අලුත් විෂයන් පහසුවෙන් ඉගෙනගන්නා ආකාරය ඔබට කියන තෙවන ලිපිය. අපේ පළමු ලිපිය මෙතනින් සහ දෙවන ලිපිය මෙතනින් කියවන්න පුළුවන්. පහසුවෙන් ඉගෙනගැනීමේ ප්‍රථම සහ දවන පියවරවල් ගැන විස්තර අපි ඔබට ගෙනාව. දැන් අපි තව දුරටත් ඉදිරි පියවරවල් ගැන විස්තරාත්මකව කියවමු.

කුඩා දරුවෙකුට ඔබ ඉගන ගත් දේ තේරුම් කර දෙන්න.

මේ පියවර තරමක් විහිලු සහගත එකක් ලෙස ඔබට මුලින් පෙනෙන්නට පුළුවන්. නමුත් මෙහි ඇති අරුත නම්, ඔබ ඉගෙනගත් දේ තවත් කෙනෙකුට තේරුම් කරලීමට ඔබට හැකි නම් ඔබ විසින් ඒ විෂය හෝ විෂය කාරණය හොඳින් අවභෝද කරගත් බවයි. එමෙන්ම ඔබ යම් කාරණයක් තවත් කෙනෙකුට පැහැදිලි කිරීමට යාමේදී ඔබේ දැනුමේ ඇති අඩුපාඩු ඔබටම  පැහැදිලි වනු ඇති.

මේ පියවර සඳහා ඔබට සැබැවින්ම කුඩා දරුවෙක් යොදාගැනීමට පුළුවන් නමුත් කුඩා දරුවෙකුගේ අවදානය යොමුකරවා ගැනීමේ ගැටළුවක් මතුවීමට පුළුවන්. එවන් අවස්ථාවක ඔබගේ මිතුරෙක් මේ සඳහා යොදා ගැනීමට පුළුවන්.

ඔබ උසස්පෙළ වැනි විභාගයකට මුහුණ දීමට සුදානම් වන සිසුවෙක් නම් මිතුරන් කිහිප දෙනෙක් සමග එකතුවී මෙවන් ක්‍රියා  පිළිවෙලක් අත්හදා බැලීමට පුළුවන්.  නමුත් ඔබ පැහැදිලිවම මතක තබා ගත යුතු කාරණයක් තිබෙනවා එනම් ප්‍රථම අවස්ථාවේදීම ඔබට 100% නිවැරදිව සියලු දේ ඉගෙන ගැනීමට හා මතක තබා ගැනීමට නොහැකි වීම සාමාන්‍ය දෙයක්. එවන් අවස්ථාවක ඔබ වෙතටම අනවශ්‍ය ලෙස වරද පටවා ගැනීම ඔබගේ ඉගෙනීමේ හැකියාව මන්දගාමී කරලීමට හේතු වනු ඇති.

බොහෝ දෙනෙක් මෙම අදියර ඉටු කිරීමට තරමක් කම්මැලි වෙනවා. ඊට හේතුව වන්නේ “මිතුරන් ඉදිරියේදී මට වැරදුනොත්” යන හැඟීමයි. පළමුව ඔබ තේරුම් ගත යුතු වන්නේ බොහෝ කාලයක් අධ්‍යයනය කිරීමෙන් අනතරුව විභාගයේදී වරදිනවාට වඩා, මිතුරෙක් ඉදිරියේදී වරදක් සිදුවීම හොඳ බවයි. මන්ද විභාගයේදී ඔබට ඔබව නිවැරදි කරගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇති. නමුත් මිතුරෙක් සමගදී නම් ඔබට ඔබව නිවැරදි කරගැනීමේ හැකියාව පවතිනවා. දෙවන කාරණය නම් එල්සේ වැරදිමකදී ඔබව සමච්චලයට ලක් නොකරන හොඳ මිතුරෙක් සොයාගැනීමයි.

මෙම පියවර කිරියාත්මක කිරීමේදී පළමු අවස්ථාවේදීම සියලු කරුණු මතකයෙන්ම මිතුරාට පැහැදිලිකිරිම අනවශ්‍යයි. ඔබට ඒ විෂය කරුණ හොඳින් මතක සිටින තාක් ඔබට ඔබගේ සටහන් භාවිතයෙන් මේ පැහැදිලිකිරිම කරන්නට පුළුවන්.

ඔබගේ දැනුම සමාලෝචනය කර බලන්න.

ඔබ ඉහත පියවර අනුගමනය කරන අවස්ථාවවේදී ඔබගේ දැනුමේ යම් යම් අඩුපාඩු ඔබට පෙනෙන්නට පුළුවන්, මේ එම අඩුපාඩු නිවැරදි කරගැනීමට අවස්ථාවයි. ඔබට නොතේරුණු තැන නැවත නැවතත් අධ්‍යයනය කරන්න. ඔබගේ සටහන් නැවත නැවතත් අලුත් කරගන්න.

මෙලෙස ඔබගේ දැනුම අලුත් කරගත් පසු නැවතත් 3 වන අදියර ක්‍රියාවට නැගීමට ඔබට පුළුවන්. එවිට ඔබ අලුතින් තහවුරු කරගත් දැනුම පරික්ෂා කිරීමට ඔබට අවස්ථාවක් ලැබෙනු ඇති.

ඔබගේ දැනුම පිළිබඳව ඔබ සෑහීමකට පත්වන තෙක් ඔබට අදියර 3 සහ 4 වරින් වර කිරියාවට නැංවීමට පුළුවන්. මෙහිදී ඔබට නැවතත් අවධාරණය කල යුතු කාරණයක් වන්නේ ප්‍රථම අවස්ථාවෙන්ම 100% සාර්ථකත්වයක් බලාපොරොතු වීම නොකළ යුතුයි, මන්ද එවන් බලාපොරොත්තු බිඳවැටීමක් සිදුවුවහොත් එය ඔබගේ කාර්යක්ෂමතාව අඩුවීමට හේතුවක් වීමට පුළුවන්. එමෙන්ම මේ ක්‍රියාවන් ඔබට අලුත් නම් ඒ සඳහා හුරුවිමටත් ඔබට යම් කාලයක් ගතවනු ඇති. ඔබට ඉතා ඉහල සාර්ථකත්වයක් ලබාගැනීමට ඇති එකම මාර්ගය නම් ඉවසීම සහ නැවත නැවත උත්සහ කිරීම මගින් පමණයි.

මෙලෙස දැනුම සමාලෝචනය කිරීමේදී ඔබට ඔබගේ සටහන් පවා වෙනස් කරන්නට සිදුවේවි. ඒ ගැන කලබල වියයුතු නැහැ. ක්‍රමක්‍රමයෙන් ඔබගේ සටහන් මෙන්ම ඔබ සටහන් තබන අකාරය පවා වැඩිදියුණු වනු ඇති. ඔබගේ මුල් අවදියේ සටහනක් සහ පසු කාලීන සටහනක් සංසන්දනය කලොත් ඔබට මේ වෙනස පැහැදිලිව දකින්නට පුළුවන් වෙයි.

පහසුවන් අලුත් දේ ඉගෙනගන්නා ආකාරයේ ඉතිරි පියවර ගැන මීළඟ ලිපියෙන් අප කරුණු ගෙනඒමට බලාපොරොත්තු වෙනවා. මේ දක්වා අප ගෙන ආ ලිපි පෙළ පිළිබඳව ඔබගේ අදහස් අපට එවන්න. මිතුරන් සමග මේ ලිපි පෙළ බදාගන්න.

580 Total Views 2 Views Today

Comments

comments