අඳුරේ දිලෙන මොරෙකු සොයාගැනේ (glow in the dark shark)

Glow in the dark එහෙම නැතිනම් අදුරේ දිලෙන දේවල් මොනවද කියල ඇහුවොත් අපට මුලින්ම මතකයට එන දෙයක් තමයි ඇතැම් ඔරලෝසුවල කටු, ඉන්පසුව අපට මතකයට එන්නේ කණාමදිරියන්, රැබදුල්ලන් වැනි කෘමි සතුන්. මිට අමතර ඇතැම් ජෙලි මසුන් ද මෙලෙස අඳුරේදී ආලෝකය නිකුත්කරන සතුන් අතර සිටියා. නමුත් ලඟදි මෙම සතුන් අතරට තවත් සතකු එක්වුවා ඒ මෝරෙක් (glow in the dark shark) Continue reading

ප්ලාස්ටික් වලින් පෙට්‍රල් සැදීමට උපකරණයක් ජපානයෙන්

Akinori Ito නම් ඔහු ජපන් ජාතික නව නිර්මාණකරුවෙක්. ඔහු විසින් ලොවට ඉදිරිපත්කරන නිර්මාණයනම් දැනට ලොව පුරා කඳු ගැසෙමින් ඇති ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රජෝජනවත් ලෙස බොරතෙල් බවට පත්කරගන්න උපකරණයක්. මෙම උපකරණය ඉතා විශාල දෙයක් නොවෙයි. එය මේසයක් මත තබා ක්‍රියාත්මක හැකි ප්‍රමාණයේ උපකරණයක්.කිලෝවොට් එකක විද්‍යුත් ශක්තියක් මගින් ප්ලාස්ටික් කිලෝ එකක් බිඳ හෙළීමට හැකියාව තිබෙනවා. ප්ලාස්ටික් ටොන් එකක් කියන්නේ බොරතෙල් බැරල් 11ක් Continue reading

බොරතෙල් අධිකාරිය සමග සටනට Bill Gates සහ Mark Zuckerberg

පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයන් පිලිබඳ කෙරෙන පරික්ෂණයන් ඉහල දැමීමට සහ ඒ මගින් බිහිවන සොයාගැනීම ලෝකයට වැඩදායි ලෙස භාවිත කිරීම සඳහා අවශ්‍ය වන මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම සඳහා ලෝකයේ සිටින සුපිරිම ධනවතුන් දැන් එකතුවී තිබෙනවා. Microsoft නිර්මාතෘ Bill Gates ගේ අදහසක් අනුව මෙම මුදල් ප්‍රතිපාදන ලබාදීම සඳහා විශාල අරමුදලක් ආරම්භ කර තිබෙනවා. මෙම අරමුදල නම් කොට තිබෙන්නේ Breakthrough Energy Coalition ලෙසයි Continue reading

සුර්යබල ත්‍රි රෝද රථය.

බැටරිය charge කිරීම මගින් 70 km දුරක් 35 kmph වේගයෙන් ගමන් කල හැකි අතර හොදින් සුර්යාලෝකය ඇති දිනෙක තවත් 50 km දුරක් ගමන් කිරීමේ හැකියාවද ලැබෙනවා. මිට අමතරව සාමාන්‍ය pedal කිරීමක් මගින් තවත් දුරක් එකතුකර ගන්නට පුළුවන්. එලෙස එක් කිරීම මගින් 190 km පමණ දුරක් එක් charge එකකින් ගමන් කිරීමේ හැකියාව මෙය සතුයි. 250 kg උපරිම බරක් සහිතව ධාවනය කළහැකි මෙම රථය ඔව්න් ප්‍රධාන වශයෙන් සැලසුම් කර ඇත්තේ නගරාසන්න ප්‍රයෝජන සඳහායි Continue reading

වසර 9000 කටත් පෙර සිට පැවතෙන මීමැසි පාලනය

මීපැණි යනු අපට බෙහෙවින් ප්‍රයෝජනවත් වන දෙයක් මි මැස්සන් ඇතිකිරීම (beekeeping) රැකියාවක් ලෙසත් බොහෝ දෙනා සිදුකරනවා. සැබවින්ම අප මී මැස්සන් ඇතිකිරීමට පටන්ගෙන ඇත්තේ කුමන කාලයකද යන්න බොහෝ පිරිසකට පැවති ගැටළුවක් මන්ද මීමැසි පාලනය පිළිබඳව තොරතුරැ ඊජිප්තු ශිෂ්ටාචාර වලින් පවා සොයාගැනීමට හැකියාව ලැබීමයි. මෑතකදී සොයාගන්නා ලද කරුණු වලට අනුව මිනිසාගේ මීමැසි පාලනය වසර 9000 ක් පමණ ඇත අතීතයට දිවයනවා. Continue reading

පෘථිවිය අභ්‍යන්තරයට ගමනක්.

ඉහත ඡායරුපයෙන් පෙනෙන යකඩ පියන විවර කලවිට ඔබට දකින්නට ලැබෙන්නේ මිනිසා විසින් පෘථිවිය අභ්‍යන්තරයට විදින ලද ලොව වැඩිම දිගින් යුතු සිදුරයි. කෙසේවෙතත් අප අපගේ පෘථිවිය අභ්‍යන්තරයට වඩා තාරුකා මන්දාකිනි, හා වෙනත ග්‍රහ ලෝක පිළිබඳව දන්නා නිසා 1970දි රුසියානු විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම පර්යේෂණය ආරම්භ කරා.Kola Superdeep borehole ලෙස මෙය නම් කෙරුනා. මෙහිදී ඔව්න්ගේ අරමුණ වුයේ පෘථිවි කබෝලෙන් අභ්‍යන්තරයට ගමන්කර එය තුල ඇති දෑ අධ්‍යනය කිරීමයි. 1970 සිට ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය වසර 24ක් තිස්සේ සිදුකෙරුණා. Continue reading

2016 අලුත්ම Nissan Leaf මෝටර් රථය

අප මිට පෙර Toyota Prius මෝටර් රථය හා Suzuki Wagon R මෝටර් රථ ගැන කතාකරා මතක ඇති. අද අප කතා කිරීමට සුදානම් වන්නේ Nissan Leaf මෝටර් රථය ගැනයි. Nissan Leaf මෝටර් රථය දැන් ලංකාව ප්‍රධාන වශයෙන්ම කොළඹ ආශ්‍රිතව ඉතාමත් ජනප්‍රිය මෝටර් රථයක්. එය පුර්ණ විදුලි මෝටර් රථයක් බව අපි සැවෝම දන්නා Continue reading

ලංකාවෙන් Coca-cola සමාගමට රුපියල් බිලියනයක දඩයක්

පසුගිය දිනක අපේ රටෙත් මෙවන් විශාල පරිසර දුෂණයක් සිදුවුනා. මේ සිදුවීම සිදුවුනේ බියගම පිහිටුවා ඇති Coca-cola කර්මාන්ත ශාලාවෙනුයි. Coca-cola කර්මාන්ත ශාලාවෙන් කිසියම් ද්‍රව්‍යක් කැළණි ගඟට එකතු වීම නිසා කැළණි ගඟේ ජලය මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු මට්ටමට අපවිත්‍ර වුනා. මේ නිසා කොළඹ නගරයේ පානිය ජාල සැපයුම විටින් විට අඩාල කිරීමටත් සිදුව තිබෙනවා. Continue reading

නීති විරෝදී ඇත්දළ ජාවාරම් කොටුකරගැනීම

ivory

අලි ඇතුන් ස්වභාවික පරිසරයකට එක් කරන්නේ අපුරුම සුන්දරත්වයක් නමුත් ඇතුන්ගේ දළ ලබාගැනීම සඳහා ඔවුන්ව ඉවක් බවක් නොමැතිව මරාදැමීම නිසා ලෝකය පුරා සිටින අලි ඇතුන් සම්පත මුහුණ දී සිටින්නේ බරපතල අර්බුධයකටයි. නීති විරෝදී ලෙස සිදුකෙරෙන මේ ඇත්දළ ජාවාරම නීතියට හසුකරගැනීමට ඉතාමත් අපහසු වන්නේ ඔවුන් කොතැනක සිට කොයි ආකාරයෙන් ක්‍රියා කරනවාද යන්න දැනගැනීමට ඇති අපහසුව නිසයි. නමුත් අද අපි ඔබට ගෙන එන්නේ තාක්ෂණයේ මහිමයෙන් මේ හොර ජාවාරම් කරුවන් නීතියට හසුකරගැනීමේ උතසහයක් පිළිබඳවයි. Continue reading

ටියාන්ජින් පිපිරිම හා පාරිසරික බලපෑම් (Tianjin Explosion)

පසුගිය 12 වනදින චීනයේ ටියාන්ජින් නගරයේ සියගණනකට මරුකදවමින් සිදුවූ පිපිරිම පිලිබදව හා එමගින් ඇතිවන පාරිසරික බලපෑම පිළිබඳව අප අද මෙම ලිපිය ඉදිරිපත් කිරීමට සිතුවා. ටියාන්ජින් වාරයේ බහලුම් රඳවා තබාගන්නා බහලුම් පර්යන්තයක මෙම පිපිරිම ඇතිවුයේ ඔව්න්ගේ වේලාවෙන් රාත්‍රී 11.30යි. මුලින් ඇතිවූ සුළු ගින්නක් පසුව මෙම අතිබිහිසුණු පිපිරිම සිදුවිය. තත්පර 30ක් තුල සිදුවූ පිපිරුම් දෙකක් මගින් පුද්ගලයින් 114 මරණයට පත්වූ අතර තවත් පුද්ගලයින් 70ක් අතුරුදහන්වී තිබෙනවා. Continue reading