිටුවා තිබෙනවා.  මේ සියලෙන්ම පෙනී යන්නේ අපගේ IT industry එකට ලෝකයේ ඉහල පිළිගැනීමක් තිබෙන බවයි.

දැනට ශ්‍රී ලංකාවේ IT workforce එක 90, 000 කට වඩා වැඩයි එය වසර 2022 වන විට 200,000 ක් මට්ටමට වැඩිවනු ඇති බවට ගණන් බලා තිබෙනවා. එමෙන්ම දැනට පවතින 40% පමණ වූ IT සාක්ෂරතාව ඒ වනවිට 90% පමණ ඉහල අගයකට පත්වනු ඇති බවටද ගණන් බලා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ IT industry එක එක්තරා ආකාරයකින් බලන කල ශ්‍රී ලංකවේ අනාගත සංවර්ධනය තීරණය කරන තීරණාත්මක සාධකයක්. අපේ IT industry එක මීටත් වඩා වැඩි යමක් ඔබ දන්නේ නම් ඒ සියලුම දේ අන් අයගේ දැනගනිමද පිණිස comment එකක් ලෙස සටහන් කරන්න

 

ඉහත video එක සහ එහි අඩංගු කරුණු පිළිබඳව කිසියම් සැකයක් ඔබට ඇතිවූවා නම් පහතින් දැක්වෙන්නේ ඒ පිළිබඳව අපගේ පැහැදලි කිරීමයි.

මෙම video ව නිකුත් කොට තිබෙන්නේ Sri Lanka IT BPO  නමැති ව්‍යාපෘතිය මගිනි එහි අරමුණ ශ්‍රී ලංකාවේ IT industry එක පිළිබඳව ලෝකයේ අනෙකුත් ආයතන වලට දැනුවත් භාවයක් ඇති කිරීමටයි. ඔවුන්ගේ වෙබ් අඩවියට  ගියහොත් ඔබට ebay සමගම ඇතුළු අනෙකුත් සමාගම් වලින් ලැබුන testimonials දැකගැනීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම IT ක්ෂේශ්ත්‍රය තුල රැකියාවේ නියුතු ඔබ දන්නා ඔබගේ හිතවතෙකු සිටි නම් ඔබට ඔවුන්ගෙන් පවා මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට පුළුවන් වනු ඇති.

Google summer of codes හි ප්‍රථම ස්ථානය මොරටුව විශ්වවිද්‍යාලයට හිමිවීම කෙනෙකුට ගැටළුවක් වීමට පුළුවන්. නමුත් එය සත්‍ය බටවට මෙමෙ දත්ත මගින් පැහැදිලි ව පෙනෙනවා. මෙහි ප්‍රථම ස්ථානයේ සිටින්නේ මොරටුව විශ්වවිද්‍යාලයයි.

මෙහි දැක්වෙන්නේ NVIDIA ආයතනයේ research centers වල එකතුවක් එහි GPU Research Centers යන කොටසේ ඔබට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඔවුන් විසින් research center එකක් පවත්වාගෙන යන බවට පැහැදිලිවම දක්වා තිබෙනවා.

මේ සියලු සාදක දෙස හොඳින් බැලුවහොත් ඔබට ශ්‍රී ලංකාවේ IT industry එකට ලෝකයේ ඉතා හොඳ තැනක් පවතින බවට පැහැදිලිව පෙනෙනු ඇති.

මිනිස් මොලයට සමාන කෘතීම බුද්ධියක්

AI_0

Artificial Intelligence (AI) එසේත් නැත්නම් කෘතීම බුද්ධියන් සහ ඒවායේ ක්‍රියාකාරකම් පිළිබඳව අප කොතෙකුත් බටහිර චිත්‍රපට ඔස්සේ නරඹා තිබෙනවා. AI එකක ක්‍රියාකාරිත්වය නිසා මුළුමහත් මිනිස් වර්ගයාගේම පැවැත්මට තර්ජනයක් එල්ල වෙන ආකාරයන මෙමෙ අවස්ථාවල ඔබ දැක ඇති. නමුත් සත්‍ය ලෝකයේ තත්වය මිට හතපසින්ම වෙනස්. මිනිසාගේ මොලයට සමාන ආකාරයෙන් ක්‍රියාත්මක වන AI එකක් නිර්මාණය කිරීම ඉතා අසීරු කාර්යයක් ඒ නිසා මේවනතුරුත් සාර්ථක ලෙස මිනිසාගේ මොලයට සමාන AI එකක් නිර්මාණය කිරීමට නොහැකිව තිබෙනවා.

නමුත් මේ ආරංචිය ලැබෙනේ ඇමරිකාව හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේක්ෂකයන් පිරිසක් මේ ආකාරයේ සුපිරි කෘතීම බුද්ධියක් නිර්මාණය කිරීමට පර්යේෂණ ආරම්භ කොට ඇති පුවතක් පිළිබඳවයි. මෙමෙ පර්යේක්ෂකයන් පිරිසට මෙම ව්‍යාපෘතිය කරගෙන යාම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 28 ක මුදලක් ලැබී තිබෙන බවයි පැවසෙන්නේ.

සාමාන්‍ය පරිගණකයක් මිනිස් මොළයකට හැසිරවිය නොහැකි මට්ටමේ දත්ත ප්‍රමාණයක් එක වර හැසිරවීමේ හැකියාව තිබෙනවා නමුත් අලුත් අලුත් දේ ඉගෙන ගැනීම සහ ඒ ඉගෙන ගත දේ සහ පෙර ඉගන ගත් දේ අනුව නව තීරණ ගැනීම යන ක්‍රියාවලියේදී පරිගණක සිටින්නේ සාමාන්‍ය මිනිස් මොළයකට බොහෝ පිටුපසින්.

උදාහරණයක් ලෙස ඔබ කුඩා අවධියේදී බල්ලන් ගේ රුප කිහිපයක් දුටු විට ඔබට ඊළඟ මොහොතේදී බල්ලෙක් දුටුවහොත් ඒ බල්ලෙක් ලෙස අඳුරා ගැනීමේ හැකියාව තිබෙනවා. ඔබ මුලින් දුටු රුප කිහිපයෙන් ඔබ බල්ලෙක් යනු කුමන ආකාරයේ සතෙක් දැයි අඳුනා ගන්නවා. නමුත් මේ ක්‍රියාවලියම පරිගණකයකින් සිදුකළහොත් ඔබට පරිගණකයට බල්ලන් ගේ රුප විශාල ප්‍රමාණයක් ඇතුල් කල යුතු වෙනවා. ඊට අමතරව ඒ සඳහා විශේෂ දෘඩාංග සහ මෘදුකාංග පවා භාවිත කිරීමට සිදුවෙනවා

හාවර්ඩ් සරසවියේ මේ නවතම උත්සයහ මේ භාදකයන්ගෙන් තොරව මිනිස් මොලයට ඉතා සමීප ලෙස ක්‍රියා කල හැකි AI එකක් නිර්මාණය කිරීමටයි. මෙමෙ ක්‍රියාවලියට විවිධ අංශය වල පර්යේක්ෂකයන් එකතුව සිටිනවා.

ඔවුන්ගේ ප්‍රථම ව්‍යායාමය වන්නේ මිනිස් මොලයේ ස්නායු සම්බන්දතා නිවැරදිව සටහන් ගත කිරීමයි. ඒ ඔස්සේ ඔවුන් එම ස්නායු සම්බන්දතා ජලය පරිගණකයක් තුල නිර්මාණය කිරීම ආරම්භ කරනු ඇති.

ලොව පැරණිම වෙබ් අඩවි

berners-lee-tim_1024

වෙබ් අඩවියක් (website) හෝ වෙබ් පිටුවක් (webpage) යනු අද අපට බොහොම සුලභ දෙයක් ලෝකයේ මේ වනවිට බිලියන 4 කටත් අධික වෙබ් පිටු ප්‍රමාණයක් අන්තර්ජාලය තුල දැකගැනීමට පුළුවන්. නමුත් මේ අතරින් එක් සුවිශේෂී වෙබ් අඩවියක් තිබෙනවා එනම් ලෝකයේ ප්‍රථමයෙන්ම සියලු දෙනාට විවුර්ත වුන වෙබ් අඩවිය තවමත් සක්‍රියව පැවතීමයි. මේ වනවිට එහි වයස වසර 25ක්.

මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙන්නේ 1990 දී Tim Berners-Lee විසින් CERN නමැති පරීක්ෂණ ආයතනයක සේවය කරමින් සිටින අතරතුරදී මෙම වෙබ් අඩවිය නිර්මාණය කොට තිබෙනවා. මෙය නිර්මාණය වී තිබෙන්නේ 1990 දෙසැම්බර් 20 වැනිදායි නමුත් එය නිර්මාණය වූ මොහොතේ සිට සාමාන්‍ය ජනයාට විවුර්ත වූ එකක් ලෙස පැවති නැහැ එය අන්තර්ජාල සම්බන්ධ තාවයක් ඇති ඕනෑම කෙනෙකුට විවුර්තව තිබෙන්නේ 1991 අගෝස්තු මාසයේදී.

first-website-cern

මෙම වෙබ් අඩවිය බලූ බැල්මටම අන්තර්ජාලය පිළිබඳව මග පෙන්වීමක් ලෙස පෙනෙනවා. එහි ඔබට ඔබගේම server එකක් පිහිටවා ගන්නා ආකාරය සහ වෙනත් පරිගනකයක තිබෙන දත්ත අන්තර්ජාලය හරහා ලබන්නේ කෙසේද යන්න පිළිබඳව විස්තර පැහැදිලිව ලබදී තිබෙනවා.

මෙහි නිර්මාතෘ වන Tim Berners-Lee ගේ මුලික අදහසට අනුව නම් මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීමේදී ඔවුන් මුලික ලෙස අවධානය යොමුකොට තිබෙන්නේ ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා ලබාදීමට අදහස් කරන පණිවිඩය නිසියාකාරව පැහැදිලිව ලබාදීම පිළිබඳවයි. අන්තර්ජාල graphics භාවිතයට ඉඩකඩ තිබුනත් ඔවුන් ඒවා පිළිබඳවට වඩා ඔවුන්ගේ අදහස කියවන්නාට ලබාදීම පිළිබඳව ඔවුන් අවධානය යොමුකර තිබෙනවා. වෙබ් අඩවිය කෙතරම් පැරණි වුවත් අද පවතින බොහොමයක් වෙබ් අඩවි වලට මේ කාරණය නම් බොහෝ සෙයින් වැදගත් වනු ඇති.

ලෝකයේ ප්‍රථම සෙවුම් යන්ත්‍රය (search engine) ලෙස වාර්තාගත වන්නේ Martijn Koster විසින් CERN අයතනයේදීම නිර්මාණය කල Aliweb නමැති සෙවුම් යන්ත්‍රයයි නමුත් මෙම ව්‍යාපෘතිය එතරම් කල් පැවතුනේ නැහැ එය වැඩි දුර දියුණුවට පත්වුනෙත් නැහැ නමුත් මේ සෙවුම් යන්ත්‍රය තවමත් ක්‍රියාකාරීව පවතිනවා.

aliweb

Facebook හි ඔබේ පෞද්ගලිකත්වය අනතුරේ

facebook-search-shutterstock

Facebook යනු අද ලෝකයේ බොහෝ දෙනෙක් භාවිත කරන සමාජ ජාල වෙබ් අඩවියක්. නව මිතුරන් ඇතිකරගැනීමට පරණ මිතුරු කම් මතක් කර ගැනිමට Facebook වෙබ් අඩවිය බොහෝ සෙයින් ඉවහල් වෙනවා. Facebook වෙබ් අඩවියේ ඇති search option එක බොහෝ දෙනෙක් භාවිත කරනවා ඔබේ මිතුරෙක් ගේ හෝ වෙනත් කෙනෙකුගේ  පැරණි post එකක් නැවත සොයාගන්න Facebook search tool එක බොහෝ සෙයින් උපකාරී වෙනවා. අද අපි ඔබට විස්තර ගෙන එන්නේ මේ Facebook search tool එකට සිදුවූ වෙනසක් පිළිබඳවයි.

සාමාන්‍යයෙන් Facebook search tool එකෙන් මෙතෙක් කල් ඔබ වෙත ලැබුනේ ඔබගේ සහ ඔබගේ යහළුවන්ගේ තොරතුරුත් ඔබ විසින් like කොට ඇති page වල තොරතුරුත් පමණයි. එනම් ඔබ යමක් search කල විට ඔබගේ සහ ඔබේ යහළුවන්ගේ මෙන්ම ඔබ විසින් like කොට ඇති page එකක ඔබ search කල දෙයට ගැලපෙන යමක් තිබුනිනම් search results ලෙස එය ඔබට ලැබෙනු ඇති.

මෙලෙස ලැබෙන search results අතරට ඔබ ගේ යහළුවන් නොවන පුද්ගලයන් පවා public ලෙස සටහන් කොට ඇති post ද ලැබෙන බව Facebook පසුගිය දා නිවේදනය කරනු ලැබුවා. මෙය ඔබට අනවශ්‍ය search results ලබාදෙන්නක් ලෙස ඔබට සිතෙන්නට පුළුවන්. නමුත් සැබවින්ම එය එසේ නොවෙයි ඔබට ලැබෙන search results ඔබට පෙනෙන්නට ලැබෙන්නේ කිසියම් අනුපිළිවෙලකට සැකසීමෙන් අනතුරුවයි. ඒ අනුව ප්‍රථමයෙන්ම ඔබට ඔබගේ post අතර පවතින search results ද ඉන්පසුව ඔබගේ යහළුවන්ගේ සහ ඔබ විසින් like කර ඇති page වල අඩංගු search results ද ඊළඟට වෙනත් ඕනෑම කෙනෙකුන් විසින් public ලෙස සටහන් කොට ඇති දේවලුත් පෙන්වනු ඇති.

නමුත් මෙහි යම් ගැටළුවක් නැත්තේද නොවෙයි ඊට හේතුව බොහෝ දෙනෙක් Facebook හි ඇති privacy options නිසියාකාරව භාවිත නොකිරීමයි. බොහෝ දෙනා Facebook එක තුල post කරන බොහෝ දේවල් publish කරන්නේ public නමැති privacy option එක භාවිතයෙන්. Facobook හි default privacy option එක වන්නේනේද මේ public නමැති option එකයි. බොහෝ දෙනා නොදැනුවත් කමින්ම මේ option එකම භාවිත කරනවා.

Facebook හි නව search රෙසුල්ට් policy එක නිසා ඔබ විසින් නොදැනුවත්ව public ලෙස සටහන් කොට ඇති ඔබගේ පෞද්ගලික post පවා අනෙක් යට දර්ශනය වීමේ ඉඩකඩක් දැන් තිබෙනවා. ඔබගේ privacy settings නැවත අලුත් කරගැනීමට කාලය එළඹ තිබෙනවා. ඔබ Facebook privacy options නිසි ආකාරයෙන් භාවිත කරන අයුරු දන්නේ නැතිනම් අප හා දිගටම රැඳෙන්න ඉදිරි post කිහිපයකින් ඒ පිළිබඳව විස්තරාත්මකව තොරතුරැ ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා

Facebook On This Day පැරණි facebook මතකයන් අලුත් කරමු.

screen-shot-2015-03-24-at-11-03-25-am

සමහර විට ඔබ දැනටමත් Facebook On This Day  එක ගැන දන්නවා ඇති. ඔබගේ Facebook ගිණුම ඇතැම්විට වසර 8ක් 10යක් වගේ පරණනම් එහි පැරණි මතකයන් සොයාගන්න එක එතරම්  පහසු කටයුත්තක් නොවෙයි. ඔබ එකතුකර ඇති දහස් ගණනක් වූ මතකයන් මගින් එය වැසි ගොස් ඇති එම මතකයන් අලුත්කිරීමට Facebook On This Day  හදුන්වා දෙනවා. Facebook On This Day මගින් සිදුකරනුයෙ වසර ගණනවක් පැරණි මතකයන් නැවත ඔබට මතක් කරදෙමින් ඔබට එම මතකයන් නැවත share කිරීමට අවස්ථාව ලබාදීමයි. ඔබගේ Facebook ගිණුම පැරණිනම් මෙම link එකෙන් ඔබට එය සක්‍රිය කරගන්න පුළුවන්  https://www.facebook.com/onthisday

වසර 2013දි මුලින්ම Facebook සමාගම මගින්  මෙය පරීක්ෂණ මට්ටමෙන් තබසිටි අතර ඉන්පසු දැන් එය සමාජ ජාලයට එක්කර තිබෙනවා. ඉන්පසු පසුගිය දිනෙක ඔව්න් එය සඳහා ෆිල්ටර් එකක්ද හදුන්වා දුන්නා. අප බොහෝදෙනා අපගේ සතුට මෙන්ම දුකද විටකදී බෙදාහදාගන්න බැවින් අමිහිරි මතකයන් නැවත මතුනොවිමට මෙම ෆිල්ටර් එක යොදාගන්න පුළුවන්.

image-5-730x598

නවතම Windows Surface Book පරිගණකය

surfaceb2-662x400

Surface Book | www.techpedia.lk

Apple MacBook laptop එකක් යනු බොහෝ දෙනා ඉතා අසා කරන laptop පරිගණකයක් එමෙන්ම Apple MacBook පරිගණක යනු laptop පරිගණක අතර ප්‍රමුඛ ස්ථානයක් දරා සිටින පරිගණක වර්ගයක්. නමුත් මෑතකදී Microsoft සමගම විසින් ඔවුන්ගේම laptop පරිගණකයක් හඳුන්වා දෙනු ලැබුවා එය නම් කොට ඇත්තේ Surface Book ලෙසයි. මේ නවතම හඳුන්වාදීම Apple MacBook පරිගණකයට විශාල තරඟයක් ලබාදෙනු ඇති බව බොහෝ දෙනාගේ විස්වාශයයි. අද අපි ඔබට ගෙන එන්නේ Microsoft සමාගමමේ නවතම Surface Book පරිගණකය පිළිබඳ විස්තරයි

surfaceb3_2783291444150835-670x386

Microsoft Surface Book laptop එක අඟල් 13.5 කින් යුත් touch  screen එකකින්  සමන්විත වෙනවා.  මෙහි ඇති විශේෂම කරණය වනෙන් ඔබට මෙහි screen එක සහිත කොටස keyboard එක සහිත කොටසින් සම්පුර්ණයෙන්ම වෙන් කල හැකිවීමයි. මෙසේ වෙන් කිරීමෙන් පසුව screen එක සහිත කොටස tablet එකක් ලෙස භාවිත කිරීමට හැකියාව ඔබට ලැබෙනවා. මෙමෙ laptop එක තුල Nvidia GPU එකක් අන්තර්ගත වෙනවා එමගින් ඔබට වඩාත් ඉහල graphics quality එකක් ලබාගැනීමට පුළුවන්. එමෙන්ම මේ laptop එක නැවත charge කිරීමකින් තොරව පැය 12 ක කාලයක් ඔබට භාවිත කිරීමට හැකියාව තිබෙනවා.

surfaceb1-670x397

Surface Book එකෙහි අවම මිල ඇමරිකානු ඩොලර් 1,400 ලෙසයි සටහන් වී තිබෙන්නේ. මෙය වෙළඳ පොලට ලිකුත් වන්නේ ඔක්තෝම්බර් 26 වෙනිදා සිටයි. ඔක්තෝම්බර් 07 වෙනිදා සිට ඔබට මෙම නවතම laptop පරිගණකයක් කලින් වෙන්කර තබාගැනීමේ හැකියාව Microsoft සමගම ලබාදී තිබෙනවා.

Microsoft සමාගමට අනුව Core i5 හෝ i7 processor එකක් අඩංගු වන Surface Book පරිගණකයක් Apple Macbook Pro පරිගණකයකට වඩා දෙගුණයක් වේගවත් වෙනවා.  මෙහි අඩංගු වන PCIe SSD hard drive එක සාමාන්‍ය SATA SSD hard drive එකක් මෙන් දෙගුණයකටත් වඩා වේගවත්.

surface-book-5_2783291444150453-670x386

මේ laptop එකේ screen එක 3000 x 2000 resolution වලින් සමන්විත වෙනවා ඒ අනුව මේ screen එක 267 PPI (pixel per inch) අගයක් ගන්නවා. මේ laptop එකේ GPU එක අඩංගු වන්නේ keyboard එක  අඩංගු කොටසෙයි. මෙහි Camera දෙකක් අඩංගු වනවා ඉදිරිපස කැමරාව 5MP එකක් වන අතර එය Windows Hello face authentication පහසුකම සහිතයි. පසුපස කැමරාව 8MP අගයකින් යුතු වෙනවා

මෙමෙ laptop එකේ screen එක අඩංගු tablet එකක් ලෙස භාවිතයට ගත හැකි කොටස කිලෝග්‍රෑම් 0.7 ක පමණ බරකින් යුතු වෙනවා. එමෙන්ම එය මිලිමීටර් 7.7 ක ගණකමකින් යුක්තයි නමුත් keyboard එක සහිත සම්පුර්ණ laptop එක කිලෝග්‍රෑම් 1.5 ක බරකින් යුක්ත වෙනවා.  ළඟදීම වෙළදපොලට නිකුත් වෙන මෙම laptop පරිගනකය බොහෝදෙනා විසින් මිලදිගනු ඇතිබවට බොහෝ පිරිස් අනාවැකි පලකරනවා. වෙළඳපොළට නිකුත් කිරීමෙන් පසුව Microsoft Surface Book එකේ නවතම විස්තර ඔබ වෙත ගෙන ඒමට අප සුදානම්.

Google search පිලිබඳ ඔබ නොදත් කරුණු

google

Google සෙවුම් යන්ත්‍රය යනු බොහෝදෙනාගේ ප්‍රියතම සහ වැඩිපුරම භාවිත වන සෙවුම් යන්ත්‍රයයි. Smart Phone භාවිත කරන්නන් අතරත් වඩාත්ම ජනප්‍රිය සෙවුම් යන්ත්‍රය වන්නේ Google සෙවුම් යන්ත්‍රයයි. අද අපි ඔබට ගෙන එන්නේ Google සෙවුම් යන්ත්‍රය භාවිතයෙන් ඔබට ඔබගේ එදිනෙදා කටයුතු පහසු කරගත හැකි සරල ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳවයි.

ඔබ අවශ්‍ය ස්ථානයක කාලගුණය ගෙදර සිටම දැනගන්න

wether

ඔබට අවශ අහාර වර්ග සසඳන්න

foods

ඔබට අවශ්‍ය වෙලාවට Timer එකක් තබාගන්න

timer

ඔබේ ප්‍රියතම TV Series එකේ කොටස් පිළිබඳව අවධානයෙන් සිටින්න

episodes

ඔබේ ආපනශාලා බිල මිතුරන් අතර බෙදාගන්න

tip calculator

ඔබට අවශ්‍ය තැනකට හිරු නගින වෙලාව සහ හිරු බසින වෙලාව දැනගන්න

sunrise

sundown

වැඩ කරන ගමන් Game එකක් play කරන්න

game

ලෝකයේ ඕනෑම තැනක වෙලාව දැනගන්න

time

සරල ගණිත සමීකරණ විසඳන්න

circle

Happy Birth day Google

googles-17th-birthday-6231962352091136-hp

Googles 17th Birthday | www.techpedia.lk

අප කව්රුත් හොඳින් දන්නා Google සමගම ආරම්භ කර අදට වසර 17 ක් සපිරෙනවා. සරල සෙවුම් යන්ත්‍රයක් ලෙස ආරම්භ වූ මේ සමගම අද වනවිට ලෝකය පුරා පැතිර පවතින තාක්ෂණික දැවැන්තයෙක් බවට පත්වෙලා. Google සමාගමේ බොහොමයක් ව්‍යාපෘතීන් ලෝකයේ තාක්ෂණය වෙනස් මගකට යොමුක කිරීමට ඉතා වැදගත් සාදකයක් බවට පත්වෙලා. Google සමගම කෙතරම් සුප්‍රසිද්ද වුවත් ඔබ එදිනෙදා ඔවුන්ගේ සෙවුම් යන්ත්‍රය භාවිත කලත් ඔබ ඒ පිළිබඳව නොදන්නා කරුණු බොහොමයක් පවතිනවා. අද අප ඔබට ගෙන එන්නේ Google ආයතනයේ අතීතය සහ ඒ පිළිබඳව ඔබ නොදත් කරුණු කිහිපයක්.

Google සමාගමේ ඉතිහාසයට අනුව එහි නිර්මාතෘ වරුන් වන Larray Page සහ Sergey Brin ප්‍රථම වරට මුණගැසී තිබෙන්නේ 1995 Stanford සරසවියේදී. වසර 1996 දී ඔවුන් දෙනෙනා විසින් BackRub නමැති සෙවුම් යන්ත්‍රයක් නිර්මාණය කොට තිබෙනවා. එය ප්‍රථම වරට කිරියාත්මක වී තිබෙන්නේ Stanford සරසවියේ server යන්ත්‍ර තුලයි.

Google.com  වෙබ් අඩවිය ප්‍රථම වරට ලෝකයට අනාවරණය වන්නේ 1977 දී. එතැන් පටන් කෙමෙන් කෙමෙන් අද දක්වා ඔවුන්ගේ විකාශනය Google සමගම විසින් මෙම ලිපිය මගින් අනාවරණය කොට තිබෙනවා.

Google ආයතනය යනු ලෝකයේ බොහෝදෙනා මවිතයට පත්වන විස්මිත තාක්ෂණික කරුණු අඩංගු ආයතනයක් පහත දැක්වෙන්නේ ඔබ මෙතෙක් Google පිළිබඳව නොදැන සිටි කරුණු කිහිපයක්.

ඔබ අන්තර්ජාලය තුලින් කිසියම් තොරතුරක් ලබාගැනීමට  Google සෙවුම් යන්ත්‍රය භාවිතයට ගන්නා සැම අවස්ථාවකදීම ඔබට අදාල තොරතුරු ලබාදීමට Google සෙවුම් යන්ත්‍රය කරුණු 200 කට වඩා වැඩි ප්‍රමාණයක් සලකා බැලෙනවා. මිට ඔබගේ පැරණි සෙවුම් දත්ත සහ ප්‍රසිදියේ ඔබ සපයා තිබෙන ඔබ පිලිබඳ තොරතුරු මෙන්ම කාලින ප්‍රවණතා පවා ඇතුලත් වෙනවා. තත්පර කිහිපයක් ඇතුලට ඔබට දත්ත ගෙන ඒමට Google සෙවුම් යන්ත්‍රය මේ සියලු දේ ගැන සැලකිලිමත් වෙනවා.

Google සමාගමට Google.com ට අමතරව ඊට සමාන බොහෝ වෙබ් අඩවි තිබෙනවා. උදාහරණයක් ලෙස Gogle.com යන වෙබ් අඩවිය පවා අයිති වන්නේ Google සමාගමට. එනම් ඔබ ඔබේ browser එකේ address bar එකේ www.gogle.com ලෙස සටහන් කළහොත් එය ඔබව නිවැරදි Google වෙබ් අඩවිය වෙත රැගෙන යනු ඇති. තවද 466453.com යන්න පවා අයත් වනෙන් Google සමාගමටයි.

the-company-owns-a-bunch-of-domains

ලෝකය පුරා තත්පර එකක කාලයකදී google සෙවුම් යන්ත්‍රය බිලියන 1  කට වඩා වැඩියෙන් භාවිත වෙනවා.

Google search index එහෙකි අඩංගු දත්ත ප්‍රමාණය ගිගාබයිට් මිලිනය 100 කට වඩා අධික වෙනවා.

ප්‍රථම Google  Doodle එක නිර්මාණය කොට තිබෙන්නේ 1998 වසරේදී.

1997 වසරේදී Yahoo සමගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 1 කට Google සමගම මිලදී ගැනිමට තිබූ අවස්ථාව නොසලකා හැරී අතර අද වනවිට Google සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 200ක් පමණ වන අතර Yahoo සමාගමේ වටිනාකම ඩොලර් මිලියන 20ක් පමණයි.

ඔබ අප එදිනෙදා භාවිතයට ගනු ලබන Google maps වලට අමතරව google සමගම විසින් අඟහරු ග්‍රහ ලොවී මෙන්ම විශ්වයේ ඇති සුවිසල් මන්දාකිනි වල තොරතුරුද ලබාදෙනවා. Google Mars මගින් ඔබට අඟහරු ලොවේ පෘෂ්ටයද Google Sky මගින් ඔබට විශ්වය සහ ඒ පිළිබඳව තොරතුරුද ලබාගැනීමට පුළුවන්.