සැප්තැම්බර් 1 දා පෘථිවිය ලඟින් පියඹා යන දැවැන්ත ග්‍රහකය

අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුල  Asteroid (ග්‍රාහක) විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවායින්  බොහොමයක් පෘථිවියට සැලකිය යුතු දුරකින් සුර්යා වටා දිගු ඉලිප්සාකාර කක්ෂයන්ගේ ගමන් ගන්නවා. පෘථිවියට ආසනයෙන් ගමන් කරන ග්‍රාහක බොහෝ විට ප්‍රමාණයෙන් කුඩා මට්ටමේ ඒවා. නමුත් ලබන සැප්තැම්බර් 1 වන දින විශාල ප්‍රමාණයේ ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිතයි.

මෙම ග්‍රාහකයේ නම “Florence”. ප්‍රථම වරට මේ ග්‍රාහකය නිරීක්ෂණය කොට තිබෙන්නේ 1981 දී. ඕස්ට්‍රේලියාවේ පිහිටි Siding Spring Observatory නම් නිරීක්ෂණාගාරය මගින්. නසා ආයතනයට අනුව 1890 ට පසුව මම ග්‍රාහකය පෘථිවියට ආසන්නයෙන්ම ගමන් ගන්නා අවස්ථාව මෙය වෙනවා. ඊට අමතරව 2500 වනතෙක් මෙම ග්‍රාහකයා පෘථිවියට මෙතරම් ආසන්නයෙන් ගමන් ගන්නේ නැති බවට ගණන් බලා තිබෙනවා.

පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන මේ විශාල ග්‍රාහකය ගැන ලොව වටා පරීක්ෂකයන් බොහොම උනන්දුයි ඒ මේ සමීප ගමන් කිරීම තුලින් ඔවුන්ට මෙම ග්‍රාහකය ගැන වඩාත් හොඳින් අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ලැබෙන නිසා. මෙම ග්‍රාහකයේ විශාලත්වය ගණන් බලා තිබෙන ආකාරයට කිලෝමීටර් 4.4 ක්. පෘථිවිය ආසන්නයෙන් ගමන් ගන්නා අනෙකුත් කුඩා ප්‍රමාණයේ ග්‍රාහක සමග සංසන්දනය කරන විට මෙය විශාල ගනයේ ග්‍රාහකයක්.

ග්‍රාහකය සහ පෘථිවිය අතර සමීපතම දුර කිලෝමීටර් මිලියන 7ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා. මෙය පෘථිවිය සහ චන්ද්‍රයා අතර ඇති දුර මෙන් 18 ගුණයක දුරක්. මේ නිසා මම ග්‍රාහකයෙන් පෘථිවියට අවදානමක් නම් දැනට නැහැ. ඔබ අභ්‍යවකාශ වස්තුන් නිරීක්ෂණයට උනන්දුවක් දක්වන කෙනෙක් නම් කුඩා ප්‍රමාණයේ සාමාන්‍ය දුරේක්ෂයකින් ඔබට මේ ග්‍රාහකය නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබෙනවා. පාසල් තාරකා විද්‍යා සංගම් වලට මෙය හොඳ අවස්තාවක් වනු ඇති.

අලුත් අලුත් දේ පහසුවෙන් ඉගෙනගන්නේ මෙහෙමයි. අවසන් කොටස

පහසුවෙන් අලුත් අලුත් දේ  ඉගෙන ගන්නා ආකාරය පිළිබඳව ඔබට විස්තර ගෙනෙනෙ ලිපි පෙලේ අවසන් ලිපියයි මේ. මුල් පියවරවල් ඔබට මේ link වලින් කියවන්න පුළුවන්. පළමු ලිපිය දෙවන ලිපිය තෙවන ලිපිය.

ලබාගත් දැනුම යාවත්කාලින කරගන්න.

මිනිස් දැනුම් පද්දතිය දිනෙන් දිනම අලුත් වනවා. ඔබ අද ඉගෙන ගන්නා දෙයට තවත් මාස කිහිපයකින් බොහෝ අලුත් කාරණාවන් එකතු වීමට පුළුවන් මේ නිසා ඔබගේ දැනුම යාවත්කාලින කරගැනීම අනිවාර්යයෙන්ම කල යුතු කාරණයක් . එමෙන්ම ඔබ කෙතරම් හොඳින් සහ ගැඹුරින් යම් කරුණක් අධ්‍යයනය කලද දිගු කාලයක් ඒ කරුණු භාවිතයට නාගැනීම නිසා ක්‍රමයෙන් එම කරනා ඔබගේ මතකයෙන් ගිලිහි යාමට ඇති ඉඩකඩ වැඩියි.

මෙය බොහෝ පාසල් සිසුන් අතර දක්නට ඇති තත්වයක්. යම් විෂයක් ඉගෙනගන්නා අවස්ථාවේදී ඉහල දැනුමක් පෙන්නුම් කරන සිසුන්ගෙන් පවා මාස කිහිපයකට පසු එම කරුණු ගැනම විමසීමක් කල විට දක්නට ලැබෙන්නේ අඩු අවභෝදයක් . එම නිසා ඔබ විසින් ඉගෙන ගත් කරුණු නැවත නැවත මෙනෙහි කිරීම ඉතා වැදගත් වෙනවා.

ඔබ වැඩිහිටියෙකු නම් ඔබ උගත් දේ පිළිබඳව පොතපත නිතර නිතර පරිශීලනය කිරීම ඔබගේ දැනුම යාවත්කාලින කරගැනීමට උදව් වනු ඇති. ඔබ පාසල් සිසුවෙකු නම් ඔබ උගත් දෙයට අදාල ගැටළු වලට නිතර නිතර පිළිතුරැ සැපයීමෙන් ඔබගේ දැනුම අලුත් කොට තබාගැනීමට හැකිවනු ඇති මෙන්ම ඔබගේ ගැටළු විසඳීමේ හැකියාවද මින් වර්ධනය වනු ඇති

අප මේ විස්තර කරන ලද කරුණු බොහෝ කාර්යක්ෂම දැනුම් ගවේෂකයන් විසින් යොදාගනු ලබන පියවරවල්. අලුතෙන් යමක් ඉගෙනීම සහ එය අබභෝධ කරගැනීම ඉතා පහසු එකක් බව ඔබට දැන් වැටහෙනවා ඇති. අප ඉහත විස්තර කරනු ලැබුවේ මුලික කරුණු කිහිපයක් පමණයි. මේ කරුණු ඔබට පහසු අයුරකින් භාවිතයට ගැනීම ඔබගේ කාර්යක්ෂමතාව තවත් ඉහල නංවනු ඇති.  එමෙන්ම ඒවාට ඔබගේ අවේනික ශෙලියක් ලබාදීමෙන් ඉගෙනීම වඩාත් රසවත් කරගැනීමට ඔබට හැකිවනු ඇති. ඒ මගින් වඩා වැඩි වෙලාවක් අධ්‍යයන කටයුතු වල නියුතු වීමට ඔබට හැකියාවක් ලැබෙනු ඇති.

දැන් ඔබ අලුත් අලුත් දේ පහසුවෙන් ඉගෙන ගන්නේ කොහොමද කියන එන හොඳින් දන්නවා. නමුත් ඔබට තවත් ගැටළුවක් මතුවෙන්නට පුළුවන්. ඒ තමයි ඉගෙන ගත් දේ දිගුකාලීනව මතක තබාගන්නේ කෙසේද කියන එක. මේ සඳහාත් ලෝකයේ විවිධ ක්‍රම භාවිත වෙනවා. ඒවායින් එක ක්‍රමයක් මෙහෙම විස්තර කරනන් පුළුවන්.

ඔබ නිර්මාණය කල කෙටි සටහන් පාඩම් කිරීමෙන් අනතුරුව එය විවිධ කාල පරාසයන් තුල නැවත නැවත කියවීමෙන් ඔබට එහි අන්තර්ගතය පහසුවෙන් මතකතබාගැනීමට පුළුවන්. උදාහරණයක් ලෙස පාඩම් කිරීම අවසන් කොට. දින 3 කින් නැවත සටහන කියවන්න නැවතත් දින 5 කින් නැවත කියවන්න  ඉන් පසු දින 7 කින් ද නැවතත් දින 14 කට පසුවද එම සටහන කියවන්න. එමගින් ඔබට දිගු කාලයක් ඔබ ඉගෙන ගත් දේ මතක තබා ගැනීමට පුළුවන්

අලුත් අලුත් දේ පහසුවෙන් ඉගෙනගන්නේ මෙහෙමයි. තෙවන කොටස

අලුත් විෂයන් පහසුවෙන් ඉගෙනගන්නා ආකාරය ඔබට කියන තෙවන ලිපිය. අපේ පළමු ලිපිය මෙතනින් සහ දෙවන ලිපිය මෙතනින් කියවන්න පුළුවන්. පහසුවෙන් ඉගෙනගැනීමේ ප්‍රථම සහ දවන පියවරවල් ගැන විස්තර අපි ඔබට ගෙනාව. දැන් අපි තව දුරටත් ඉදිරි පියවරවල් ගැන විස්තරාත්මකව කියවමු.

කුඩා දරුවෙකුට ඔබ ඉගන ගත් දේ තේරුම් කර දෙන්න.

මේ පියවර තරමක් විහිලු සහගත එකක් ලෙස ඔබට මුලින් පෙනෙන්නට පුළුවන්. නමුත් මෙහි ඇති අරුත නම්, ඔබ ඉගෙනගත් දේ තවත් කෙනෙකුට තේරුම් කරලීමට ඔබට හැකි නම් ඔබ විසින් ඒ විෂය හෝ විෂය කාරණය හොඳින් අවභෝද කරගත් බවයි. එමෙන්ම ඔබ යම් කාරණයක් තවත් කෙනෙකුට පැහැදිලි කිරීමට යාමේදී ඔබේ දැනුමේ ඇති අඩුපාඩු ඔබටම  පැහැදිලි වනු ඇති.

මේ පියවර සඳහා ඔබට සැබැවින්ම කුඩා දරුවෙක් යොදාගැනීමට පුළුවන් නමුත් කුඩා දරුවෙකුගේ අවදානය යොමුකරවා ගැනීමේ ගැටළුවක් මතුවීමට පුළුවන්. එවන් අවස්ථාවක ඔබගේ මිතුරෙක් මේ සඳහා යොදා ගැනීමට පුළුවන්.

ඔබ උසස්පෙළ වැනි විභාගයකට මුහුණ දීමට සුදානම් වන සිසුවෙක් නම් මිතුරන් කිහිප දෙනෙක් සමග එකතුවී මෙවන් ක්‍රියා  පිළිවෙලක් අත්හදා බැලීමට පුළුවන්.  නමුත් ඔබ පැහැදිලිවම මතක තබා ගත යුතු කාරණයක් තිබෙනවා එනම් ප්‍රථම අවස්ථාවේදීම ඔබට 100% නිවැරදිව සියලු දේ ඉගෙන ගැනීමට හා මතක තබා ගැනීමට නොහැකි වීම සාමාන්‍ය දෙයක්. එවන් අවස්ථාවක ඔබ වෙතටම අනවශ්‍ය ලෙස වරද පටවා ගැනීම ඔබගේ ඉගෙනීමේ හැකියාව මන්දගාමී කරලීමට හේතු වනු ඇති.

බොහෝ දෙනෙක් මෙම අදියර ඉටු කිරීමට තරමක් කම්මැලි වෙනවා. ඊට හේතුව වන්නේ “මිතුරන් ඉදිරියේදී මට වැරදුනොත්” යන හැඟීමයි. පළමුව ඔබ තේරුම් ගත යුතු වන්නේ බොහෝ කාලයක් අධ්‍යයනය කිරීමෙන් අනතරුව විභාගයේදී වරදිනවාට වඩා, මිතුරෙක් ඉදිරියේදී වරදක් සිදුවීම හොඳ බවයි. මන්ද විභාගයේදී ඔබට ඔබව නිවැරදි කරගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇති. නමුත් මිතුරෙක් සමගදී නම් ඔබට ඔබව නිවැරදි කරගැනීමේ හැකියාව පවතිනවා. දෙවන කාරණය නම් එල්සේ වැරදිමකදී ඔබව සමච්චලයට ලක් නොකරන හොඳ මිතුරෙක් සොයාගැනීමයි.

මෙම පියවර කිරියාත්මක කිරීමේදී පළමු අවස්ථාවේදීම සියලු කරුණු මතකයෙන්ම මිතුරාට පැහැදිලිකිරිම අනවශ්‍යයි. ඔබට ඒ විෂය කරුණ හොඳින් මතක සිටින තාක් ඔබට ඔබගේ සටහන් භාවිතයෙන් මේ පැහැදිලිකිරිම කරන්නට පුළුවන්.

ඔබගේ දැනුම සමාලෝචනය කර බලන්න.

ඔබ ඉහත පියවර අනුගමනය කරන අවස්ථාවවේදී ඔබගේ දැනුමේ යම් යම් අඩුපාඩු ඔබට පෙනෙන්නට පුළුවන්, මේ එම අඩුපාඩු නිවැරදි කරගැනීමට අවස්ථාවයි. ඔබට නොතේරුණු තැන නැවත නැවතත් අධ්‍යයනය කරන්න. ඔබගේ සටහන් නැවත නැවතත් අලුත් කරගන්න.

මෙලෙස ඔබගේ දැනුම අලුත් කරගත් පසු නැවතත් 3 වන අදියර ක්‍රියාවට නැගීමට ඔබට පුළුවන්. එවිට ඔබ අලුතින් තහවුරු කරගත් දැනුම පරික්ෂා කිරීමට ඔබට අවස්ථාවක් ලැබෙනු ඇති.

ඔබගේ දැනුම පිළිබඳව ඔබ සෑහීමකට පත්වන තෙක් ඔබට අදියර 3 සහ 4 වරින් වර කිරියාවට නැංවීමට පුළුවන්. මෙහිදී ඔබට නැවතත් අවධාරණය කල යුතු කාරණයක් වන්නේ ප්‍රථම අවස්ථාවෙන්ම 100% සාර්ථකත්වයක් බලාපොරොතු වීම නොකළ යුතුයි, මන්ද එවන් බලාපොරොත්තු බිඳවැටීමක් සිදුවුවහොත් එය ඔබගේ කාර්යක්ෂමතාව අඩුවීමට හේතුවක් වීමට පුළුවන්. එමෙන්ම මේ ක්‍රියාවන් ඔබට අලුත් නම් ඒ සඳහා හුරුවිමටත් ඔබට යම් කාලයක් ගතවනු ඇති. ඔබට ඉතා ඉහල සාර්ථකත්වයක් ලබාගැනීමට ඇති එකම මාර්ගය නම් ඉවසීම සහ නැවත නැවත උත්සහ කිරීම මගින් පමණයි.

මෙලෙස දැනුම සමාලෝචනය කිරීමේදී ඔබට ඔබගේ සටහන් පවා වෙනස් කරන්නට සිදුවේවි. ඒ ගැන කලබල වියයුතු නැහැ. ක්‍රමක්‍රමයෙන් ඔබගේ සටහන් මෙන්ම ඔබ සටහන් තබන අකාරය පවා වැඩිදියුණු වනු ඇති. ඔබගේ මුල් අවදියේ සටහනක් සහ පසු කාලීන සටහනක් සංසන්දනය කලොත් ඔබට මේ වෙනස පැහැදිලිව දකින්නට පුළුවන් වෙයි.

පහසුවන් අලුත් දේ ඉගෙනගන්නා ආකාරයේ ඉතිරි පියවර ගැන මීළඟ ලිපියෙන් අප කරුණු ගෙනඒමට බලාපොරොත්තු වෙනවා. මේ දක්වා අප ගෙන ආ ලිපි පෙළ පිළිබඳව ඔබගේ අදහස් අපට එවන්න. මිතුරන් සමග මේ ලිපි පෙළ බදාගන්න.

අලුත් අලුත් දේ පහසුවෙන් ඉගෙනගන්නේ මෙහෙමයි. දෙවන කොටස

අලුත් දේ පහසුවෙන් ඉගෙන ගන්නා ආකාරය පිළිබඳව විස්තර ඔබට ගෙන එන ලිපි පෙලේ දෙවන ලිපියයි මේ. ඔබට පළමු ලිපිය මෙතනින් කියවීමට පුළුවන්. අද අප ඔබට විස්තර කරන්න යන්නේ පහසුවෙන් ඉගෙන ගන්නා ක්‍රියා පිළිවෙලේ පළමු සය දෙවන පියවරවලුයි

ඔබට ඉගෙනීමට අවශ්‍ය විෂය කරුණ හෝ මාතෘකාව තෝරාගන්න.

මෙය ඔබගේ දැනුම ගවේෂණයේ ප්‍රථම පියවරයි. පළමුව ඔබ කල යුත්තේ ඔබට ඉගෙනීමට අවශ්‍ය විෂය කරුණ පැහැදිලිව වෙන්කර ගැනීමයි. ඔබ ඉගෙන ගැනීමට උත්සහ කරන විෂය කරුණ විශාල එකක් නම් එය කුඩා අනු මාතෘකා වලට වෙන්කරගන්න. මෙසේ කුඩා අනු මාතෘකා වලට වෙන්කිරීමට ඔබට ඒ විෂය පිළිබඳව යම් දැනුමක් අවශ්‍ය වෙනවා. නමුත් මේ අලුත් විෂය ගැන කිසිදු වැටහීමක් ඔබට නැති නම් ඒ ගැන කිසි ලෙසකත් බියවිය යුතු නැහැ. ඔබට කැමති මාතෘකාවෙන් ඔබට ආරම්භ කල හැකියි.

ස්වයං අධ්‍යනය ආරම්භ කරන්න.

ස්වයං අධ්‍යයනය ඔබගේ දැනුම ඉතා තීව්‍ර කිරීමට බෙහෙවින් උපකාරී වන්නක්. ලෝකයේ බොහෝ උගතුන් ඔවුන්ගේ විෂය ක්ෂේත්‍රයන්ගේ දැනුම ළඟාකරගෙන තිබෙන්නේ ස්වයං අධ්‍යයයන මගින්. ඔබට ස්වයං අධ්‍යයනය තරමක් ගැටළු සහගත නම් ඔබ ඉගෙනීමට බලාපොරොත්තු වන විෂය පිළිබඳව යම් දැනුමක් හෝ ඇති ඔබේ යහළුවෙකුගෙන් හෝ ගුරුවරයෙකුගෙන් ඔහු නිර්දේශ කිරීමට කැමති පොත් ලැයිස්තුවක් ඉල්ලා ගන්න. ඒ ලැයිස්තුව උපයෝගයෙන් ඔබට ඔබේ ස්වයං අධ්‍යයනය ආරම්භ කිරීමට හැකියවක් තිබෙනවා.

මෙහිදී ඔබ විසින්ම සටහන් තබා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඔබට මේ ක්‍රියාවලිය පුරුදු නැතිනම් මුලදී යම් අපහසුවක් දැනෙනු ඇති. උදාහරණයක් ලෙස ආරම්භයේදී ඔබගේ සටහන් පමණට වඩා දික් වන්නේ යයිද ඒවා අනවශ්‍ය කරණා වලින් පිරී පවතින්නේ යයිද ඔබට සිතෙනු ඇති. මෙය බොහොම පොදු දෙයක්. ඔබ මෙවන් සිතිවිලි වලට බියවිය යුතු නැහැ. අවශ්‍ය වන්නේ දිගටම මේ ක්‍රියාවලිය තුල රැඳී සිටීමයි.

ඔබ ස්වයං අධ්‍යනය ආරම්භ කල විට ඔබ විසින් අධ්‍යයනය කරනු ලබන කිසිදු කරුණක් ඔබගේ මතකයේ රැඳෙන්නේ නැති ඔබට සිතෙන්නට පුළුවන් මෙයත් පෙර මෙන්ම සාමාන්‍ය තත්වයක් ඒ ගැන කිසිදු බියක් ඇති කරගත යුතු වන්නේ නැහැ. මන්ද මේ ඔබ ඉගෙන ගැනීම ආරම්භ කළා පමණයි. ඉගෙනීම ආරම්භ කල පමණින්ම සියලු දේ ඔබගේ මතකයේ රැඳෙන්නේ නැහැ. එම නිසා බියවීමට හෝ කලබල වීමට අවශ්‍ය නැහැ.

අනවශ්‍ය ලෙස බිය ඇතිකර ගැනීම හෝ කරුණු මතක තබාගැනීමට මොලයට අනවශ්‍ය ලෙස බල කිරීම ඇත්ත වශයෙන්ම ඔබගේ ඉගැනීමේ කාර්යක්ෂමතාවය පහල දමන්නක්. මෙය අප බොහෝ දෙනකුට තිබෙන ගැටළුවක්. ප්‍රථම වතාවේදීම ඔබ 100% සාර්ථක විය යුතුයි කිසිදු තැනක සටහන් වී නැහැ. යම් විෂය කරුණක් තේරුම ගැනීමට ඔබට වැයවන කාලය ඔබට ආවේනික කරුණක්. එනිසා වෙනත් කෙනෙකුන් සමග අනවශ්‍ය පරිදි ඔබව හෝ ඔබගේ දරුවා සංසන්දනය කිරීම ඒ තරම් සුදුසු වන්නේ නැහැ. මන්ද එය ඔබ තුල හෝ ඔබගේ දරුවා තුල අනවශ්‍ය පීඩනයක් ඇතිකිරීමට හේතු වන නිසාවෙනි.

නමුත් ඔබට හෝ ඔබගේ දරුවාට සාමාන්‍ය කරුණක් පවා අවභෝද කරගැනීමට ඉතා දීර්ඝ කාලයක් ගතවන්නේ නම් හෝ එය සම්පුර්ණයෙන්ම අවභෝද කරගැනීමට අපහසු වන්නේ නම්, එවන් අවස්ථාවක් ඉතා සැලකිල්ලෙන් සොයා බැලිය යුතු වෙනවා. අප බොහෝ විට දකින කරුණක් නම් දරුවාට දිගින් දිගටම පීඩනය එල්ල කිරීම හෝ වැඩිහිටියෙකු නම් තමන් තමන් වෙතටම වරද පටවාගැනීම යන කරුණුයි.

නමුත් මෙවන් කරුණකදී ඔබට පරිබාහිර කරුණුත් මෙයට බලපාන්නට පුළුවන්. උදාහරණයක් ලෙස දරුවෙකුගේ පෝෂණ ඌනතවක් මෙවන් කරුණකට හේතු වන්නට පුළුවන්. එසේත් නැතිනම් දෙමාපියන් නිතරම ගැටුම් ඇති කරගන්නා වාතාවරණයක් තුල දරුවෙකුගේ අධ්‍යාපන හැකියාවන් බිඳවැටීමට පුළුවන්. එම නිසා යමක් සිදුවූ පමණින් නිගමන වලට නොඑළඹී ඒ ගැන වඩා ගැඹුරින් සොයාබැලිය යුතු වෙනවා.

ඉතා පහසුවෙන් අලුත් අලුත් දේ ඉගෙන ගැනීමේ ක්‍රියාපිලිවේලේ ඉතිරි පියවරවල් සවිස්තරාත්මකව මීළඟ ලිපියෙන් ඔබට ගෙනඒමට බලාපොරොත්තු වෙනවා.

අලුත් අලුත් දේ පහසුවෙන් ඉගෙනගන්නේ මෙහෙමයි. පළමු කොටස

මිනිසා උපතේ සිට මරණය දක්වාම ඉගෙන ගන්නා බව අප කා අතරත් බොහොම ප්‍රසිද්ධ කියමනක්. නමුත් කෙමෙන් කෙමෙන් අප වයසින් වැඩෙත්ම අලුත් දෙයක් පහසුවෙන් ග්‍රහණය කරගැනීම සහ එය දිගු කාලීනව මතකයේ තබාගැනීම අපහසු වෙනවා. මෙය සාමාන්‍ය ක්‍රියාවලියක්. අපගේ වයස්ගත දෙමාපියන්ට වඩා පහසුවෙන් කුඩා දරුවෙකුට ජංගම දුරකතනයක් භාවිත කරන අයුරු ඉගෙන ගැනීමටත් මතක තබගනිමටත් පහසුවීම මෙයට එක් උදාහරණයක්. එසේත් නැතිනම් භාෂා කිහිපයක් පහසුවෙන් කතාකරන කුඩා දරුවන් ඔබ කොතෙකුත් දැක ඇති. නමුත් වැඩිහිටියෙක් ලෙස නව භාෂාවක් ඉගෙන ගැනීම ඔබට කෙතරම් අපහසුද.

කලින් සඳහන් කළා සේම මෙය සාමාන්‍ය සිද්ධියක්. වයස් ගතවනවිට අපගේ ඉගෙනීමේ හැකියව ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙනවා. නමුත් මෙපමණකින් අපට සැහීමකට පත්විය නොහැකියි. මන්ද අප ජිවත් වන තරඟකාරී දැණුම මුල්කරගත් සමාජ රටාව තුල පහසුවෙන් ජීවත්වීමට සහ විශේෂයෙන්, රැකියාවල ඉදිරියට යාමට නම් අපට නව විෂය කරුණු සහ දැනුම නිරන්තරයෙන් ළඟාකරගත යුතු වෙනවා.

තවදුරටත් අලුත් දැනුම පහසුවෙන් තේරුම ගැනීම ගැටළුවක් නෙවයි. එය ඉතා සරල ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය ලොවට හඳුන්වා දී තිබෙන්නේ නොබෙල් ත්‍යාගය ලාභී භෞතික  විද්යාඥයෙකූ වන  Richard Feynman මහතා විසින්. බොහෝ පුද්ගලයන් මෙවන් ක්‍රම ශිල්ප ඉගැන්වීම සඳහා විශාල මිල මුදල් අයකරනවා නමුත් Richard Feynman මහතා මේ ක්‍රමවේදය ඕනෑම කෙනෙකුට නොමිලයේ ලබාගත හැකි ලෙස ප්‍රසිද්ධ කොට තිබෙනවා. Techpedia  අපිත් ඒ ක්‍රම වේදය නොමිලේම ඔබ වෙත ගෙන එනවා.  කෙසේ වෙතත් මේ ක්‍රමය සහ ඒ ආශ්‍රිත දේවල් එක ලිපියකින් ලියා අවසන් කල හැකි වන්නේ නැහැ. ඒ නිසා අප අද පටන් ආරම්භ වන ලිපි මාලාවකින් මේ සියලුම කරුණු ඔබ වෙත ගෙන එනවා.

නව ලොව නව දැනුම නොමිලයේ ඔබ අතට සිංහලෙන් ගෙන එම Techpida  හි මුලික අරමුණයි . මෙවන් ලිපි පිළිබඳව ඔබගේ මිතුරන් දැනුවත් කොට ඔවුන්ටද මේ දැනුම ලබාදීමට ඔබ ක්‍රියා කරනු ඇති අප සිතනවා

මෙම අලුත් දැනුම සරලව ලගාකරගැනීමේ ක්‍රියාවලිය අධියර කිහිපයකින් යුක්තයි.

එම අදියර කිහිපය නම්.
  1. ඔබට ඉගෙනීමට අවශ්‍ය විෂය කරුණ හෝ මාතෘකාව තෝරාගන්න.
  2. ස්වයං අධ්‍යනය ආරම්භ කරන්න
  3. ඉගෙනගත් දේ වෙනත් කෙනෙකුට ඉගැන්වීම
  4. ඔබගේ දැනුම සමාලෝචනය කර බලන්න.
  5. ලබාගත් දැනුම යාවත්කාලින කරගන්න.

යන අදියර 5යි මේ අදියර පහ නිවැරදිව ඉටුකරගන්නා ආකාරය ඔබට විස්තර සහිතව ඉදිරිපත්කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඩයල් එක වගේ google කරන්න අනිවාර්යෙන් දැනගන්න ඕන කරුණු 10ක්

අපි නොදන්න ඕනෑම දෙයක් සොයාගන්න මිට ටික කාලයකට කලින් නම් දන්නා කෙනෙකුගෙන් අහනවා, නැතිනම් එක ගැන තියන පොතක් වගේ දෙයක් හොයාගෙන කියවන එක තමයි කරේ. නමුත් පරිඝනක තාක්ෂණයේ දියුණුවත් එක්කම අපි වැඩිය කරදර නොවී ඒ කාර්ය google search engine එකට බාරදීලා ඉවරයි. නමුත් අවශ්‍ය වෙලාවට අවශ්‍ය දෙය එකපාර හරියට හොයාගන්න සමහරුන්ට පහසු උනත් search කරන විදිහ එක්ක ඒක වෙනස් වෙනවා. effective විදිහට google search කරන එකත් ඇත්තටම හොද හැකියවක්. ඒනිසා අපි අද කතා කරන්න හිතුවේ අවශ්‍ය කරන දෙයක් google මගීන් එකපාර සොයාගන පුළුවන් විදිහක් පිළිබඳවයි. ඒ ගැන ලියවුන google search tips ටිකක් තමයි මේ.

  • හැකි තරම් කෙටියෙන් වචන අඩුවන තරමට අවශ්‍ය දේ සොයාගන්න පහසුයි. එක වචනයක් හරි වැඩි උනොත් අනවශ්‍ය data ගොඩක් එන්න පුළුවන්.
  • අවශ්‍ය වචනය කෙලින්ම search කරන්න ඔබට search කරන්න ඕන key word එක “” සලකුණු තුල search කරීමේ මගීන් එක්වරම අවශ්‍ය වචනය හෝ වාක්‍ය සහිත ස්ථාන සොයාගන්න පුළුවන්.
  • වෙබ් අඩවිය සහ වචනය ඔබට අවශ්‍ය දේ උවමනා වෙබ් අඩවියෙන් කෙලින්ම සොයාගන්න මේ මගීන් පුළුවන් උදාහරණයක් ලෙස techpedia auto gear බලන්න.
  • domain search කරන්න අවශ්‍ය දේ domain එකකත් එකක search කරන්න. උදාහරණ ලෙස ලංකාවේ දෙයක් නම් .lk, අධ්‍යාපනික දෙයක් නම් .edu වශයෙන්
  • අනවශ්‍ය වචන ඉවත් කරන්න. ඔබේ search එකට එන දත්ත යම්තාක් දුරට filter කරන්න මෙමගින් පුළුවන්. ඒ අනවශ්‍ය වචනයට ඉදිරියෙන් – ලකුණ එකතු කිරීම මගින්. උදාහරණයක් ලෙස sri lankan politics -Maithripala
  • අනවශ්‍ය webඅඩවි ඉවත් කරන්න.search එකට එන දත්ත  තව දුරට filter කරන්න මෙමගින් පුළුවන්. ඒ අනවශ්‍ය වෙබ් අසවියට ඉදිරියෙන්  – ලකුණ එකතු කිරීම මගින්. උදාහරණයක් ලෙස අධ්‍යාපනය -site:bbc.com/sinhal
  • Or භාවිතය search කරන්න ඕන වචන දෙක or මගීන් සම්බන්ධ කිරීමෙන් X වචනය හෝ Y  වචනය ඇති තැන සොයන්න පුළුවන්.
  • * ලකුණ භාවිතය නොදන්න යමක් ප්‍රශනයක් වශයෙන් search කරන විට * ලකුණ යෙදීම මගීන් google එය ප්‍රශනයක් ලෙස හදුනාගන්නවා

තවන් මේ වගේ විද්‍යාත්මක හා තාක්ෂණික දේවල් ගැන දැනගන්න කියවන්න එක වන්න අප සමග.

Like Us: www.fb.com/techpedia.lk
Visit Us: www.techpedia.lk

චර්නෝබිල් වසර 100කට සාර්ථකව වසාදැමේ.

ලොව සිදුවූ දරුණුතම න්‍යෂ්ඨික අනතුරක් වන රුසියාවේ චර්නොබිල් අනතුර සිදුවී පසුගිය අප්‍රේල් 26 වන දිනට වසර 30ක් ගතවුවා ඒ වගේම අප ඔබට මේ සම්බන්දයෙන් විශේෂ ලිපියක්ද ගෙනාවා මතක ඇති. 1986 අප්‍රේල් 26 වනදින රාත්‍රී 1.23 ට එම බලාගාරයේ හතර වන reactor එක අධික පීඩනය නිසා පුපුරා යන්නේ 31 දෙනෙකුට මරණයට පත්කරමින්. නමුත් ඉන් පසුව ඉන් පිටවූ විකිරණ නිසා පසු කාලීනව මරණයට පත්වූ ප්‍රමාණය දහස් ගණනක්. අනතුර සිදුවූ ස්ථානයේ සිටි  පුද්ගලයින් 237 ක් කෙලින්ම අධික විකිරණ නිසා හටගත් Acute radiation syndrome රෝගයට ගොදුරු වූ අතර ඒ සියලුම දෙනා මාස කිහිපයක් ඇතුලත මියගියා. ඊට පසුව තවමත් හරියාකාරව වසාදැමීමට නොහැකිවූ මෙම බලාගාරය වසර 30කට පසුව නිසි ආකාරයෙන් වසාදැමීමට සුදානම් වන බව අප මිට පෙර ලිපියකින් ඔබටපැවසුවා. අද අප මේ ලිපිය ඉදිරිපත්කරන්නේ ඔව්න් එය තාමත් සාර්ථකව එය ස්ථානගත කරන ලද බව හා එහි අලුත්ම විස්තර ඔබට ගෙන එන්නටයි.

chernobyl

මුලින්ම නිපදවූ ආවරණයක් මගීන් මෙහි හතරවන reactor එක වස දැමු අතර ඒ නිසා විකිරණශීලි අපද්‍රව්‍ය 80% පමණ බාහිර පරිසරයට එක්වීම වැලකි ගියා. නමුත් පසුකාලීනව එයතුලට ජලය කාන්ඳුවිම නිසා පොලවට විකිරණශීලි ජලය එක්වීමේ අවධානමක් පැවතුන. ඊට අමතරව විවිධ සතුන්ද ඒ ආවරණය තුලින් ගමන් කර නිසා නැවත විකිරණ නිකුත්වීමේ අවධානමක් හටගත්තා. ඊට ප්‍රතිකර්ම්යක් ලෙසයි මේ මීටර 110ක් උසින් යුතු දිග හා පළල මීටර 245ක් හා 270ක වන හා බරින් ටොන් 32000 ලොව විශාලතම චලනය වන වහල සැදුවේ. දැන් මේ වහලය සාදා නිමකොට හතරවන reactor එක වසාදමා තිබෙනවා. මුලුමනින්ම වගේ සුදු යකඩ යොදාගනිමින් නිපදවූ මෙය තව වසර 100ක් ආරක්ෂාකාරීව පවතියැයි ඔව්න් විශවාස කරනවා.  මේ සම්බන්ධ වීඩියෝ කිහිපයක් පහතින් ඔබට නැරඹීමට පුළුවන්.

වසර 32ක් තිස්සේ සිදුවූ වෙනස GOOGLE පෙන්වයි

මිනිසා ඇතුළු සියලුම ජීවින් ජීවත්වන අපගේ මේ පෘථිවියෙහි වයස වසර බිලියන ගණනක්. මිනිස් ක්‍රියාකාරකම් පෘථිවිය මත පවතී කාලය, පෘථිවියෙහි සමස්ත ආයුකාලයක හා සමග සසඳන විට එක නිමේශයක් තරම් කුඩා කාලසීමාවක්. නමුත් ඒ කුඩා කාලසීමාව තුල අප මේ ජීවයෙන් පිරි සුන්දර ග්‍රහලෝකය කෙතරම් දුරට වෙනස් කොට තිබේද. මෙය බොහෝ දෙනා විසින් නගනු ලබන ප්‍රශ්ණයක්. නමුත් අවාසනාවකට කරුණ නම් බොහෝදෙනෙකු තුල මේ පිළිබඳව අදහසක් ඇත්තේම නැති තරම්.

නමුත් නවීන තාක්ෂනය ආධාරයෙන්, මිනිසා විසින් පෘථිවියට සිදුකෙරෙමින් පවතින වෙනස්කම් පිළිබඳව පැහැදිලි අවභෝදයක් ලබාගැනීමට අපට දැන් අවස්ථාව උදාවී තිබෙනවා. 1984 සිට 2016 දක්වා ලබනා ලද චන්ද්‍රිකා චයරුප මගින් නිපදවන ලද timelapse වර්ගයේ වීඩියෝවක් මගින් මිනිසාගේ මේ ක්‍රියාකාරකම් පැහැදිළිව පෙන්වනු ලබනවා.

timelapse වීඩියෝවක් යනු දීර්ඝ කාලයක් තිස්සේ ලබාගනු ලබන චායාරුප  විශාල සංක්‍යාවක් එකට පෙළගැස්වීම මගින්  වීඩියෝ එකක් නිර්මාණය කිරීමයි. අද පවතින බොහොමයක් music වීඩියෝ  වල මෙම ක්‍රමවේදය යොදාගෙන තිබෙනවා ඔබ දැක ඇති.

මෙම timelapse විඩියෝ එක නිර්මාණය කිරීමට අවශ්‍ය චන්ද්‍රිකා චයරුප ලබාගෙන තිබෙන්නේ Landsat 8 හා Sentinel-2 යන චන්ද්‍රිකා දෙක මගිනුයි. මෙමෙ නිර්මාණය සඳහා ඔවුන් චන්ද්‍රිකා චායාරුප ලක්ෂ පනහකට  වඩා වැඩි ප්‍රමාණයක් උපයෝගී කරගෙන තිබෙනවා.

මෙම වීඩියෝ වල අඩංගු වෙන වනස්වීම් ඉතා විස්මය ජනකයි. කාන්තාර තුලින් ජනාකීර්ණ මිනිස් ජනාවාස බිහිවී වර්ධනය වන ආකාරය මෙන්ම මහා ගංගා ඒවායේ ගමන්මග වෙනස් කරමින් ගලායන ආකාරය පැහැදිලිව මේ වීඩියෝ පටවල සටහන්ව තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ මෙලෙස නිකුත් වී තිබෙන timelapse වීඩියෝ කිහිපයකුයි

මෙහි දැක්වෙන්නේ කුවේට් හි අල් ඛිරන් පර්ල් නගරය ගොඩනැගෙන ආකාරයයි.


මෙහි දැක්වෙන්නේ ලෝකප්‍රකට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයයි. එහි සුප්‍රසිද්ධ palm island නිර්මාණය වන ආකාරය පැහැදිලිව මෙහි නිරීක්ෂණය කල හැකියි


මේ බොලිවියාවේ Nuflo de Chavez නගරය වනාන්තරය අභිබවා පැතිරීගිය ආකාරයයි. මිනිසා විසින් සිදුකරන වනාතර විනාශයට මෙය ඉතා හොඳ උදාහරණයක්.


මේ කසකස්ථානය හා උස්බකිස්ථානය අතර පිහිටි jewel-hued Aral Sea නම් විලයි. පෘතුවියේ උෂ්ණත්වය ඉහළයාම හේතුවෙන් මෙය මුළුමනින්ම සිඳීයන ආකාරය දකින්නට පුළුවන්.


මේ පේරු රාජ්‍යයේ උකයාලි ගංගාව. මෙය විවිධ අවස්ථාවල ගංවතුර හා මිනිස් ක්‍රියාකාරකම් නිසා තම ගමන්මග වෙනස් කරගන්න ආකාරය ඉතා පැහැදිලිව දකින්නට පුළුවන්.

චීනයේ වාහන වලට උඩින් යන බස්රථය.

A model of the ‘Transit Elevated Bus’ is on display during the 19th China Beijing International High-tech Expo (CHITEC) in Beijing, China, 19 May 2016.
Getting stuck in a traffic jam can be one of the most frustrating parts of travelling around a busy city. Now engineers in China, the world’s most populated country, have come up with a way to overcome the problem of getting around in traffic. Designs for a new elevated bus has been unveiled at a tech expo in China, which will apparently be able to carry 1,200 passengers over the top of cars and let traffic to pass underneath it. The scale model of the ‘Transit Elevated Bus’ was demonstrated this week at the 19th China Beijing International High-Tech Expo. The idea is that passengers sit far above other vehicles on the road, allowing cars to pass underneath. In a model of the vehicle, it appears to run on a set of fixed rails embedded on the road. It means the vehicle is more like a cross between a tram and a bus. Engineers hope the design will increase the availability of the road space, and cause fewer traffic jams than regular buses. It is also expected to save costs compared to other public transport options, like the subway.

පාරේ මෝටර් රථයක ගියත් බයිසිකලයක ගියත් වැඩිපුරම පරිස්සම් වෙන්න ඕනේ මොනවගෙන්ද කිව්වොත් ලංකාවේ කෙනෙක්නම් කෙලින්ම දෙන උත්තරේ තමයි බස් වලින් කියල. නමුත් මේ කරුණ ලංකාවටම විතරක් නොවෙයි ලෝකයටම යම්තාක් දුරට අදාලයි. කාලසටහනක් තිබ්බත් තමන්ගේ හිතුමතේ දුවන, කිසිම වගකීමකින් තොරව වැඩකරන බස් මර්ගතදබදය වැඩිවීමට කෙලින්ම බලපාන කාරණයක්. බස් නැවතුම් කෙතරම් තිබ්බත් පාරේ මැද නවත්තල මගීන් එකතුකරගෙන දුවන බස් වල කරදරයෙන් බේරෙන්න චීනය මිට මාස කිහිපයකට පෙර අපුරු concept design එකක් ඉදිරිපත් කරා. නමුත් මේ concept එක වැඩි කාලයක් යන්න කලින් reality එකක්, නැතිනම් යථාර්ථයක් බවට පත්වී අවසන්. අද අප කතා කරන්නේ ඒ අරුම පුදුම බස් රථය පිළිබඳවයි

චීනය පරිසර දුෂණය අතින් ඉහලින්ම සිටිනරටක්, ඊට එක ප්‍රධාන හේතුවක් තමයි අධික රථවාහන භාවිතය, නමුත් මේ රථ වාහන භාවිතාව අඩුකරගෙන පොදු ප්‍රවාහන සේවාවන් වලට මිනිසුන් ගේනවා ගැනීම මේ ව්‍යාපෘතියේ එක ප්‍රධාන අරමුණක්. ඉහත රුපයේ පෙනෙනවා වගේ මේ බස් රථය ගමන් ගන්නේ රථවාහන මංතීරු දෙකක් පළලට ඊට ඉහලින්. මේය මගීන් සදහා මාර්ගයේ නතර කරත් traffic එකක් ඇතිවන්නේ නෑ. මොකද මෝටර් රථ වලට මේ අරුම පුදුම බස්රථයට පහලින් ගමන් කරන්න පුළුවන් නිසා.

මේක ඇත්තටම තරමක් යථාර්තයෙන් ඔබ්බට ගියපු design එකක් වශයෙන් තමයි සැලකුවේ, නමුත් concept එක ඉදිරිපත් වෙලා වැඩිකලක් යන්නට කලින් ඔව්න් මෙය යථාර්තයක් බවට පත්කර අවසන්. ඒ මගීන් 1200කට ගමන් පහසුව සලසමින් පයට කිලෝමීටර 60ක වේගයෙන් ගමන් ගන්නවා. මෙය මුළුමනින්ම විදුලියෙන් ධාවනය වන අතර පහලින් ගමන්කරන මෝටර් රථ වලට අනතුරක් නොවීම සදහා විවිධ වූ අනතුරු හැඟවීමේ ක්‍රම වලින් මෙය සමන්විතයි. මෙහි වීඩියෝපටයක් ඔබට පතින් දැකගන්න පුළුවන්.

තත්පර 98න් පාලමක්දාන යුධ ටැංකිය

tank-bridge

අපේ රටේ පාලමක් දානවා කිව්වොත් ඉතින් අව්රුද්දක් එකහමාරක් යන වැඩක් නේ. නමුත් යුධ වාතාවරණයක පාලමක් කියන්නේ උපක්‍රමශීලි ස්ථානයක්. එවැනි වට පිටාවක බොහෝවිට පාලම් පුපුරව හරිම සිදුකෙරෙනවා. නමුත් අපි අද කියන්නේ ඒ වගේ අවස්ථාවකට උනත් මුහුණ දෙන්න පුළුවන් ඇමෙරිකානු හමුදාව සතු පාලමක් පිළිබඳවයි.

M60 නමැති මේ යුධ ටැංකියමත තමයි මේ පාලම සවිකරලා තියෙන්නේ scissor- type bridge ලෙස හදුන්වන මේ පාලම කොටස් දෙකකට දිගහැරෙන අතර එහි ඇති විශේෂත්වය නම් පාලම මීටර් 19ක් නැතිනම් අඩි 60ක් දිගින් යුක්ත වීමයි. ඒ වගේම කියන්න ඕනේ මේක ටිකක් පරණ තාක්ෂණයක්. 1987දි හදුන්ව දුන් මේ තාක්ෂනය දැන් මේ අඩි 60ක් දිග පාලම මිනිත්තු 2ක් ඇතුලත සවිකරන්න තරම් දියුණු වෙලා තිබෙනවා. මේ පාලම බරින් ටොන් 13ක් නමුත් මේ පාලම මතින් ටොන් 60ක් බරැති ඕනෑම වහනයක් ධාවනය කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම මෙය මුළුමනින්ම වගේ ඇලුමිනියම් වලින් සදානිමකර තිබීමත් විශේෂත්වයක්.

මෙය සවිකර ඇති යුධ ටැංකිය ගැන කතා කරොත් එය මිලිමීටර 12.7ක මැෂින් තුවක්කු වලින් සන්නද්ධව පවතිනවා. ඒවගේම turbo charge අශ්වබල 750ක එන්ජිමකින් යුතු මේ විශේෂිත යුධ ටැංකියට මේ විශාල පාලමද රැගෙන පැයට කිලෝමීටර  48ක වේගයෙන් ගමන් කිරීමේ හැකියාව පවතිනවා. තවද මේ පාලම සමග මෙහි සම්පුර්ණ බර ටොන් 51.3ක්.  දැනට මේ විශේෂිත යුධ ටැංකිය යුධ කටයයුතු වලට අමතරව ගංවතුර, භුමි කම්පා වැනි හදිසි අපදා තත්ත්ව වලදීත් සහන සේවා කටයුතු සඳහා යොදාගන්නවා. මෙහි සම්පුර්ණ වීඩියෝවක් ඔබට පහතින් නැරඹීමට පුළුවන්.

තාක්ෂනය ගැන ලියවෙන අපේ වෙබ් අඩවියහා එක් වූ ඔබට බෙහෙවිම ස්තිතියි,
Like Us : www.facebook.com/techpedia.lk
Visit Us: www.techpedia.lk