අලුත් දේ පහසුවෙන් ඉගෙන ගන්නා ආකාරය පිළිබඳව විස්තර ඔබට ගෙන එන ලිපි පෙලේ දෙවන ලිපියයි මේ. ඔබට පළමු ලිපිය මෙතනින් කියවීමට පුළුවන්. අද අප ඔබට විස්තර කරන්න යන්නේ පහසුවෙන් ඉගෙන ගන්නා ක්‍රියා පිළිවෙලේ පළමු සය දෙවන පියවරවලුයි

ඔබට ඉගෙනීමට අවශ්‍ය විෂය කරුණ හෝ මාතෘකාව තෝරාගන්න.

මෙය ඔබගේ දැනුම ගවේෂණයේ ප්‍රථම පියවරයි. පළමුව ඔබ කල යුත්තේ ඔබට ඉගෙනීමට අවශ්‍ය විෂය කරුණ පැහැදිලිව වෙන්කර ගැනීමයි. ඔබ ඉගෙන ගැනීමට උත්සහ කරන විෂය කරුණ විශාල එකක් නම් එය කුඩා අනු මාතෘකා වලට වෙන්කරගන්න. මෙසේ කුඩා අනු මාතෘකා වලට වෙන්කිරීමට ඔබට ඒ විෂය පිළිබඳව යම් දැනුමක් අවශ්‍ය වෙනවා. නමුත් මේ අලුත් විෂය ගැන කිසිදු වැටහීමක් ඔබට නැති නම් ඒ ගැන කිසි ලෙසකත් බියවිය යුතු නැහැ. ඔබට කැමති මාතෘකාවෙන් ඔබට ආරම්භ කල හැකියි.

ස්වයං අධ්‍යනය ආරම්භ කරන්න.

ස්වයං අධ්‍යයනය ඔබගේ දැනුම ඉතා තීව්‍ර කිරීමට බෙහෙවින් උපකාරී වන්නක්. ලෝකයේ බොහෝ උගතුන් ඔවුන්ගේ විෂය ක්ෂේත්‍රයන්ගේ දැනුම ළඟාකරගෙන තිබෙන්නේ ස්වයං අධ්‍යයයන මගින්. ඔබට ස්වයං අධ්‍යයනය තරමක් ගැටළු සහගත නම් ඔබ ඉගෙනීමට බලාපොරොත්තු වන විෂය පිළිබඳව යම් දැනුමක් හෝ ඇති ඔබේ යහළුවෙකුගෙන් හෝ ගුරුවරයෙකුගෙන් ඔහු නිර්දේශ කිරීමට කැමති පොත් ලැයිස්තුවක් ඉල්ලා ගන්න. ඒ ලැයිස්තුව උපයෝගයෙන් ඔබට ඔබේ ස්වයං අධ්‍යයනය ආරම්භ කිරීමට හැකියවක් තිබෙනවා.

මෙහිදී ඔබ විසින්ම සටහන් තබා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඔබට මේ ක්‍රියාවලිය පුරුදු නැතිනම් මුලදී යම් අපහසුවක් දැනෙනු ඇති. උදාහරණයක් ලෙස ආරම්භයේදී ඔබගේ සටහන් පමණට වඩා දික් වන්නේ යයිද ඒවා අනවශ්‍ය කරණා වලින් පිරී පවතින්නේ යයිද ඔබට සිතෙනු ඇති. මෙය බොහොම පොදු දෙයක්. ඔබ මෙවන් සිතිවිලි වලට බියවිය යුතු නැහැ. අවශ්‍ය වන්නේ දිගටම මේ ක්‍රියාවලිය තුල රැඳී සිටීමයි.

ඔබ ස්වයං අධ්‍යනය ආරම්භ කල විට ඔබ විසින් අධ්‍යයනය කරනු ලබන කිසිදු කරුණක් ඔබගේ මතකයේ රැඳෙන්නේ නැති ඔබට සිතෙන්නට පුළුවන් මෙයත් පෙර මෙන්ම සාමාන්‍ය තත්වයක් ඒ ගැන කිසිදු බියක් ඇති කරගත යුතු වන්නේ නැහැ. මන්ද මේ ඔබ ඉගෙන ගැනීම ආරම්භ කළා පමණයි. ඉගෙනීම ආරම්භ කල පමණින්ම සියලු දේ ඔබගේ මතකයේ රැඳෙන්නේ නැහැ. එම නිසා බියවීමට හෝ කලබල වීමට අවශ්‍ය නැහැ.

අනවශ්‍ය ලෙස බිය ඇතිකර ගැනීම හෝ කරුණු මතක තබාගැනීමට මොලයට අනවශ්‍ය ලෙස බල කිරීම ඇත්ත වශයෙන්ම ඔබගේ ඉගැනීමේ කාර්යක්ෂමතාවය පහල දමන්නක්. මෙය අප බොහෝ දෙනකුට තිබෙන ගැටළුවක්. ප්‍රථම වතාවේදීම ඔබ 100% සාර්ථක විය යුතුයි කිසිදු තැනක සටහන් වී නැහැ. යම් විෂය කරුණක් තේරුම ගැනීමට ඔබට වැයවන කාලය ඔබට ආවේනික කරුණක්. එනිසා වෙනත් කෙනෙකුන් සමග අනවශ්‍ය පරිදි ඔබව හෝ ඔබගේ දරුවා සංසන්දනය කිරීම ඒ තරම් සුදුසු වන්නේ නැහැ. මන්ද එය ඔබ තුල හෝ ඔබගේ දරුවා තුල අනවශ්‍ය පීඩනයක් ඇතිකිරීමට හේතු වන නිසාවෙනි.

නමුත් ඔබට හෝ ඔබගේ දරුවාට සාමාන්‍ය කරුණක් පවා අවභෝද කරගැනීමට ඉතා දීර්ඝ කාලයක් ගතවන්නේ නම් හෝ එය සම්පුර්ණයෙන්ම අවභෝද කරගැනීමට අපහසු වන්නේ නම්, එවන් අවස්ථාවක් ඉතා සැලකිල්ලෙන් සොයා බැලිය යුතු වෙනවා. අප බොහෝ විට දකින කරුණක් නම් දරුවාට දිගින් දිගටම පීඩනය එල්ල කිරීම හෝ වැඩිහිටියෙකු නම් තමන් තමන් වෙතටම වරද පටවාගැනීම යන කරුණුයි.

නමුත් මෙවන් කරුණකදී ඔබට පරිබාහිර කරුණුත් මෙයට බලපාන්නට පුළුවන්. උදාහරණයක් ලෙස දරුවෙකුගේ පෝෂණ ඌනතවක් මෙවන් කරුණකට හේතු වන්නට පුළුවන්. එසේත් නැතිනම් දෙමාපියන් නිතරම ගැටුම් ඇති කරගන්නා වාතාවරණයක් තුල දරුවෙකුගේ අධ්‍යාපන හැකියාවන් බිඳවැටීමට පුළුවන්. එම නිසා යමක් සිදුවූ පමණින් නිගමන වලට නොඑළඹී ඒ ගැන වඩා ගැඹුරින් සොයාබැලිය යුතු වෙනවා.

ඉතා පහසුවෙන් අලුත් අලුත් දේ ඉගෙන ගැනීමේ ක්‍රියාපිලිවේලේ ඉතිරි පියවරවල් සවිස්තරාත්මකව මීළඟ ලිපියෙන් ඔබට ගෙනඒමට බලාපොරොත්තු වෙනවා.

577 Total Views 1 Views Today

Comments

comments