පහසුවෙන් අලුත් අලුත් දේ  ඉගෙන ගන්නා ආකාරය පිළිබඳව ඔබට විස්තර ගෙනෙනෙ ලිපි පෙලේ අවසන් ලිපියයි මේ. මුල් පියවරවල් ඔබට මේ link වලින් කියවන්න පුළුවන්. පළමු ලිපිය දෙවන ලිපිය තෙවන ලිපිය.

ලබාගත් දැනුම යාවත්කාලින කරගන්න.

මිනිස් දැනුම් පද්දතිය දිනෙන් දිනම අලුත් වනවා. ඔබ අද ඉගෙන ගන්නා දෙයට තවත් මාස කිහිපයකින් බොහෝ අලුත් කාරණාවන් එකතු වීමට පුළුවන් මේ නිසා ඔබගේ දැනුම යාවත්කාලින කරගැනීම අනිවාර්යයෙන්ම කල යුතු කාරණයක් . එමෙන්ම ඔබ කෙතරම් හොඳින් සහ ගැඹුරින් යම් කරුණක් අධ්‍යයනය කලද දිගු කාලයක් ඒ කරුණු භාවිතයට නාගැනීම නිසා ක්‍රමයෙන් එම කරනා ඔබගේ මතකයෙන් ගිලිහි යාමට ඇති ඉඩකඩ වැඩියි.

මෙය බොහෝ පාසල් සිසුන් අතර දක්නට ඇති තත්වයක්. යම් විෂයක් ඉගෙනගන්නා අවස්ථාවේදී ඉහල දැනුමක් පෙන්නුම් කරන සිසුන්ගෙන් පවා මාස කිහිපයකට පසු එම කරුණු ගැනම විමසීමක් කල විට දක්නට ලැබෙන්නේ අඩු අවභෝදයක් . එම නිසා ඔබ විසින් ඉගෙන ගත් කරුණු නැවත නැවත මෙනෙහි කිරීම ඉතා වැදගත් වෙනවා.

ඔබ වැඩිහිටියෙකු නම් ඔබ උගත් දේ පිළිබඳව පොතපත නිතර නිතර පරිශීලනය කිරීම ඔබගේ දැනුම යාවත්කාලින කරගැනීමට උදව් වනු ඇති. ඔබ පාසල් සිසුවෙකු නම් ඔබ උගත් දෙයට අදාල ගැටළු වලට නිතර නිතර පිළිතුරැ සැපයීමෙන් ඔබගේ දැනුම අලුත් කොට තබාගැනීමට හැකිවනු ඇති මෙන්ම ඔබගේ ගැටළු විසඳීමේ හැකියාවද මින් වර්ධනය වනු ඇති

අප මේ විස්තර කරන ලද කරුණු බොහෝ කාර්යක්ෂම දැනුම් ගවේෂකයන් විසින් යොදාගනු ලබන පියවරවල්. අලුතෙන් යමක් ඉගෙනීම සහ එය අබභෝධ කරගැනීම ඉතා පහසු එකක් බව ඔබට දැන් වැටහෙනවා ඇති. අප ඉහත විස්තර කරනු ලැබුවේ මුලික කරුණු කිහිපයක් පමණයි. මේ කරුණු ඔබට පහසු අයුරකින් භාවිතයට ගැනීම ඔබගේ කාර්යක්ෂමතාව තවත් ඉහල නංවනු ඇති.  එමෙන්ම ඒවාට ඔබගේ අවේනික ශෙලියක් ලබාදීමෙන් ඉගෙනීම වඩාත් රසවත් කරගැනීමට ඔබට හැකිවනු ඇති. ඒ මගින් වඩා වැඩි වෙලාවක් අධ්‍යයන කටයුතු වල නියුතු වීමට ඔබට හැකියාවක් ලැබෙනු ඇති.

දැන් ඔබ අලුත් අලුත් දේ පහසුවෙන් ඉගෙන ගන්නේ කොහොමද කියන එන හොඳින් දන්නවා. නමුත් ඔබට තවත් ගැටළුවක් මතුවෙන්නට පුළුවන්. ඒ තමයි ඉගෙන ගත් දේ දිගුකාලීනව මතක තබාගන්නේ කෙසේද කියන එක. මේ සඳහාත් ලෝකයේ විවිධ ක්‍රම භාවිත වෙනවා. ඒවායින් එක ක්‍රමයක් මෙහෙම විස්තර කරනන් පුළුවන්.

ඔබ නිර්මාණය කල කෙටි සටහන් පාඩම් කිරීමෙන් අනතුරුව එය විවිධ කාල පරාසයන් තුල නැවත නැවත කියවීමෙන් ඔබට එහි අන්තර්ගතය පහසුවෙන් මතකතබාගැනීමට පුළුවන්. උදාහරණයක් ලෙස පාඩම් කිරීම අවසන් කොට. දින 3 කින් නැවත සටහන කියවන්න නැවතත් දින 5 කින් නැවත කියවන්න  ඉන් පසු දින 7 කින් ද නැවතත් දින 14 කට පසුවද එම සටහන කියවන්න. එමගින් ඔබට දිගු කාලයක් ඔබ ඉගෙන ගත් දේ මතක තබා ගැනීමට පුළුවන්

727 Total Views 1 Views Today

Comments

comments