පෙට්‍රල් ෂෙඩ් වලට වඩා charging station ජපානයෙන්

page

දැනට ලෝකය ගමන් කරමින් තිබෙන දිශාව හා වේගය අනුව ලොව දියුණු බොහො රටවල පුද්ගල ප්‍රවාහනය තව නොබෝ කලකින්ම පුර්ණ විදුලිවාහන මගින් සිදුවීම අනිවාර්ය දෙයක්. වාසනාවට පරිසරය හා කාර්යක්ෂම තාවය පිළිබඳව වැඩිපුර සිතන ජපානය වැනි රටවල් ඔව්න්ගේ විදුලි වාහන ප්‍රමාණය වැඩිකරගැනීමට විවිධ උපක්‍රම මුල් කාලයේ යොදාගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස දැන් ජපානය තුල පෙට්‍රල් ෂෙඩ් වලට වැඩ වැඩි ප්‍රමාණයක් විදුලි වාහන ආරෝපණය කරන charging station තිබෙන බව nissan සමාගම පසුගිය දිනෙක ප්‍රකාශ කරා.

ඔව්න් ප්‍රකාශ කරන්නේ දැනට ජපානය තුල charging station 40,000 (නිවාස වල ඇති ප්‍රමාණයද ඇතුළුව) පවතින අතර ඉන්ධන පිරවුම්හල් ඇත්තේ 34,000ක ප්‍රමාණයක් බවයි. ඔව්න් මේබව අනාවරණය කරේ එක් පුර්ණ අරෝපනයකින් කිලෝමීටර 170ක් පමණ ධාවනය කළහැකි නවතම nissan leaf මෝටර් රථය හදුන්වාදෙන අතරතුරයි. දැනට වැඩිම ප්‍රමාණයක් DC quick charging station ප්‍රමානයක් ජපානය තුල ඇති අතර ඒ 6,469ක් ඒ වගේම යුරෝපය හා ඇමෙරිකාව තුල දැනට 3028ක් හා 1686ක් පිහිට තිබෙන අතර ජපානය  ඉන් වඩාත් ඉදිරියෙන් green energy සංකල්ප වෙත ගමන් කරමින් සිටිනවා. ඒ වගේම 2020 වසර වනවිට (තව අව්රුදු හතරකින් )ඔව්න් charging station මිලියන දෙකක් ඇතිකිරීමට හා අලුතෙන් නිෂ්පාදනය කරන වාහන වලින් අඩක් විදුලි වාහන බවට පත්කිරීමටත් බලාපොරොත්තු වනවා.

ලොව දියුණු රටවල් මෙවැනි ගමනක යද්දී අපේ රටේ nissan leaf වැනි පුර්ණ විදුලි වාහන මෙන්ම hybrid වාහන වලට අධික බදු පටවමින් ඉන්දියාවේ ලදරම් ඇල්ටෝ වලට මෙහෙ market එක හදල කොමිස් ගහන එක ගැන සම්පුර්ණ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න අපි කැමති. දැනට යුරෝපයේ ඇමෙරිකාවේ ඇතැම් අධිවේගී මාර්ග වල විදුලි වාහන නොමිළේ ගමන් කරන අතර එවැනි මෝටර් රථයක් මිලදී ගන්නවානම් ඉන් කොටසක් රජය මගින් ගෙවනු ලබනවා. නිවසක solar panel කිහිපයක් සවිකිරීම මගින් කොළඹ වැනි ප්‍රදේශයක වාසය කරන පුද්ගලයෙකුට තම ඉන්ධන සඳහා ගතවන වියදම බින්දුවක් කරගන්න පුළුවන්. නමුත් මේවැනි අනුවණ ක්‍රියා නිසා අපරටෙන් ඉන්ධන සඳහා පිටරටවල් වලට (විශේෂයෙන් IOC නැතිනම් indian oil company එක හරහා)  ඇදීයන මුදල්  ප්‍රමාණය ඉතුරු කරගන්න බැහැ. අවසානයට ඔබට හිතන්න යමක් දෙන්නම්, දැනට බොරතෙල් බැරලයක මිල ඩොලර් 30ක පවතිද්දී වැඩි මිලට ඉන්ධන අලවිකරමින්  IOC එක කෙතරම් ලාභ ලබනවා ඇතිද??

අපෙගේ web අඩවිය පිලිබඳව ඔබගේ අදහස් අපට එවන්න. අප හා සම්බන්ධ වන්න
Like Us: www.fb.com/techpedia.lk
Visit Us: www.techpedia.lk

ලොව විශාලතම සුර්ය තාප බලාගාරය

qgfktlzcoztozkyrv3jp

අප දැන් ඔබට බොහෝ වෙලාවට පුනර්ජනනිය ශක්තින් මගින් විදුලිය නිපදවෙන ආකාරයන් හා තාක්ෂනයන් ගැන වැඩියෙන් ලිපි ඉදිරිපත්කරනවා. මොකද දැන් ලෝකය වේගයෙන් ඒ දෙසට ඇදීයාමට පටන් අරන්. අද මේ ලිපිය ගෙන එන්නේ මොරොක්කෝවේ ස්ථාපිත කිරීමට නියමිත ලොව විශාලතම සුර්ය තාප බලාගාරය පිළිබඳවයි. සුර්ය ශක්තිය මගින් විදුලිය නිපදවීම කියා කිව්වොත් අපට මතක් වන්නේ solar panel යොදාගනිමින් සිදුකරන ක්‍රියාවලියයි, නමුත් මේ සිදුවන්නේ එය නොවෙයි.

සුර්ය ශක්තිය මගින් විදුලිය නිපදවීමේ ප්‍රධාන  ආකාර දෙකක් පවතිනවා ඒ photo-voltaic හා thermal වශයෙන්. ඉන් photo-voltaic ක්‍රමයේදී සුර්ය පැනල යොදාගැනෙන අතර thermal ක්‍රමයේදී  සිදුවන්නේ සුර්ය තාපය යොදාගැනීමයි. අපි thermal ක්‍රමය ගැන පොඩ්ඩක් කතා කරමු. මෙහිදී සිදුවන්නේ සුර්ය තාපය යොදාගනිමින් heat transfer fluid (HTF) එකක් ඉතා අධික උෂ්ණත්වයකට රත්කිරිමයි ඒ සඳහා සුර්යතාපය එක්රැස්කිරීමට වක්‍රාකාර දර්පන යොදාගන්නා අතර එම දර්පන වල නාභිය හරහා heat transfer fluid එක ගමන්කරවනවා. මෙම බලාගාරයේ එක් දර්පනයක් මීටර 12ක් පමණ උසකින් යුක්තයි. එහිදී මෙම ද්‍රවය 393° C තරම් ඉහල උෂ්ණත්වයකට පත්වන අතර ඉන්පසු එම තාපය ජලය වෙත heat transfer එකක් මගින් හුවමාරු කොට එමගින් හුමාල turbine එකක් යොදාගෙන විදුලිය නිපදවනු ලබනවා. මොරොක්කෝවේ සාදන මේම බලාගාරය දර්පණ 500,000කින්  යුක්ත අතර එමගින් ඔව්න් 580 MW ශක්තියක් නිපදවීමට බලාපොරොත්තු වනවා, ඒ  අනුව මෙම ව්‍යාපෘතියෙන් නිවාස මිලියනයකට පමණ විදුලිය ලබාදීමට ඔව්න් සුදානම්.

Solar-Trough-Grid-Applicati

මෙහි ප්‍රථම අදියර දැනට ක්‍රියාත්මක වන අතර එය Noor 1 ලෙස ඔව්න් හදුන්ව තිබෙනවා. එහිදී 160 MW ශක්තියක් ඔව්න් ලබාගන්නවා. Noor 2 හා Noor 3 ඊළඟ අදියරයන් ලෙස 2017දි ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඉන්පසුව steam turbine සඳහා අවශ්‍ය පැය 8ක ශක්තිය ගබඩා කරගැනීමේ හැකියාවෙන්ද යුක්තයි. වසර 2020දි මුළුමනින්ම  අවසන් කිරීමට නියමිත මෙම බලාගාරය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 9යක මුදලක් වැයවන බවට ගණන් බල තිබෙනවා. කෙසේ වෙතත් මෙම බලාගාරයෙ ප්‍රථම අදියර මගින් වසරකට කාබන්ඩයොක්සයිඩ් ටොන් 240,000 වායුගෝලයට මුදාහැරිම වළක්වාලීමට සමත්.

google chrome update එකකින් පසුව සිංහල අකුරු හරියාකාරව බැඳී නොපවතින අතර ඒ පිලිබඳ කණගාටුව ප්‍රකාශ කරමු.

 

ප්‍රංශය ලොව පළමු solar මාර්ගය නිපදවයි

One-thousand-kilometres-of-solar-panels-will-pave-French-roads-media

පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව අප බොහෝ වෙලාවට කතා කරනවා. මෙවරත් ඔබට ගෙන එන්නේ තවත් පරිසර හිතකාමී තාක්ෂණයක් පිළිබඳවයි. ලොව පුරා මෙන්ම අපේ රටෙත් දැන්  සුර්ය බලශක්තිය බොහෝසෙයින් භාවිතාවට ගැනෙනවා. ඔබ දන්නවා ඇති බොහෝ විට මෙම solar panel සවිකිරීම සිදුවන්නේ නිවාස වල වහල මතයි. ඒ සුර්යාලෝකය හොදින් පතිත වීම මගින් වැඩි කාර්යක්ෂම තාවයකින් යුක්තව විදුලිය නිපදවීමටයි. නමුත් ප්‍රංශය ඊට වඩා වෙනස්  ස්ථානයක solar panel සවිකිරීමට පියව අරන්. ඒ solar panel සවිකරන ලද මාර්ගයක් සැදීමටයි. ඒ අනුව ඔව්න් මීළඟ වසර 5 ඇතුලත කිලෝමීටර 1000 දිගින් යුතු මාර්ගයක් සැදීමට බලාපොරොත්තු වනවා.

colas-wattway-solar-road.jpg.662x0_q70_crop-scale

මෙම විශේෂිත solar panel සහිත මාර්ගය ඔව්න් හදුන්වන්නේ Wattaway ලෙසයි. මෙම සම්පුර්ණ ව්‍යාපෘතිය අවසානයේ මිලියන 5ක ජනයාට විදුලිය ලබාදීමට හැකි බව ඔව්න් පවසනවා. එමගින් දැනට විදුලිය නිපදවීමට යොදාගන්න ගල්අඟුරු, තාපබලාගාර වැනි පරිසරය හිතකාමී නොවන තාක්ෂණයක් බැහැරකිරිමටයි ඔව්න් සැරසෙන්නේ. ප්‍රංශ බලධාරීන් පවසන අන්දමට මාර්ගයක රථ වාහන මාගින් ආවරණය වන ප්‍රමාණය 10% පමණ වන නිසා (ඔව්න්ගේ රථවාහන තදබදය අනුව.) මෙය සාර්ථකවනු ඇතිබව  විස්වාස කරනවා.

1-COLAS-Joachim-Bertrand

මිලිමිරර 7ක උසින් යුතු මෙම සුර්ය පැනල රළු මතුපිටකින් යුක්තයි. ඒ රථවාහන ගමන් කිරීමට ඝර්ෂණය ඇතිකිරීම සඳහායි. තවද මෙය වසර 20ක් කාලයක් පුරා මාර්ගයේ සවිකර තැබිය හැකි බවස ඔව්න් පවසනවා. මෙම  මාර්ගයේ එක් කිලෝමීටරයක් මගින් නිවාස 5000ක් සඳහා විදුලිය සැපයිය හැකියි. නමුත් මෙය නිවාස වල සවිකරන solar panel තරම් කාර්යක්ෂම නොවනු ඇතිබව බොහෝ දෙන පවසනවා නමුත් මෙම තාක්ෂණය යොදාගන්නේ සුළු පරිමාණයෙන් නොව මහාපරිමාණයෙන් වන නිසා කාර්යක්ෂමතාව සමස්තයක් ලෙස ඉහල අගයක් ගනු ඇති බව මෙහි සැලසුම් ශිල්පින් පවසනවා.

නිවසටම විදුලිය දියහැකි Tesla Powerwall

models-powerwall

Tesla Powerwall පිළිබඳව අප ඔබට මිට පෙර ඔබව ලිපියකින් දැනුවත් කර මතක ඇති. අද අප මේ සටහන ගෙන එන්නේ 2016 වසරේ අගදී වෙළඳ පොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන Tesla Powerwall 2016 මාදිලිය ගැනයි. අප මුලින්ම Tesla සමාගමේ නිර්මාතෘ වන Elon Musk ගැන පොඩි සටහනක් තබන්න බලාපොරොත්තු වනවා. මොකද ඔහු දැනට ලෝකයේ නව තාක්ෂණික පෙරලියක් ඇතිකිරීමට ඉතා විශාල දායකත්වයක් ලබාදුන් පුද්ගලයෙක් නිසා. ඔහු තමයි මුලින්ම අන්තර්ජාලය හරහා සැමට ආරක්ෂාකාරීව ගනුදෙනු කරීම සඳහා Pay Pal සමාගම ආරම්භ කරන්නේ ඉන්පසුව වසර 2002දි eBay මගින් Pay Pal මිලදී ගන්නේ ඩොලර් බිලියන 1.5කටයි. එහිදී ඔහුට ඩොලර් මිලියන 165ක් ලැබෙන්න අතර ඉන්පසුව ඔහු ලොව අභ්‍යවකාශ තාක්ෂනය උඩුයටිකුරු කර space X සමාගම නිර්මාණය කරනවා , ඉන් නොනැවතුණු ඔහු Tesla සමාගමද ආරම්භ කරන අතර ඉතා සාර්ථක විදුලි මෝටර් රථ වන Tesla model S, model X වැනි මෝටර් රථ හදුන්ව දුන්නා. ඒ වගේම tesla powerwall ද ඔව්න්ගේ සංකල්පයක්. ඊට අමතරව ඔහු hyperloop නමින් නවතම අධිවේගී ප්‍රවාහන තාක්ෂණයක් පිළිබඳවත් පර්යේෂණ වල නිරතවනවා. ඔහුගේ මේ එක් එක් සමාගම් පිළිබඳව පසුව වෙන වෙනම අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වනවා ඒ නිසා දැනට එපමණයි.

elon-musk

ලෝකයේ මිට දශයකට පමණ පෙර බොරතෙල් මිල දැරීමට නොහැකි වනලෙස ඉහල ගියා සමහර විට ඔබට මතක ඇති. ඒ කාලයේ ලොව තාක්ෂනය ඉතාමත් සීග්‍රයෙන් පුනර්ජනනීය බලශක්තිය දෙසට අදිගියා. එහිදී ඉදිරිපත්වූ එක් සංකල්පයක් තමයි living off the grid කියන්නේ. එනම් පුනර්ජනනිය බලශක්තිය යොදාගනිමින් ප්‍රධාන විදුලි ජල සැපයුම් වලින් මිදී ජිවත් වීම යන්නයි. එය එක්තරා විදිහකට අමුතු අදහසක් ලෙස ඔබට සිතෙන්නට පුළුවන් නමුත් එය කල හැකි බව දැන් ඔප්පුවී හමාරයි. දැනට අප රටේ බොහෝ නිවාස සුර්ජකෝෂ මගින් දිව කාලයේ බලගැන්වෙන බව ඔබ දන්නවා එහිදී සිදුවන්නේ දිවාකාලයේ දී අතිරික්ත විදුලිය grid එකට නැතිනම් ප්‍රධාන විදුලි සැපයුමට විදුලිය සපයා රාත්‍රී කාලයට grid එකෙන් විදුලිය නැවත ලබාගැනීමයි. නමුත් Tesla Powerwall  battery පද්ධතිය හරහා ඔබට අතිරික්ත විදුලිය ගබඩා කරගන්න පුළුවන්.  දැනට මේ සඳහා ඔව්න් Panasonic බැටරි යොදාගන්න අතර Tesla gigafactory එක ආරම්භයෙන් පසුව ඔව්න්ගේම බැටරියක් නිපදවීමට බලාපොරොත්තු වනවා. 7 kWh බැටරියක් $3000ක් හා 10 kWh බැටරියක් $3500ක මිලක් නියම කර තිබෙනවා. මෙම බැටරි කිහිපයක් සම්බන්ධ කොට අවශ්‍ය ශක්තිය ගබඩාකර ගැනීමට පුළුවන්. ඒ අනුව අනාගතයේදී  living off the grid කියන සංකල්පය යථාර්තයක් බවත පත්වේවි.

SolarEdge-Tesla-Powerwall

නමුත් මෙවැනි පරිසර හිතකාමී බලශක්තීන් සඳහා යොමුවීම හැකිතාක් මැඩලීමට බොරතෙල් කර්මාන්තයේ යෙදෙන සමාගම් උත්සහ ගන්න බව ප්‍රසිද්ධ රහසක්. උදාහරණලෙස තවමත් කෙතරම් පාරිසරික දුෂණයක් සිදුවුවත් මෝටර් රථ සඳහා අප පොසිල ඉන්ධනම යොදාගන්නේ එහි කිසිදු මෝටර් රථයට වෙන කිසිම බලශක්තියක් එක් කිරීමට ඔව්න් කිසිම අවස්ථාවක ඉඩ නොදෙන නිසයි. එය ලොවට රහසේ ඔව්න් සිදුකරනවා. මිට අමතරව මෑතකදී ලොව තාක්ෂණික යෝධයින් වන Bill Gates, හා  Mark Zuckerberg ඩොලර් මිලියන ගණනක අරමුදලක්ද පිහිටවූවා. ඒ පරිසර හිතකාමී තාක්ෂණික පර්යේෂණ දිරිගැන්විමටයි. ඒ කෙසේ වෙතත් මෙම සිතල යුද්ධය තව බොහෝකල් පවතිනු ඇතිබව නොඅනුමානයි.

CO2 වලින් ඉන්ධන

co2-formate_1024

CO2 යනු පරිසරයට එතරම් හිතකර වායුවක් නොවන බව අප සියලු දෙනාම දන්නවා. මිනිසා විසින් අධික ලෙස CO2 වායුව පරිසරයට එක් කිරීම නිසා මේ වන විට ගෝලීය උණුසුම ඉහල යාමේ බරපතල පාරිසරික ගැටලුවකට පවා පෘථිවිය මුහුණ දී තිබෙනවා. මෙලෙස වායුගෝලයට එක් වන CO2 වායුව ප්‍රයෝජනවත් කාර්යක් සඳහා යොදාගත හැකි නව මාවත් සොයා පර්යේක්ෂකයන් නිරන්තරයෙන් පරීක්ෂණ පවත්වනවා. මේ විස්තරය එවන් සාර්ථක අත්හදා බැලීමක් පිලිබන්දවයි. මෙවන් එක් අත්හදා බැලීමක් පිළිබඳව අප ඔබට මීට ඉහතදී පවා විස්තර ගෙන ආවා

cobalt වලින් තැනුන  micro පරිමාණයේ layers කිහිපයකින් යුතු මෙම නව අමුද්‍රව්‍යය භාවිතයෙන් වායුගෝලයේ අඩංගු CO2 වායුව formate නම් ඉන්ධන වර්ගය බවට පරිවර්තනය කල හැකි බවට පරීක්ෂකයන් සොයාගෙන තිබෙනවා. මෙම formate නම් ඉන්ධන වර්ගයේ ඇති සුවිශේෂී ගුණාංගය වන්නේ එය දහනය කිරීමෙන් වායුගෝලයට අහිතකර වායුන් නිකුත් නොවීමයි.

මෙම සොයාගැනීම පොසිල ඉන්ධන දහනය නිසා වායුගෝලයට සිදුවන බලපෑම අවම කිරීම උදෙසා වන එක් වැදගත් සන්දිස්ථානයක් වනු ඇති බව පර්යේක්ෂකයන්ගේ අදහසයි. මෙම නවතම අමුද්‍රව්‍යය නිර්මාණය වී තිබෙන්නේ cobalt සහ cobalt oxide වල එකතුවකින්. මෙම ද්‍රව්‍ය හරහා ඉතා කුඩා විද්‍යුත් ධාරාවක් යැවීමට සැලැස්වීම මගින් එය සමග ගැටී පවතින CO2 අණුවල අනුක ව්‍යූහය වෙනස් කිරීමට මෙම නව අමුද්‍රව්‍යය ක්‍රියා කරනවා. එහි ප්‍රතිපල වෙන්නේ formate නම් ඉන්ධන වර්ගය නිපදවීමයි.

තවමත් මේ අලුත් මුලද්‍රව්‍යය පවතින්නේ පරීක්ෂණාගාර මට්ටමේ එය වැඩිදියුණු කිරීමට තවත් බොහෝ පරීක්ෂණ පැවැත්විය යුතු බව පර්යේක්ෂකයන්ගේ අදහසයි. නමුත් ඔවුන්ගේ අදහස වසරකට ගිගා ටොන් 36 ක් පමණ වන මිනිසා විසින් වායුගෝලයට එක් කරනු ලබන CO2 ප්‍රමාණයෙන් වායුගෝලයට වන හානිය සැලකිය යුතු ලෙස අවම කිරීමට මෙම නව සොයාගැනීමට හැකි වනු ඇති බව ඔවුන්ගේ අදහසයි.

මුහුදු රළෙන් විදුලිය නිපදවන හැටි.

7_12-c-simulated-wave-farm

මුලින්ම ඔබ සැමට සිතුම් පැතුම් ඉටුවන සුභ අලුත් අව්රුදක් වේවා කියල ප්‍රර්ථනා  කරනවා. අදත් වෙනදා වගේම ලොව නවතම විද්‍යාත්මක හා තාක්ෂණික තොරතුරු ගෙන එන්නට සුදානම්.ඔබට මතක ඇති,  පසුගිය අව්රුදු කිහිපයම පුනර්ජනනීය බලශක්තින් පිළිබඳව ඉතාමත් උනන්දුවක් තිබු කාලයක්. ඒ යම්කිසි දිනක අපට ඇති පොසිල ඉන්ධන අවසන්වුවිට සිදු කරන්නේ කුමක්ද යන ප්‍රශ්නය හා පොසිල ඉන්ධන මගින් සිදුවන අතිවිශාල පරිසර දුෂණය ලොව රටවලට දැනෙන්නට පටන්ගැනීමත් සමගයි. සුළඟ, සුර්යාලෝකය භූතාපය වැනි දේවල් වලට අමතරව මුදුහු රළ යොදාගනිමින් බලශක්තිය නිපදවීම පිළිබඳව කතිකාවක් බොහෝකල් සිට පැවතුනා. අද අප ඔබට ගෙන එන්නේ මුහුදු රළ මගින් බලශක්තිය නිපදවීමට සිදුකරනලද නිර්මාණයක් පිළිබඳවයි.

pelamis-wave-energy-coverter

Pelamis Wave Energy Converter යනුවෙන් මෙය හදුන්වදී තිබෙනවා. එය ස්කොට්ලන්ත සමාගමක් විසින් නිපදවන  ලද්දක්. ඔව්න් මෙම විදුලි උත්පාදන යන්තය දැනට නිර්මාණය කොට අවසන්කර ඇති අතර පෘතුගාලයේ  Povoa de Varzim නගරය ආසන්නයේ තම ප්‍රථම වාණිජ මුහුදු රළ විදුලි බලාගාරයද නිපදවා තිබෙනවා. මෙය වසර 6යක කාලයක් තිස්සේ සිදුකරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක්.  මෙය බාහිර ස්වරුපයෙන් සර්පයෙකුට සමානකමක් දක්වනවා. දිගින් මීටර 142ක් හා විෂ්කම්භය මීටර 3.5ක්.

Ocean Electricity

මෙය එකිනෙක සම්බන්ධ වන පාවෙන ලෝහ සිලින්ඩර 4ක් හෝ 5කින් යුක්ත වනවා. එම විශාල සිලින්ඩර මුහුදු රළ උස්පහත් වන ආකාරය අනුව රළ මත පිහිටනවා. මුහුදු රළ ගොඩබිම දෙසට ගමන්කිරීමේදී එම අසව් මගින් සවිකර ඇති සිලින්ඩර ද රළ අනුව පිහිටනවා. එහිදී ඇතිවන චලනය මගින් ජනයවන ශක්තිය  hydraulic ram එකක  ලබාගෙන  hydraulic මෝටර් එකක් කැරකවිමෙන් විදුලිය උත්පාදනය කරනු ලබනවා. එම නිපදවන විදුලිය ඉන්පසුව රැහැන් මගින් ගොඩබිම වෙත ගෙනයනු ලබනවා. තවද මෙම Pelamis Wave Energy Converterඑක ඕනෑම දේශගුණික තත්වයකට මුහුණ දියහැකි ලෙස සදා තිබෙනවා.

ප්ලාස්ටික් වලින් පෙට්‍රල් සැදීමට උපකරණයක් ජපානයෙන්

eda14800faba19c5ccded766ee516aea14c5db8d8dc726723c53674435a77f38_large

ලොව ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා  “one man’s trash is another man’s treasure.” කියල. කෙනෙක් ආනවශ්‍යයි කියල ඉවත්කරණ දෙයක් තවත් කෙනෙකුට වටිනා දෙයක් වෙන්න පුළුවන්. එය තම තමන්ගේ දක්ෂතාව මත තීරණය වන දෙයක්. අද අප ඔබට මේ තොරතුර ගෙන එන්නේ ජපානයේ සිටයි. Akinori Ito නම් ඔහු ජපන් ජාතික නව නිර්මාණකරුවෙක්. ඔහු විසින් ලොවට ඉදිරිපත්කරන නිර්මාණයනම් දැනට ලොව පුරා කඳු ගැසෙමින් ඇති ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රජෝජනවත් ලෙස බොරතෙල් බවට පත්කරගන්න උපකරණයක්.

Ito-Demonstration

මෙම උපකරණය ඉතා විශාල දෙයක් නොවෙයි. එය මේසයක් මත තබා ක්‍රියාත්මක හැකි ප්‍රමාණයේ උපකරණයක්. එහිදී කිලෝවොට් එකක විද්‍යුත් ශක්තියක් වැයකිරීම මගින් ප්ලාස්ටික් කිලෝ එකක් බිඳ හෙළීමට හැකියාව තිබෙනවා. මෙයට ප්ලාස්ටික් පමණක් නොව පොලිතින්, පොලිස්ටයරින් හා පොලිප්‍රෝපලින් පවා බිඳහෙලීමට හැකියාව තිබෙනවා. අප ප්ලාස්ටික් කිලෝ 1ක ප්‍රමාණයක් දහනය කළහොත් එය මගින් අසන්න වශයෙන් කිලෝ තුනක කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් නිපදවනු ලබනවා නමුත් ඉතාසුලු විද්‍යුත් ශක්තියක් යොදාගනිමින් සිදුකරන මෙම කාර්යේදී සාදන තෙල් දහනය කිරීමට යොදාගැනීමෙන් අමතරව දහනයවන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය 80% කින් පමණ අඩුකරගත හැකිබව ඔහු පවසනවා.

converter

මෙහිදී සිදුවන ක්‍රියාවලිය නම් ප්ලාස්ටික් හා පොලිතින් අධික පීඩනයක් යටතේ ඉහල උෂ්ණත්වයකට පත්කිරීමයි. එහිදී එම ප්ලාස්ටික් ද්‍රව බවට පත්වී ඉන්පසුව එය වාෂ්ප ලෙස ඉවතට පැමිණෙන අතර එහිදී එම වාෂ්ප වෙනම ජලය යොදාගෙන සිසිල් කරගනු ලබනවා. මෙම ක්‍රියාවලිය ඉතාමත් සරල ක්‍රියාවලියක් වන අතර ලොව දැනට පවතින ප්ලාස්ටික් ගැටලුවට පිලියමක් ගෙන දීමට සමත්වනු ඇතියි.

මේ පිළිබඳව මිනිත්තු 5ක වීඩියෝවක් පහතින්.

බොරතෙල් අධිකාරිය සමග සටනට Bill Gates සහ Mark Zuckerberg

පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයන් පිලිබඳ කෙරෙන පරික්ෂණයන් ඉහල දැමීමට සහ ඒ මගින් බිහිවන සොයාගැනීම ලෝකයට වැඩදායි ලෙස භාවිත කිරීම සඳහා අවශ්‍ය වන මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම සඳහා ලෝකයේ සිටින සුපිරිම ධනවතුන් දැන් එකතුවී තිබෙනවා. Microsoft නිර්මාතෘ Bill Gates ගේ අදහසක් අනුව මෙම මුදල් ප්‍රතිපාදන ලබාදීම සඳහා විශාල අරමුදලක් ආරම්භ කර තිබෙනවා. මෙම අරමුදල නම් කොට තිබෙන්නේ  Breakthrough Energy Coalition ලෙසයි

මෙමෙ අරමුදලට දායක වීමට නියමිත අනෙකුත් පිරිස අතර Facebook නිර්මාතෘ Mark Zuckerberg මෙන්ම Alibaba වෙළඳ ජලයේ නිර්මාතෘ Jack Ma පෙරමුණ ගන්නවා. මිට අමතරව ලෝකයේ ඉහලම පෙලේ ධනවතුන් 30 දෙනෙක් පමණ මේ ක්‍රියාවලියට සමබන්ධවීමට කැමැත්ත පළකර තිබෙනවා. මේ පිලිබඳ  නිවේදනය කොට තිබෙන්නේ පැරිසියේ පැවති  එක්සත් ජනිත්න්ගේ පාරිසරික සමුළුවෙදියි. මෙම අරමුදලේ ආරම්භක විශාලත්වය ඩොලර් බිලියන ගණනක් වනු ඇති.

ලෝකයේ බලශක්ති අවශ්‍යතාවයෙන් වැඩිම කොටසක් ලැබෙන්නේ කාබන් ආශ්‍රිත බලශක්ති දහනය කිරීමෙන්, ගල් අඟුරු, පෙට්‍රෝලියම් ඉන්දන මේ අතරින් ප්‍රමුක ස්ථානයක් ගනු ලබනවා. මෙම කාබන් ආශ්‍රිත බලශක්ති ප්‍රභව නිර්මාණය වීමට වසර මිලියන ගණනක් ගතවෙනවා.  දිනෙන් දින ඉහල යන බලශක්ති අවශ්‍යතාවයන් සපුරාලීමට අපට ඇත්තේ සීමිත බලශක්ති ප්‍රභව ප්‍රමාණයක්. ඒවත් දිනෙන් දිනම ක්‍ෂය වෙමින් යනවා. මේ හේතුව නිසා කාබන් ආශ්‍රිත බලශක්ති ප්‍රභව වල මිල දිනෙන් දින ඉහල යන අතර එය ලෝකයේ බලශක්ති අවශ්‍යතාව නොකඩවා සපුරාලීමට විශාල බාධාවක් වෙනවා.

මෙලෙස කාබන් ආශ්‍රිත බලශක්ති ප්‍රභව වල මිල ඉහල යාම නිසා වැඩි වශයෙන් ගැටලුවට පත්වන්නේ ඌන සංවර්ධිත රටවල වෙසන ජනතාවවයි. බලශක්ති ප්‍රභව වල මිල ඉහල යන විට ඔවුන්ගේ රටවල ආර්ථිකයන්ට අකණ්ඩ බලශක්ති සැපයුමක් ලබාදීමට නොහැකි වෙනවා. මේ නිසා අධ්‍යාපනය, සෞඛ්‍ය, ගමනාගමනය වැනි අත්‍යවශ්‍ය කරණා බොහොමයක් මෙවන් රටවල අඩාල වීමට පුළුවන්.

කාබන් ආශ්‍රිත බලශක්ති ප්‍රභව වල ඇති මීලග ගැටලුව වන්නේ ඒවා දහනය වීම නිසා ඇතිවන කාබන්ඩයොක්සයිඩ් වායුව මගින් පෘථිවි උෂ්ණත්වය ඉහල යාම නිසා අනපේක්ෂිත ස්වභාවික විපත් ඇතිවීමයි. මේවා ගෙන්ද වැඩිපුර ගැටලුවට පත්වන්නේ ඌන සංවර්ධිත රටවල ජනතාවයි. මන්ද මෙවන් ස්වභාවික විපත් නිතර නිතර ඇතිවීම ඒ රටවල ආර්ථිකයට අහිත කර ලෙස බලපෑම් කිරීමයි.

මේ සියල්ලටම ඇති හොඳම විසඳුම වන්නේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කරා ලෝකයම යොමුකිරීමයි. නමුත් අදට පවතින තාක්ෂණයෙන් මෙමෙ පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වලින ශක්තිය උකහා ගැනීමේ කාර්යක්ෂමතාව ඉතා අඩුයි. ලෝකයේ සුපිරි ධනවතුන්ගේ එකතුවෙන් තැනෙන මේ අරමුදලේ මුලික පරමාර්ථය වන්නේ මෙලෙස පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් වඩා කාර්යක්ෂමව ශක්තිය ලබාගත හැකි ක්‍රමවේදයන් සොයාගැනීම උදෙසා සිදුකෙරෙන පරීක්ෂණ වලට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමටයි.

මෙම ක්‍රියාව සාර්ථක වුවහොත් වසර ගණනාවක් පුරා බොරතෙල් මත ලෝකය පාලනය කල මිනිසුන්ගේ යුගය නිමාවට පත්වනු ඇති. ඒ වෙනුවට පරිසර හිතකාමී බලශක්ති ප්‍රභව ලෝකය පුරා පැතිරුණු ඇති අතර ලෝකයේ බහුතරයක් මිනිසුන් තමන්ට අවශ්‍ය මට්ටමට බලශක්තිය ඉතා ලාභදායි ලෙස ලබාගැනීමට ඇති හැකියාවද වැඩිදියුණු වෙනු ඇති

සුර්යබල ත්‍රි රෝද රථය.

sunnyclist-tricycle-solar-pedal-power-indiegogo-1

zero emissions යනු දැන් ලොව පුරාම කතාබහ වන මාතෘකාවක්. එනම්  කිසිදු වායු  විමොචනයකින් තොරව ප්‍රවාහන කටයුතු කරගැනීමේ හැකියාවයි. ලොව පුරා බොහොරටවල් මෙවැනි තාක්ෂනයන් සඳහා  යොමුවන්නේ ඒවායේ ඇති පරිසර හිතකාමී බව නිසාමයි. ලංකාවේ මෙන් නොව ලොව දියුණු බොහෝ රටවල් වල hybrid වාහන හා පුර්ණ විදුලි බලයෙන් ධාවනය වන වාහන මිලදීගැනීමට තම ජනතාව උනන්දු  කරනවා, ඒ බදු අඩුකිරීමෙන් හා  මිලදීගැනීමේදී  මෝටර් රථයේ වටිනාකමින් කොටසක් ගෙවීමෙන්, මහා බ්‍රිතාන්‍ය මෙයට හොඳ උදාහරණයක්. කෙසේවෙතත් මෙවැනි මෝටර් රථයක් මිලදීගැනීම සිහිනයක් බවට පත්වද්දී අප අද ඔබට විස්තර ගෙන එන්නේ නව  සුර්යබල ත්‍රි රෝද රථය පිළිබඳවයි.

sunnyclist-tricycle-solar-pedal-power-indiegogo-2

මෙය නමින් Sunnyclist ලෙස හදුන්ව දී තිබෙනවා. වසර 2011දි ග්‍රීසියේ ඉංජිනේරුවන් පිරිසක් විසින් මෙය concept design එකක් ලෙස ඉදිරිපත් කර ඇති අතර ඉන්පසුව 2012දි  හා 2013දි prototype දෙකක් ද සාර්ථකව  අතහදා බලා තිබෙනවා. මුලිකවශයෙන් ඇලුමිනියම් frame  එකක් වටා මෙය නිර්මාණය කර ඇති අතර lithium iron phosphate (LiFePO4) බැටරියකින් හා 6 kW මෝටර දෙකකින් පසුපස රෝද බලගන්වෙනවා. මිට අමතරව මෙහි ඇති අනෙක් විශේෂත්වය නම් මෙය ප්‍රධාන විදුලි සැපයුම මගින්  charge කිරීමෙන්, වහලයේ සවිකර ඇති solar panel මගින් charge කිරීමෙන් හා රියදුරු ඇතුළු මගීන්ට සපයා ඇති independent potable pedals පෑගීම මගින්ද charge කිරීමේ හැකියාවයි.

sunnyclist-tricycle-solar-pedal-power-indiegogo-3

බැටරිය charge කිරීම මගින් 70 km දුරක් 35 kmph වේගයෙන් ගමන් කල හැකි අතර හොදින් සුර්යාලෝකය ඇති දිනෙක තවත් 50 km දුරක් ගමන් කිරීමේ හැකියාවද ලැබෙනවා. මිට අමතරව සාමාන්‍ය pedal කිරීමක් මගින් තවත් දුරක් එකතුකර ගන්නට පුළුවන්. එලෙස එක් කිරීම මගින් 190 km පමණ දුරක් එක් charge එකකින් ගමන් කිරීමේ හැකියාව මෙය සතුයි. 250 kg උපරිම බරක් සහිතව ධාවනය කළහැකි මෙම රථය ඔව්න් ප්‍රධාන වශයෙන් සැලසුම් කර ඇත්තේ නගරාසන්න ප්‍රයෝජන සඳහායි. මිට අමතරව විශාල හෝටල් ගොල්ෆ් පිට්ටනි සඳහාද ඔව්න් මෙය නවීකරණය කිරීමට සුදානම් බව පවසනවා.

sunnyclist-tricycle-solar-pedal-power-indiegogo-16

2016 අලුත්ම Nissan Leaf මෝටර් රථය

2015-Nissan-Leaf-A

අප මිට පෙර Toyota Prius මෝටර් රථය හා Suzuki Wagon R මෝටර් රථ ගැන කතාකරා මතක ඇති. අද අප කතා කිරීමට සුදානම් වන්නේ Nissan Leaf මෝටර් රථය ගැනයි. Nissan Leaf මෝටර් රථය දැන් ලංකාව ප්‍රධාන වශයෙන්ම කොළඹ ආශ්‍රිතව ඉතාමත් ජනප්‍රිය මෝටර් රථයක්. එය පුර්ණ විදුලි මෝටර් රථයක් බව අපි සැවෝම දන්නා කරුණක්. සම්පුර්ණයෙන්ම ආරෝපණය කරන ලද බැටරියක් මගින් ධාවනය වන එය Nissan සමාගම මගින් හදුන්වා දුන්නේ වසර 2011දි. කෙසේ වෙතත් එහි නවතම 2016 model එක ගැන Nissan සමාගම මාද්‍යනිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

2015-nissan-leaf-side-view

2016 Leaf එකේ ප්‍රධානම විශේෂත්වය වන්නේ මිට පෙර පැවති මාදිලිවල තිබු 24 kWh බැටරිය වෙනුවට 30 kWh බැටරියක් යොදා තිබීමයි. ඒ අනුව 2011/12 හා 2013 Nissan Leaf මාදිලිවල පැවති එක් අරෝපනයකින් ගමන් කල හැකි උපරිම දුව වූ  117 km හා 121 km දුර ප්‍රමාණය කිලෝමීටර 172ක් දක්වා ඉහල යාමයි. මෙය Nissan Leaf SV  හා SL model වලට standard option එකක් ලෙස මෙම බැටරිය සවිකර තිබෙනවා. මිට අමතරව SV  හා SL model වලට ජංගම දුරකථනය මගින් මෝටර් රථය පාලනය කිරීමට apps කිහිපයක් මෙන්ම voice recognition පහසුකමින්ද යුක්ත වනවා. මෙය ධාවනයට අවශ්‍ය බලය  80-kw AC synchronous motor එක මගින් ලබා දෙන අතර එය  අශ්වබල 107ක් නිපදවනවා.

පුර්ණ විදුලි මෝටර් රථයක් බාවිතයට දැනටත් අප බොහෝදෙනෙකුට ඇත්තේ අකමැත්තක්. නමුත් කාර්යක්ෂමතාවය අතින් ඉහලින්ම සිටින මෙම මෝටර් රථය නගර ආශ්‍රිතව ධාවනයට ඉතාමත් සුදුසුයි. එය පැහැදිලි කරනවානම්, මෙම මෝටර් රථය ධාවනය වන්නේ එහි ඇති බැටරියෙන් නිසා අධික වාහන තද බදයකදී නැවත සිටීමට සිදු වුවත් වෙනත් මෝටර් රථ වල මෙන් ඉන්ධන නාස්තියක් සිදුවන්නේ නැ. වැයවන්නේ වායුසමීකරණය සඳහා යවන විදුලිය පමණයි.  තවද ඔබ සාමාන්යෙන් පෙර සුදානම් ඇතුව ගමන් බිමන් යන අයෙකුනම් කිලෝමීටර 172ක් යනු ඉතාමත් හොද  range එකක්ද වනවා.

300204

මෝටර් රථය පිළිබඳව කතාකරනවමන් ඉතාමත් පහසුවෙන් 4දෙනෙක් හෝ 5දෙනෙකු සඳහා ගමන් කිරීමේ හැකියාව පවතින අතර ඉතා විශාල ප්‍රමාණයේ ඩිකී (boot) එකකින්ද යුක්තවේ. තව දෙයක් නම් මෙහි ගමන් කිරීම ඉතාමත් වෙනස් ආකාරයේ අත්දැකීමක්. ඒ වෙන කිසි දෙයක් නිසා නොව අපට මෝටර් රථයක පුරුදු එන්ජිමක ශබ්දය නැසෙන නිසා. ඇත්තටම එක හරිම වෙනස් අත්දැකීමක්.  ඔබට ඇසෙන එක ශබ්දය වන්නේ ටයර් පාරේ ගැටෙන හඬ හා සුළඟ කපාගෙන යන හැඩ පමණි. මෙහි හැඩයට බොහෝදෙනා අකමැති බව සත්‍යයක්, නමුත් මෙය ඉතාමත් හොදින් aerodynamically සිදුකල නිර්මාණයක් බව කිව යුතුයි. උදාහරණයක් ලෙස ගතහොත් මෙහි light එක උඩ එසවුණු දිග  plastic පටියක්  දැකීමට පුළුවන්. එය ඔව්න් යොදා ඇත්තේ side mirrors වලින් සුළඟ කැපියන හඬ අඩුකිරීමට සුලන්ධාරාව වෙන අතකට යොමුකිරීමටයි.

නිවසට solar panel කිහිපයක්ද සවිකරගැනීමට හැකියාව ඔබට තිබේනම් විදුලිබිල පාලනය කර ගැනීම එතරම් අපහසු කරුණක් නොවනු ඇත. එහිදී ඔබට සම්පුර්ණයෙන්ම ඉන්ධන වලින් තොරව ධාවනය කිරීමට මෝටර් රථයක් ලැබේ.  ලංකාවේ Nissan Leaf මෝටර් රථයක මිල රුපියල් මිලියන 3.0 සිට ඉහලට පවතියි.

Nissan leaf new price in Srilanka