ඕනෑම nut එකකට හරියන යතුර

ඕනෑම mechanic කෙනෙක් සතුව අනිවාර්යෙන්ම යතුරු කිහිපයක් තිබිය යුතු වුණා. නමුත් අවශ්‍ය විට යතුර මාරු කරමින් වැඩ කිරීම තරමක් කරදර කාරී දෙයක්. ඒ වගේම නියමිත යතුර නොමැතිව ඇණ ගලවන්න ගිහින් ඇණ රවුම් උනාම එක ඊට වඩා වදයක්. මෙවැනි ගැටළු දශක ගනනාවක් පුරා පවතී අතර දැන් මෙයට හොද පිළිතුරක් ලබාදෙමින් Aperture නමින් සියලුම bolt ප්‍රමාණ වලට ගැලපෙන එක් යතුරක් හදුන්ව දීමට සමත්ව තිබෙනවා. Continue reading

සාක්කුවේ දාගන්න පුළුවන් රෙදි සෝදන යන්ත්‍රය

ඔබ කාර්යබහුල නිතර ගමන් බිමන් යන පුද්ගලයෙක්නම් ඔබටත් මේ ප්‍රශනය පණ නැගිලා ඇති. ඒ තමයි නිවසෙන් පිට සිටින විට රෙදි සෝදාගැනීමේදී ඇතිවන ගැටළු. රෙදි සෝදන යන්ත්‍රයක් නොමැතිනම් හරියට පිරිසිදු කරගන්න බොහෝ වෙලාවක් ගත වීම සාමාන්‍ය දෙයක්. නමුත් මෙම ගැටලුව ප්‍රයෝගිකව අත්විදි ජර්මන් ජාතික කාන්තාවක් මෙයට විසඳුමක් ඉදිරිපත් කර තිබෙනා. ඒ සාක්කුවේ ගෙන උනත් යන්න පුළුවන් කුඩා සබන් කැටයක ප්‍රමාණයේ රෙදි සෝදන යන්ත්‍රයක් නිපදවීමෙන්. Continue reading

රුසියාවේ හදපු අරුම පුදුම වාහනය.

ඉහත රුපයේ තිබෙන අරුම පුදුම වාහනය ගැන මුලින්ම ඔබට මොකක්ද හිතුනේ ? මටනම් මතක් උනේ සෙල්ලම් බඩුවක්. නමුත් විශ්වාස කරන්න මෙය දැනට වෙළඳ පොලේ ඔබට මිලදීගත හැකි දෙයක්. මෙය තවත් එක් concept design එකක් නොවෙයි. Continue reading

නිවසටම විදුලිය දියහැකි Tesla Powerwall

Tesla Powerwall පිළිබඳව අප ඔබට මිට පෙර ඔබව ලිපියකින් දැනුවත් කර මතක ඇති. අද අප මේ සටහන ගෙන එන්නේ 2016 වසරේ අගදී වෙළඳ පොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන Tesla Powerwall 2016 මාදිලිය ගැනයි. අප මුලින්ම Tesla සමාගමේ නිර්මාතෘ වන Elon Musk ගැන පොඩි සටහනක් තබන්න බලාපොරොත්තු වනවා. මොකද ඔහු දැනට ලෝකයේ නව තාක්ෂණික පෙරලියක් ඇතිකිරීමට ඉතා විශාල දායකත්වයක් ලබාදුන් පුද්ගලයෙක් නිසා. ඔහු තමයි මුලින්ම අන්තර්ජාලය හරහා සමට ආරක්ෂාකාරීව ගනුදෙනු කරීම සඳහා Pay Pal සමාගම ආරම්භ කරන්නේ ඉන්පසුව වසර 2002දි eBay මගින් Pay Pal මිලදී ගන්නේ ඩොලර් බිලියන 1.5කටයි. එහිදී ඔහුට ඩොලර් මිලියන 165ක් ලැබෙන්න අතර ඉන්පසුව ඔහු ලොව අභ්‍යවකාශ තාක්ෂනය උඩුයටිකුරු කර space X සමාගම නිර්මාණය කරනවා Continue reading

ලොව පළමු Smart Gun එක

ලෝකයේ සැමදෙයක්ම වගේ smart වෙන්න පටන් අරන් දැන් ටිකක් කල්. මුලින්ම අවේ smart phone, ඉන්පසුව smart TV, smart car, smart watch යනාදී වශයෙන් බොහොදෙවල් අපට එදිනෙදා කටයුතු පහසු වන ලෙසට smart වෙන්න පටන්ගත්තා. නමුත් හැම දෙයක්ම smart වෙද්දී ඒවා පාවිච්චි කරන මිනිසුන් dumb නැතිනම් මෝඩ උනාද කියලත් හිතෙනවා. මොකද smart phone තියෙන්නේ facebook යන්න විතරක් කියල හිතාගෙන ඉන්න මිනිස්සුත් ඉන්න නිසා. එවැනි මිනිසුන් අතර දැනුමට යමක් එක්කර ගන්න අප සමග එක්ව සිටින පාඨක ඔබ ගැන අපට තිබෙන්න පොඩි ආඩම්බරයක්. Continue reading

CO2 වලින් ඉන්ධන

CO2 යනු පරිසරයට එතරම් හිතකර වායුවක් නොවන බව අප සියලු දෙනාම දන්නවා. මිනිසා විසින් අධික ලෙස CO2 වායුව පරිසරයට එක් කිරීම නිසා මේ වන විට ගෝලීය උණුසුම ඉහල යාමේ බරපතල පාරිසරික ගැටලුවකට පවා පෘථිවිය මුහුණ දී තිබෙනවා. මෙලෙස වායුගෝලයට එක් වන CO2 වායුව ප්‍රයෝජනවත් කාර්යක් සඳහා යොදාගත හැකි නව මාවත් සොයා පර්යේක්ෂකයන් නිරන්තරයෙන් පරීක්ෂණ පවත්වනවා. මේ විස්තරය එවන් සාර්ථක අත්හදා බැලීමක් පිලිබන්දවයි. මෙවන් එක් අත්හදා බැලීමක් පිළිබඳව අප ඔබට මීට ඉහතදී පවා විස්තර ගෙන ආවා Continue reading

හිසකෙස් යාමට අලුත්ම විසඳුම

හිසකෙස් යෑම කියන්නේ අද කාලයේ ගැහැණු පිරිමි දෙපාර්ශවයටම තිබෙන ප්‍රධාන ගැටළුවක්. අප ගතකරන අතිශය කාර්යබහුල ජීවිතයත් සමග ඇතිවන මානසික ආතතිය මෙයට එක් හේතුවක්. මිට අමතරව තව බොහෝ හේතු මෙයට බලපානවා. පිරිමි පාර්ශවයට වඩා කාන්තාවන් මේ පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන්නේ නිරෝගිමත් කොණ්ඩයක් ඔව්න් සැවොම බලාපොරොත්තු වන නිසායි. අද රුපලාවන්‍ය සමාගම් මේ Continue reading

ජලය තුලදී වෙඩි තැබීම slow motion සටහනකින්

වතුර යටදී සිදුවන දරුණු සටන් එසේත් නැත්නම් වතුර යට සිටින මිනිසුන්ට වෙඩි තබන අවස්ථා අප ඕනෑ තරම් චිත්‍රපට වල දැක තිබෙනවා. නමුත් මේ චිත්‍රපට වල තිබෙන්නේ සත්‍යම නොවෙයි. ජලය තුලදී උණ්ඩයක ගමන් කිරීම සහ එය තුවක්කුවෙන් පිට වන මොහොතේ සිට එය නැවතීමට ලක්වන මොහොත වන තෙක් සියල්ල slow motion අදාරයෙන් video ගත කල අවස්ථාවකින් සත්‍ය වශයෙන්ම ජලය තුලදී සිදුකරන වෙඩි තැබීමකදී උණ්ඩයේ ගමන් මග සහ එහි හැසිරීම පිළිබඳව සත්‍ය තොරතුරැ අපට දැන් දැක ගන්නට පුළුවන්. Continue reading

ලොව ප්‍රථම මගී drone යානාව. (Passenger Drone)

amazon වැනි සමාගම් තම භාණ්ඩ බෙදාහැරීම සඳහාත් දැන් drone යානාවන් යොදා ගන්න බව අප ඔබට මිට පෙර ලිපියකින් පැවසුවා මතක ඇති. ඊට අමතර දැන් බොහෝ රටවල් drone ලියාපදිංචි කිරීමට පටන් අරන් ඒ ආරක්ෂක හේතුන් සඳහායි. ඒ වගේම මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට හානිවන ලෙස යොදාගන්න drone යානාවන් බිම හෙළීමට VHF jamming උපකරණ පවා නිපදව තිබෙනවා. නමුත් අද අප ඔබට ගෙන එන මේ පුවත තරමක් පුදුම සහගත එකක්. ඒ තමයි ලොව ප්‍රථම මගී drone යානාවේ හදුනවාදීම. Continue reading

රෝල් කරන රුපවාහිනිය (Roll-Up Television Screen)

රුපවාහිනිය යනු අද වන විට අපගේ ජිවිත වලට බොහෝ සමීප උපකරණයක්. සැම නිවසකම වාගේ රුපවාහිනියක් භාවිතා වෙනවා. සාමාන්‍යයෙන් අප භාවිතයට ගන්නා රුපවාහිනී තරමක් විශාලයි. එමෙන්ම ඒවා නිශ්චිත හැඩයකින් යුක්ත වෙනවා. මේ සාමාන්‍ය රුපවාහිනිය අබිභවමින් කුඩා සිලින්ඩරයක් සේ රෝල් කල හැකි රුපවාහිනී තිරයක්(Roll-Up Television Screen) හඳුන්වා දීමට සුප්‍රකට LG සමාගම පසුගියදා පියවර ගනු ලැබුවා. ඒ පසුගියදා ඇමරිකාවේ Lass Vegas හි දී පැවති Consumer Electronics Show එකෙහිදියි. මෙම නවතම රුපවාහිනීය පිළිබඳව ප්‍රථම මාධ්‍ය වාර්තාව සිදුකරනු ලැබුවේ BBC ආයතනය විසිනුයි Continue reading