co2-formate_1024

CO2 යනු පරිසරයට එතරම් හිතකර වායුවක් නොවන බව අප සියලු දෙනාම දන්නවා. මිනිසා විසින් අධික ලෙස CO2 වායුව පරිසරයට එක් කිරීම නිසා මේ වන විට ගෝලීය උණුසුම ඉහල යාමේ බරපතල පාරිසරික ගැටලුවකට පවා පෘථිවිය මුහුණ දී තිබෙනවා. මෙලෙස වායුගෝලයට එක් වන CO2 වායුව ප්‍රයෝජනවත් කාර්යක් සඳහා යොදාගත හැකි නව මාවත් සොයා පර්යේක්ෂකයන් නිරන්තරයෙන් පරීක්ෂණ පවත්වනවා. මේ විස්තරය එවන් සාර්ථක අත්හදා බැලීමක් පිලිබන්දවයි. මෙවන් එක් අත්හදා බැලීමක් පිළිබඳව අප ඔබට මීට ඉහතදී පවා විස්තර ගෙන ආවා

cobalt වලින් තැනුන  micro පරිමාණයේ layers කිහිපයකින් යුතු මෙම නව අමුද්‍රව්‍යය භාවිතයෙන් වායුගෝලයේ අඩංගු CO2 වායුව formate නම් ඉන්ධන වර්ගය බවට පරිවර්තනය කල හැකි බවට පරීක්ෂකයන් සොයාගෙන තිබෙනවා. මෙම formate නම් ඉන්ධන වර්ගයේ ඇති සුවිශේෂී ගුණාංගය වන්නේ එය දහනය කිරීමෙන් වායුගෝලයට අහිතකර වායුන් නිකුත් නොවීමයි.

මෙම සොයාගැනීම පොසිල ඉන්ධන දහනය නිසා වායුගෝලයට සිදුවන බලපෑම අවම කිරීම උදෙසා වන එක් වැදගත් සන්දිස්ථානයක් වනු ඇති බව පර්යේක්ෂකයන්ගේ අදහසයි. මෙම නවතම අමුද්‍රව්‍යය නිර්මාණය වී තිබෙන්නේ cobalt සහ cobalt oxide වල එකතුවකින්. මෙම ද්‍රව්‍ය හරහා ඉතා කුඩා විද්‍යුත් ධාරාවක් යැවීමට සැලැස්වීම මගින් එය සමග ගැටී පවතින CO2 අණුවල අනුක ව්‍යූහය වෙනස් කිරීමට මෙම නව අමුද්‍රව්‍යය ක්‍රියා කරනවා. එහි ප්‍රතිපල වෙන්නේ formate නම් ඉන්ධන වර්ගය නිපදවීමයි.

තවමත් මේ අලුත් මුලද්‍රව්‍යය පවතින්නේ පරීක්ෂණාගාර මට්ටමේ එය වැඩිදියුණු කිරීමට තවත් බොහෝ පරීක්ෂණ පැවැත්විය යුතු බව පර්යේක්ෂකයන්ගේ අදහසයි. නමුත් ඔවුන්ගේ අදහස වසරකට ගිගා ටොන් 36 ක් පමණ වන මිනිසා විසින් වායුගෝලයට එක් කරනු ලබන CO2 ප්‍රමාණයෙන් වායුගෝලයට වන හානිය සැලකිය යුතු ලෙස අවම කිරීමට මෙම නව සොයාගැනීමට හැකි වනු ඇති බව ඔවුන්ගේ අදහසයි.

1095 Total Views 1 Views Today

Comments

comments