මිනිසා උපතේ සිට මරණය දක්වාම ඉගෙන ගන්නා බව අප කා අතරත් බොහොම ප්‍රසිද්ධ කියමනක්. නමුත් කෙමෙන් කෙමෙන් අප වයසින් වැඩෙත්ම අලුත් දෙයක් පහසුවෙන් ග්‍රහණය කරගැනීම සහ එය දිගු කාලීනව මතකයේ තබාගැනීම අපහසු වෙනවා. මෙය සාමාන්‍ය ක්‍රියාවලියක්. අපගේ වයස්ගත දෙමාපියන්ට වඩා පහසුවෙන් කුඩා දරුවෙකුට ජංගම දුරකතනයක් භාවිත කරන අයුරු ඉගෙන ගැනීමටත් මතක තබගනිමටත් පහසුවීම මෙයට එක් උදාහරණයක්. එසේත් නැතිනම් භාෂා කිහිපයක් පහසුවෙන් කතාකරන කුඩා දරුවන් ඔබ කොතෙකුත් දැක ඇති. නමුත් වැඩිහිටියෙක් ලෙස නව භාෂාවක් ඉගෙන ගැනීම ඔබට කෙතරම් අපහසුද.

කලින් සඳහන් කළා සේම මෙය සාමාන්‍ය සිද්ධියක්. වයස් ගතවනවිට අපගේ ඉගෙනීමේ හැකියව ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙනවා. නමුත් මෙපමණකින් අපට සැහීමකට පත්විය නොහැකියි. මන්ද අප ජිවත් වන තරඟකාරී දැණුම මුල්කරගත් සමාජ රටාව තුල පහසුවෙන් ජීවත්වීමට සහ විශේෂයෙන්, රැකියාවල ඉදිරියට යාමට නම් අපට නව විෂය කරුණු සහ දැනුම නිරන්තරයෙන් ළඟාකරගත යුතු වෙනවා.

තවදුරටත් අලුත් දැනුම පහසුවෙන් තේරුම ගැනීම ගැටළුවක් නෙවයි. එය ඉතා සරල ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය ලොවට හඳුන්වා දී තිබෙන්නේ නොබෙල් ත්‍යාගය ලාභී භෞතික  විද්යාඥයෙකූ වන  Richard Feynman මහතා විසින්. බොහෝ පුද්ගලයන් මෙවන් ක්‍රම ශිල්ප ඉගැන්වීම සඳහා විශාල මිල මුදල් අයකරනවා නමුත් Richard Feynman මහතා මේ ක්‍රමවේදය ඕනෑම කෙනෙකුට නොමිලයේ ලබාගත හැකි ලෙස ප්‍රසිද්ධ කොට තිබෙනවා. Techpedia  අපිත් ඒ ක්‍රම වේදය නොමිලේම ඔබ වෙත ගෙන එනවා.  කෙසේ වෙතත් මේ ක්‍රමය සහ ඒ ආශ්‍රිත දේවල් එක ලිපියකින් ලියා අවසන් කල හැකි වන්නේ නැහැ. ඒ නිසා අප අද පටන් ආරම්භ වන ලිපි මාලාවකින් මේ සියලුම කරුණු ඔබ වෙත ගෙන එනවා.

නව ලොව නව දැනුම නොමිලයේ ඔබ අතට සිංහලෙන් ගෙන එම Techpida  හි මුලික අරමුණයි . මෙවන් ලිපි පිළිබඳව ඔබගේ මිතුරන් දැනුවත් කොට ඔවුන්ටද මේ දැනුම ලබාදීමට ඔබ ක්‍රියා කරනු ඇති අප සිතනවා

මෙම අලුත් දැනුම සරලව ලගාකරගැනීමේ ක්‍රියාවලිය අධියර කිහිපයකින් යුක්තයි.

එම අදියර කිහිපය නම්.
  1. ඔබට ඉගෙනීමට අවශ්‍ය විෂය කරුණ හෝ මාතෘකාව තෝරාගන්න.
  2. ස්වයං අධ්‍යනය ආරම්භ කරන්න
  3. ඉගෙනගත් දේ වෙනත් කෙනෙකුට ඉගැන්වීම
  4. ඔබගේ දැනුම සමාලෝචනය කර බලන්න.
  5. ලබාගත් දැනුම යාවත්කාලින කරගන්න.

යන අදියර 5යි මේ අදියර පහ නිවැරදිව ඉටුකරගන්නා ආකාරය ඔබට විස්තර සහිතව ඉදිරිපත්කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

684 Total Views 2 Views Today

Comments

comments