ලියුකේමියා රෝගයට සාර්ථක ප්‍රතිකාරයක්

leukemia-cancer_1024

ලියුකේමියාව යනු ඇසුණු සැනින් කෙනෙකුගේ සිත සලිත වන රෝගයක්. මෙය රුධිරයේ ඇතිවන පිළිකා තත්වයක්. විවිධ වර්ගයේ ලියුකේමියා තත්වයන් දැනට හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින්  Acute myeloid leukaemia (AML) යනු දැනට වාර්තාවන බරපතලම වර්ගයේ ලියුකේමියා තත්වයක්. මෙම රෝගී තත්වය වැළඳී ඇති රෝගීන්ගෙන් අවුරුදු 5ක් දක්වා ජිවත්ව සිටීමට හැකියාව ලැබී තිබෙන්නේ 24% පමණ සුළු පිරිසකට පමණයි. ඒ අනුව මෙම රෝගී තත්වය කෙතරම් දරුණු එකක්දැයි ඔබට සිතා ගැනිමට පුළුවන්.

මෙම රෝගී තත්වයට සාර්ථක පිලියමක් ලබාදීමට හැකි නවතම මාවතක් සොයාගන්නට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි Walter and Eliza Hall ආයතනයේ පර්යේක්ෂකයන් සමත්ව තිබෙනවා. ඔවුන් විසින් කරන ලද පරීක්ෂණ වලදී ඔවුන් මෙමෙ AML පිළිකා සෛල වල වර්ධනයට සෘජුවම බලපාන ප්‍රෝටිනයක් සොයාගෙන තිබෙනවා. ඔවුන් මේ ප්‍රෝටීනය නම්කොට තිබෙන්නේ Hhex protein ලෙසයි. රසායනාගාර තත්ව යටතේදී මෙමෙ ප්‍රෝටීන වර්ගයේ සැපයුම අඩාල කිරීම මගින් AML පිළිකා සෛල වල වර්ධනය නවතා දැමීමට මෙම පර්ක්ෂකයන්ට හැකියාව ලැබී තිබෙනවා. දැන් ඔවුන්  මෙම ප්‍රතිකර්මය මිනිස් සිරුරට කෙසේ බලපානු ඇත්දැයි යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වනවා

AML පිළිකා තත්වයට දැනට පවතින ප්‍රතිකාර ක්‍රියාත්මක වන්නේ සෘජුවම පිළිකා සෛල අරමුණු කරගෙන නොවෙයි. මේ නිසා මෙමෙ ප්‍රතිකර්ම වලදී නිරෝගී රුධිර සෛල බොහෝ ප්‍රමාණයක්ද විනාශ වෙනවා. මෙම නිසා මෙමෙ ප්‍රතිකාර නිසා මිනිස් සිරුරට සිදුවන හානිය තරමක් වැඩයි. නමුත් මෙමෙ නවතම සොයාගැනීමට අනුව මෙමෙ Hhex protein වර්ගය අවශ්‍ය වන්නේ පිළිකා සෛල වල වර්ධනයට පමණයි. සාමාන්‍ය නිරෝගී සෛල වල වර්ධනයට මෙම ප්‍රෝටීන වර්ගය අවශ්‍ය වන්නේ නැති බව පරීක්ෂකයන් සොයාගෙන තිබෙනවා. එම නිසා මේ මගින් කෙරෙන ප්‍රතිකාර වලට සෘජුවම පිළිකා සෛල පමණක් අරමුණු කරගෙන ප්‍රතිකාර කිරීමේ හැකියාවක් පවතිනවා. මෙමගින් පිළිකා නාශක ප්‍රතිකාර මගින් මිනිස් සිරුරට සිදුවන බලපෑම අවම කරගත හැකි වනු ඇති.

අපගේ ශරීරයේ පිළිකා සෛල වලට ප්‍රතිවිරෝදී ක්‍රියාමාර්ගයක් ස්වභාවයෙන්ම පවතිනවා. මෙහිදී සිදුවන්නේ කිසියම් සෛලයක් සාමාන්‍ය රටාවෙන් වෙනස්ව වර්ධනය වීම ආරම්භ වුවහොත් එම සෛලයේ වර්ධනය අඩාල කිරීමේ යාන්ත්‍රණයක් ස්වාභාවිකවම අප තුල පවතිනවා. නමුත් මේ අලුතින් සොයාගෙන තිබෙන Hhex protein වර්ගය විසින් එම ක්‍රියාවලිය අඩාල කරමින් පිළිකා සෛල වලට වර්ධනය වීමට ඉඩ ලබාදෙන බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා

Hhex protein සාමාන්‍ය රුධිර සෛල වලට ප්‍රයෝජනවත් වන ප්‍රමාණය ඉතා අඩු අගයක පවතින බව පර්යේක්ෂකයන් පවසා සිටිනවා. එම නිසා AML පිළිකා සෛල සෘජුවම අරමුණු කරගත් ප්‍රතිකාරයක් මේ මගින් නිර්මාණය කල හැකි වනු ඇති බව පර්යේක්ෂකයන් ගේ අදහසයි.

ටැටූ ඉවත්කිරීමේ විද්‍යාත්මක කථාව

3d-leg-tattoo

ටැටූ නැතිනම් පච්චයක් ගසාගැනීම කියන්නේ අද බොහෝදෙනා ඉතාමත් කැමැත්තෙන් කරන දෙයක්. එය බොහෝ රටවල සම්ප්‍රදායික දෙයක් මෙන්ම ආගමික ඇදහිලි වලට එකතුවී ඇති ඉපැරණි කලාවක්.  එය විවිධ පුද්ගලයින් විවිධ වූ හේතු සඳහා සිදුකරගනු ලබනවා. ඇතැම් විට තම සහකාරියගේ නම, තමන්ට විශේෂිතවූ දෙයක් වෙනුවෙන් හෝ  ලොව පුරා සංචාරය කරන පිරිස් තමන් ගමන්ගනනා රටෙන් මතක සටහන ලෙසද ටැටූ එකක් ලබාගැනීමට ප්‍රිය කරනවා. ටැටූ එකක් සම මතුපිට ඇඳීම තරමක වේදනාකාරී දෙයක් බව අප දන්නා කරුණක්. නමුත් ඔබ දන්නවාද ? ටැටූ එක ඉවත් කිරීම ඊටත් වඩා වේදනාකාරී බව.

ටැටූ එකක් කිරීමේදී සිදුවන්නේ ඉතා සියුම් ඉදිකටු කිහිපයකින් සම අභ්‍යන්තරයට ටැටූ තීන්ත රැගෙන යාමයි. එහිදී එම සියුම් ඉදිකටු අපගේ සම සිදුරුකරගෙන ඇතුලට ගමන්කරනවා. මෙම ටැටූ තීන්ත සාදන්නේ ඊයම්,තඹ හෝ මැන්ගනීස් වැනි ලෝහ මගින්. එබැවින් මෙම තීන්ත කොටස් ඉතා විශාලයි. සාමාන්යෙන් ශරීර අභ්‍යන්තරයට ආගන්තුක ද්‍රව්‍යක් අතුල්වුවිට එය ප්‍රතික්ෂේප කිරීමට අපගේ ශරීරය ක්‍රියා කරනවා. මෙහිදීද අපගේ ප්‍රතිජීවක පද්ධතිය එම කරුණ එලෙසම සිදුකරනවා. නමුත් එම ඉවත්කිරීම සිදුකිරීමට පැමිණෙන සුදු රුධිරාණු වලට වඩා ටැටූ තීන්ත කොටස් විශාල බැවින් ඒවා ඉවත්කිරීමට සුදු රුධිරාණු අපොහොසත් වනවා. පහත රුපයෙන් ඔබට සුදු රුධිරාණු හා ටැටූ තීන්ත කොටස් වල ප්‍රමාණයේ  වෙනස දැකගන්නට පුළුවන්.

tatoo

නමුත් ටැටූ එකක් ගැසීමෙන් පසු කාලයක් ගතවද්දී එය ක්‍රමයෙන් මැකියන්නේ සුදු රුධිරාණු වල මෙම ක්‍රියාකාරිත්ව නිසයි. එහිදී සුදු රුධිරාණු වලට රැගෙන යාමට හැකි ප්‍රමාණයේ කොටස් ඔව්න් අක්මාව වෙත රැගෙන යනවා. නමුත් මෙය ඉතාමත් සෙමෙන් සිදුවන ක්‍රියාවලියක්. ටැටූ එකක් ඉවත් කිරීම එක් ආකාරයකින් ගත්තොත් මෙම ක්‍රියාවලිය වේගවත් කිරීමක්. ටැටූ ඉවත්කිරීමට යොදාගන්න ලේසර් එක හදුන්වන්නේ ultra-short pulse laser නමින් මෙය පිකෝ තත්පර වල කාල වෙනසක් නැතිනම් තත්පරයෙන් ට්‍රිලියන එකක කාල වෙනසක්  ඇතුව ක්‍රියාකරන ලේසර් එකක්. ඊට වඩා වැඩි කාලයක් සම මතට මෙය වැටුනොත් එය අපගේ ශරීරයේ පටක වලට හානිකරනු ඇතියි. (ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත්කිරිමටද මෙම තාක්ෂනය යොදාගන්නවා.)

tattttt

මෙහිදී මෙම ලේසර් එක ටැටූ තීන්ත වලට එල්ල කිරීමේදී එම තීන්ත කොටස් වල එක් අර්ධයක් ක්ෂණිකව ඉහල උෂ්ණත්වයක පත්වනවා. ඉන්පසුව පිකෝ තත්පර කාල ප්‍රාන්තරයක් සඳහා ලේසර් එක නිවියනවා. මෙම කාලය තුලදී තීන්ත කොටස් ක්ෂණිකව සිසිල්විමක් සිදුවන අතර සම්පුර්ණ තීන්ත කොටසම ඉහල උෂ්ණත්වයකට පත්වීමට තාපය ගලායාමට කාලයක් නොමැති නිසා ඇතිවන thermal stress එක මගින් එම ටැටූ තීන්ත කොටස කුඩා කැබලි වලට කැඩී යනවා. මෙලෙස විශාල තීන්ත කොටස් කුඩා කැබලි බවට පත්වුපසු ඒවා සුදු රුධිරාණු මගින් ඉවත් කිරීම සිදුවන අතර එය වඩාත් වේගවත් ක්‍රියාවලියක් බවට පත්වනවා.

සම්පුර්ණයෙන්ම ටැටූ එකක් ඉවත්කිරීමට සඳහා මෙම ලේසර් එක 6 වතාවක් පමණ ඇල්ලීමට සිදුවනවා. නමුත් එය ටැටූ එක ඇඳීමට වඩා බොහෝ වේදනාකාරීයි. එබැවින් ටැටූ එකක් ගැසීමට පෙර දෙවතාවක් සිතන්න. මොකද අප සැලසුම් කරන විදිහට සියලුදේ ඉටුනොවන්න පුළුවන් 😛

මේ පිළිබඳව වඩාත් පැහැදිලි විස්තරයක් සහිත වීඩියෝවක් පහතින් දැක්වෙනවා.

ඔබේ දරුවා මානසික ආතතියෙන් මුදවාගන්න

dogs-kids_1024

මානසික ආතතිය(stress) අද බොහෝ දෙනෙක් අතර බහුල දෙයක් කාර්යබහුල ජිවන රටාව තම පවුල් වලින් ඈත්ව වාසය කිරීම නිවසේ ඇති ගැටළු සහගත තත්වයන් මෙයට බලපාන්නට පුළුවන්. නමුත් අප බොහෝ විට සිතා සිටින්නේ මානසික ආතතියට ගොදුරු වන්නේ වැඩිහිටියන් පමණක් බවයි. නමුත් ඔබ පුදුම කරවන කාරණය නම් ඔබේ කුඩා දරුවාටද මානසික ආතතිය වැළඳීමේ හැකියාවක් පවතිනවා දෙමාපියන්ට ඔවුන් සමග ගතකිරීමට ඇති කාලය අවම වීම පාසලේදී ඇතිවන ගැටළු අනේකවිධ වූ අතිරේක පන්ති ගොන්න වත්මන් දරු පරම්පරාවට මානසික ආතතිය ඇතිකිරීමේ මුලික තැනක් ගන්නවා.

දරුවන්ගේ යහපත්  සෞඛ්‍ය වැඩිහිටි සැමගේම බලාපොරොත්තුවයි ඔබගේ ඒ බලාපොරොත්තුව වැඩිකරලීමට හේතුවන අලුත්ම සොයාගැනීමක් පිළිබඳවයි මේ ලිපිය දිගහැරෙන්නේ. මෙමෙ නවතම සොයාගැනීමට අනුව නිවසේ සුනඛයෙකු ඇති කිරීම දරුවන් තුල මානසික ආතතිය වැනි රෝගී තත්වයන් අවම කිරීමට හේතුවන බව පර්යේක්ෂකයන් සොයාගෙන තිබෙනවා. මෙමෙ පරීක්ෂණය සිදුකර තිබෙන්නේ US Centres for Disease Control and Prevention (CDC) නමැති ආයතනයෙන් ඔවුන් වයස අවුරුදු 4 සිට 10 දක්වා වූ ළමයින් 643 දෙනෙකුන් මාස 18 ක කාලයක් පුරා නිරීක්ෂණය කොට තිබෙනවා

මෙහිදී ඔවුන් විසින් එක් එක් කුඩා දරුවා සුරතල් සුනඛයා සමග ගතකරන කාලය සහ ඔවුන්ගේ උස බර වැඩිම වැනි ශාරීරික සුවතාවය පෙන්නුම් කරන  මිනුම් මෙන්ම ඔවුන්ගේ මානසික සුවතාවය පෙන්නුම් කරන මිනුම් ද ලබාගෙන තිබෙනවා. මෙහිදී දක්නට ලැබී ඇති කාරණයක් නම් දරුවන් සුනඛයන් සමග ගතකරන කාලය සහ ඔවුන්ගේ ශාරීරික  සුවතාවය අතර විශාල සම්බන්ධතාවයක් දක්නට නොලැබුනත් වඩා වැඩි කාලයක් තම සුරතල් සුනඛයා සමග ගතකිරීමට අවස්ථාව ලැබෙන දරුවන් වඩා හොඳ මානසික සුවතාවයකින් පෙලෙන බවයි.

නිවසේ සුනඛයෙකු සිටින දරුවන් ගේ මානසික ආතතිය වැළඳීමේ ප්‍රවනතාව 12% ලෙසත් නිවසේ සුනඛයෙකු නොමැති දරුවන් අතර එම ප්‍රවනතාව 21% පමණ ඉහල අගයක් ගන්නා බවට පර්යේක්ෂකයන් විසින් සොයාගෙන තිබෙනවා. ඔවුන්ට අනුව නිවසේ සුනඛයෙකු සිටින දරුවන්ට දෙමාපියන්ගෙන් වෙන්වීම නිසා ඇතිවන අතතිමය තත්වය වැළඳීමේ ප්‍රවනතාවය ඉතා අඩු මට්ටමක පවතිනවා. මෙහිදී මතුවී ඇති තවත් කාරණයක් වන්නේ නිවසේ ඇතිකරනු ලබන සුනඛ වර්ගය මේ ප්‍රතිඵලයට එතරම් බාල නොපාන බවයි.

කාර්යබහුල ජිවිතයක් ගතකරන බොහෝ දෙමාපියන්ට මෙම සොයාගැනීම වැදගත්වනු ඇති. නමුත් පර්යේක්ෂකයන් අවධාරණය කර සිටින්නේ මේ සියලු දේටම වඩා දරුවන් බලාපොරොත්තු වන්නේ තම දෙමාපියන් සමග කාලය ගතකිර්ම සහ දෙමාපියන්ගේ අවධානය දරුවන් වෙතට යොමුවීම බවයි. ඔබේ දරුවටත් සුරතල් සුනඛයෙකු ලබාදීම දරුවාගේ මානසික සෞඛ්‍ය හොඳින් තබාගැනීමට උපකාරී වනු ඇති. නමුත් ඔබේ දරුවාට දෙමාපියන්ගෙන් ලැබෙන ආදරය සහ රැකවරණය සුනඛයෙකු ගෙන් ලැබෙන සෙනෙහසට වඩා සියදහස් ගුණයක් වටිනවා නොඅනුමානයි.

අත සිදුරු නොකර රුධිරය ලබාගන්නා අලුත්ම ඔරලෝසුව

Watch_web_1024

රුධිර පරීක්ෂාවක් සඳහා රුධිරය ලබාදීම බොහෝ දෙනෙකුට වේදනාකාරී හැඟීමක් ඉතිරි කරනවා. බොහෝ විට කුඩා දරුවන් මෙම ක්‍රියාවට දැඩි අකමැත්තක් දක්වනවා. මිට අමතරව දියවැඩියාව වැනි රෝග වලින් පෙලෙන අයට පවා නිතර නිතර රුධිර පරීක්ෂාවන් සඳහා රුධිරය ලබාගැනීම මහත් අපහසුවක්. මේ අපහසුවන් සහ අමිහිරි අත්දැකීම් වලින් තොරව කුඩා රුධිර සාම්පලයක් ලබාගත හැකි ඔරලෝසුවක් Google ආයතනය මගින් සොයාගෙන තිබෙනවා

සාමාන්‍යයෙන් රුධිර සාම්පලයක් ලබාගැනීමේදී සිදුකරන්නේ ඔබගේ ඇඟිලි තුඩක් සියුම් තුඩකින් සිදුරු කිරීමෙන් අනතුරුව නිකුත් වෙන කුඩා ලේ බිදු කිහිපය සාම්පලයක් ලෙස ලබාගැනීමයි. දියවැඩියාව රෝගයෙන් පෙලෙන රෝගියෙක්නම් දිනකට කිහිප වතාවක් මෙලෙස රුධිර සාම්පල ලබාගැනීම මගින් ශරීරයේ ඉන්සියුලින් ප්‍රමාණය නියමිත මට්ටමක පවතිනවාදැයි තහවුරු කර ගත යුතු වෙනවා. නමුත් Google සමාගමේ මේ නවතම සොයාගැනීම මගින් එලෙස ශරීරය සිදුරු කිරීමකින් තොරව කුඩා රුධිර සාම්පලයක් ලබාගැනීමේ හැකියාව පවතිනවා.

මෙම නිර්මාණය තවමත් පවතින්නේ පේටන්ට් අයිතිය ලබාගැනීමේ ක්‍රියා පිළිවෙල තුලයි. එම නිසා Google ආයතන තවමත් මේ නව නිර්මාණය පිලිබඳ වැඩි විස්තරයක් ප්‍රසිද්ධ කර නැහැ. නමුත් දැනට ලැබී ඇති තොරතුරු අනුව මේ නවතම උපරකරණය smart watch එකක් ලෙස භාවිත කිරීමේ හැකියාවක් පවතිනවා

මෙහිදී ශරීරය සමග සම්බන්ධව පවතින microparticle අඩංගු වන සිලින්ඩරයකට එක්වර පීඩනයක් යටතේදී වායුව ඇතුල් කිරීම සිදු වෙනවා. මේ සමගම සිලින්ඩරයේ අඩංගු වූ microparticle සම විනිවිද යමින් ඉතා සියුම් සිදුරක් ඇති කරන අතර සියුම් ලේ බිදු කිහිපයක් ඉන් එලියට නිකුත් වෙනු ඇති. මෙමෙ ලේ බිදු කිහිපය අඩු පීඩනයක් යටති පවතින සිලින්ඩරයකට ඉතා ඉක්මනින් ඇදගැනීම සිදුවෙනවා. මෙම කුඩා ලේ සාම්පලය රුධිරයේ සිනි පරීක්ෂාවක් සිදුකිරීමට ඇති වනු ඇතැයි ගණන් බලා තිබෙනවා

මෙම නිර්මාණයේ මුලික අරමුණ කුමක්දැයි පැහැදිලිව සඳහන් කොට නොමැති වුවත් මෙය දියවැඩියාව වැනි රෝගවලින් පෙලෙන රෝගීන් අරමුණු කරගෙන නිපදවූවක් බව බලු බැල්මටම පෙන්නේනට තිබෙන කාරණයක්. එමෙන්ම මෙමෙ පේටෙන්ට් අයදුම්පත සමග ඇති රුප සටහන් වලින් පෙනෙන ආකාරයට මෙය smart watch එකක් ලෙස නිපදවීමට Google සමගම උත්සාහ දරන බව පෙනෙන්නට තිබෙනවා. මේ අනුව දැනට තොරතුරැ ඉදිරිපත් වී නැතත් මෙමෙ නිපැයුම මගින් කිසියම් කාලසීමාවක් තුල වරින් වර රුධිර පර්ක්ෂාවන් කිරීමට සහ ඒ මගින් ලැබෙන දත්ත රෝගියාට දර්ශකයක් මගින් පෙන්වීමට ද හැකියාවක් ලැබෙනු ඇති.

ජලයේදී ඇඟිලිතුඩු රැළි වැටෙන්නේ ඇයි?

why-do-fingers-go-wrinkly-in-water-header

නැමෙන්, රෙදි සේදීමෙන් හෝ වෙනත් ජලය සමග බොහොවෙලාවක් අත් පා තෙමාගෙන වැඩකළ පසු අපගේ අතේ මෙන්ම කකුලේ ඇඟිලි වලත් ඇතිවන රැළි වැටීම් සාමාන්‍ය දෙයක් බව අපි හැමෝම දන්නවා. නමුත් අයි එහෙම වෙන්නේ ? ඔබට උත්තරයක් තිබෙනවද? අද අපි මේ කෙටි සටහන ගෙන එන්නේ මෙම සැවොම දන්නා, හේතුව නොදන්නා මෙම කාරණාව පිළිබඳවයි.

මුලින් මේ පිලිබඳ පළවූ අදහසක් වනුයේ බොහෝ වෙලාවක් ජලය සම සමග ගැටී පැවතීම නිසා සමේ බාහිර ස්තරය ජලය අවශෝෂණය කරගන්නා බවයි. මෙම අවශෝෂණය නිසා සම ප්‍රසාරණය වීම මගින් මෙම රැළි ඇතිවන බවයි. නමුත් දැන් පර්යේෂකයින් පිරිසක් මේ පිළිබඳව නව අදහසක් ඉදිරිපත් කරනවා. ඔව්න්ට අනුව සිදුවන්නේ අපගේ ඇඟිලි ජලයේ ගිලි වැඩි වේලක් පවතින විට ඇතිවන ස්නායු සංඥා මගින්  රුධිර නාලිකා හැකිලවිමයි. මෙලෙස රුධිර නාලිකා හැකිලුනු විට රුධිර සංසරණය අඩුවීම නිසා පාදවල හා අතේ  ඇඟිලිතුඩු වල ඇති වටකුරු ස්වභාවය වෙනස්වී රැළිසහිත වනවා.

මෙලෙස සිදුවීම ඔව්න් සඳහන් කරන්නේ අප පරිණාමයේ සිට පැවත එන්නක් බවයි. ඔව්න්ට අනුව අප යම් කාර්යක් අතින් සිදු කිරීමේදී ඇඟිලි තුඩු මගින් ඕනෑම දෙයක් තදින් අල්ලාගැනීමට යොදාගන්නවා. එවනි දෙයක් ජලය සහිතව සිදුකිරීමේදී රැළි සහිත ඇඟිලි  තුඩු ටයරයක කට්ට මෙන් ජලය ඉවත්කොට ඉතා හොඳ grip එකක් ලබාගැනීමට උපකාරී වනවා. ඊට අමතරව වර්ෂාව පවතින විට දඩයම් කිරීමට ආයුධ හොදින් අල්වා ගැනීමේ සිට තෙත් මතුපිටි වල නැගීම, බැසීම, දිවයාම වැනි දෑ පහසුකිරීමට මෙය උපකාර වන්නට ඇතිබව ඔව්න් පවසනවා.

 

ලෝකයේ විෂ සහිතම අහාර වර්ග 21

poison_foods

විවිධ වර්ගයේ අහාර රස බැලීමට අප බොහෝ දෙනෙක් ඉතා කැමැත්තක් දක්වනවා. විවිධ රට වල ඇති විවිධ අහාර වර්ග රස බැලීමට අප තුල ඇත්තේ ඉමහත් උනන්දුවක් නමුත් මෙම අහාර අතර යම් යම් අවස්ථාවන් වලදී ඉතා විෂ සහිත අහාර අඩංගු වීමට පුළුවන්. අද අප ඔබට විස්තර ගෙන එන්නේ මෙලෙස ලෝකයේ ඇති විෂ සහිතම අහාර වර්ග කිහිපයක් ගැන විස්තරයි

sWEdNkQ

ලෝකයේ පුළුල්ම මුහුණු බද්ධ කිරීමේ සැත්කම

face transfer

ලෝකයේ පුළුල්ම මුහුණු බද්ධ කිරීමේ සැත්කම (face transplant)සාර්ථකව නිමකිරීමට නිව්යෝක් සරසවියේ  Langone Medical Center හි කාර්ය මණ්ඩලය සමත්වී තිබෙනවා. මේ සැත්කමට භාජනය වී තිබෙන්නේ 41 හැවිරිදි ගිනිනිවීමේ භටයාගේ . 2001 වසරේදී ගින්නක් නිවීමට යාමේදී ගිනිගත් නිවසේ වහල මෙම ගිනි නිවීමේ භටයාගේ හිස මත කඩා වැටි තිබෙනවා. ඔහු නමින් Patrick Hardison. මෙමෙ අනතුර නිසා ඔහුගේ මුහුණ සම්පුර්ණයෙන්ම විනශ වී ගොස් තිබෙනවා. ඉහත දැක්වෙන රුපයේ වම පසින් පෙනේනේ අනතුරින් පසුව ඔහුගේ මුහුණයි.

ඔහුගේ මේ විනාශ වී ගිය මුහුණට අලුත් මුහුණක් බද්ද කිරීමේ ක්‍රියාවලියට නිව්යෝර්ක් සරසවියේ කාර්ය මණ්ඩලය අවතීර්ණ වී තිබෙන්නේ ඔහුගේ උසට බරට සහ සමේ පැහැයට ගැලපෙන තවත් මුහුණක් ඔවුන්ට ලැබුන පසුවයි. මෙමෙ නව මුහුණ ලැබී තිබෙන්නේ David Rodebaugh නමැති පුද්ගලයාගෙන් ඔහු වයස 26 ක පුද්ගලයෙක්. දරුණු යතුරුපැදි අනතුරකින් පසුව ඔහුගේ මොලය මියගොස් තිබෙනවා. ඉන් පසුව ඔහුගේ මුහුණ ගිනි නිවීමේ භටයාට බද්ධ කිරීම ආරම්භ කර තිබෙනවා.

මුහුණ යනු අපේ සමේ කොටසක් එයත් අපගේ සාමාන්‍ය ඉන්ද්‍රියන් මෙන් එක ඉන්ද්‍රියක්. එම නිසා මෙය ඉන්ද්‍රිය බද්ධ කිරීමේ සැත්කමක්. මෙමෙ සැත්කමේ යෙදුන වෛද්‍ය වරුන්ට අනුව නම් මෙය වෛද්‍ය විද්‍යාවේ පෙරගමන්ට ඉතා රුකුලක් වන අවස්ථාවක්.  සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය බද්ධ කිරීමකදී අලුතින් බද්ධ කරන අවයවය රෝගියාගේ සිරුරෙන් ප්‍රතික්ෂේප කිරීමේ අවධානමක් පවතිනවා. නමුත් මේ සැත්කම සමුර්නයෙන්ම සාර්ථක වී තිබෙනවා. මෙම සැත්කමට ගතවී ඇති මුළු කාලය පැය 26ක් වන අතර ඒ සඳහා 100 දෙනෙකුගෙන් යුතු කාර්යමණ්ඩලයක් සහභාගී වී තිබෙනවා

doctors

Image credit: The huge team that worked over 26 hours to perform the procedure. NYU Langone Medical Center.

doner

Image credit: Rodebaugh, the donor. NYU Langone Medical Center.

before

Image credit: Hardison, pre-injury. NYU Langone Medical Center.

 

පිළිකා නසන ඇල්ගී

Algae-cancer-drugs_Nature-Communications_image_1

A schematic showing the antibodies binding to the surface of the biosilica (green) containing drug particles (yellow), “attacking” the cancer cell (purple).

පිළිකා(cancer) යන වදන ඇසුණු සැනින් බොහෝ දෙනෙක් බියට පත්වනවා. පර්යේෂකයන් දිනෙන් දින මෙමෙ පිළිකා සමග සටන් කොට මිනිස් ජිවත බේරාගැනීමට හැකි ඖෂධ නිපදවීමට උතසහ දරනවා. මෙවන් ඖෂධවල ප්‍රධානම කොටස් දෙකක් තිබෙනවා ප්‍රථම කොටස නම් පිළිකාව සමග සටන්කොට එය අඩපන කිරීමට හෝ එය සහමුලින්ම විනාශකර දැමීමට හේතු වන රසායනික සංයෝගයයි අනික් කොටස නම් මෙමෙ රසායනික කොටස ශරීරයේ අදාල ස්ථානය කරා යොමු කරවන වාහක කොටසයි.

මෙලෙස පිළිකා සමග සටන්කිරීමට හැකි රසායනික සංයෝග ශරීරයේ විවිධ ස්ථාන වලට ගෙනයන නවතම වාහකයක් සොයාගැනීමට පරීක්ෂකයන් සමත්ව තිබෙනවා. මෙමෙ නවතම වාහකයා නිපදවා තිබෙන්නේ ජාන තාක්ෂණයෙන් නිපදවන ලද ඇල්ගී භාවිතයට ගැනීමෙන්.

මෙහිදී භාවිතයට ගනේනෙන් නැනෝ ප්‍රමාණයේ අංශුයි මෙමෙ නැනෝ අංශු මගින් පිළිකා නාශක ඖෂධ කොටස් ඒවා අභ්‍යන්තරයේ අන්තර්ගත වන ආකාරයට නිපදවෙනවා. ශරීරයේ අවශ්‍ය ස්ථානයට ළඟාවූ පසු මෙමෙ නැනෝ අංශු විසින් ඖෂධ කොටස් මුදාහැරිම සිදුකරන අතර එතැන් පටන් එම ඖෂධ කොටස් පිළිකාව සමග සටන්කිරිම ආරම්භ කරනවා. මේ වනතෙක් මෙලෙස නැනෝ අංශු නිපදවීම සඳහා යොදාගෙන තිබෙන්නේ carbon භාවිතයට ගැනීමෙන් නමුත් මේ අලුත් සොයාගැනීමත් සමගම එය වෙනස් වනු ඇතිබවට පර්යේෂකයන්ගේ අදහසයි.

pool එකේදී ඇස් රතු උනොත් ඉක්මනට එලියට එන්න

pool

පිහිනුම් තටාකයක දවස පුරා විනෝදයෙන් ගත කරන්නට ළමයින් මෙන්ම වැඩිහිටියන් පවා දක්වන්නේ ඉතා ඉහල කැමැත්තක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ සමකයට ආසන්න රටක පවතින තරමක් ඉහල උෂ්ණත්වය නිසා බොහෝ දෙනෙක් පිහිනුම් තටාකවලට දක්වන්නේ ඉහල උනන්දුවක්. පිහිනුම් තටාකයක කාලය ගත කිරීමෙන් අනතුරුව තමාගේ ඇස් දෙක රතු පැහැයට හැරී තිබෙන බව බොහෝ දෙනා නිරීක්ෂණය කොට තිබෙන කාරණයක්. බොහෝ දෙනෙක් මෙතෙක් කල් සිතා සිටියේ පිහිනුම් තටාකයට යොදන ජලය පිරිසිදු කිරීමට ගන්නා ක්ලෝරීන් නිසාවෙන් මෙලෙස ඇස් රතුවීම සිදුවන බවයි. නමුත් මේ පිළිබඳව කරන ලද නවතම සොයාගැනීම වලට අනුව පෙනී යන්නේ මෙලෙස ඇස රතුවිමට හේතුව වන්නේ ක්ලෝරීන් නොව වෙනත් කාරණයක් බවයි

ඇමරිකාවේ Centers for Disease Control and Prevention (CDC) ආයතනයේ මේ නවතම වාර්තාවන්ට අනුව මෙලෙස පිහිනුම් තටාකවල ඇස් රතු වීම සඳහා බලපාන සාදකය ලෙස ඔවුන් නම් කොට ඇත්තේ පිහිනුම් තටාක භාවිත කරන්නන් එය භාවිත කිරීමේදී පිහිනුම් තටාකයට එකතු වෙන මුත්‍රා ලෙසයි. මෙම වාර්තාවට අනුව නම් ඔබ පිහිනුම් තටාකයක් භාවිත කිරීමේදී ඇසට ආරක්ෂාකාරී පළඳනාවක් (goggles) භාවිත කිරීම වඩා නුවණට  හුරු වෙනවා.

පිහිනුම් තටාකයකට එකතුවෙන මෙවන් අපද්‍රව්‍ය සමග එහි වතුරේ අඩංගු වන ක්ලොරින්ග් ඉක්මනින්  ප්‍රතික්‍රියා කරනවා. මේ ප්‍රතික්‍රියාවෙන් පසුව සදෙන ඵලය මෙලෙස ඇස රතු කිරීමට හේතු වන බවට CDC ආයතනයේ අධ්‍යක්ෂක වරයෙක් වන Dr. Michael Beach පවසා තිබෙනවා

Beach මහතාගේ පරීක්ෂණයට අනුව පිහිනුම් තටාකයට එකතු වන විෂබීජ වර්ග ක්ලෝරීන් වලින් විනාශ වීමට විවිධ වූ කාල පරාසයන් ගතවෙනවා. ඇතැම් විෂබීජ ජලයට එකතුවූ සැනින් විනාශ වන අතර ඇතැම් විෂබීජ විනාශ වීමට දින 10 ක් පමණ කාලයක් ගතවන බවට ගන්න බලා තිබෙනවා. උදාහරණයක් ලෙස පාචනය ඇති කිරීමට හේතුවන Cryptosporidium නමැති පරපෝෂිතයන් විනාශ වීමට දින 10ක් පමණ කාලයක් ගත වෙනවා.

පොදු පිහිනුම් තටාක භාවිතයේදී මේ නිසා වඩාත් සැලකිලිමත් විය යුතු බවයි CDC ආයතනයේ අදහස. ඔබට කිසියම් රෝගී තත්වයක් තිබේනම් ඔබ පොදු පිහිනුම් තටාක භාවිතයට ගැනීම අන් අය වෙතටද එම රෝග තත්වය බෝවීමට හේතුවක් වෙනවා. එමනිසා එවන් තත්වයකදී පොදු පිහිනුම් තටාක භාවිතයට නොගෙන සිටීම ඉතා සුදුසුයි.

Vein Viewer ඉන්ජේක්ෂන් විදින්න දැන් ලේසියි.

VeinViewer-Vision2-1-770x437

ඉන්ජේක්ෂන් කටුවට තියන බයට වයසේ සීමාවක් නම් නැ නේද. එත් සමහර වෙලාවට test එක කට ලේ දෙන්න ගියාම හරියට නහර හොයාගන්න බැරුව,එක පාර ලේ ගන්න බැරුව තැන් දෙක තුනකට විදිවී කියල හිතෙනකොට බෙහෙත් ගන්න එකත් එපා වෙනවනේ. විශේෂයෙන්ම ශරීරයේ මේදය තට්ටුව පොඩ්ඩක් වැඩි අයටනම් මේක ලොකු ප්‍රශනයක්. නමුත් කොහොම උනත් එකපාර ඔය වැඩේ හරියට කරන අය නැතුවමත් නෙවෙයි, එක ගොඩක් වෙලාවට අත්දැකීමෙන් එන දෙයක්. ඒ අයත් ඉතින් අත්දැකීම් එකතුවෙන්න ලේගන්න එක දහස් වාරයක් කරලා ඇති. නමුත් අද අපි කතා කරන්න යන්නේ අත්දැකීම් අඩු කෙනෙකුට උනත් එකපාර නහරය හොයාගෙන ලේ ගන්න හරි එන්නතක් දෙන්න හරි උදව් කරනVein Viewer  උපකරණය පිළිබඳවයි.

මෙම උපකරණය මගින් කරන්නේ අපේ සමට යටින් තියන නහරයෙ real time වීඩියෝ එකක් අතේ ඒ නියමිත ස්ථානයටම project කරන එක. එතැනදී අපට නොපෙනෙ නහරය සම මත සජිවිව දකින්න පුළුවන්. එක නිසා නහර හොයන්න මහන්සි වෙන්න ඕනේ නැ. ඒ වගේනම තැන දෙක තුනකට විදින්න ඕන වෙන්නෙත් නැ. මෙහිදී සිදුවන්නේ අප ශරීරයේ සම මත සිට මිලිමීටර 10ත් 15ත් අතර ප්‍රමාණයක් ශරීරය තුලට ගමන් කිරීමට හැකි අධෝරක්ත (Infrared) කිරණ කදම්භයක් අවශ්‍ය ස්ථානයට යැවීමයි. එහිදී රුධිරයෙ හිමොග්ලොබින් මගින්  අධෝරක්ත කිරණ අවශෝෂණය කරන අතර පටකයන් මගින්  අධෝරක්ත කිරණ පරාවර්තනය කරනු ලබනවා. එම පරාවර්තිත කිරණ මගින් එම ස්ථානයේ digital HD image එකක් නිර්මාණය වනා අතර එය එම මොහොතේම එම ස්ථානයට project කිරීම මගින් එම ස්ථානයේ සමට යටින් ඇති නහරයන් දැක ගන්නට පුළුවන්.

මෙම Vein Viewer උපකරණය මෙය සඳහාම නිපදවූවක් නෙවෙයි. මෙහි ප්‍රධාන අරමුණක් වන්නේ හදිසි ලේගැලීම් නවතාලීමට උදව් කිරීමයි. හදිසි අනතුරකදී අධික ලෙස ලේවහනය වන අවස්ථාවක අදාල නහර හදුනා ගැනීමට මෙය  යොදාගන්න පුළුවන්. ඊට අමතරව නහර වල හටගන්නා රෝගී තත්වයන් හදුනාගැනීම මෙන්ම නහර ගැට ගැසීම වැනි රෝග සඳහාද ප්‍රතිකාර කිරීමට මෙය යොදාගන්න පුළුවන් බව වෛද්‍යවරුන් පවසනවා.