වසර 32ක් තිස්සේ සිදුවූ වෙනස GOOGLE පෙන්වයි

මිනිසා ඇතුළු සියලුම ජීවින් ජීවත්වන අපගේ මේ පෘථිවියෙහි වයස වසර බිලියන ගණනක්. මිනිස් ක්‍රියාකාරකම් පෘථිවිය මත පවතී කාලය, පෘථිවියෙහි සමස්ත ආයුකාලයක හා සමග සසඳන විට එක නිමේශයක් තරම් කුඩා කාලසීමාවක්. නමුත් ඒ කුඩා කාලසීමාව තුල අප මේ ජීවයෙන් පිරි සුන්දර ග්‍රහලෝකය කෙතරම් දුරට වෙනස් කොට තිබේද. මෙය බොහෝ දෙනා විසින් නගනු ලබන ප්‍රශ්ණයක්. නමුත් අවාසනාවකට කරුණ නම් බොහෝදෙනෙකු තුල මේ පිළිබඳව අදහසක් ඇත්තේම නැති තරම්.

නමුත් නවීන තාක්ෂනය ආධාරයෙන්, මිනිසා විසින් පෘථිවියට සිදුකෙරෙමින් පවතින වෙනස්කම් පිළිබඳව පැහැදිලි අවභෝදයක් ලබාගැනීමට අපට දැන් අවස්ථාව උදාවී තිබෙනවා. 1984 සිට 2016 දක්වා ලබනා ලද චන්ද්‍රිකා චයරුප මගින් නිපදවන ලද timelapse වර්ගයේ වීඩියෝවක් මගින් මිනිසාගේ මේ ක්‍රියාකාරකම් පැහැදිළිව පෙන්වනු ලබනවා.

timelapse වීඩියෝවක් යනු දීර්ඝ කාලයක් තිස්සේ ලබාගනු ලබන චායාරුප  විශාල සංක්‍යාවක් එකට පෙළගැස්වීම මගින්  වීඩියෝ එකක් නිර්මාණය කිරීමයි. අද පවතින බොහොමයක් music වීඩියෝ  වල මෙම ක්‍රමවේදය යොදාගෙන තිබෙනවා ඔබ දැක ඇති.

මෙම timelapse විඩියෝ එක නිර්මාණය කිරීමට අවශ්‍ය චන්ද්‍රිකා චයරුප ලබාගෙන තිබෙන්නේ Landsat 8 හා Sentinel-2 යන චන්ද්‍රිකා දෙක මගිනුයි. මෙමෙ නිර්මාණය සඳහා ඔවුන් චන්ද්‍රිකා චායාරුප ලක්ෂ පනහකට  වඩා වැඩි ප්‍රමාණයක් උපයෝගී කරගෙන තිබෙනවා.

මෙම වීඩියෝ වල අඩංගු වෙන වනස්වීම් ඉතා විස්මය ජනකයි. කාන්තාර තුලින් ජනාකීර්ණ මිනිස් ජනාවාස බිහිවී වර්ධනය වන ආකාරය මෙන්ම මහා ගංගා ඒවායේ ගමන්මග වෙනස් කරමින් ගලායන ආකාරය පැහැදිලිව මේ වීඩියෝ පටවල සටහන්ව තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ මෙලෙස නිකුත් වී තිබෙන timelapse වීඩියෝ කිහිපයකුයි

මෙහි දැක්වෙන්නේ කුවේට් හි අල් ඛිරන් පර්ල් නගරය ගොඩනැගෙන ආකාරයයි.


මෙහි දැක්වෙන්නේ ලෝකප්‍රකට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයයි. එහි සුප්‍රසිද්ධ palm island නිර්මාණය වන ආකාරය පැහැදිලිව මෙහි නිරීක්ෂණය කල හැකියි


මේ බොලිවියාවේ Nuflo de Chavez නගරය වනාන්තරය අභිබවා පැතිරීගිය ආකාරයයි. මිනිසා විසින් සිදුකරන වනාතර විනාශයට මෙය ඉතා හොඳ උදාහරණයක්.


මේ කසකස්ථානය හා උස්බකිස්ථානය අතර පිහිටි jewel-hued Aral Sea නම් විලයි. පෘතුවියේ උෂ්ණත්වය ඉහළයාම හේතුවෙන් මෙය මුළුමනින්ම සිඳීයන ආකාරය දකින්නට පුළුවන්.


මේ පේරු රාජ්‍යයේ උකයාලි ගංගාව. මෙය විවිධ අවස්ථාවල ගංවතුර හා මිනිස් ක්‍රියාකාරකම් නිසා තම ගමන්මග වෙනස් කරගන්න ආකාරය ඉතා පැහැදිලිව දකින්නට පුළුවන්.

මාලුවෙක් ඇතුලේ මාලුවෙක්

extra_large-1465379528-fish-inside-a-jellyfish

සමුද්‍ර ජීවි ජයාරූප ශිල්පීන් දෙදෙනෙකු වන Tim Samuel සහ  Franny Plumridge පසුගිය දා අපූරු අත්දැකීමකට මුහුණ දුන්නා එනම් ඔවුන්ට අහම්බයෙන් මෙන් ඔවුන්ට මාලුවෙක් තුල සිටින තවත් මාලුවෙක් දැකගැනීමට හැකියාව ලැබුණා . වඩාත් අපුරුම කරණය වනෙන් මේ මාළුවන් දෙදෙනාම පන පිටින් සිටීමයි. මෙහිදී සිදුවී තිබෙන්නේ කුඩා ප්‍රමාණයේ ජෙලිෆිෂ් මාලුවෙක් තුලට කුඩා ප්‍රමාණයේ මාලුවෙක් ඇතුළු වී තිබීමයි.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරල තිරයෙනුයි. මෙවන් අවස්ථාවක් න්‍යායාත්මකව සිදුවීමට හැකි බව බොහෝ දෙනා පිලි ගෙන තිබුනත් සැබවින්ම මෙවන් අවස්ථාවක් ජයරුපයකට නැගී තිබෙන ප්‍රථම අවස්ථාව මෙය වෙනවා.

content-1465381589-fish.PNG

2016 වසරේ හොඳම සංචාරක ජායාරුප එකතුව

natgeo7

A scuffle breaks out in Kgalagadi Transfrontier Park, South Africa. Image credit: Jaco Marx/National Geographic.

නිතරම විද්‍යාත්මක තොරතුරු ඔබට ගෙන එන අපි අද ඔබට වෙනස් යමක් ගෙන ඒමට අදහස් කළා. මේ සටහන photography සඳහා දැඩි උනන්දුවක් දක්වන ඔබ සඳහායි. ඔබ photography පිළිබඳව උනන්දුවක් දක්වනවා නම් National Geographic නාලිකාව මගින් පවත්වන හොඳම ජයාරූප ශිල්පියා තේරීමේ තරඟ පිළිබඳව දන්නවා ඇති. ඒ අතරින් Best Travel Photographer of The Year තරඟය බොහෝ දෙනාගේ අවධානය දිනාගන්නා ලද තරඟයක්. අද අප ඔබට ගෙන එන්නේ 2016 වසර සඳහා මේ වනතෙක් ඉදිරිපත්ව ඇති ජයාරූප අතුරින් බොහෝ දෙනාගේ සිත් ඇදගැනීමට සමත්වූ ජයාරූප කිහිපයක්. මෙම තරඟයට සහභාගී වීමට ඔබත් කැමති නම් ඔබටද ඒ සඳහා ඇතුලත් වීමට පුළුවන්

natgeo5

A lone gazelle against the sand dunes of Namibia. Image credit: Doris Landertinger/National Geographic

natgeo4

A supercell thunderstorm looms over a small town in Blackhawk, South Dakota. Image credit: James Smart/National Geographic.

natgeo1

photo credit: A shed in Lapland, Finland, with a backdrop of the Northern Lights. Pierre Destribats/National Geographic

gatneo4

Purple rain blesses Uluru, or Ayers Rock, in Uluru Kata Tjuta National Park, Australia. Image credit: Christoph Schaarschmidt/National Geographic

gatneo3

A horse appears to panic as Mt. Bromo erupts in Indonesia. Image credit: Reynold Dewantara/National Geographic

gatneo1

Balanced Rock and lone tree in Arches National Park, Utah. Image credit: Manish Mamtani/National Geographic.

පෙට්‍රල් ෂෙඩ් වලට වඩා charging station ජපානයෙන්

page

දැනට ලෝකය ගමන් කරමින් තිබෙන දිශාව හා වේගය අනුව ලොව දියුණු බොහො රටවල පුද්ගල ප්‍රවාහනය තව නොබෝ කලකින්ම පුර්ණ විදුලිවාහන මගින් සිදුවීම අනිවාර්ය දෙයක්. වාසනාවට පරිසරය හා කාර්යක්ෂම තාවය පිළිබඳව වැඩිපුර සිතන ජපානය වැනි රටවල් ඔව්න්ගේ විදුලි වාහන ප්‍රමාණය වැඩිකරගැනීමට විවිධ උපක්‍රම මුල් කාලයේ යොදාගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස දැන් ජපානය තුල පෙට්‍රල් ෂෙඩ් වලට වැඩ වැඩි ප්‍රමාණයක් විදුලි වාහන ආරෝපණය කරන charging station තිබෙන බව nissan සමාගම පසුගිය දිනෙක ප්‍රකාශ කරා.

ඔව්න් ප්‍රකාශ කරන්නේ දැනට ජපානය තුල charging station 40,000 (නිවාස වල ඇති ප්‍රමාණයද ඇතුළුව) පවතින අතර ඉන්ධන පිරවුම්හල් ඇත්තේ 34,000ක ප්‍රමාණයක් බවයි. ඔව්න් මේබව අනාවරණය කරේ එක් පුර්ණ අරෝපනයකින් කිලෝමීටර 170ක් පමණ ධාවනය කළහැකි නවතම nissan leaf මෝටර් රථය හදුන්වාදෙන අතරතුරයි. දැනට වැඩිම ප්‍රමාණයක් DC quick charging station ප්‍රමානයක් ජපානය තුල ඇති අතර ඒ 6,469ක් ඒ වගේම යුරෝපය හා ඇමෙරිකාව තුල දැනට 3028ක් හා 1686ක් පිහිට තිබෙන අතර ජපානය  ඉන් වඩාත් ඉදිරියෙන් green energy සංකල්ප වෙත ගමන් කරමින් සිටිනවා. ඒ වගේම 2020 වසර වනවිට (තව අව්රුදු හතරකින් )ඔව්න් charging station මිලියන දෙකක් ඇතිකිරීමට හා අලුතෙන් නිෂ්පාදනය කරන වාහන වලින් අඩක් විදුලි වාහන බවට පත්කිරීමටත් බලාපොරොත්තු වනවා.

ලොව දියුණු රටවල් මෙවැනි ගමනක යද්දී අපේ රටේ nissan leaf වැනි පුර්ණ විදුලි වාහන මෙන්ම hybrid වාහන වලට අධික බදු පටවමින් ඉන්දියාවේ ලදරම් ඇල්ටෝ වලට මෙහෙ market එක හදල කොමිස් ගහන එක ගැන සම්පුර්ණ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න අපි කැමති. දැනට යුරෝපයේ ඇමෙරිකාවේ ඇතැම් අධිවේගී මාර්ග වල විදුලි වාහන නොමිළේ ගමන් කරන අතර එවැනි මෝටර් රථයක් මිලදී ගන්නවානම් ඉන් කොටසක් රජය මගින් ගෙවනු ලබනවා. නිවසක solar panel කිහිපයක් සවිකිරීම මගින් කොළඹ වැනි ප්‍රදේශයක වාසය කරන පුද්ගලයෙකුට තම ඉන්ධන සඳහා ගතවන වියදම බින්දුවක් කරගන්න පුළුවන්. නමුත් මේවැනි අනුවණ ක්‍රියා නිසා අපරටෙන් ඉන්ධන සඳහා පිටරටවල් වලට (විශේෂයෙන් IOC නැතිනම් indian oil company එක හරහා)  ඇදීයන මුදල්  ප්‍රමාණය ඉතුරු කරගන්න බැහැ. අවසානයට ඔබට හිතන්න යමක් දෙන්නම්, දැනට බොරතෙල් බැරලයක මිල ඩොලර් 30ක පවතිද්දී වැඩි මිලට ඉන්ධන අලවිකරමින්  IOC එක කෙතරම් ලාභ ලබනවා ඇතිද??

අපෙගේ web අඩවිය පිලිබඳව ඔබගේ අදහස් අපට එවන්න. අප හා සම්බන්ධ වන්න
Like Us: www.fb.com/techpedia.lk
Visit Us: www.techpedia.lk

චර්නෝබිල් අනතුර සිදුවී වසර 30යි.

chernobyl

ලොව සිදුවූ දරුණුතම න්‍යෂ්ඨික අනතුරක් වන රුසියාවේ චර්නොබිල් අනතුර සිදුවී පසුගිය අප්‍රේල් 26 වන දිනට වසර 30ක් ගතවනවා. 1986 අප්‍රේල් 26 වනදින රාත්‍රී 1.23 ට එම බලාගාරයේ හතර වන reactor එක අධික පීඩනය නිසා පුපුරා යන්නේ 31 දෙනෙකුට මරණයට පත්කරමින්. නමුත් ඉන් පසුව ඉන් පිටවූ විකිරණ නිසා පසු කාලීනව මරණයට පත්වූ ප්‍රමාණය දහස් ගණනක්. අනතුර සිදුවූ ස්ථානයේ සිටි  පුද්ගලයින් 237 ක් කෙලින්ම අධික විකිරණ නිසා හටගත් Acute radiation syndrome රෝගයට ගොදුරු වූ අතර ඒ සියලුම දෙනා මාස කිහිපයක් ඇතුලත මියගියා. මින් පිටවූ අධි විකිරණ හුමාල වළාව යුරෝපය තේක් පැතිරීගිය අතර එමගින් පිටවූ විකිරණ නිසා තයිරෝයිඩ් ග්‍රන්තියේ පිලිකා මෙන්ම ජාන වෙනස්වීම සහිතව උපත ලැබූ දරුවන් ප්‍රමාණය අති විශාලයි.

පිපිරීමත් සමගම ඒ බලාගාරය ආසන්නව ජීවත්වූ ලක්ෂ තුනක සිවිල් වැසියන් පිරිසක් ඉවත්කරනු ලබනවා. ඉන්පසුව ඒ ආසනන්යටවත් යාමට නොදී එම ප්‍රදේශය වසා දමන්න රුසියානු හමුදාව කටයුතු කරනු ලබනවා. ඉන්පසුව එහි අපද්‍රව්‍ය ඉවත් කිරීම හා විකිරණ පිටවීම වැලැක්වීමට රුබල් මිලියන 18ක පමණ මුදලක් වියදම් කරමින් කටියුතු කරත්, අදටත් විකිරණ පිටවීම මුළුමනින්ම නැවති නැති අතර ඔව්න්ගේ අලුත්ම සැලැස්ම වන මිනිස් ඉතිහාසයේ නිර්මාණය වන විශාලම අර්ධ ගෝලාකාර වහල ඔව්න් දැන් නිපදවමින් සිටිනවා එමගින් ඔව්න් විකිරණ පිටවීම වැලැක්වීම සඳහා 4 reactor එක පිහිටි කොටස මුළුමනින්ම වසා දැමීමට සුදානම්

novarka-31_3

මේ අර්ධ ගෝලාකාර වහල ටොන් 32,000ක් බරින් යුතු අතර 2017දි සදා නිමකිරීමට සුදානම්. එය බලාගාරය ආසන්නයේ ඉදිකිරිම අනතුරු සහගත නිසා අඩි 1000ක් පමණ ඇතින් මෙය ඉදිකරන අතර ඉන්පසුව එය රේල් පිලි වල ආධාරයෙන් නියම ලෙස ස්ථාන ගත කිරීමට ඔව්න් සුදානම් වනවා. එය මීටර 92.5ක් උසින් යුතු වන අතර දිග හා පළල මීටර 245ක් හා 270ක්. මෙය සවි කිරීමෙන් පසු නැවත නඩත්තු සඳහා මිනිසුන් යැවීම අනතුරු දායක නිසා ඔව්න් මෙය මුලුමින්ම satainless steel වලින් නිපදවනවා. ඒ එය තව වසර 100ක් පුරාවට පවතින ලෙස. ඉන් පසුව විකිරණ නිකුත්වීම ඉතා හොඳ මට්ටමේ අඩුවීමක් ඔව්න් බලාපොරොත්තු වනවා. ඒ කෙසේ වෙතත් තව වසර 180 ත් 320 ත් අතර කාලයක් ගතවන තුරු මේ ප්‍රදේශය වසා තැබෙනු ඇතියි.

අත්හැර දැමුණු චර්නොබිල් නගරයේ හා ඔව්න් නිපදවන ගෝලාකාර වහලේ  drone යනාමගින් හා මිනිසුන් මගින් ලබාගත් ඡයාරුප හා වීඩියෝ කිහිපයක් පහතින්.

cher-17

දිනෙන් දින අගාදයට යන අපේ පෘථිවිය

OP

කාර්මික විප්ලවයෙන් පසුව ලෝකය දියුණුවේ හිනිපෙත්තෙටම ගමන ආරම්භ කරා කියල කියන්න පුළුවන්, හැබැයි ඛනිජ තෙල් පරිභෝජනය සීග්‍රයෙන් ඉහල දමමින් අපි සංවර්ධනය උනා කියල කිව්වට ඇත්තටම අපි අපේම වල කපාගන්නවා කියන එක බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැති දෙයක්. අපිට දැනෙන දේවල් වලින් කතා කරොත් මේ වසරේ පවතින මේ අධික උෂ්ණත්වයට හේතුව කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රතිශතය වැඩි වීම නිසා කිව්වොත් පිළිගන්නවාද? ගෝලීය උෂ්ණත්වය ඉහල යාම නිසා තව දශක කිහිපයක් ඇතුලත මාලදිවයින ලෝක සිතියමින් ඉවත්වියමට ඉඩ ඇති බව බව ඔබ දන්නවද?  ඇත්ත තත්වය නම් මේ සියල්ලටම පාර කපපු ඛනිජ තෙල් ව්‍යාපාරය දැන් ලෝකයම තම අණ පතුරුවා අවසානයි. ඔව්න් ඔව්න්ගේ ව්‍යාපාර පවත්වාගැනීම සඳහා පුනර්ජනිය බලශක්ති ව්‍යාපෘතීන්, හා ඒ හා සම්බන්ද පර්යේෂණන් පවා අඩපන කරන බව ප්‍රසිද්ධ රහසක්. එවැනි ව්‍යාපාරයන් නිසා පෘතුවියට වෙලා තිබෙන දේවල් ගැන ඡයාරුප පෙළක් ගෙන එන්න සිතුවා, මේ ඡයාරුප උපුටා ගත්තේ මෙතනින්  Overdevelopment, Overpopulation, Overshoot

  • මේ දිය ඇල්ලක් නොවෙයි, නොර්වේ රාජ්‍ය ආසන්නයේ ඇති ග්ලැසියරයක්. ගෝලීය උණුසුම වැඩිවීමත් සමග දියවෙන්නට පටන්ගෙන ඇති ආකාරයයි.

techpedia (1)

  • මේ පෙනෙන්නේ යුරෝපයේ වගාබිමක්. ඔව්න් දැනට පවතින පාරිසරික තත්වයන් යටතේ වගාකිරීමට නොහැකි නිසා හරිතාගාර යොදාගන්නා ආකාරයයි.

techpedia (3)

  • වසර 2010දී  මෙක්සිකෝ බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේදී තෙල් අට්ටාලයක ඇතිවූ ගින්නක් නිසා සිදුවූ පරිසර හානිය මෙමගින් පෙන්වනවා.

techpedia (4)

  • 1899 සිට තෙල් ලබාගන්න ඇමෙරිකාවේ කෙන් ගඟ නිම්නය තමයි මේ. ඇමෙරිකාවට කොහොමත් තෙල් වලට සැහෙන්න ආශාවක් ඇති රටක්නේ.

techpedia (5)

  • මේ ඇමෙරිකාවේ National Willamette වනාන්තරය, මෙය දැනට 99% කිනම කපා ඉවත්කර තිබෙනවා. මේ යන විදිහට ගියොත් අපේ වනාන්තර බොහොමයකට මේ ඉරණම අත්වෙන්න පුළුවන්.

techpedia (6)

  • මේ අප්‍රිකාවේ ගහනාවේ දර්ශනයක්. ලොව බොහෝ රටවල් තම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කිරීමට තෙවන ලෝකයේ රටවල් යොදාගන්නවා. අපිත් ඒ අතර ඉන්නවා. පවිච්චිකරපු පරිඝණක පිටරටින් ගෙනත් අපේ රටේ විකුනන්නේ එනිසා තමයි. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිසිඅකාරයෙන් බැහැර නොකිරීම නිසා ඒවායේ ඇති කැඩ්මියම්, ඊයම්, වැනි බැරලෝහ පරිසරයට එක්වීමමගින් පිලිකා අවධානම ඉහල යනවා.

techpedia (7)

  • බංගලාදේශයේ ඇති අපද්‍රව්‍ය බැහැරකරන ප්‍රදේශයක්. අපේ රටෙත් මේ වගේ ස්ථාන කිහිපයක් පවතින බව අමතක කරන්න එපා.

techpedia (8)

  • මේ ඉන්දුනීසියාවේ ජාවා දුපත, දැනට ලොව පරිසරය වැඩිපුරම දුෂණය වූ ස්ථානයක්. ඔක්කොම කුණු මුහුදට දැම්මට ඒවා අයෙත් මුහුද ගොඩටම ගෙනත් දාන බව අමතක කරන්න එපා.

techpedia (9)

  • මුහුද ආශ්‍රිතව ජිවත්වන පක්ෂි විශේෂයක්, බලන්න ආහාරයට ගෙන ඇති ප්ලාස්ටික් කැබලි ප්‍රමාණය. ඒ නිසා තමයි මරණයට පත්ව තිබෙන්නේ. ප්ලාස්ටික් හැකි හැම වෙලාවේම ප්‍රතිචක්‍රීකරණයට යොමු කරන එක තමයි හොදම දේ.

techpedia (11)

  • මේ මාලදිවයින, ගෝලීය උෂ්ණත්වය ඉහළයාමත් එක්ක ගල්සියර දියවීම නිසා මුහුදුමට්ටම ඉහළයාම අනිවාර්යෙන් සිදුවන දෙයක්. ඒ නිසා තව වසර 50කින් පමණ මාලදිවයින මුළුමනින්ම මුහුදින් වැසීයාවි.

techpedia (12)

  • මේ රුසියාවේ මීර් දියමන්ති ආකරය, ලොව වැඩිම පරිසර දුෂණයක් සිදුවූ ස්ථාන වලින් එකක්. සුපිරි පන්තියේ අවශ්‍යතාවයන් සඳහා සිදුවූ පරිසර විනාශයක්

techpedia (13)

ලොව සුපිරි පන්තියේ කිහිපදෙනකු වෙනුවෙන් දිනෙන් දින අගාදයට ඇදීයන අපගේ පෘතුවියේ අවාසනාවන්ත කතන්දරයෙන් බිඳක්වත් ඔබට වැටහුණානම් අපට ඒ ගැන සතුටුයි. හැකි සැම විටම පරිසරය රැකගන්න උත්සහ ගන්න

අපෙගේ web අඩවිය පිලිබඳව ඔබගේ අදහස් අපට එවන්න. අප හා සම්බන්ධ වන්න
Like Us: www.fb.com/techpedia.lk
Visit Us: www.techpedia.lk

ප්‍රංශය ලොව පළමු solar මාර්ගය නිපදවයි

One-thousand-kilometres-of-solar-panels-will-pave-French-roads-media

පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව අප බොහෝ වෙලාවට කතා කරනවා. මෙවරත් ඔබට ගෙන එන්නේ තවත් පරිසර හිතකාමී තාක්ෂණයක් පිළිබඳවයි. ලොව පුරා මෙන්ම අපේ රටෙත් දැන්  සුර්ය බලශක්තිය බොහෝසෙයින් භාවිතාවට ගැනෙනවා. ඔබ දන්නවා ඇති බොහෝ විට මෙම solar panel සවිකිරීම සිදුවන්නේ නිවාස වල වහල මතයි. ඒ සුර්යාලෝකය හොදින් පතිත වීම මගින් වැඩි කාර්යක්ෂම තාවයකින් යුක්තව විදුලිය නිපදවීමටයි. නමුත් ප්‍රංශය ඊට වඩා වෙනස්  ස්ථානයක solar panel සවිකිරීමට පියව අරන්. ඒ solar panel සවිකරන ලද මාර්ගයක් සැදීමටයි. ඒ අනුව ඔව්න් මීළඟ වසර 5 ඇතුලත කිලෝමීටර 1000 දිගින් යුතු මාර්ගයක් සැදීමට බලාපොරොත්තු වනවා.

colas-wattway-solar-road.jpg.662x0_q70_crop-scale

මෙම විශේෂිත solar panel සහිත මාර්ගය ඔව්න් හදුන්වන්නේ Wattaway ලෙසයි. මෙම සම්පුර්ණ ව්‍යාපෘතිය අවසානයේ මිලියන 5ක ජනයාට විදුලිය ලබාදීමට හැකි බව ඔව්න් පවසනවා. එමගින් දැනට විදුලිය නිපදවීමට යොදාගන්න ගල්අඟුරු, තාපබලාගාර වැනි පරිසරය හිතකාමී නොවන තාක්ෂණයක් බැහැරකිරිමටයි ඔව්න් සැරසෙන්නේ. ප්‍රංශ බලධාරීන් පවසන අන්දමට මාර්ගයක රථ වාහන මාගින් ආවරණය වන ප්‍රමාණය 10% පමණ වන නිසා (ඔව්න්ගේ රථවාහන තදබදය අනුව.) මෙය සාර්ථකවනු ඇතිබව  විස්වාස කරනවා.

1-COLAS-Joachim-Bertrand

මිලිමිරර 7ක උසින් යුතු මෙම සුර්ය පැනල රළු මතුපිටකින් යුක්තයි. ඒ රථවාහන ගමන් කිරීමට ඝර්ෂණය ඇතිකිරීම සඳහායි. තවද මෙය වසර 20ක් කාලයක් පුරා මාර්ගයේ සවිකර තැබිය හැකි බවස ඔව්න් පවසනවා. මෙම  මාර්ගයේ එක් කිලෝමීටරයක් මගින් නිවාස 5000ක් සඳහා විදුලිය සැපයිය හැකියි. නමුත් මෙය නිවාස වල සවිකරන solar panel තරම් කාර්යක්ෂම නොවනු ඇතිබව බොහෝ දෙන පවසනවා නමුත් මෙම තාක්ෂණය යොදාගන්නේ සුළු පරිමාණයෙන් නොව මහාපරිමාණයෙන් වන නිසා කාර්යක්ෂමතාව සමස්තයක් ලෙස ඉහල අගයක් ගනු ඇති බව මෙහි සැලසුම් ශිල්පින් පවසනවා.

නිවසටම විදුලිය දියහැකි Tesla Powerwall

models-powerwall

Tesla Powerwall පිළිබඳව අප ඔබට මිට පෙර ඔබව ලිපියකින් දැනුවත් කර මතක ඇති. අද අප මේ සටහන ගෙන එන්නේ 2016 වසරේ අගදී වෙළඳ පොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන Tesla Powerwall 2016 මාදිලිය ගැනයි. අප මුලින්ම Tesla සමාගමේ නිර්මාතෘ වන Elon Musk ගැන පොඩි සටහනක් තබන්න බලාපොරොත්තු වනවා. මොකද ඔහු දැනට ලෝකයේ නව තාක්ෂණික පෙරලියක් ඇතිකිරීමට ඉතා විශාල දායකත්වයක් ලබාදුන් පුද්ගලයෙක් නිසා. ඔහු තමයි මුලින්ම අන්තර්ජාලය හරහා සැමට ආරක්ෂාකාරීව ගනුදෙනු කරීම සඳහා Pay Pal සමාගම ආරම්භ කරන්නේ ඉන්පසුව වසර 2002දි eBay මගින් Pay Pal මිලදී ගන්නේ ඩොලර් බිලියන 1.5කටයි. එහිදී ඔහුට ඩොලර් මිලියන 165ක් ලැබෙන්න අතර ඉන්පසුව ඔහු ලොව අභ්‍යවකාශ තාක්ෂනය උඩුයටිකුරු කර space X සමාගම නිර්මාණය කරනවා , ඉන් නොනැවතුණු ඔහු Tesla සමාගමද ආරම්භ කරන අතර ඉතා සාර්ථක විදුලි මෝටර් රථ වන Tesla model S, model X වැනි මෝටර් රථ හදුන්ව දුන්නා. ඒ වගේම tesla powerwall ද ඔව්න්ගේ සංකල්පයක්. ඊට අමතරව ඔහු hyperloop නමින් නවතම අධිවේගී ප්‍රවාහන තාක්ෂණයක් පිළිබඳවත් පර්යේෂණ වල නිරතවනවා. ඔහුගේ මේ එක් එක් සමාගම් පිළිබඳව පසුව වෙන වෙනම අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වනවා ඒ නිසා දැනට එපමණයි.

elon-musk

ලෝකයේ මිට දශයකට පමණ පෙර බොරතෙල් මිල දැරීමට නොහැකි වනලෙස ඉහල ගියා සමහර විට ඔබට මතක ඇති. ඒ කාලයේ ලොව තාක්ෂනය ඉතාමත් සීග්‍රයෙන් පුනර්ජනනීය බලශක්තිය දෙසට අදිගියා. එහිදී ඉදිරිපත්වූ එක් සංකල්පයක් තමයි living off the grid කියන්නේ. එනම් පුනර්ජනනිය බලශක්තිය යොදාගනිමින් ප්‍රධාන විදුලි ජල සැපයුම් වලින් මිදී ජිවත් වීම යන්නයි. එය එක්තරා විදිහකට අමුතු අදහසක් ලෙස ඔබට සිතෙන්නට පුළුවන් නමුත් එය කල හැකි බව දැන් ඔප්පුවී හමාරයි. දැනට අප රටේ බොහෝ නිවාස සුර්ජකෝෂ මගින් දිව කාලයේ බලගැන්වෙන බව ඔබ දන්නවා එහිදී සිදුවන්නේ දිවාකාලයේ දී අතිරික්ත විදුලිය grid එකට නැතිනම් ප්‍රධාන විදුලි සැපයුමට විදුලිය සපයා රාත්‍රී කාලයට grid එකෙන් විදුලිය නැවත ලබාගැනීමයි. නමුත් Tesla Powerwall  battery පද්ධතිය හරහා ඔබට අතිරික්ත විදුලිය ගබඩා කරගන්න පුළුවන්.  දැනට මේ සඳහා ඔව්න් Panasonic බැටරි යොදාගන්න අතර Tesla gigafactory එක ආරම්භයෙන් පසුව ඔව්න්ගේම බැටරියක් නිපදවීමට බලාපොරොත්තු වනවා. 7 kWh බැටරියක් $3000ක් හා 10 kWh බැටරියක් $3500ක මිලක් නියම කර තිබෙනවා. මෙම බැටරි කිහිපයක් සම්බන්ධ කොට අවශ්‍ය ශක්තිය ගබඩාකර ගැනීමට පුළුවන්. ඒ අනුව අනාගතයේදී  living off the grid කියන සංකල්පය යථාර්තයක් බවත පත්වේවි.

SolarEdge-Tesla-Powerwall

නමුත් මෙවැනි පරිසර හිතකාමී බලශක්තීන් සඳහා යොමුවීම හැකිතාක් මැඩලීමට බොරතෙල් කර්මාන්තයේ යෙදෙන සමාගම් උත්සහ ගන්න බව ප්‍රසිද්ධ රහසක්. උදාහරණලෙස තවමත් කෙතරම් පාරිසරික දුෂණයක් සිදුවුවත් මෝටර් රථ සඳහා අප පොසිල ඉන්ධනම යොදාගන්නේ එහි කිසිදු මෝටර් රථයට වෙන කිසිම බලශක්තියක් එක් කිරීමට ඔව්න් කිසිම අවස්ථාවක ඉඩ නොදෙන නිසයි. එය ලොවට රහසේ ඔව්න් සිදුකරනවා. මිට අමතරව මෑතකදී ලොව තාක්ෂණික යෝධයින් වන Bill Gates, හා  Mark Zuckerberg ඩොලර් මිලියන ගණනක අරමුදලක්ද පිහිටවූවා. ඒ පරිසර හිතකාමී තාක්ෂණික පර්යේෂණ දිරිගැන්විමටයි. ඒ කෙසේ වෙතත් මෙම සිතල යුද්ධය තව බොහෝකල් පවතිනු ඇතිබව නොඅනුමානයි.

CO2 වලින් ඉන්ධන

co2-formate_1024

CO2 යනු පරිසරයට එතරම් හිතකර වායුවක් නොවන බව අප සියලු දෙනාම දන්නවා. මිනිසා විසින් අධික ලෙස CO2 වායුව පරිසරයට එක් කිරීම නිසා මේ වන විට ගෝලීය උණුසුම ඉහල යාමේ බරපතල පාරිසරික ගැටලුවකට පවා පෘථිවිය මුහුණ දී තිබෙනවා. මෙලෙස වායුගෝලයට එක් වන CO2 වායුව ප්‍රයෝජනවත් කාර්යක් සඳහා යොදාගත හැකි නව මාවත් සොයා පර්යේක්ෂකයන් නිරන්තරයෙන් පරීක්ෂණ පවත්වනවා. මේ විස්තරය එවන් සාර්ථක අත්හදා බැලීමක් පිලිබන්දවයි. මෙවන් එක් අත්හදා බැලීමක් පිළිබඳව අප ඔබට මීට ඉහතදී පවා විස්තර ගෙන ආවා

cobalt වලින් තැනුන  micro පරිමාණයේ layers කිහිපයකින් යුතු මෙම නව අමුද්‍රව්‍යය භාවිතයෙන් වායුගෝලයේ අඩංගු CO2 වායුව formate නම් ඉන්ධන වර්ගය බවට පරිවර්තනය කල හැකි බවට පරීක්ෂකයන් සොයාගෙන තිබෙනවා. මෙම formate නම් ඉන්ධන වර්ගයේ ඇති සුවිශේෂී ගුණාංගය වන්නේ එය දහනය කිරීමෙන් වායුගෝලයට අහිතකර වායුන් නිකුත් නොවීමයි.

මෙම සොයාගැනීම පොසිල ඉන්ධන දහනය නිසා වායුගෝලයට සිදුවන බලපෑම අවම කිරීම උදෙසා වන එක් වැදගත් සන්දිස්ථානයක් වනු ඇති බව පර්යේක්ෂකයන්ගේ අදහසයි. මෙම නවතම අමුද්‍රව්‍යය නිර්මාණය වී තිබෙන්නේ cobalt සහ cobalt oxide වල එකතුවකින්. මෙම ද්‍රව්‍ය හරහා ඉතා කුඩා විද්‍යුත් ධාරාවක් යැවීමට සැලැස්වීම මගින් එය සමග ගැටී පවතින CO2 අණුවල අනුක ව්‍යූහය වෙනස් කිරීමට මෙම නව අමුද්‍රව්‍යය ක්‍රියා කරනවා. එහි ප්‍රතිපල වෙන්නේ formate නම් ඉන්ධන වර්ගය නිපදවීමයි.

තවමත් මේ අලුත් මුලද්‍රව්‍යය පවතින්නේ පරීක්ෂණාගාර මට්ටමේ එය වැඩිදියුණු කිරීමට තවත් බොහෝ පරීක්ෂණ පැවැත්විය යුතු බව පර්යේක්ෂකයන්ගේ අදහසයි. නමුත් ඔවුන්ගේ අදහස වසරකට ගිගා ටොන් 36 ක් පමණ වන මිනිසා විසින් වායුගෝලයට එක් කරනු ලබන CO2 ප්‍රමාණයෙන් වායුගෝලයට වන හානිය සැලකිය යුතු ලෙස අවම කිරීමට මෙම නව සොයාගැනීමට හැකි වනු ඇති බව ඔවුන්ගේ අදහසයි.

යෝධ මුහුදු දැල්ලෙක් (Giant Squid) ජපානයෙන්

squid

Giant Squid in Japan

දැල්ලන් යනු බොහෝ දෙනෙක් ප්‍රිය කරන ආහාරයක්. නමුත් මේ වාර්තා වන්නේ යෝධ දැල්ලෙක් පිළිබඳවයි. යෝධ දැල්ලන් යනු මුහුදේ ඉතා ගැඹුරේ ජිවත් වන සතුන් විශේෂයක්. ගැඹුරු මුහුදු පතුලේ අඳුරු පරිසරයක ජිවත් වන මෙම සතුන් සාමාන්‍යයෙන් මුහුදේ ඉහල මට්ටමට පැමිණෙන්නේ නැහැ. නමුත් පසුගියදා මෙවන් යෝධ මුහුදු දැල්ලෙක් කිමිදුම් කරුවන් පිරිසකගේ නෙත ගැටුණු අවස්ථාවක් වාර්තා වුනා.

මේ සිදුවීම වාර්තා වී තිබෙන්නේ ජපානයෙන්. ජපානයේ බටහිර මුහුදු තිරයේ Toyama Bay කලාපයේ පසුගිය නත්තල් දා මෙම යෝධ දැල්ලා කිමිදුම් කරුවන්ගේ කැමරාවට හසුවී තිබෙනවා. මෙම යෝධ දැල්ලාගේ විශාලත්වය මීටර් 3.7 පමණ වන බව අනුමාන කෙරෙනවා. සාමාන්‍යයෙන් හොඳින් වැඩුණු යෝධ දැල්ලෙක් ගේ විශාලත්වය මීටර් 13ක් පමණ වනවා. මෙම අවස්ථාවේ දී ලබාගන්නා ලද වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැකියි.

කෙසේ වෙතත්  මෙම යෝධ දැල්ලා ජපානයේ මුහුදු තිරයට පැමිණියේ ඇයි දැයි යන්න අපැහැදිලි කාරණයක්. මෙමෙ සත්වයා අසලින් කිමිදීමේ යෙදුන ජපාන ජාතිකයන්ට අනුව නම් ඌ කිසිදු අනතුරකට භාජනය වී තිබූ බවක් පෙනෙන්නට තිබී නැහැ. ඔවුන්ට අනුව නම් මෙම යෝධ දැල්ලා කිමිදුම් කරුවන් දැල්ලාගේ ග්‍රහණයට ගැනිමට පවා උත්සාහ කර තිබෙනවා.

මෙවන් බොහෝ විශාල සත්ව වර්ග ඉතා ගැඹුරු මුහුදේ ජිවත් වෙනවා. මෙමෙ යෝධ දැල්ලන් පිළිබඳව පවා ප්‍රථම වරට චායාරුප ගත කිරීමට අවස්ථාවක් ලැබී තිබෙන්නේ 2012 වසරේදීයි.