කේන්තියෙන් නින්දටයෑම ශරීරයට අහිතකරයි

8097490281_b0e2f11cb5_b_1024

කේන්තියෙන් රාත්‍රියේ නින්දට යෑම නුසුදුසු බව බොහෝ අවස්ථාවන් වල අපගේ දෙමව්පියන් වැඩිහිටියන් අපට පවසා තිබෙන කාරණයක්. බොහෝ වේලාවන් වලදී අපි මෙවන් ප්‍රකාශයන් හුදෙක් පැරණි විශ්වාසයන් ලෙස බැහැර කිරීමට පුරුදු වී සිටියත් ඉහත සඳහන් කාරණය පිළිබඳව නම් දැන් විද්‍යාත්මක සාක්ෂි අනාවරණය වෙමින් පවතිනවා. අද අප ඔබට විස්තර ගෙන එන්නේ ඒ පිළිබඳවයි

කේන්තියෙන් එසේත් නැතිනම් දුක්බර මතකයන් සමග නින්දට යාම එම මතකයන් අපගේ සිත තුල වඩාත් තහවුරු වීමට හේතු වන බව පර්යේෂකයන් දැන් සොයාගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් අප එදිනෙදා ජිවිතයේ අත්දකින සෑම දෙයක්ම අපගේ දීර්ඝ කාලින මතකයෙහි රඳා පවතින්නේ නැහැ. බොහොමයක් දේ අපගේ මතකයෙන් ගිලිහි යනවා. අපගේ වැදගත් මතකයන් සහ අපට අත්‍යවශ්‍ය කාරණා අපගේ දීර්ඝ කාලීන මතකය තුල රඳවා ගැනීමට නින්ද බෙහෙවින් උපකාරී වෙනවා. අප නින්දට ගියපසු එදිනෙදා අපගේ ජිවිතයේ සිදුවූ වැදගත් සිද්ධීන් මෙලෙස මතකයේ තීව්‍ර වීම සිදුවෙනවා.

අප දුක්බර මතකයන් සමග නින්දට වැටුනහොත් ඒවත් මේ ලෙසින්ම අපගේ මතකය තුල තීව්‍ර වීම සිදුවන බව පර්යේෂකයන් අනාවරණය කරගෙන තිබෙනවා. මේ අධ්‍යයනය සිදුකොට තිබෙන්නේ චීනයේ Beijing Normal University හි පර්යේෂකයෙකු වන Yunzhe Liu විසිනුයි

පර්යේෂකයන් විසින් පිරිමි සිසුන් 73 දෙනෙකුන් යොදාගෙන මේ පර්යේෂණය සිදුකොට තිබෙනවා. මෙමෙ සිසුන්ට නින්දට පෙර සාමාන්‍ය චායාරුප පෙළක් පෙන්වන අතර තුර දුක්බර චයරුප කිහිපයකුත් පෙන්වනු ලබනවා. ඔවුන් නින්දට ගොස් පසුදින අවදිවූ පසු පෙර දින පෙන්වන ලද සාමාන්‍ය චයරුප පෙළ නැවත පෙන්වන අතර අර දුක්බර චායරුපයන් නැවත සිහියට නැගීමට හෝ එය නැවත සිහිපත් වීම ආයාසයෙන් වලක්වන ලෙස පවසනු ලබනවා. මෙහිදී ඔවුන් භාවිත කොට තිබ්බෙන්නේ think/no-think යන මනෝවිද්‍යාත්ම මුලධර්මයි

පර්යේෂකයන් නැවතත් මේ ක්‍රියාවලියම සිදුකරනු ලබනවා මෙහිදී චායාරුප  පෙළ පෙන්වා මිනිත්තු 30 කින් පසු think/no-think ක්‍රියාවලිය සිදුකොට තිබෙනවා.

පර්යේෂකයන් ලබාගත් දත්ත අනුව දෙවන අදියරේදී පලවන අදියරට වඩා පහසුවෙන් සිසුන්ට දුක්බර චයරුප පෙළ අමතක කිරීමේ හැකියාවක් ලැබේ තිබෙනවා. එනම් නින්දට යාමත් සමග දුක්බර චායාරුප පෙළ පිළිබඳව ඔවුන්ගේ මතකය වඩා තීව්‍ර වී තිබෙනවා

පර්යේෂකයන්ට අනුව ඔබට අප්‍රසන්න අත්දැකීමක් ඔබේ මතකයෙහි තැන්පත් වීම වලක්වාගැනීමට අවශ්‍ය නම් ඔබ නින්දට යාමට පෙර එම ගැටලුව නිසිපරිදි නිරාකරණය කරගැනීම වඩාත් උචිත වනවා. කෙසේ වෙතත් මේ පරීක්ෂණය තවත් ඉදිරියට කරගෙන යායුතු බව පර්ක්ෂකයන් ගේ අදහයි. උදාහරණයක් ලෙස මේ පර්ක්ෂණයට ඔවුන් භාජනය කොට ගෙන තිබෙන්නේ පිරිමි සිසුන් පමණයි එමෙන්ම යොදාගෙන තිබෙන සිසුන් ප්‍රමාණයත් සාපේක්ෂව කුඩා ප්‍රමාණයක්. පරීක්ෂකයන් ගේ අදහස මේ පිළිබඳව වැඩිදුර පරක්ෂණ සිදුකිරීමටයි.

Source  http://medicalxpress.com/news/2016-11-dont-bed-mad-worse.html

3D printed හදවත

3dprinting

3D  printing  යනු අද වනවටිට ලෝකයේ බොහෝ ජනප්‍රිය මාතෘකාවක්. විවිධ වර්ගයේ තාක්ෂණයක් සහ අමුද්‍රව්‍ය යොදාගෙන විවිධ වර්ගයේ භාණ්ඩ 3D printing ක්‍රමය යටතේ නිපදවන ආකාරය පිළිබඳව විස්තර අප ඔබට මිට පෙර ලිපි කිහිපයකින්ම ගෙන අවා. නමුත් මේ සියලුම නිර්මාණ සිදුකරනු ලබන්නේ අකාබනික අමුද්‍රව්‍ය යොදාගෙනයි. කාබනික අමුද්‍රව්‍ය යොදාගෙන මෙලෙස 3D printing කිරීමේ හැකියාවක් තිබෙනවානම් අපට වඩාත් සංකීර්ණ මනුෂ්‍ය අවයව නිපදවීම දක්වා මෙම තාක්ෂනය දියුණු කිරීමේ හැකියාවක් පවතිනවා. අද අප ඔබට විස්තර ගෙන එන්නේ එලෙස කාබනික අමුද්‍රව්‍ය යොදාගෙන මනුෂ්‍ය අවයව 3D printing ක්‍රමය යටතේ නිපදවීමට ගත සාර්ථක පරීක්ෂණයක ප්‍රතිපල පිළිබඳවයි.

මෙම පරීක්ෂණය සිදුකොට තිබෙන්නේ Carnegie Mellon සරසවියේ පර්ක්ෂකයන් පිරිසක් විසින්. ඔවුන් මේ සඳහා යොදාගෙන තිබෙන්නේ සාමාන්‍ය වෙළඳපොලේ මිලදී ගැනීමට තිබෙන 3D printer එකක් යම් යම් වෙනස්කම් වලට ලක් කිරීමෙන් අනතුරුවයි. මේ පිළිබඳව වැඩිදුර විස්තර  ඔවුන් විසින් ප්‍රසිද්ධ කොට තිබෙනවා.

මෙමෙ පරීක්ෂණයේදී ඔවුන් මුහුණ දී ඇති ප්‍රධානමතම ගැටලුව වනෙන් අකාබනික අමුද්‍රව්‍ය මෙන් නොව කාබනික අමුද්‍රව්‍ය ඉතා මෘදු ඒවා වීමයි. එම නිසා ඒවාට ඒවායේ බර දරාගැනීමේ හැකියාව වත් නැහැ. ඒවා print කර අවසන් වූ පසුව එම ආකෘතියේ බර දරාගැනීමේ හැකියාවක් නොහැකිව බිඳී යනවා. මෙයට විසඳුමක් ලෙස ඔවුන් ජෙලිමය ආධාරකයක් යොදාගෙන තිබෙනවා. එවිට ශරීර අවයවය print  වන්නේ මෙමෙ ජෙලිමය ආධාරක තරලය තුලයි. print කිරීම සිදුවන්නේ ශරීර උෂ්ණත්වයට වඩා අඩු අගයකදී . print කිරීම අවසන් වූ පසුව එය ශරීර උෂ්ණත්වය දක්වා උණුසුම් කිරීමේදී මෙමෙ ජෙලිමය අධාරක තරලය දියවී යනවා එමගින් වඩාත් ශක්තිමත් සහ භාවිතයට ගත හැකි ශරීර උපාංගය ඉතිරිවෙනවා.

පර්යේෂකයන් මිනිස් හදවත්  වැනි ඉතා සංකීර්ණ අවයව මෙලෙස 3D printing ඔස්සේ නිපදවා තිබෙනවා. මෙමෙ ශරීර අවයව ස්වභාවික ශරීර අවයව වලට ඉතාමත් සමානව පවතින බවත් printing කිර්යවලිය ඉතා නිවැරදි බවත් ඔවුන් පවසා තිබෙනවා. කෙසේ වෙතත් මෙලෙස නිපදවන ලද ශරීර අවයව භාවිතයට ගන්නට පෙර නම් මෙය තවත් බොහෝ පරීක්ෂණ වලින් සමත්විය යුතු වෙනවා.

සියලුම පිළිකා වලට එකම බෙහෙතක් ළඟදීම

universal-vaccine-cure-all-cancers

පිළිකා (cancer) යනු වසරකට බොහෝ ජිවිත ප්‍රමාණයක් අහිමි කරවන රෝගී තත්වයක්. ලෝකයේ විවිධ වර්ගයේ පිළිකා පවතිනවා. ඒවා එකිනෙකට විවිධ ආකාරයේ ප්‍රතිකාර සොයාගැනීමට පර්යේෂකයන් සමත්ව තිබුනත් ඒවායේ අතුරු ප්‍රතිපල ඉතාමත් ඉහලයි. එමෙන්ම සියලුම පිළිකා මැඩලීම සඳහා යොදාගත හැකි එක්  බෙහෙතක් සොයාගැනීමට බොහෝ පර්යේෂකයන් උත්සහ දරනවා,. කෙනෙකුට මෙය කිසිදාක ළඟාවිය නොහැකි ඉලක්කයක් ලෙස පෙනුනත් මේ අසීරු ඉලක්කයට තරමක් හෝ සමීප වීමට ජර්මානු පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබෙනවා.

Johannes Gutenberg විශ්ව විද්යාලයේ  පරීක්ෂකයන් පිරිසක් විසින් මේ පරීක්ෂණය සිදුකොට තිබෙනවා. මෙහිදී ඔවුන් සොයාගනු ලැබූ ඖශධය උපයෝගී කරගෙන මියන් ගේ සිරුරේ වැළඳී තිබු පිළිකා කාරක සෛල විනාශ කිරීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා. වඩාත්ම වැදගත් කාරණය වන්නේ මියන් පමණක් නොව පිළිකාවන් වැළඳී තිබු රෝගීන් තිදෙනෙකුටත් ඔවුන් මෙම ඖශධය ඉතා අඩු මාත්‍රාවකින් ලබා දී තිබෙනවා. එහිදී සියලුම රෝගීන් හොඳින් මෙම නව ඖශධයට මුහුණ දී තිබෙනවා. අතුරැ ප්‍රතිපල ලෙස උණ ගතිය ඇතිවීම වැනි තත්වයන් වාර්තා වී තිබුනත් එය සාමාන්‍ය පිළිකා නාශක ප්‍රතිකාරයක් මගින් ඇතිකරවන අතුරු ප්‍රතිපල සමග සසඳන කල මෙය ඉතා සුළු තත්වයක් වනවා.

මෙම පරීක්ෂණයේදී රෝගීනට ලබාදුන් මාත්‍රාව ඉතා කුඩා එකක් වුවත් එය සැලකිය යුතු මට්ටමේ වෙනසක් සිදු කිරමට සමත්වූ බව පර්යේෂකයන් පවසා සිටිනවා. ඔවුන්ගේ පර්යේෂණයට අදාල දත්ත මෙම journal එක මගින් ඔවුන් ප්‍රසිද්ධියට පත්කොට තිබෙනවා. කෙසේ වෙතත් මෙය නිසි ආකාරයෙන් සම්මත වූ ඖශධයක් ලෙස නිකුත් වීමට පෙර තවත් බොහෝ පරීක්ෂණ සිදුකල යුතු බව ඔවුන් පවසනවා. නමුත් මෙය බොහෝ පිළිකා රෝගීනට බලාපොරොත්තු ජනිත කරවන ආරංචියක් වනවා නොඅනුමානයි.

මහත් වෙන්න හේතු හයක් ??

Types-of-body-fat2

මහත, නැතිනම් ස්ථුලතාවය කියන්නේ අද අපරටෙත් වැඩි දෙනෙකුට තියන ගැටළුවක්, අප රටට වැඩිය ඇතැම් දීයුණු රටවල් වල කුඩා දරුවන් අතර පවා අධික ස්ථුලතාව පවතිනවා. අඩු වයසින් හදවත් රෝග ඇතිවීමේ අවධානම ඔව්න් අතර ඉහලයි. බොහෝ දෙනෙක් අද මේ පිළිබඳව සලකිලිමත්වන්නේ තම ශරීර සෞඛ්‍ය මනා තත්වයක පවත්වාගෙන යාමට අවශ්‍ය නිසයි. මොකද මහත් වෙනවා කියන්නේ අනිවාර්යෙන් හදවතේ ලෙඩ රෝග වලට මෙන්ම දියවැඩියාව, හන්දිපත් වල රෝග වලටත් මුල වන නිසා. අද අපි මේ ලිපිය ගෙන එන්නේ බ්‍රිතානයේ පුද්ගලයින් 4400ක් යොදාගනිමින් සිදුකර ඇති සමීක්ෂණයක ප්‍රතිපලද සමගින්. එහිදී ඔව්න් ස්ථුල වීමට බලපාන ප්‍රධාන කරුණු 6ක් සඳහන් කරනවා.

  1. Obesity of food  එනම් ආහාර මගින් ඇතිවන ස්ථුලතාවය. මෙය දැනට ලොව පවැඩිපුරම මහත්වීමට බලපාන හේතුවයි. මෙයට ප්‍රධාන හේතුව නම් අධික ආහාර පරිභෝජනය හා සීනි භාවිතයයි. එහිදී ගන්න ආහාර වල ඇති කැලරි ප්‍රමණය වැයවිමට ප්‍රමාණවත් ව්‍යායාමයක් නොමැති නිසා මේද තැන්පත්වීම සිදුවනවා.
  2. Obesity “nervous stomach” මේ තත්වයත් තරමක් සුලබයි. එනම් මානසික ආතතිය හා පීඩනය වැඩි පුද්ගලයින් මෙලෙස මහත්වනවා. ප්‍රධානවශයෙන්ම උදරය, මෙය ඇතිවන්නේ එලෙසා මානසික ආතතියෙන් හා පීඩනයෙන් සිටින විට අධිකලෙස පැණිරස කෑමට ඇතිවන ආශාව නිසයි. එනිසා හොද මානසික තත්වයක් පවත්වාගෙන යාමත් වැදගත්
  3. Gluten obesity මෙම තත්වය වඩාත් ප්‍රචලිත කාන්තවන් අතරයි. තරමක් වයසට යත්ම ඇතිවන හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් මෙයට කෙලින්ම බලපානවා. මෙහිදී වැඩි වෙලාවක් එකතැනක වාඩිවීසිටීම දුම්බීම හා මධ්‍යසාර භාවිතය අවමකිරීම සිදුකල යුතුයි.
  4. Atherogenic metabolic obesity  මේ ආකාරයට අයත්වන්නේ විශාල බැලුමක් මෙන් පිම්බුණු උදරයන් සහිත පුද්ගලයින්. වැඩිපුර පිරිමි පාර්ශවය මෙයට අයත්වනවා. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ අධික මත්පැන් බාවිතය.
  5. Obesity due to venous circulation  මේ ආකාරයට ස්ථුල තාවය පවතින්නේ ජානමය බලපෑම නිසයි, එනම් පාරම්පරිකව සමහරුන්ට ඇතිවන ස්ථුලතාවයයි. මුල සිට නොතිබුනත් ගර්භනිභාවයෙන් පසු මේ තත්වය ඇතිවන්න පුළුවන් බව පැවසෙනවා. ඒ වගේම කකුල් ඉදිමීමත් ඇතිවන්නට පුළුවන්
  6. Obesity of inactivity මේ ආකාරයට මහත්වීම සිදුවන්නේ ශරීරයේ කොටසක් පමණයි. එනම් පෙර වැඩ ක්‍රියාකාරීව තිබු ශරීරයේ කොටසක් එසේ ක්‍රියාකාරී නොවීම නිසා එමා කොටසේ වැඩිපුර මේදය තැන්පත්වන්න පුළුවන්. උදාහරණයක් ලෙස ගත්තොත් බොහෝකල් දිවීම වැනි දෙයක නිරතවූ කෙනෙකු එක්වරම එය අත්හැර දැමුවිට ක්‍රියාකාරීව තිබු කකුලේ මස්පිඩුවල මේදය වැඩිපුර තැන්පත්වන්න පුළුවන්.

අපෙගේ web අඩවිය පිලිබඳව ඔබගේ අදහස් අපට එවන්න. අප හා සම්බන්ධ වන්න
Like Us: www.fb.com/techpedia.lk
Visit Us: www.techpedia.lk

අධික උෂ්ණත්වයෙන් පරිස්සම්වන්න.

page

මේ දිනවල අපි ගතකරන්නේ ඉතාමත් අපහසු කාලයක්. ඒ අපට බලපා තිබෙන මේ අධික උෂ්ණත්වය නිසා. දවසේ වැඩි කාලයක් AC කරපු කාර්යාලයේ ගතකරත් නිවසේ, වැඩපොළේ  පාසලේ සිටින ආදරනියන් හා දුවාදරුවන් නම් අනිවාර්යෙන් මෙමගින් පීඩා විඳිනවා ඇති. අද මේ ලිපිය ගෙන එන්න සිතුවේ  මේ අධික උෂ්ණත්වයෙන් සිදුවන බලපෑම් මගින් ආරක්ෂාවන ආකාරය පෙන්වාදීමටයි. පසුගිය දිනක අනුරාධපුරයේ උෂ්ණත්වය අංශක 37 ක් තරම් වූ අගයක් වුබවත් වර්තවුවා. එය ඉතාමත් සැලකිය යුතු අගයක්. මේ වැනි ඉහල උෂ්ණත්වයන් මගින් වැඩිම බලපෑම එල්ල වන්නේ කුඩා දරුවන්ට හා වැඩිහිටි පුද්ගලයන්ට, මිට අමතරව මානසික ගැටළු පවතින පුද්ගලයන්, හදවත් රෝග වලින් පෙලෙන්නන් හා පෙනහළු ආශ්‍රිතව ගැටළු පවතින පුද්ගලයින් සම්බන්දයෙනුත් සැලකිලිමත් විය යුතුවනවා

උෂ්ණත්වයෙන් ආරක්ෂා වීමට සිදුකල හැකි දේවල්.

  1. හැකිතාක් උෂ්ණත්ව වැඩි ස්ථානවලට හා අව්වේ යාමෙන් වලකින්න. ප්‍රයෝගිකව මෙය කරන්න පහසු නැති උනත් පුළුවන් නම් කුඩයක් අරන් යන්න, cap එකක් පළඳින්න. දවසේ රස්නය වැඩිම කාලය වන 11ත් හවස 3 ත් අතර කාලය කාර්යාලයේ හෝ නිවසේ ගතකරන්න පුළුවන් විදිහට දවස සැලසුම් කරගන්න.
  2. ජලය පානය කරන්න. අධික සිසිල් ජලය නොව මද සිසිල් ජලය වඩාත් සුදුසුයි. සාමාන්‍ය දිනක පානය කරනවා මෙන් දෙගුනයක්වත් ජලය පානය කරන්න උත්සහ ගන්න.
  3. ඔබ දෙමව්පියෙකු හෝ ගුරුවරයෙකුනම් පාසලේ සිටින දරුවන්ට වැඩිපුර ජලය පානයට උපදෙස් දෙන්න. ඒ වගේම පාසැල් නිමවී ගෙදර එන්නවිටත් වතුර පුරවාගෙන යන්න මතක්කරන්න. මොකද පාසැල් බස් හා වෑන් AC නොවන නිසා.
  4.  හැකිතාක් දහදිය පිටවීමට පහසු කොට්න් වැනි ඇඳුම් භාවිතා කරන්න
  5. ශරීරය සිසිල් කරගැනීමට ඇග සේදීම ස්නානය සිදුකරන්න.
  6. තේ කොපි හා මධ්‍යසාර වලින් වලකින තරමට වඩාත් හොදයි.

මේ තියෙන්නේ අපට කරන්න පුළුවන් දේවල් කිහිපයක් පමණයි. මිට අමතරව වැඩිහිටියන් කුඩා දරුවන් හා ළදරුවන් පිළිබඳව අවධානයෙන් ඉන්න. ඒවගේම උණ වැනි රෝගීතත්වයන් වලින් පෙලෙන පුද්ගලයින් හැකිතාක් අඩු උශ්නත්වයක් සහිත පරිසරයක තබන්න.  අධික හිසරදය, කලාන්තය, සිහිමද ගතිය වැනි තත්වයන්ගෙන් පෙලෙනවානම් ෛවද්‍යවරයකු හමුවීම සුදුසුයි.

අපෙගේ web අඩවිය පිලිබඳව ඔබගේ අදහස් අපට එවන්න. අප හා සම්බන්ධ වන්න
Like Us: www.fb.com/techpedia.lk
Visit Us: www.techpedia.lk

 

මොකක්ද මේ HIV/AIDS

aboutaids

HIV/AIDS මේ දිනවල අප අතර බහුලව කතාබහට ලක්වෙන මාතෘකාවක් වෙලා. ඇතැමෙක් මේ පිළිබඳව නිසි ආකාරව කරුණු නොදන්නා කම නිසා බොහෝ වැරදි තීරණ වලට එළඹී ඇති ආකාරයත් අද අපට දැකගන්නට පුළුවන්. ඒ නිසාම HIV/AIDS පිළිබඳව කරුණු කිහිපයක් ඔබවෙත ගෙන ඒමට අප තීරණය කළා.

මොකක්ද මේ HIV

HIV යන කෙටි නාමයෙන් හැඳින්වෙන්නේ Human  Immunodeficiency Virus යන්නයි. මෙයත් අපගේ ශරීරයට ඇතුල් වී අපව රෝගී කල හැකි තවත් එක් virus වර්ගයක්. නමුත් අනෙකුත් virus වර්ග මෙන් මෙම virus එක සම්පුර්ණයෙන්ම අපගේ සිරුරෙන් ඉවත් කිරීම කල නොහැකියි. එමෙන්ම මෙම virus එක ප්‍රධාන වශයෙන්ම පහර දෙන්නේ අපගේ ප්‍රතිශක්තිකරණ පද්දතියටයි. HIV වැළඳුනු පසු ප්‍රතිශක්තිකරණ පද්දතියේ අඩංගු CD4 cells එසේත් නැත්නම් T cells ලෙසින් හැඳින්වෙන සෛල විශේෂය අඩු වී යනවා. එවිට අපගේ ශරීරය වෙනත් වෛරස වලට ගොදුරුවීමේ අවධානම ඉහල යනවා

HIV වෛරසය සම්පුර්ණයෙන්ම අපගේ සිරුරෙන් ඉවත් කල නොහැකි වුවත් එය යම් මට්ටමකට පාලනය කල හැකි ඖෂධ මේ වනවිට නිපදවා තිබෙනවා. මෙලෙස HIV වෛරසයට නිසි ප්‍රතිකාර නොකළ හොත් එය AIDS නමැති තත්වය දක්වා වර්ධනය වීමට පුළුවන්.

HIV වෛරසයට ප්‍රතිවිරුද්දව ඇති ප්‍රතිකාර හඳුන්වන්නේ antiretroviral therapy එසේත් නැත්නම් ART යන නමිනුයි. නිසියාකාරව ප්‍රතිකාර ලබාගැනීම තුලින් HIV වෛරසය පාලනය කිරීම කල හැකියි. ඔබට HIV වැළඳී ඇත්ද යන්න දැනගැනීමට නම් ඔබ පරීක්ෂණයකට ලක්විය යුතු වෙනවා. මෙය ඉතා සුළු පරීක්ෂණයක්. බොහෝ දියුණු රටවල නම් ඔබට නිවසේදීම මම පරීක්ෂණය කරගත හැකි පරීක්ෂණ කට්ටලයක් ඖෂධ මද්‍යස්ථාන වලින් මිලදී ගැනීමට පුළුවන්.

මොනවද මේ AIDS

AIDS එසේත් නැතිනම් Acquired Immunodeficiency Syndrome යනු HIV වෛරසයේ අවසාන අවස්ථාවයි. එමෙන්ම HIV වෛරසය වැළඳෙන සැම කෙනෙක්ම මෙම අවස්ථාව කරා ලඟා වන්නේ නැහැ. HIV වෛරසය අසාදනය AIDS මට්ටමට පත්වන්නේ ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්දතිය දරුණු ලෙස බිඳ වැටුණු විටයි. HIV අසදිතයෙකුගේ රුධිරයේ CD4 සෛල මට්ටම ඝන මිලිමිටරයට සෛල 200 දක්වා පහත වැටුණු විට එම ආසදිතයා AIDS රෝගියෙකු බවට නිර්ණය කෙරෙනවා (සාමාන්‍යයෙන් රුධිරයේ CD4 සෛල ඝන මිලිමිටරයට 500ත් 1,600ත් අතර ප්‍රමාණයක පවතිනවා).

ප්‍රතිකාරයක් නොමැතිව AIDS රෝගියෙකුගේ ආයු කාලය වසර 3ක් පමණ වෙනවා. නමුත් එම රෝගියාට වෙනත් බරපතල රෝගයක් වැළඳුනු පසුව එම කාලය වසරක් වැනි කෙටි කාලයක් දක්වා පහත වැටීමට පුළුවන්.

HIV පැතිරෙන්නේ කෙසේද

HIV වෛරසය පැතිරෙන්නේ විශේෂ ක්‍රියාකාරම් වලින් පමණයි. බොහෝ දෙනෙක්ට මෙය වැළඳෙන්නේ HIV අසදිතයෙකු සමග ඇතිවෙන අනාරක්ෂිත ලිංගික එකතුවීම වලින්. HIV වෛරසය පැතිරවීමට ශරීරයේ ඇති සැම කොටසකටම බැහැ. එය පැතිරෙන්නේ ශරීරයේ පහත දැක්වෙන තරල පමණයි.

  1. රුධිරය
  2. ශුක්‍ර තරයල
  3. පෙර- ශුක්ර තරල
  4. Rectal fluids
  5. යෝනි තරයල
  6. මව්කිරි

අසදිතයෙකු ගේ මෙම තරල කොටස් සෙම පටල සමග හෝ තුවාලයක් සමග හෝ ශරීරයට සෘජුවම එන්නත් කිරීම මගින් HIV වෛරසය පැතිරී යාමට පුළුවන්.

මේ අනුව ගත් කල කෙනෙකුගෙන් තවත් කෙනෙකුට HIV අසාදනය වීමට ඇති ඉඩකඩ බොහොම අල්පයි. එමෙන්ම HIV අසදියෙකු හෝ අසදිතයෙකුගේ පවුල සමාජයෙන් කොන් කිරම සිදු කලයුතු නැති ක්‍රියාවක් බවත් ඔවුනුත් තවත් එක් මනුෂයන් පිරිසක් ලෙස හඳුනාගෙන කටයුතු කල යුතු බව අද වන විට ලෝකයම පිළිගෙන තිබෙන කරුණක්.

HIV රෝග ව්‍යාප්තිය වලක්වාලීමට ඇති හොදම ක්‍රියාමාර්ගය වන්නේ අධ්‍යාපනයයි. ලෝකයේ බොහෝ රටවල අධ්‍යාපනය තුලින්  මෙවන් රෝගී තත්වයන් පිලිබඳ නිවැරදි විද්‍යාත්මක කරුණු නිසිලෙස තරුණ පරපුරට ලබාදෙනවා.

Wi-Fi වලින් පිලිකා ඇතිවනවාද ?

wifibrain

WiFi අපගේ එදිනෙද ජිවිතයට දැන් නැතිවම බැරි දෙයක් වෙලා ඉවරයි. කාර්යාලයේදී, නිවසේදී විතරක් නෙවෙයි දැන් සමහර බස්රථ හා පොදු ස්ථාන වලත් WiFi පහසුකම පවතින නිසා අප WiFi සිග්නල් වලට නිරාවරණය වන කාලය වැඩි බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවෙයි. ඒ නිසා WiFi වලින් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු තිබේදැයි දැන් බොහෝදෙනා සොයාබලනව. WiFi වල විකිරණ මගින් පිලිකා ඇතිවීමේ අවධානමක් ඇතිවිය හැකි බව බොහෝදෙනා දරන මතයක්. ඒ නිසාම අපි අද ලිපිය ගෙන එන්නේ ඇත්තටම WiFi මගින් පිලිකා ඇතිවන්ට පුළුවන්ද කියා සොයාබැලීමටයි.

electrosmog

අපි මුලින්ම බලමු wifi කියන්නේ කොයිවගේ තරංග විශේෂයක්ද කියල. මුලික වශයෙන් මේ සඳහා භාවිතාවන්නේ 2.4 and 5 GHz අතර ගුවන්විදුලි තරඟයක්. මෙහිදී සිදුවන්නේ මෙම තරංග යමය යොදාගනිමින් අවශ්‍ය උපකරණ අතර සන්නිවේදනය පවත්වාගෙන යාමයි. මෙහිදී මෙම කිරණ අප ශරීරය මගින්ද අවශෝෂණය කරගනු ලබනවා. නමුත් මෙහි ශක්තිය 0.1W වගේ සුළු අගයක් ගන්නවා. ඒ වගේම මෙහි අධික සංක්‍යතයනිසා කොහොමත් ඉතාමත් සුළු ශක්තියක් තමයි තිබෙන්නේ. නමුත් fm රේඩියෝ තරංග මිටවඩා වැඩි ශක්තීන්ගෙන් යුක්ත වනවා. ඒ වගේම මිට වඩා ශක්තියෙන් අධික කිරණ වලට  අප x ray කිරීමේදී අනාවරණය වනවා. එක නිසා තමයි අනවශ්‍ය ලෙස x ray වලට නිරවරණය වෙන්න එපා කියන්නේ.

cell-thermal-effect

ඒ වගේම අපගේ ජංගම දුරකථන වල භාවිතා වන කිරණත් WiFi වලට කිට්ටුයි. නමුත් පර්යේෂකයින් සොයාගෙන තිබෙනවා අධික ලෙස ජංගම දුරකථන භාවිතා කිරීමේදී යම් යම් සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැකි බව විශේෂයෙන් මොළයේ පිලිකා වැනි තත්වයන්. නමුත් තවමත් WiFi මගින් එවැනි දෙයක් ඇතිවන බව විද්‍යාත්මකව තහවුරුකිරීමක් සිදුව නැතිනිසා මෙමගින් එවැනි රෝගී තත්වයක් ඇතිවීමේ හැකියාව අවමයි. WiFi වලින් කොහොම උනත්  ජංගම දුරකතනයෙන් නම් හැකිතාක් පරිස්සම් වෙන්න පුළුවන් නම් හොද බව කියන්න ඕන. රැට ජංගම දුරකථනය කෝට්ටේ යට තියාගෙන නිදාගන්න එක නම් කරන්නම එපා. ඒ වගේම දීර්ග දුරකථන ඇමතුම් වලට පුළුවන් තරම් headsetඑක යොදාගන්න. පුළුවන් හැම වෙලාවේම headset එක යොදාගන්න පුළුවන් නම් වඩාත් හොදයි. මොකද මේ තාක්ෂනයන් මිට පෙර තිබු දේවල් නෙවෙයි. මේවගෙන් සිදුවන හානිය දැනගන්න වෙන්නේ අපිම ලෙඩ උනාම තමයි. නමුත් ඒ නිසා හැකිතාක් මෙවැනි දේවල් පිළිබඳවද ඔබගේ ආදරණියන් දැනුවත් කරන්න.

ඔබත් මෝටර් රථයක ගමන්කරනවිට ලෙඩ වනවාද?(motion sickness)

page

කාර්ය බහුල ජිවිතයෙන් මිදිලා නිවාඩුවකට කොහෙට හරි ගිහින් එන්න අපි හැමෝම හරිම කැමැත්තක් දක්වනවා. නමුත් ගමන අතරමග දිගට වහනය නවත්තමින් ව්වමනය කරමින් යන අය අපි අතර ගොඩක් ඉන්නවා, විශේෂයෙන් කුඩා දරුවන්. එහෙම උනාම ගමන ඉවරවෙන්නේ එතරම් සතුටකින් නොවෙයි. මෙම රෝගී තත්වය අපි motion sickness ලෙස හදුන්වනවා. විවිධවූ පුද්ගලයින් මෙම රෝගී තත්වයට වෙනස් ලෙස සංවේදී වනවා. දුම්රිය හරස් මාර්ගයක නවතා ඇති වහනයක ඉඳන් දුම්රිය ගමන් කරන අකාරය බලා සිටීමේ සිට, මෝටර් රථයක ගමන් කිරීම , මෝටර් රථයක ගමන් කරමින් ජංගම දුරකථනය භාවිතාව ඇතුළු බොහෝ කරුණු විවිධ පුද්ගලයින් මෙම රෝගී තත්වයට පත්කරනවා.  අද අප මෙම ලිපිය ගෙන එන්නේ motion sickness ගැන හා ඉන් වැලකීම පිළිබඳවයි.

අපි මුලින්ම බලමු ඇයි මේ රෝගී තත්වය ඇතිවන්නේ කියල. බොහෝවිට මෙම රෝගි තත්වය ඇතිවන්නේ මෝටර් රථයක ගමන් කරන විටයි, නමුත් ඊට අමතරව ගුවන් යානාවන් වල ගමන් කිරීමේදී හා නැවක හෝ ප්‍රමාණයෙන් විශාල බෝට්ටුවක ගමන් කිරීමේදී මෙම රෝගී තත්වය ඇතිවනවා. අපි මෝටර් රථයක ගුවන් යානාවක හෝ නැවක සිටිනවානම් අප එයට සාපේක්ෂව නිශ්චලව පවතිනවා එය අපගේ සමබර තව පවත්වාගැනීමට උපකාරී වන කණ තුල ඇති අර්ධ චක්‍රාකාර නළ මගින් අප නිසල බව සංවේදනය කරන අතර අප අවට පරිසරය ගමන් කරන බව අපට පෙනෙනවා, මෙම දැනීම හා පෙනීම එහෙමත් නැත්තම් අපගේ ඇස්දෙකෙන් මොළයට ලබාදෙන දත්ත  හා අප නිශ්චල බව දැනෙන අපගේ කණ තුල ඇති අර්ධ චක්‍රාකාර නළ මගින් ලබාදෙන දත්ත එකිනෙකට ගලපෙනෙන් නැ. ඒ වගේම අපි මෝටර් රථය තුලදී   අප ජංගම දුරකථනය, පොතක්, හෝ මෝටර් රථය තුල ඇති දෙයක් දෙස බැලුවොත් අප නිසල බව ඇස සංවේදනය කරන අතර මෝටර් රථයේ ඉහල පහල හා වංගු වල චලනයන් අර්ධ චක්‍රාකාර නළ මගින් හදුනාගන්නේ අප චලනයවන ලෙසයි. එනම් ඉහත අවස්ථා දෙකේදීම මොළයට ලබාදෙන දත්ත එකෙනෙක ගැලපෙන්නේ නැ.

motionsickness

මෙම නොගැලපෙන දත්තයන් මොළයේ ඇති area postrema නම් කොටස වෙත යැවෙනවා. මොළයේ මෙම කොටස මගින් අප වමනය කිරීමට සැලැස්වීම සිදුකරනවා. මොකද මෙම area postrema කොටස තමයි ශරීරයට විෂක් අතුලුවුවිට එය හදුනාගෙන වමනය කිරීම සිදුකරන්නේ. ශරීරයට විෂක් අතුල්වුවිට සංවේදන වල ඇතිවන ගැටළු කාරිත්වය හා motion sickness මගින් ඇතිවන ගැටළු සහගත බව මෙයට හේතු වනවා. කුඩා දරුවන් අතර බහුලව පවතින මෙම තත්වය වයසින් වැඩෙත්ම මගහැරි යන අතර නමුත් ඔබ නිතර ගමන් බිමන් යන අයෙක් නොවේනම් හා ඉරුවාරදය (migraine) වැනි රෝග වලින් පෙළෙන්නේ නම් මෙම තත්වය දිගටම පවතින්න පුළුවන්.

මෙම තත්වය නිසා ගමනක අවසානය එතරම් ප්‍රසන්න වන්නේ නැ. නමුත් මෙය අවම කරගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග තිබෙනවා. එකක් නම් හැකිතාක් හිස සෙලවීම අවම කිරීමයි ඒ සඳහා කොට්ටයක් යොදාගනිමින් නිදාගැනීම සිදු කර හැකියි. එහිදී ඇස්දෙක මගින් යවන සංවේදනද අවම වන නිසා වඩාත් පහසුවක් දැනේවි. ඉදිරි පස ආසනයෙ ගමන් කිරීම මෝටර් රථයේ උෂ්ණත්වය පහල අගයක පවත්වාගැනීම, හැකිතාක් ජංගම දුරකථනය භාවිතය පොත්කියවිම වැනි දේවල් වලින් තොර වීම හා ඇස ඉතා ඇත ක්ෂිතිජය වෙත යොමුකිරිම මගින් මෙම තත්වය අවම කරගන්න පුළුවන්. තවද වගකීමක් සහිත රියදුරකු ලෙස ක්ෂණිකව වහනය නතරකිරිම හා ක්ෂණික ත්වරණය අවම කිරීම හා සෙමෙන් වංගු ගැනීම මගින් මගීන්ට සැප පහසු ගමනක් සලසාදෙන්න පුළුවන්. තවද වෛද්‍යවරයකු හමුවීම මගින් මෙයට සහනය සලසන ඖෂධ ලබාගන්නත් පුළුවන්.

ඔබ විජලනය ට පත්වුනොත් ඔබේ සිරුරට කුමක් සිදුවෙයිද

dehydrated

ජලය යනු සියලුම ජිවින්ට අත්‍යවශ්‍ය සාදකයක්. ජලය නොමැතිව අපට ජීවත්වීමට හැකියාවක් නැහැ. අපගේ සිරුරේ බරෙන් 50% – 70%  අතර ප්‍රමාණයකට හේතු වන්නේද අපගේ සිරුරේ අඩංගු වන ජලයයි. බොහෝ ඉන්ද්‍රියන්ගේ නිවැරදි ක්‍රියාකාරිත්වයට ජලය අත්‍යවශ්‍යයි. ජලය නොමැතිව බොහෝ වෙලාවක් සිටියහොත් ඔබ විජලන තත්වයට පත්වීමට පුළුවන්. මෙය අධික ලෙස ව්‍යායාම වල දීම හෝ ඉතා උණුසුම් පරිසරයක බොහෝ වෙලා ගතකිරීම නිසා හෝ වන යම් රෝගී තත්වයක් නිසා සිදුවීමට පුළුවන්.

විජලන තත්වය ආරම්භයේදී ඔබට ඉතා දැඩි පිපාසයක් සහ දැඩි තෙහෙට්ටුවක් දන්නේන්නට පටන්ගන්නවා. බොහෝ විට මේ තත්වයේදී අපි සාමාන්‍යයෙන් ජලය හෝ වෙනයම් පානයක් භාවිත කිරීමෙන් මෙමෙ තත්වය මගහරවා ගැනිමට කටයුතු කරනවා. නමුත් විජලන තත්වය දිගින් දිගටම පැවතියහොත් ඔබට මෘදු හිසරිදීමකින් ආරම්භවී ඉක්මනින් කේන්ති යන සවභාවයකට පැමිණෙනවා. මේ තත්වය දිගටම පැවතියහොත් එය ඔබේ ශාරීරික සහ මානසික ක්‍රියාවලින් එකින් එක බිඳ දැමීමට පවා හේතු විය හැකියි

සාමාන්‍යයෙන් අප සිරුරෙන් දිගටම ජලය පිට වෙනවා. දහදිය, ප්‍රස්වාස වාතය, මුත්‍රා සහ තවත් බොහෝ ක්‍රියාවලින් වලින් අපගේ සිරුරෙන් දිගින් දිගටම ජලය පිටතට යනවා. මේ පිටව යන ජලයට සමාන ප්‍රමාණයක් ශරීරය තුලට ලබාගැනීම මගින් ශරීරයේ ජලය නියමිත මට්ටමට පවතවා ගන්නට පුළුවන්. එසේ නොහැකි වන අවස්ථාවකදී ඔබ විජලන තත්වයකට පත්වීමට පුළුවන්.

ඔබ විජලනය වුනොත් මොකද වෙන්නේ.

ඔබට අධික පිපාසයක් දැනෙන මොහොත වන විටදීම ඔබගේ සිරුර එක්තරා මට්ටමකට විජලයන වී අවසන් පරීක්ෂණ වාර්තාවන්ට අනුව 1% පමණ වූ සුළු විජලන තත්වයකින් පවා ඔබගේ සිරුරට අහිතකර බලපෑම් එල්ල විය හැකියි. ඔබගේ සිරුර විජලනය වීමත් සමග මොලයේ තරල වල අඩුවීමක් පර්යේක්ෂකයන් නිරීක්ෂණය කොට තිබෙනවා. ඒ අනුව විජලනය ඔබගේ මොලයේ ප්‍රමාණයට මෙන්ම එහි ක්‍රියාකරිතවයටද ඍජුවම බලපානු ඇති.

ඔබගේ සිරුරේ ජලය ක්‍රමක්‍රමයෙන් අඩුවී යන විට ඔබගේ රුධිරයේ අඩංගු ජලයද අඩු වෙනවා. එවිට ඔබගේ රුධිරය සාමාන්‍ය මට්ටමට වඩා උකු ගතියකින් වැඩි වෙනවා. ඔබගේ වකුගඩු සිරුර තුල ජලය රඳවා ගැනිමට උපරිම උත්සහයක් දරනු ඇති මෙහි ප්‍රතිපලයක් ලෙස ඔබට පිටවන මුත්‍රා ප්‍රමාණය සාපේක්ෂව පහල යනු ඇති.

රුධිරයේ උකු ගතිය වැඩිවන විට රුධිර සංසරණය නිසියාකාරව පවත්වා ගැනිමට ඔබගේ හදවතට වැඩිපුර වේගයෙන් ක්‍රියාකිරීමට සිදු වෙනවා. මෙය ඔබගේ සිරුරේ රුධිර පීඩනය ඉහල යාමට හේතුවෙනවා. ඔබ දැනටමත් හර්ද රෝගයකින් පෙලෙනේන්ක් නම් මෙවන් අවස්ථාවක ඇති දරුණු බව ඔබට හොඳින් වැටහෙනවා ඇති.

විජලනය නිසා සිරුරේ උෂ්ණත්වය යාමනය කිරීම බිඳවැටී ඔබ Hyperthermia තත්වයට ද පත්වීමට පුළුවන්. ඔබේ මොලයට මේ සියල්ල ඉතා හොඳින් දැනෙනවා මේ ක්‍රියාවලීන් දිගටම සිදුවිගන යනවානම් මොලය විසින් ඔබට අධික පිපාසයක හැඟීමක් ලබාදෙනු ඇති.

මීළඟට ඔබට අධික පිපාසයක් දැනෙන මොහොතේදී ඉහත සංසිද්ධීන් සියල්ලම සහ තවත් නොයෙකුත් ක්‍රියා වලින් ඔබගේ ශරීරයට දැඩි හානියක් සිදුවෙමින් තිබෙන බව හොඳින් මතක තබාගන්න. ඔබ දිනකට කොතරම් ජලය පානය කල යුතුද සහ එය කොයි ආකාරයෙන් කල යුතුද යන්න අප ඉදිරි දිනකදී සලකා බලමු

ලොවම තැතිගැන්වූ මොකක්ද මේ Zika ව‌ෛරසය?

AP_685447654500.0.0

පසුගිය සති කිහිපය තුල ඔබ ලෝක පුවත් පිළිබඳව අවධානයෙන් සිටියානම  Zika ව‌ෛරසය පිළිබඳව දන්නවා ඇති.  එය දැන් ලෝක සෞඛ්‍ය තර්ජනයක් වශයෙන් හදුන්වා ඒ පිලිබන්දව නිවේදනයක් පවා නිකුත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර ඇත්තේ එහි ඇති භයානක කම නිසාවෙන්. එහි ඇති අවධානම් සහගතම කරණය වන්නේ ගර්භනී කාන්තාවන්ට මෙය වැළඳුනු විට ලැබෙන දරුවන් නිසි ආකාරයෙන් නොවැඩුණු කුඩා හිසක් සහිතව හා ප්‍රමාණයෙන් කුඩා මොලයක් සහිතව ඉපදීමයි.මෙම කරුණ නිසා ලතින් ඇමෙරිකානු රටවල් කාන්තාවන්ගෙන් වසර 2018 තෙක් ගර්භනී වීමෙන් වලකින ලෙසටද ඉල්ලීමක් කර තිබෙනවා.  දැනට ලොව තවමත් මේ සඳහා ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති අතර අපරටද මෙය වියප්තවීමේ අවධානම් කලාපය තුල පිහිට තිබීම නිසා මේ පිළිබඳව ඔබ දැනුවත් කිරීමට සිතුවා.

1122

Zika ව‌ෛරසය පැතිරීයාමේ අවධානම සහිත ප්‍රදේශ

මෙම ව‌ෛරසය පිළිබඳව මුලුන්ම වාර්තා වන්නේ ලතින් ඇමෙරිකානු කලාපයෙන් ඒ 2015 මැයි මාසයේදී ඉන්පසුව මෙය බ්‍රසීලය, මෙක්සිකෝව ප්‍රමුක ලතින් ඇමෙරිකානු රටවල් පුරා ව්‍යප්තවනවා. ප්‍රධානය වශයෙන් මෙය මුලින් හදුනා ගත්තේ ඩෙංගු හා චිකන්ගුන්යා ව‌ෛරසය මෙන් මදුරුවන් මගින් බෝවන රෝගයක් ලෙසයි. නමුත්  පසුගිය සතියේ සොයාගත් ආකාරයට මෙය ලිංගිකවද බෝවන බව තහවුරු කරගෙන තිබෙනවා. එය වාර්තාව තිබ්බෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.

4mil5-451429

වාසනාවකට තවමත් මෙය අපරට තුලට පැමිණ නැතත් මදුරුවන් මගින් බෝවන නිසා අපටද දැඩි අවධානමක් මෙමගින් එල්ලවනවා. දැනට වාර්තා වන අන්දමට Zika ව‌ෛරසය ශරීර ගතවුවන් 5දෙනකු ගෙන් එක් අයෙකු පමණක් රෝගීවන බව සොයාගෙන තිබෙනවා. ඒ වගේම රෝග ලක්ෂණ වන්නේ සතියකට දින කිහිපයක් පවතින උණ ගතියක්, හිසේ කැක්කුමක්, හා ප්‍රධාන වශයෙන් මස්පිඩු වේදනාවන් හන්දිපත්වල රිදීමක්, අධික කැසිමකින් යුතු  දද හා ඇස් රතුවිමයි. දැනට නිසි ප්‍රතිකාරයක් නොමැති නිසා සැදුනු විට හැකිතාක් මහන්සිවිමෙන් වැලකීම (resting) පැරසිටමෝල් වැනි වේදනානාශක වලින් වැලකීම හා හොදින් ජලය පානය කිරීම මෙන්ම මදුරුවන් දෂ්ඨ කිරීම වැලක්විමයි. මොකද Zika ව‌ෛරසය ශරීරිය තුල ඇතිබැවින් මදුරුවන් මගින් එය අනයටද පැතිර යාම අවම කිරීමටයි. කෙසේවෙතත් ගර්භනී කාන්තාවකට මෙය වැළඳීම මගින් කුඩා හිසක් ඇති දරුවකු ඉපදීමේ දැඩි අවධානමක් පවතිනවා. දැනට ඉන්දියාවේ රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වී ඇති අතර මෙවැනි රෝග රටතුලට පැමිණීම වැලක්වීමට අප රටේ සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාත්මක වියයුතුයි. මොකද අශ්වයා පැනගිය පසු ඉස්තාලය වැසීමෙන් පලක්නොවන නිසා.

microcephaly-comparison pic_1453148243419_436989_ver1.0_640_360