page

දැනට ලෝකය ගමන් කරමින් තිබෙන දිශාව හා වේගය අනුව ලොව දියුණු බොහො රටවල පුද්ගල ප්‍රවාහනය තව නොබෝ කලකින්ම පුර්ණ විදුලිවාහන මගින් සිදුවීම අනිවාර්ය දෙයක්. වාසනාවට පරිසරය හා කාර්යක්ෂම තාවය පිළිබඳව වැඩිපුර සිතන ජපානය වැනි රටවල් ඔව්න්ගේ විදුලි වාහන ප්‍රමාණය වැඩිකරගැනීමට විවිධ උපක්‍රම මුල් කාලයේ යොදාගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස දැන් ජපානය තුල පෙට්‍රල් ෂෙඩ් වලට වැඩ වැඩි ප්‍රමාණයක් විදුලි වාහන ආරෝපණය කරන charging station තිබෙන බව nissan සමාගම පසුගිය දිනෙක ප්‍රකාශ කරා.

ඔව්න් ප්‍රකාශ කරන්නේ දැනට ජපානය තුල charging station 40,000 (නිවාස වල ඇති ප්‍රමාණයද ඇතුළුව) පවතින අතර ඉන්ධන පිරවුම්හල් ඇත්තේ 34,000ක ප්‍රමාණයක් බවයි. ඔව්න් මේබව අනාවරණය කරේ එක් පුර්ණ අරෝපනයකින් කිලෝමීටර 170ක් පමණ ධාවනය කළහැකි නවතම nissan leaf මෝටර් රථය හදුන්වාදෙන අතරතුරයි. දැනට වැඩිම ප්‍රමාණයක් DC quick charging station ප්‍රමානයක් ජපානය තුල ඇති අතර ඒ 6,469ක් ඒ වගේම යුරෝපය හා ඇමෙරිකාව තුල දැනට 3028ක් හා 1686ක් පිහිට තිබෙන අතර ජපානය  ඉන් වඩාත් ඉදිරියෙන් green energy සංකල්ප වෙත ගමන් කරමින් සිටිනවා. ඒ වගේම 2020 වසර වනවිට (තව අව්රුදු හතරකින් )ඔව්න් charging station මිලියන දෙකක් ඇතිකිරීමට හා අලුතෙන් නිෂ්පාදනය කරන වාහන වලින් අඩක් විදුලි වාහන බවට පත්කිරීමටත් බලාපොරොත්තු වනවා.

ලොව දියුණු රටවල් මෙවැනි ගමනක යද්දී අපේ රටේ nissan leaf වැනි පුර්ණ විදුලි වාහන මෙන්ම hybrid වාහන වලට අධික බදු පටවමින් ඉන්දියාවේ ලදරම් ඇල්ටෝ වලට මෙහෙ market එක හදල කොමිස් ගහන එක ගැන සම්පුර්ණ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න අපි කැමති. දැනට යුරෝපයේ ඇමෙරිකාවේ ඇතැම් අධිවේගී මාර්ග වල විදුලි වාහන නොමිළේ ගමන් කරන අතර එවැනි මෝටර් රථයක් මිලදී ගන්නවානම් ඉන් කොටසක් රජය මගින් ගෙවනු ලබනවා. නිවසක solar panel කිහිපයක් සවිකිරීම මගින් කොළඹ වැනි ප්‍රදේශයක වාසය කරන පුද්ගලයෙකුට තම ඉන්ධන සඳහා ගතවන වියදම බින්දුවක් කරගන්න පුළුවන්. නමුත් මේවැනි අනුවණ ක්‍රියා නිසා අපරටෙන් ඉන්ධන සඳහා පිටරටවල් වලට (විශේෂයෙන් IOC නැතිනම් indian oil company එක හරහා)  ඇදීයන මුදල්  ප්‍රමාණය ඉතුරු කරගන්න බැහැ. අවසානයට ඔබට හිතන්න යමක් දෙන්නම්, දැනට බොරතෙල් බැරලයක මිල ඩොලර් 30ක පවතිද්දී වැඩි මිලට ඉන්ධන අලවිකරමින්  IOC එක කෙතරම් ලාභ ලබනවා ඇතිද??

අපෙගේ web අඩවිය පිලිබඳව ඔබගේ අදහස් අපට එවන්න. අප හා සම්බන්ධ වන්න
Like Us: www.fb.com/techpedia.lk
Visit Us: www.techpedia.lk

924 Total Views 1 Views Today

Comments

comments