Galaxy Tab වලින් හදපු පියානෝව.

තමන්ගේ නිෂ්පාදනයන් ජනප්‍රිය කරගැනීමට විවිධ සමාගම් විවිධ වූ උපක්‍රම අනුගමනය කරනවා. වෙළඳ දැන්වීම් ඒ අතුරින් ඉදිරිපෙළ ස්ථානයක් ලබාගන්නවා. නමුත් අද අප ඔබට මේ තොරතුර ගෙන එන්නේ Samsung සමාගම විසින් අනුගමනය කරන ලද අරුම පුදුම උපක්‍රමයක් පිළිබඳවයි. ඔව්න් නත්තල් සමය ඉලක්ක කරගනිමින් තම නිෂ්පාදනයක් වන Galaxy Tab S2 ප්‍රචලිත කිරීමට Galaxy Tab S2 100ක් යොදාගනිමින් පියානෝවක් නිපදවා තිබෙනවා. Continue reading

බෝම්බ වලකන බැගය Bomb Proof Bag

බෝම්බ යන වචනය අසුන පමණින්ම අප තරමක් තැතිගන්නවා. නමුත් ගුවන්යානයක් තුල බෝම්බ පිපිරීමක් යනු ගොඩබිමකදී මෙන් නොව ඉතා විනාශකාරී ප්‍රතිපල අත්කර දෙන්නක් මන්ද උඩුගුවනේදී සිදුවන ඉතා සුළු පිපිරීමකින් පවා මුළු ගුවන් යානයම විනාශ වී යාමට ඉතා ඉහල ඉඩක් තිබීමයි. ගුවන් යානා ඒවා ඇතුලත සිදුවන පිපිරීම් වලින් ආරක්ෂා කරගැනීමට බොහෝ පරීක්ෂණ පැවැත්වෙනවා. මෙවන් පරීක්ෂණ වල එක් සාර්ථක අත්හදාබැලීමක් පිළිබඳව තොරතුරුයි මේ. Continue reading

ඔබේ හිසට හොඳම ආරක්ෂාව Vozz Helmets’ RS 1.0

යතුරුපැදියක් පදවාගෙන යාමේදී ආරක්ෂක හිස්වසුමක් එසේත් නැතිනම හෙල්මට් එකක් පැළඳීම අනිවාර්යයෙන්ම කලයුතු දෙයක් වෙනවා මන්ද එසේ නොකිරීම මාර්ග නීති උල්ලංඝනය කිරීමක් මෙන්ම ඔබගේ ජිවිතයට අනතුරක් වීමටද පුළුවන් නිසාවෙන්. යතුරුපැදි සඳහා භාවිත වන හෙල්මට් වල මුලික සැලැස්ම බොහෝවිට එක සමාන ආකාරයක් ගනු ලබනවා. සාමාන්‍ය හෙල්මට් වල ආකෘතියේ විවිධ අඩුපාඩුද දක්නට ලැබෙන්නට පුළුවන් Continue reading

දින 15 පුරා charge නොකර භාවිත කළහැකි නවතම smartphone එක

නවීන ජංගම දුරකථන වල පවතින විශාලතම ගැටලුව වන්නේ ඒවා නිතර නිතර ආරෝපණය කිරීමට නැතිනම් charge කිරීමට සිදුවීමයි. සාමාන්‍යයෙන් ජංගම නවීන ජංගම දුරකථන දිනපතා charge කිරීමට සිදුවෙනවා. නමුත් ඔබට දින එක් වරක් charge කිරීමෙන් අනතුරුව දින 15ක් පමණ භාවිතා කල හැකි ජංගම smart phone වර්ගයේ ජංගම දුරකතනයක් ලැබුනොත් කොයි තරම් අපූරුද. Continue reading

sky deck ලෝකයම කුරුළු ඇසින්

පසුගිය දිනෙක American aerospace engineering නම් සමාගම patent බලපත්‍රයක් ලබාගත්තා. ඒ ගුවන්යනාවක වහලයේ සවිකිරීමට හැකියාව ඇති මුළුමනින්ම වීදුරුවලින් නිමකරන ලද ගෝලාකාර නැරඹුම් කුටියක් සඳහායි. එය ඔව්න් sky deck යනුවෙන් නම් කර තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය නම් මෙය ඕනෑම ගුවන් යානාවක් මත සවිකිරීමට හැකිවීමයි. Continue reading

නවන දිගහරින ජංගම දුරකතනයක් Samsung වෙතින්

ජංගම දුරකතනයේ තිරය විශාල වන විට පැන නගින ප්‍රධානම ගැටලුව වන්නේ එය නිතර නිතර එහා මෙහා ගෙනයාමට ඇති බාධාවයි. මෙමෙ ගැටලුවට විසඳුම වන්නේ නැවිය හැකි හෝ රෝල් කරගෙන ගෙනයාහැකි තිරයක් තිබෙන ජංගම දුරකතනයක් නිපදවීමයි. මේ නිසා නැවීමට හෝ රෝල් කිරීමට හැකි නම්‍යශීලි තිරයක් නිපදවීමට බොහෝ ජංගම දුරකථන නිෂ්පාදන සමගම පෙළඹී තිබෙනවා. Samsung සමගම මේ ආකාරයේ ජංගම දුරකතනයක් නිපදවීම සඳහා අවශ්‍ය තාක්ෂණය වෙනුවෙන් පසුගියදා patent එකක් ලබාගත්තා Continue reading

අත සිදුරු නොකර රුධිරය ලබාගන්නා අලුත්ම ඔරලෝසුව

රුධිර පරීක්ෂාවක් සඳහා රුධිරය ලබාදීම බොහෝ දෙනෙකුට වේදනාකාරී හැඟීමක් ඉතිරි කරනවා. බොහෝ විට කුඩා දරුවන් මෙම ක්‍රියාවට දැඩි අකමැත්තක් දක්වනවා. මිට අමතරව දියවැඩියාව වැනි රෝග වලින් පෙලෙන අයට පවා නිතර නිතර රුධිර පරීක්ෂාවන් සඳහා රුධිරය ලබාගැනීම මහත් අපහසුවක්. මේ අපහසුවන් සහ අමිහිරි අත්දැකීම් වලින් තොරව කුඩා රුධිර සාම්පලයක් ලබාගත හැකි ඔරලෝසුවක් Google ආයතනය මගින් සොයාගෙන තිබෙනවා Continue reading

Amazon Drone Delivery

මෙය විදුලිබලයෙන් වැඩකරන යානාවක් වන අතර අඩි 400ක් පමණ ඉහලින් පැයට සැතපුම් 60ක (100 kmph) වේගයක් ලබාගැනීමට සමත්. ගුවන් ගත කිරීම සඳහා ගුවන් පථයක අවශ්‍යතාවයක් නොමැති අතර කෙලින්ම ගුවනට එසවීමේ හැකියාව පවතිනවා. තවද කිලෝ 25ක බරක් කිලෝමීටර 15ක් පමණ දුරකට ගෙනයාමට මෙය සමත්. amazon සමාගමට අනුව order කිරීමේ සිට මිනිත්තු 30ක් ඇතුලත ඕනෑම භාණ්ඩයක් deliver කිරීමට amazon drone සමත් වනු ඇතියි. Continue reading

මොරටුව සරසවියෙන් මව්බිමට තවත් ජයග්‍රහණයක්.

Institute of Mechanical Engineers (IMechE) ආයතනය විසින් පවත්වනු ලැබූ ආසියා ශාන්තිකර කලාපිය නිර්මාණ තරඟයෙන් ඉන්දියාව, පකිස්ථානය පරදා දකුණු ආසියාතික ජයග්‍රහණය ලබාගැනීමට මොරටුව සරසවියේ අවසන් වසරේ ඉගෙනුම ලබන යාන්ත්‍රික ඉංජිනේරුසිසුන් තිදෙනෙකු සමත්වූවා. Continue reading

ආලෝකයේ වේගයෙන් අන්තර්ජාලයට Li-Fi

ඔබ භාවිත කරන අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය මිට වඩා වැඩි වෙනවා නම් ඔබ කොපමණ කැමතිද. අප සාමාන්‍යයෙන් භාවිතා කරන රැහැන් රහිත අන්තර්ජාල සම්බන්දතාවයන් ක්‍රියාත්මක වන්නේ ඉතා අඩු වේගයන් වලින්. මිට අමතරව මෙමෙ රැහැන් රහිත අන්තර්ජාල පහසුකම් ලබාදීමට යොදාගන්නා සම්පෙෂකයන් සඳහා ඉතා විශාල විදුලි බලයක් වැයවෙනවා. මේ සියලු ගැටළු වලට විසඳුම් ලබාදීමේ ක්‍රමයක් ලෙසට පර්යේක්ෂකයන් Li-Fi නමැති විදුලි බල්බ ආධාරයෙන් දත්ත හුවමාරු කිරීමේ තාක්ෂණයක් හඳුන්වා දී තිබෙනවා Continue reading