සියලුම පිළිකා වලට එකම බෙහෙතක් ළඟදීම

universal-vaccine-cure-all-cancers

පිළිකා (cancer) යනු වසරකට බොහෝ ජිවිත ප්‍රමාණයක් අහිමි කරවන රෝගී තත්වයක්. ලෝකයේ විවිධ වර්ගයේ පිළිකා පවතිනවා. ඒවා එකිනෙකට විවිධ ආකාරයේ ප්‍රතිකාර සොයාගැනීමට පර්යේෂකයන් සමත්ව තිබුනත් ඒවායේ අතුරු ප්‍රතිපල ඉතාමත් ඉහලයි. එමෙන්ම සියලුම පිළිකා මැඩලීම සඳහා යොදාගත හැකි එක්  බෙහෙතක් සොයාගැනීමට බොහෝ පර්යේෂකයන් උත්සහ දරනවා,. කෙනෙකුට මෙය කිසිදාක ළඟාවිය නොහැකි ඉලක්කයක් ලෙස පෙනුනත් මේ අසීරු ඉලක්කයට තරමක් හෝ සමීප වීමට ජර්මානු පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබෙනවා.

Johannes Gutenberg විශ්ව විද්යාලයේ  පරීක්ෂකයන් පිරිසක් විසින් මේ පරීක්ෂණය සිදුකොට තිබෙනවා. මෙහිදී ඔවුන් සොයාගනු ලැබූ ඖශධය උපයෝගී කරගෙන මියන් ගේ සිරුරේ වැළඳී තිබු පිළිකා කාරක සෛල විනාශ කිරීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා. වඩාත්ම වැදගත් කාරණය වන්නේ මියන් පමණක් නොව පිළිකාවන් වැළඳී තිබු රෝගීන් තිදෙනෙකුටත් ඔවුන් මෙම ඖශධය ඉතා අඩු මාත්‍රාවකින් ලබා දී තිබෙනවා. එහිදී සියලුම රෝගීන් හොඳින් මෙම නව ඖශධයට මුහුණ දී තිබෙනවා. අතුරැ ප්‍රතිපල ලෙස උණ ගතිය ඇතිවීම වැනි තත්වයන් වාර්තා වී තිබුනත් එය සාමාන්‍ය පිළිකා නාශක ප්‍රතිකාරයක් මගින් ඇතිකරවන අතුරු ප්‍රතිපල සමග සසඳන කල මෙය ඉතා සුළු තත්වයක් වනවා.

මෙම පරීක්ෂණයේදී රෝගීනට ලබාදුන් මාත්‍රාව ඉතා කුඩා එකක් වුවත් එය සැලකිය යුතු මට්ටමේ වෙනසක් සිදු කිරමට සමත්වූ බව පර්යේෂකයන් පවසා සිටිනවා. ඔවුන්ගේ පර්යේෂණයට අදාල දත්ත මෙම journal එක මගින් ඔවුන් ප්‍රසිද්ධියට පත්කොට තිබෙනවා. කෙසේ වෙතත් මෙය නිසි ආකාරයෙන් සම්මත වූ ඖශධයක් ලෙස නිකුත් වීමට පෙර තවත් බොහෝ පරීක්ෂණ සිදුකල යුතු බව ඔවුන් පවසනවා. නමුත් මෙය බොහෝ පිළිකා රෝගීනට බලාපොරොත්තු ජනිත කරවන ආරංචියක් වනවා නොඅනුමානයි.

2016 වසරේ හොඳම සංචාරක ජායාරුප එකතුව

natgeo7

A scuffle breaks out in Kgalagadi Transfrontier Park, South Africa. Image credit: Jaco Marx/National Geographic.

නිතරම විද්‍යාත්මක තොරතුරු ඔබට ගෙන එන අපි අද ඔබට වෙනස් යමක් ගෙන ඒමට අදහස් කළා. මේ සටහන photography සඳහා දැඩි උනන්දුවක් දක්වන ඔබ සඳහායි. ඔබ photography පිළිබඳව උනන්දුවක් දක්වනවා නම් National Geographic නාලිකාව මගින් පවත්වන හොඳම ජයාරූප ශිල්පියා තේරීමේ තරඟ පිළිබඳව දන්නවා ඇති. ඒ අතරින් Best Travel Photographer of The Year තරඟය බොහෝ දෙනාගේ අවධානය දිනාගන්නා ලද තරඟයක්. අද අප ඔබට ගෙන එන්නේ 2016 වසර සඳහා මේ වනතෙක් ඉදිරිපත්ව ඇති ජයාරූප අතුරින් බොහෝ දෙනාගේ සිත් ඇදගැනීමට සමත්වූ ජයාරූප කිහිපයක්. මෙම තරඟයට සහභාගී වීමට ඔබත් කැමති නම් ඔබටද ඒ සඳහා ඇතුලත් වීමට පුළුවන්

natgeo5

A lone gazelle against the sand dunes of Namibia. Image credit: Doris Landertinger/National Geographic

natgeo4

A supercell thunderstorm looms over a small town in Blackhawk, South Dakota. Image credit: James Smart/National Geographic.

natgeo1

photo credit: A shed in Lapland, Finland, with a backdrop of the Northern Lights. Pierre Destribats/National Geographic

gatneo4

Purple rain blesses Uluru, or Ayers Rock, in Uluru Kata Tjuta National Park, Australia. Image credit: Christoph Schaarschmidt/National Geographic

gatneo3

A horse appears to panic as Mt. Bromo erupts in Indonesia. Image credit: Reynold Dewantara/National Geographic

gatneo1

Balanced Rock and lone tree in Arches National Park, Utah. Image credit: Manish Mamtani/National Geographic.

පෙට්‍රල් ෂෙඩ් වලට වඩා charging station ජපානයෙන්

page

දැනට ලෝකය ගමන් කරමින් තිබෙන දිශාව හා වේගය අනුව ලොව දියුණු බොහො රටවල පුද්ගල ප්‍රවාහනය තව නොබෝ කලකින්ම පුර්ණ විදුලිවාහන මගින් සිදුවීම අනිවාර්ය දෙයක්. වාසනාවට පරිසරය හා කාර්යක්ෂම තාවය පිළිබඳව වැඩිපුර සිතන ජපානය වැනි රටවල් ඔව්න්ගේ විදුලි වාහන ප්‍රමාණය වැඩිකරගැනීමට විවිධ උපක්‍රම මුල් කාලයේ යොදාගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස දැන් ජපානය තුල පෙට්‍රල් ෂෙඩ් වලට වැඩ වැඩි ප්‍රමාණයක් විදුලි වාහන ආරෝපණය කරන charging station තිබෙන බව nissan සමාගම පසුගිය දිනෙක ප්‍රකාශ කරා.

ඔව්න් ප්‍රකාශ කරන්නේ දැනට ජපානය තුල charging station 40,000 (නිවාස වල ඇති ප්‍රමාණයද ඇතුළුව) පවතින අතර ඉන්ධන පිරවුම්හල් ඇත්තේ 34,000ක ප්‍රමාණයක් බවයි. ඔව්න් මේබව අනාවරණය කරේ එක් පුර්ණ අරෝපනයකින් කිලෝමීටර 170ක් පමණ ධාවනය කළහැකි නවතම nissan leaf මෝටර් රථය හදුන්වාදෙන අතරතුරයි. දැනට වැඩිම ප්‍රමාණයක් DC quick charging station ප්‍රමානයක් ජපානය තුල ඇති අතර ඒ 6,469ක් ඒ වගේම යුරෝපය හා ඇමෙරිකාව තුල දැනට 3028ක් හා 1686ක් පිහිට තිබෙන අතර ජපානය  ඉන් වඩාත් ඉදිරියෙන් green energy සංකල්ප වෙත ගමන් කරමින් සිටිනවා. ඒ වගේම 2020 වසර වනවිට (තව අව්රුදු හතරකින් )ඔව්න් charging station මිලියන දෙකක් ඇතිකිරීමට හා අලුතෙන් නිෂ්පාදනය කරන වාහන වලින් අඩක් විදුලි වාහන බවට පත්කිරීමටත් බලාපොරොත්තු වනවා.

ලොව දියුණු රටවල් මෙවැනි ගමනක යද්දී අපේ රටේ nissan leaf වැනි පුර්ණ විදුලි වාහන මෙන්ම hybrid වාහන වලට අධික බදු පටවමින් ඉන්දියාවේ ලදරම් ඇල්ටෝ වලට මෙහෙ market එක හදල කොමිස් ගහන එක ගැන සම්පුර්ණ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න අපි කැමති. දැනට යුරෝපයේ ඇමෙරිකාවේ ඇතැම් අධිවේගී මාර්ග වල විදුලි වාහන නොමිළේ ගමන් කරන අතර එවැනි මෝටර් රථයක් මිලදී ගන්නවානම් ඉන් කොටසක් රජය මගින් ගෙවනු ලබනවා. නිවසක solar panel කිහිපයක් සවිකිරීම මගින් කොළඹ වැනි ප්‍රදේශයක වාසය කරන පුද්ගලයෙකුට තම ඉන්ධන සඳහා ගතවන වියදම බින්දුවක් කරගන්න පුළුවන්. නමුත් මේවැනි අනුවණ ක්‍රියා නිසා අපරටෙන් ඉන්ධන සඳහා පිටරටවල් වලට (විශේෂයෙන් IOC නැතිනම් indian oil company එක හරහා)  ඇදීයන මුදල්  ප්‍රමාණය ඉතුරු කරගන්න බැහැ. අවසානයට ඔබට හිතන්න යමක් දෙන්නම්, දැනට බොරතෙල් බැරලයක මිල ඩොලර් 30ක පවතිද්දී වැඩි මිලට ඉන්ධන අලවිකරමින්  IOC එක කෙතරම් ලාභ ලබනවා ඇතිද??

අපෙගේ web අඩවිය පිලිබඳව ඔබගේ අදහස් අපට එවන්න. අප හා සම්බන්ධ වන්න
Like Us: www.fb.com/techpedia.lk
Visit Us: www.techpedia.lk

ජංගම දුරකථනය ජලයට වැටුනොත් ?

water_01

ජංගම දුරකථනය යනු අද අප කාටත් නැතිවම බැරි දෙයක් බවට පත්වෙලා. අප අතේ නිතරම රැඳෙන උපකරණ වලින් එකක් බවට ජංගම දුරකථනය පත්වෙලා අවසානයි. මේ නිසාම ජංගම දුරකතනයට නිතර නිතර විවිධ ආපදාවන්ට මුහුණ දෙන්නට සිදුවෙනවා. ජංගම දුරකතනයට ජලය කාන්දු වීම මේ අතරින් එක සුලභ කාරණයක්. අද අප ඔබට කියන්නට යන්නේ ජංගම දුරකථනය වතුරට වැටුනොත් කල යුත්තේ සහ නොකළ යුත්තේ කුමක්ද යන්නයි.

නොකළයුතු දේ

ජංගම දුරකථනය පනගන්විමෙන් හෝ බැටරිය ආරෝපණය කිරීමෙන් වලකින්න.

water-2

ජලය කාන්දු වුන ජංගම දුරකතනයක් ඔබ පනගන්වනු ලැබුවහොත් එහි ඇති motherboard එක short circuit වීම නිසා එයට විශාල හානියක් සිදුවීමට පුළුවන්. මේ මගින් ඔබගේ ජංගම දුරකථනය නැවත භාවිතයට ගත නොහැකි මට්ටමටම පත්වන්නට පුළුවන්.

ජංගම දුරකථනය වේලීමට heat gun හෝ hair drier භාවිත නොකරන්න.

water-3

මෙය බොහෝ දෙනා විසින් කරනු ලබන වැරද්දක්. ජලයෙන් තෙත් වූ ඔබගේ ජංගම දුරකතනය ඇතුලත සිරවී තිබෙන ජලය මේ මගින් ඉවත් වන්නේ නැහැ. ඔබ සපයන ලබන තාපය  නිසා ඒවා වාශ්පවී ගියත් නැවතත් ඒවා ජංගම දුරකතනය තුලම රැඳෙන නිසා ජංගම දුරකතනයට වෙනත් ආපදාවන් ඇතිවන්නට පුළුවන්. එමෙන්ම ඔබ සපයන තාපය අදික වුවහොත් ඒ මගින් බැටරියට හෝ වෙනත් සියුම් කොටස් වලට හානි සිදුවිය හැකියි. එමෙන්ම ජලයෙන් තෙත් වූ ඔබගේ ජංගම දුරකතනය සෘජුව හිරු එලියට නිරාවරණය කොට වියලීමට උතසහ දැරීමෙන් වලකින්න.

තෙත්වූ ජංගම දුකථනය වියලි සහල් තුල දැමීමෙන් වලකින්න.

water-4

මෙය බොහෝ දෙනා තුල පවතින දුර්මතයක්. තාර්කිකව මෙය සත්‍යයක්. වියලි සහල් ජලය උරාගනු ලබනවා. නමුත් සහල් වල ඇති මේ උරාගැනීමේ හැකියාව ඉතා අඩු අගයක් ඒ නිසා සහල් වලට උරාගත හැකි වන්නේ එය සමග සෘජුව ගැටෙන ජලය පමණයි. එම නිසා මේ ක්‍රියාවලියෙනුත් ඔබට ප්‍රතිපලයක් නොලැබෙනු ඇති.

කල යුතු දේ

හැකි ඉක්මනින් දුරකථනය ක්‍රියා විරහිත කරන්න

water-5

මේ මගින් දුරකථනය short circuit වීමේ හැකියාව අඩුකළ හැකි වෙනවා. ඔබගේ ජංගම දුරකතනයේ බැටරිය ගලවා දැමිය හැකි නම් හැකි ඉක්මනින් එය ගලවා දමන්න. සාමාන්‍යයෙන් ඔබ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කරන ක්‍රියා පිළිවෙල අනුගමනය කල යුතු වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ දුරකථනය ක්‍රියාවිරහිත කිරීමයි.

එකිනෙක වෙනකල හැකි කොටස් සියල්ල වෙන් කර දමන්න.

water-6

ඔබගේ ජංගම දුරකතනයේ පහසුවෙන් ගලවා ඉවත් කල හැකි කොටස් සියල්ලම ගලවා ඉවත් කරන්න. ආරක්‍ෂිත කවරය බැටරිය සිම් කාඩ්පත memory sitck එක වැනි පහසුවෙන් ගැලවිය හැකි කොටස් ගලවා දමන්න. එසේ ගලවන ලද කොටස් වියලි රෙදි කඩකින් පිසදැමීම මගින් වියලා ගන්න. ඉන් අනතුරුව ඔබට හැකි පමණ දුරට ඔබගේ ජංගම දුරකතනය කොටස් කොට ඒවාත් වියලි රෙදි කඩකින් පිසදැමීම මගින් වියලා ගන්න

silica gel අඩංගු බැගයක ජංගම දුරකථනය බහා තබන්න.

water-7

silica gel ඉතා කාර්යක්ෂම ලෙස ජලය උරාගනු ලබනවා ඒ නිසා ඔබගේජංගම දුරකතනයේ සිරවී ඇති ජලය ඉතා හොඳින් උරාගෙන එය වියලි තත්වයට පත්කිරීමට මෙය ඉතාමත් වැදගත් පියවරක්.

ඉහත සඳහන් මුලික පියවර අනුගමනය කල පසු ඔබට වඩාත් සංකිර්ණ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියකට යොමුවීමට පුළුවන්. ඒ පිලිබඳ විස්තර අපි තවත් ලිපියකින් ගෙන එන්නම්.

නැව් කතා -2 නැවක් සමතුලිතව පාවෙන්නේ කොහොමද ?

sp

අපි මිට කලින් ගෙනආපු නැව් කතා 1 ලිපියෙන් කතා කරේ ලෝකය පුරා භාවිතා කරන විවිධ නැව් වර්ග ගැනයි. ඒ හැම නැවක් වගේම බෝට්ටුවලටත් අද කතා කරන්න යන දේ අදාලයි. නැව් බෝට්ටු හැම දෙයක්ම වතුරේ පාවෙන දෙයක්, නමුත් ඉදල හිටලා අසන්න ලැබෙනවා නේද බෝට්ටු නැව් පෙරලුන අවස්ථා ගැන. එවැනි අනතුරු වලින් බොහෝදෙනා මියගිය බව මතක ඇති. නැවක් නැතිනම් බෝට්ටුවක් හරියට සමතුලිතව පාවෙනවානම්  එක ගිල්ලවන්න කුණාටු 10ක් ආවත් බැහැ. අද අපි පැහැදිලිකරන්නේ නැවක සමතුලිත බවය පවත්වාගන්න ආකාරය ගැනයි.

Ship_stability.svg

නැවක් තියෙන්නේ වතුරේ, එතනදී ඇතිවන්නේ උඩුකුරු තෙරපුමක්. ආකිමිඩිස් නියම අනුව නැවක් පාවෙන්නේ එහි බරට සමාන වතුර ප්‍රමාණයක් නැවේ බඳ මගින් විස්ථාපනය කිරීම නිසයි.(ආකිමිඩිස් මතක ඇතිනේ) එතැනදී නැවේ බර නැවේ ගුරුත්ව කේන්ද්‍රය (CG) මගින් පහලට ක්‍රියාකරන අතර උඩුකුරු තෙරපුම් බලය  buoyancy point එක (CB) හරහා ඉහලට ක්‍රියාත්මක වනවා.  තව දෙයක් තමයි ගුරුත්ව කේන්ද්‍රය නැවට සාපේක්ෂව ස්ථායිව තිබ්බට  buoyancy point එක නැව දෙපැත්තට යද්දී වෙනස් වෙනවා, මොකද විස්ථාපනය වෙච්ච ජාල පරිමාව එකක් උනත් නැවේ බැඳ පැද්දෙන විදිහට ඒ පරිමාවේ හැඩය වෙනස් වන නිසා.

දැන් බලමු කොමද කුණාටුවකදී උනත් නව සමතුලිතව තියන්නේ කියල. මේක මිට වඩා බොහොම ගැඹුරු දෙයක්, නමුත් හැමෝටම තේරෙන විදිහට පැහැදිලි කරන්නම්.  උඩ රුපයේ වම් පැත්තේ තියෙන්නේ ස්ථායි සමතුලිත නැවක්. එතැනදී ඔබට පේනවා ඇති නැවේ CG වඩාත් පහලින් තියෙන අතර CB ඉහලින් එක රේඛාවක තියෙනවා. ඒ වගේ අවස්ථාවක නැව එක පැත්තකට ඇල උනොත් නැවත CG ස්ථායිව තියෙද්දී CB එක පැත්තකට යනවා එතැනදී ඇතිවන ව්‍යවර්තයක් මගින් නැවත නැව කෙලින් කරන්නේ CG හා CB එක් රේඛාවක පිහිටුවමින්, නමුත් දකුණු පැත්තේ තියන විදිහට උනොත් පොඩ්ඩක් හිතල බලන්න, උඩුකුරු තෙරපුම හා නැවේ බර නිසා නව පෙරළෙනවා නේද ??

අන්න ඒ නිසා හැම වෙලාවේම නැවක ගුරුත්ව කේන්ද්‍රය පහලින් තියෙන්න තමයි design කරන්නේ, ඒ වගේම buoyancy point එක ඉහලින් තියෙන එක තමයි වඩාත් හොඳ, නමුත් එහෙම නැතුව ස්ථායිව පවත්වාගන්න විදිහකුත් තියනවා, නමුත් එක ටිකක් සංකිර්ණ නිසා පසුව විස්තර කරන්නම්.

කොළ හඳට ඔබත් රැවටුනාද Green Moon Hoax

GreenMoon_web2_1024

බොහෝ විට පහත දැක්වෙන post එක ඔබ facebook හෝ වෙනත් සමාජ ජාලයක් ඔස්සේ දැනටමත් දැක තිබෙන්නට පුළුවන්. ලෝකය පුරාම බොහෝ දෙනා මේ වනවිට මේ ආරංචිය පිළිබඳව විශාල උනන්දුවක් දක්වනවා. බොහෝ දෙනා මෙය සත්‍ය යයි සිතා සිටින නමුත් මෙය අන්තර්ජාලය හරහා පැතිර යන තවත් එක බොරු ආරංචියක් පමණයි.

Screen_Shot_2016-04-20_at_3.58.05_pm

මේ ආරංචිය අනුව අප්‍රේල් මස 20 වැනි දින හෝ මැයි මස 29 වන දින යන දිනයන් වලදී ඇතිවන දුර්ලභ ග්‍රහ පිහිටීමක් නිසා විනාඩි 90 ක කාලයක් පුරාවටම අපට කොළ පැහැති චන්ද්‍රයෙක් දක්නට හැකි වෙනවා. මෙමෙ මිත්‍යා මතයට අනුව මෙලෙස චන්ද්‍රයාට කොළ පැහැය ලැබෙන්නේ යුරේනස් ග්‍රහයා නිසයි. එමෙන්ම මේ මිත්‍යා මතයට අනුව මෙවන් සිදුවීමක් 1596 වසරේදී සිදුවී තිබෙනවා එමෙන්ම මේ සිදුවීම වසර 420 කට වරක් සිදුවන ක්‍රියාවක්.

අන්තර්ජාලය තුල බොහෝ දෙනා මේ ආරංචිය පැතිරවීමට දායක වුවත් මෙහි කිසිදු සත්‍යක් නැහැ. මෙය සත්‍ය වශයෙන්ම අන්තර්ජාලය තුල විහිළුවක් පැතිරවීමේ අරමුණින් කිසියම් පිරිසක් විසින් සිතා මතා ගොඩනගන ලද මුසාවක්.

බොහෝ විද්‍යාත්මක සඟරා සහ වෙබ් අඩවි මෙය මිත්‍යා මතයක් බව මහජනයාට දැනුවත් කිරීමට උත්සාහ කලද බොහෝ දෙනා තවමත් මේ මිත්‍යා මතයට රැවටෙමින් සිටිනවා.

කෙසේ වෙතත් ඔබ රාත්‍රී අහස දෙස හොඳින් අවධානය යොමු කළහොත් ඉතා චමත්කාර ජනක සංසිද්ධීන් බොහොමයක් ඔබට දැකගැනීමට හැකි වනු ඇති. ඒවා කිසිවක් කිසිවෙකුන් විසින් වත් හිතා මතා ගොඩනගන ලද මුසාවන් නොවෙයි. ඒවා සත්‍ය වශයෙන්ම සිදුවන සවාභාවික සංසිද්ධීන්.

aurora එසේත් නැත්නම් උත්තරාලෝකය ලෙස අප හඳුන්වන සංසිද්ධිය එවන් චමත්කාර ජනක සිද්ධියක්. මේ video වෙන් දැක්වෙන්නේ එවන් අවස්ථාවක්. විද්‍යාවට සහ තාක්ෂණයට නැඹුරු එමෙන්ම ඒ පිළිබඳව තොරතුරු ඔබට නිතරම ගෙන එන වෙබ් අඩවියක් ලෙස අප ඔබෙන් ඉල්ලා සිටින්නේ මෙවන් දෑ වලට ප්‍රසිද්ධියක් ලබාදීමට පෙර එහි සත්‍යතාව මැනවින් විමසා බලන ලෙසයි.

අප ජිවත්වන මේ ග්‍රහ ලොව එය පිහිටා ඇති මේ අතිමහත් විශ්වය මේ මිත්‍යා මත වලට වඩා ඉතා මනරම් සහ චමත්කාර ජනක ස්ථානයක්.

නිතර නිතර ලෙඩ නොවී වාහනය දුවන්නේ මෙහෙමයි Part 2

 

preventive-maintenance

මිට පෙර ලිපියෙන් අපි ඔබට ඔබේ වාහනය නිතර නිතර කැඩෙන්නේ නැතිව පාවිච්චි කරන හැටි ගැන විස්තර ටිකක් ගෙන අවා. මේ එම ලිපියේ ඉතිරි කොටසයි. ඔබට එම ලිපිය කියවීමට අවස්ථාවක් ලැබුනේ නැතිනම් මෙතනින් ඔබට ඒ ලිපිය කියවන්න පුළුවන්.

ඔබේ tires නිසි ලෙස මාරුකරන්න

බොහෝ දෙනා සිත සිටින්නේ වාහනයේ tire එකක් ගෙවී ගිය පසු එය අලුත් එකකින් මාරුකිරීම පමණක් ප්‍රමාණවත් ලෙසයි. නමුත් එය වැරදියි. ඔබගේ වාහනයේ tire සියල්ල එක හා සමානව ගෙවීමට ලක්වීමයි නිවැරදි ක්‍රමය. මේ සඳහා ඔබ ඔබේ වාහනයේ tire එකිනෙක මාරු කල යුතු වෙනවා. ඔබගේ manual එකේ කෙතරම් කාලසීමාවක් තුල ඔබ මෙසේ tire මාරු කල යුතු දැයි සඳහන් වී පවතිනවා. එමන්ම ඔබ tire එකින් මාරුකළ යුතු ආකාරයත් එහිම අන්තර්ගත වලා තියෙනවා. වඩාත්ම නිවැරදි දේ නම් ඔබ ඒ manual එකේ තියෙන ආකාරයටම කටයුතු කිරීමයි. මොකද ඒ මෝටර් රථ නිෂ්පාදකයන් බොහෝ පරීක්ෂණ කිරීමෙන් අනතුරුවයි මෙවන් උපදෙස් manual එකට අන්තර්ගත කරන්නේ.

මේ තියෙන්නේ ඔබ එසේ tire මාරු කලයුතු ආකාරය දැක්වෙන රුප සටහනක්.

4-tire-rotation

වාහනයේ alignment හොඳින් පරික්ෂා කරගන්න.

වාහනයක tire වල අසමමිතික ගෙවියමට ප්‍රබල හේතුවක් වන්නේ වාහනයේ alignment නිසි ආකාරව නොතිබීමයි. එමෙන්ම මෙය රෝදය ආශ්‍රිත අභ්‍යන්තර කොටස් වල පවා අක්‍රමවත් ගෙවියාමක් ඇතිකිරීමට හේතු වෙනවා. එමෙන්ම මෙය වාහනයේ සහ ගමන් ගන්නා අයගේ ආරක්ෂාවටත් තර්ජනයක් විය හැකියි. නිතරම alignment හොඳින් පරික්ෂා කොට නිසි පරිදි නඩත්තු කිරම ඔබට බොහෝ වාසි ගෙන දෙනවා නියතයි.

වාහනයේ spark plugs හොඳින් පරික්ෂා කර පිරිසිදුව තබාගන්න.

ඔබේ වාහනයේ spark plugs පිරිසිදු නැතිනම්, ඒවා buildup වලින් වැසි ඇත්නම් ඔබගේ එන්ජිමේ කාර්යක්ෂමතාවය අඩුවීමට පුළුවන්. මෙය එන්ජිමේ ඉන්දන පරිභෝජනය ඉහල දැමීමටද හේතුවක් වීමට පුළුවන්. මේවා කෙතරම් කාලසීමාවකට වරක් මාරුකළ යුතුදැයි ඔබගේ manual එකේ අන්තර්ගත වෙනවා. සාමානයෙන් කිලෝමීටර් 48, 000 කට පමණ වරක් මේවා මාරුකළ යුතු වෙනවා. නමුත් ඔබේ වාහනයේ වෙනත් දෝෂයක් ඇතිනම් මේවා ඉක්මනින්ම අපිරිසිදු වන්නට පුළුවන්. ඒ නිසා මේවා හොදින් පරික්ෂා කිරීම ඉතා වැදගත්.

 fuel filter නිසි කාලයේදී මාරුකරගන්න.

fuel filter එක මගින් ඔබේ එන්ජිමට ලැබෙන ඉන්දන පිරිසිදු වීම සිදුවෙනවා. එවිට ඔබගේ එන්ජිමේ කාර්යක්ෂමත්ව අඩුවී ඉන්දන පරිභෝජනය ඉහල යනවා. එමෙන්ම අපිරිසිදු ඉන්දන නිසා ඔබගේ එන්ජිමේ අභ්‍යන්තර කොටස් වලට හානි සිදුවිමටද පුළුවන්. එවන් අවස්ථාවකදී ඔබට වහනය අලුත්වැඩියාවට ඉතා විශාල මුදලක් වැයවීමට පුළුවන්. Fuel filter එක කාලයෙන් කාලයට මරුකිර්ම මගින් එන්ජිමට හොඳින් පිරිසිදුවූ ඉන්දන ලැබෙනවා.

අපි ඉහත සඳහන් කලේ සැම වහනයකටම වාගේ අවශ්‍ය වන preventative maintenance පියවරයන් කිහිපයක්. ඔබේ වහයන පිළිබඳව නිසි අවධානයෙන් පසුවෙනවා නම් එය කිසිදු ගැටලුවකින් තොරව බොහෝ කාලයක් ධාවනය කිරීමට ඔබට හැකියාවක් ලැබෙනු ඇති.

නිතර නිතර ලෙඩ නොවී වාහනය දුවන්නේ මෙහෙමයි.

car-main

තමන්ගේ මෝටර් රථය හොඳින් පවත්වා ගැනීමට අප සියලූ දෙනාම කැමතියි. එය වාහනයේ කල් පැවැත්මට මෙන්ම ඔබගේ පසුම්බියටත් වාසිදායක වනවා ඇති (වාහනේ නිතරම ලෙඩ වෙන්නේ නැතිනම් එක ලොකු වාසියක් නේ). බොහෝ දෙනෙක් තමන්ගේ නොදැනුවත් කම සහ අතපසුවීම් නිසා තමන්ගේ මෝටර් රථයට අනවශ්‍ය හානි ලඟා කරගන්නවා. මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වන්නේ ඔබගේ වහනය නිතර නිතර ලෙඩ නොවී තබාගැනීමට ඔබ කලයුතු දේ පිළිබඳවයි. මෙවන් ක්‍රියා පිළිවෙලවල් හඳුන්වන්නේ preventative maintenance ලෙසයි. නම ලොකු වුනාට වැඩ ඒ තරම් ලොකු නැහැ හරිම සරලයි.

වාහනයේ owners manual එක හොඳින් කියවන්න

ඕනෑම වහනයක් නිපදවීමේදී එම ආයතනය මගින් අදාල වාහනයට manual එකක් නිකුත් කරනවා. මේ manual එකෙහි ඔබගේ වහනය පිළිබඳව සියලුම තොරතුරු අඩංගු වෙනවා. මෙය බොහෝ විට තරමක් විශාල පොතක් ලෙස ඔබට පෙනෙන්නට පුළුවන්. එසේත් නැතිනම් manual එක වෙනත් භාෂාවකින් තිබෙනවා වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් එහි engilish copy එකක් සොයාගන්න බලන්න (අද අන්තර්ජාලය තුල මේ සියලුම තොරතුරු අඩංගු වෙනවා වාහනයේ model number එකෙන් search කලොත් නිවැරදි manual එක සොයාගන්න පුළුවන්). මේ manual එකේ ඔබ විසින් කලයුතු සහ නොකළයුතු සියලුම දේ විස්තර සහිතව අඩංගු වෙනවා. එය හොදින් කියවන්න. ඒ මගින් ලැබෙන දැනුම ඔබගේ වහනය හොඳින් නඩත්තු කිරීමට ඔබට උපකාරී වෙනු ඇති.

වහනය තනිවම පරික්ෂා කර බලන්න.

මෙය ඔබට යම් කාලසීමාවකට වරක් තනිවම සිදු කල හැකි ක්‍රියාවක්. ඔබේ වහනය දෙස සුපරික්ෂාකාරීව බලන්න. එවිට කුඩා තෙල් කාන්දුවක්, tire වල අසාමාන්‍ය ගෙවියමක් වැනි මුලික රෝග ලක්ෂණයක් දැකගැනීමට පුළුවන් වනු ඇති. එම ගැටලුව වැඩිදුර පැතිරීමට පෙර ඉතා ඉක්මනින්ම සුළු අලුත්වැඩියාවක් මගින් ඔබගේ වහනය හොඳින් තබාගැනීමට ඔබට හැකි වනු ඇති

වාහනයේ fluids පරික්ෂා කිරීමට හුරු වන්න.

වාහනයක් තුල විවිධ වර්ගයේ fluids භාවිත වෙනවා. (power steering, coolant) මේ අතරින් සමහරක්. මේවා නියමිත මට්ටමට පවත්වා ගැනීම ඔබ විසින් අනිවාර්යයෙන්ම කල යුතු දෙයක්. එය ඔබෙත් මෝටර් රථයේත් ආරක්ෂාවට වැදගත් වනවා. මේවා බොහොමයක් ඉතා පහසුවෙන් ඔබටම නිරීක්ෂණය කර ගැනීමට පුළුවන්. මේවා නිරන්තරයෙන් පරික්ෂාවට ලක් කිරීම අපහසු කාර්යක් නොවෙයි.

එන්ජින් oil නිතරම පරික්ෂාවට ලක්කරන්න ඒවා නියමිත කාලයේදී මාරු කරගන්න

මෙය ඔබගේ වාහනයේ එන්ජිම් නිසියාකාරව ක්‍රියාකිරීමට අත්‍යවශ්‍ය එක් සාදකයක් ඔබගේ වාහනයේ oil වල තත්වය පරික්ෂා කිරීම නිරන්තරයෙන් සිදුකරන්න. එමෙන්ම නියමිත කාල සීමාවේදී ඒවා අලුත් කරගන්න. සැම වහනයකටම පොදු එන්ජින් oil මාරු කලයුතු දුර සීමාවක් ප්‍රකාශ කරන්නට බැහැ. හොඳම දේ වන්නේ ඔබගේ manual එක කියවා බලන්න එහි ඔබ oil මාරු කලයුතු දුර සිමාවන් දක්වා තිබෙනවා. බොහෝ දෙනා එන්ජින් oil ඉතා අවපැහැ ගැන්වෙන තෙක්ම ඒවා මාරු නොකර සිටිනවා. එය ඔබට තාවකාලික මුදල් ඉතිරියක් ලබා දුන්නත් ඒ නිසා එන්ජිමට වෙන හානි නිසා ඔබට පසුවට ඇතිවන අලුත්වැඩියා කටයුතු වලට ඉතා විශාල මුදලක් වැයකිරීමට අනිවාර්යයෙන්ම සිදුවෙනවා

බැටරිය සහ එහි connectors පරික්ෂා කරන්න.

දැන් පවතින බැටරි නම් එතරම් එදිනෙදා නඩත්තුවක් අවශ්‍ය වන ඒවා නොවෙයි. නමුත් ඔබේ එන්ජිම පනගැන්වීම ආරම්භ වන්නේ මේ බැටරියෙන් ඒ නිසා ඒ ගැන නිසි අවධානයෙන් පසුවීම ඔබට හදිසියේ මහමගදී ඇතිවිය හැකි කරදර වලින් ඔබව මුදවනවා නොඅනුමානයි. බැටරි connectors මත සුදු පැහැති (mineral) තැන්පත් වී ඇත්නම් එය කුඩා බ්‍රෂ්’ එකක් ආධාරයෙන් ඉවත්කරන්න. එමෙන්ම සරල බැටරි මීටරයක් ලග තබාගෙන බැටරියේ තත්වය පරික්ෂා කිරීමත් ඔබට කල හැකි තවත් එක් හොඳ පියවරක්. එමෙන්ම ඔබ නිතර නිතර දුර බැහැර ගමන් වල යෙදෙන කෙනෙක් නම් (විශේෂයෙන් රාත්‍රී කාලයේ) jump starter එකක් ළඟ තබා ගැනීම හදිසියේ දී හෝ අතරමගදී බැටරියේ දෝෂයක් නිසා ඔබට මග නැවතී සිටීමට සිදුවන අවධානම නැතිවී යනු ඇති.

 

ඉහත තිබෙන්නේ ඔබේ වහනය නිතර නිතර ලෙඩ නොවී තබා ගැනීමට ඔබ විසින් අනුගමනය කල යුතු කරුණු කිහිපයක් පමණයි. මේ මාතෘකාව ඔස්සේ වැඩිදුර විස්තර ගෙනඒමට අප බලාපොරොත්තු වෙනවා. අප හා රැඳී සිටින්න

අපගේ වෙබ් අඩවිය : http://techpedia.lk/

අපගේ facebook පිටුව : https://www.facebook.com/Techpedia.lk/

බිව්වම ඇත්තටම එලවන්න පුලුවන්ද ?

dd

අලුත් අව්රුද්දෙ වැඩත් එක්ක දින කිහිපයකින් ලිපියක් දන්නා බැරි වෙච්ච එකට සමාව ඉලන්න ඕනේ මුලින්ම. අව්රුද්දත් ලඟලඟම එනනිසා කාලයට ගැලපෙන ලිපියක් ලියන්න හිතුවා. ඉස්සරම කලයේනම් දැන් වගේ අව්රුදුකාලයට මතට මුල්තැනක් තිබ්බේ නැ. හැබැයි ඉතින් දැන් කාලයක් එක්ක බොහොදෙවල් වෙනස් වේගෙන යන්නේ. ඒ වෙනස නිසා පොලීසියට වගේම අපේ රෝහල් වලටත් වැඩ වලින් ඉවරයක් නැ. ඒකනිසා මේ ලිපිය ඉදිරිපත් කරන්න සිතුවා. අද අපි කතා කරනේ alcohol නැතිනම් මද්‍යසාර භාවිතය මගින් ඕනෑම සුපිරි රියදුරේක් දුර්වල රියදුරෙක් බවට පත්වෙන්නේ කොහොමද කියල.

මද්‍යසාර ශරීරයට ඇතුළුව උනාට පස්සේ ඒ බලපෑම කෙලින්ම සිදුවන්නේ අපේ ස්නායු පද්ධතියට එතැනදී අපගේ පෙනීම, සංවේදනය, එකවර දේවල් කිහිපයක් කිරීමේ හැකියාවන් මධ්‍යසාර ගන්න ප්‍රමාණය එක්ක අඩුවෙලා යනවා. මේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න ගියොත් ලිපිය ටිකක් දීග වැඩේ වෙනවා. එනිසා බිව්වම ඕනෑම දක්ෂ රියදුරෙක්, දුර්වල රියදුරෙක් වෙන්නේ ඇයි කියන එක පහතින් පැහැදිලි කරන්නම්.

  • පැහැදිලි තීරණ ගැනීමේ හැකියාව.
    රියදුරෙක් සතුව තිබිය යුතු අනිවාර්යදෙයක් වන පැහැදිලි තීරණ ගැනීමේ හැකියාව පානය කරන alcohol ප්‍රමාණය අනුව  2% දක්වා පහත යන්න පුළුවන්. ඒ වෙලාවට drive කරන්න ඕන කියල හිතෙන එකති වැරදි තිරනයක්නේ .
  • අවධානය යොමුකිරීමේ හැකියාව
    සාමාන්යෙන් වාහනයක් පදවන විට එකවර ක්‍රියාවන් කිහිපයක් කිරීමට අපට සිදුවනවා. වාහනය ඒකාකාර වේගයකින් පවත්වාගනිමින් මාර්ගයේ ගමන් ගන්න අනෙකුත් වාහන ගැන අවධානය යොමුකරන අතර පදවන වාහනයේ පිහිටීමත් පිලිබන්ද්වත් අපට එකවිට සිතීමට සිදුවන්න පුළුවන්. නමුත් මද්‍යසාර භාවිතා කල කෙනෙකුය එහෙම කරන්න බැහැ. ඔහුට පුළුවන් වන්නේ එක් දෙයක් පිළිබඳවද අවධානය යොමුකිරීමට පමණයි.
  • අවස්තාවන් හඳුනා ගැනීමේ හැකියාව
    ඉදිරියෙන් යන මෝටර් රථය red light එකක් නිසා නැවැත්තුවත් ඒ අවස්ථාව හදුනා නොගෙන ඉදිරියට මෝටර් රථය ධාවනය කිරීමට සිතෙන්න පිළිවන්. මොකද මාර්ග සලකුණු හදුනාගැනීමට වගේම මාර්ග තත්වයන් හඳුනා ගන්න අපහසු වන නිසා.
  • Over confidence, නැතිනම් අධි තක්සේරුව.
    බීලා බීල කෙලින් ඉන්නවත් බැරි උනත් John Cena කියල හිතන් ගහගන්න යන ය වගේ තමයි මේ කට්ටිය. වාහනේ අතට ගත්තම ඉන්නේ නිකන් Lewis Hamiltonටත් driving ඉගැන්නුවා වගේ. තනියම යද්දී shape එකේ drive කරාවි. හැබැයි කට්ටියක් එක්ක යද්දී අධි තක්සේරුව නිසා වේගයෙන් එලවන්න, වෙට්ටු දාන්න හිතෙන්න පුළුවන්. එක තමයි ප්‍රශ්නේ.
  • ප්‍රතික්‍රියා කාලය නැතිනම් Reaction time එක අඩු වීම
    අපේ ශරීරයෙන් කරන ක්‍රියාවන් වර්ග දෙකකට වෙන්කරන්න පුළුවන් ඒ ඉච්ඡානුක හා අනිච්ඡානුග ක්‍රියා වශයෙන්. නමුත් මධ්‍යසාර පානයකර ඇති විට මේ ක්‍රියා වර්ග දෙකම සිදුකිරීමට ගතවන කාලය අනිවාර්යෙන්ම වැඩිවනවා.ඒ නිසා අනතුරකදී තිරිංග යෙදීමට ගතවන  කාලය, වාහනය හැරවීමට ගතවන කාලය සාමාන්‍ය වෙලාවට වැඩ වැඩි කාලයක්.

ලැබිල තිබෙන මනුෂ්‍ය ජීවිතය තමන් කැමති විදිහට විනෝදයෙන් ගතකිරීමට හැමෝටම අයිතියක් තියෙනබවා, නමුත් ඒ විනෝදය අනෙක් අයට හානියක් නොවිය යුතුමයි. ඒ නිසා වගකීමෙන් කටයුතු කිරීම ඔබසතු කාර්යක්. ගෙදර එන්නේ කොහොමද කියලා party එකකට යන්න කලින් සැලසුම් කරගෙන යන්න. බොන්න ගිහින් නාල ගෙදර යන්න එපා.

අපෙගේ web අඩවිය පිලිබඳව ඔබගේ අදහස් අපට එවන්න. අප හා සම්බන්ධ වන්න
Like Us: www.fb.com/techpedia.lk
Visit Us: www.techpedia.lk

නැව් කතා -1 ලෝකයේ භාවිතා කරන නැව් වර්ග ගැන දන්නවද?

මොටර් රථ ගැන ගොඩක් කතා කල නිසා අපි සිතුවා තවත් අලුත් ලිපි පෙළක් පලකරන්න. මේ නැව් ගැනයි. නැවක් කියල කිව්වම අපිට එකපාරම සිහියට නැගෙන්නේ කන්ටේනර් පෙට්ටි පුරවගත්ත නැවක්. මොකද අපි වැඩිපුරම දකින්නේ ඒ වගේ නැව් නිසා. නමුත් ලෝකයේ විවිධවූ බඩු බාහිර ප්‍රවාහනය කිරීමට එකිනෙකට වෙනස් විවිධ නවුකාවන් භාවිතා කරනවා. අපි මේ ලිපියෙන් එවැනි නාවුකා වර්ග කිහිපයක් ගැන කතා කරනවා. ඒ වගේම නවුකාවන් වල භාවිත කරන තාක්ෂනයන් පිළිබඳව ඉදිරියේදී කතා කිරීමටත් අපි බලාරොත්තුවනවා.

භාණ්ඩ ප්‍රවාහන නෞකා (Cargo Ships)

container

නැවක් කිව්වම අපිට එකපාරම මතක්වෙන්නේ මේවා තමයි. කන්ටනේර් පෙට්ටි පුරවගත්ත නැවක්. මෙහිදී ප්‍රවාහනයට කරන භාණ්ඩ වෙනම කන්ටනේර් පෙට්ටිවල දාල තමයි ප්‍රවාහනය කරන්නේ. විවිධ ගමනාන්තයන් කරා මේ නැව් ගමන්කරන්නේ ඒ ඒ වරායන් වලට අදාල කන්ටනේර් පෙට්ටි යොමු කරමින්.  දැන් අලුතෙන් නිපදවන මේ වගේ නැව් මීටර් 400ක් පමණ දිගින් යුක්තයි. ඒ වගේම අඩි 40 කන්ටේනර් පෙට්ටි 9000 පමණ රැගෙන යාමේ හැකියාවෙන්ද යුක්තයි.

bulk

Bulk carriers මේ තවත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකම තමයි. නමුත් මේය යොදාගන්නේ ඉතා විශාල ප්‍රමාණයක්, (bulk එකක්)   ප්‍රවාහනයට. තිරිඟු පිටි, ඛනිජ වැලි, ගල් අඟුරු පොහොර උදාහරණයට ගන්න පුළුවන්.  ඇසුරුම් කරණලද හෝ ඇසුරුම් නොකරන ලද මේවැනි භාණ්ඩ නැව තුල ඇති ඉතා විශාල cargo hold වල ප්‍රවාහනය කරනවා.

රථ වාහන ප්‍රවාහන නෞකා RoRo (Roll on Roll Off)

roro

මේ නැව් යොදාගන්නේ රථ වාහන ප්‍රවාහනයට. ඉස්සර කොළඹ වාරයට ආපු මේ නැව් දැන් යන්නේ හම්බන්තොට වාරයට. දැක්ක ගමන් හදුනා ගන්න පුළුවන් මේ නැව් ඉතාමත් උසයි, ඒ රථ වාහන නවතා තැබීමට decks ගොඩක් තිබෙන නිසා. උස වැඩි නිසා මේ නැව් ටිකක් පෙරලෙන්න බරයි. වාහන නැවෙන් ඉවත් කරන්න ක්‍රෙන් එකක් අවශ්‍ය නැ. වාරයේ ජැටියට බාන්න පුළුවන් දොරක් මේ නැව් වල තියන නිසා නැවේ ඉඳන් වාහනය drive කරගෙනම එලියට එන්න පුළුවන්.

තෙල් නෞකා (tankers)

Tanker

තෙල් නැව් වලින් තමයි ඉතින් ලෝකේ වටේම තෙල් බෙදන්නේ. බොරතෙල් වගේම පිරිපහදු කරපු පෙට්‍රල්,ඩිසල් භූමිතෙල් වගේ දේවලුත් ප්‍රවාහනය සිදුකරනවා.ඉතා තියුණු අධීක්ෂණයක් යටතේ තමයි මේ නැව් පාලනය වන්නේ. මොකද ගින්නක් එහෙම ඇති උනොත් කාට කියන්නද. මීටර 458 දිගින් යුතු Mont නමැති නැව තමයි විශාලම තෙල් නැව වුනේ. හැබැයි දැන්නම් මේක භාවිතයන් ඉවත්කරලා.

මගී නෞකා (passenger ships)

passenger

මගීන් රැගෙන ලොව වටා යාත්‍රා කරන මේ නැව් ඇත්තටම කුඩා නගරයක් වගේ. සිනමාශාලා, ආපනශාලා, වගේම කුඩා ප්‍රමාණයේ සතුටු උයන් හා පිහිනුම් තටාක වලින්ද මේ නැව් . තට්ටු හත අටකින් සමන්විතයි. මේ වසරේ දියත්කිරීමට නියමිත  MS Harmony of the Seas නැව විශාලතම මගී නැවයි එය මීටර 364ක් දිගින් යුක්තයි.

Heavy lifting ships

heavy l

අධික බරින් යුතු විශාල තෙල් අට්ටාල, හා නවුකා ප්‍රවාහනයට මේ නැව් යොදාගන්නවා. මේක සාමාන්‍ය නැවක් කියල හදුන්වන්නටත් බැහැ. මේ නැව ප්‍රවාහනය කරන තෙල් අට්ටාල වගේ දේවල් උස්සල නැවේ තට්ටුව උඩින් තියන්න බැනේ. එනිසා මේ නැවට දෙයක් පටවන්න ටිකක් අමුතු දෙයක් සිදු කරනවා. ඒ තමයි පාවෙන තෙල් අට්ටාලය හෝ නැව ලඟට ගිහින් නැව ඇතුලට වතුර පුරවාගෙන මේ නැව ජලයේ ගිලෙනවා.එවිට නැවේ deck එක උඩට ප්‍රවාහන කරන්න ඕන දේ tug බෝට්ටු වලින් ඇදගෙන ඇවිත් නියමිත විදිහට ස්ථානගත කරට පස්සේ නැවේ තියෙන වතුර එලියට පොම්ප කරලා උඩට එනවා. එතකොට ප්‍රවාහනය කරන්න ඕනේ දේ නැවේ තට්ටුව උඩ තියන නිසා ප්‍රවාහනය සිදුකරන්න පුළුවන්. මේ වගේ විශේෂිත නැව් තව තියෙනවා. ඒවා ගැන අපි ඉස්සරහට කතා කරමු.

අපෙගේ web අඩවිය පිලිබඳව ඔබගේ අදහස් අපට එවන්න. අප හා සම්බන්ධ වන්න
Like Us: www.fb.com/techpedia.lk
Visit Us: www.techpedia.lk