facebook-search-shutterstock

Facebook යනු අද ලෝකයේ බොහෝ දෙනෙක් භාවිත කරන සමාජ ජාල වෙබ් අඩවියක්. නව මිතුරන් ඇතිකරගැනීමට පරණ මිතුරු කම් මතක් කර ගැනිමට Facebook වෙබ් අඩවිය බොහෝ සෙයින් ඉවහල් වෙනවා. Facebook වෙබ් අඩවියේ ඇති search option එක බොහෝ දෙනෙක් භාවිත කරනවා ඔබේ මිතුරෙක් ගේ හෝ වෙනත් කෙනෙකුගේ  පැරණි post එකක් නැවත සොයාගන්න Facebook search tool එක බොහෝ සෙයින් උපකාරී වෙනවා. අද අපි ඔබට විස්තර ගෙන එන්නේ මේ Facebook search tool එකට සිදුවූ වෙනසක් පිළිබඳවයි.

සාමාන්‍යයෙන් Facebook search tool එකෙන් මෙතෙක් කල් ඔබ වෙත ලැබුනේ ඔබගේ සහ ඔබගේ යහළුවන්ගේ තොරතුරුත් ඔබ විසින් like කොට ඇති page වල තොරතුරුත් පමණයි. එනම් ඔබ යමක් search කල විට ඔබගේ සහ ඔබේ යහළුවන්ගේ මෙන්ම ඔබ විසින් like කොට ඇති page එකක ඔබ search කල දෙයට ගැලපෙන යමක් තිබුනිනම් search results ලෙස එය ඔබට ලැබෙනු ඇති.

මෙලෙස ලැබෙන search results අතරට ඔබ ගේ යහළුවන් නොවන පුද්ගලයන් පවා public ලෙස සටහන් කොට ඇති post ද ලැබෙන බව Facebook පසුගිය දා නිවේදනය කරනු ලැබුවා. මෙය ඔබට අනවශ්‍ය search results ලබාදෙන්නක් ලෙස ඔබට සිතෙන්නට පුළුවන්. නමුත් සැබවින්ම එය එසේ නොවෙයි ඔබට ලැබෙන search results ඔබට පෙනෙන්නට ලැබෙන්නේ කිසියම් අනුපිළිවෙලකට සැකසීමෙන් අනතුරුවයි. ඒ අනුව ප්‍රථමයෙන්ම ඔබට ඔබගේ post අතර පවතින search results ද ඉන්පසුව ඔබගේ යහළුවන්ගේ සහ ඔබ විසින් like කර ඇති page වල අඩංගු search results ද ඊළඟට වෙනත් ඕනෑම කෙනෙකුන් විසින් public ලෙස සටහන් කොට ඇති දේවලුත් පෙන්වනු ඇති.

නමුත් මෙහි යම් ගැටළුවක් නැත්තේද නොවෙයි ඊට හේතුව බොහෝ දෙනෙක් Facebook හි ඇති privacy options නිසියාකාරව භාවිත නොකිරීමයි. බොහෝ දෙනා Facebook එක තුල post කරන බොහෝ දේවල් publish කරන්නේ public නමැති privacy option එක භාවිතයෙන්. Facobook හි default privacy option එක වන්නේනේද මේ public නමැති option එකයි. බොහෝ දෙනා නොදැනුවත් කමින්ම මේ option එකම භාවිත කරනවා.

Facebook හි නව search රෙසුල්ට් policy එක නිසා ඔබ විසින් නොදැනුවත්ව public ලෙස සටහන් කොට ඇති ඔබගේ පෞද්ගලික post පවා අනෙක් යට දර්ශනය වීමේ ඉඩකඩක් දැන් තිබෙනවා. ඔබගේ privacy settings නැවත අලුත් කරගැනීමට කාලය එළඹ තිබෙනවා. ඔබ Facebook privacy options නිසි ආකාරයෙන් භාවිත කරන අයුරු දන්නේ නැතිනම් අප හා දිගටම රැඳෙන්න ඉදිරි post කිහිපයකින් ඒ පිළිබඳව විස්තරාත්මකව තොරතුරැ ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා

1053 Total Views 1 Views Today

Comments

comments