wi-fi-public_1024

Free Wi-Fi එසේත් නැත්නම් නොමිලයේ ලැබෙන අන්තර්ජාල පහසුකම් අත්විඳීමට අප බොහෝ දුරට ප්‍රිය කරනවා නමුත් පොදු ස්ථාන වලදී මෙසේ ලබාදෙන Free Wi-Fi සම්බන්ධතා බොහෝවිට අනාරක්ෂිත ඒවා වන අතර ඒවා භාවිතයට ගැනීමට පෙර ඔබ දෙවරක් සිතා බැලිය යුතු වෙනවා. මේ අනතුරු ඇඟවීම කොතරම් සිදු කෙරුණත් බොහෝ දෙනා මෙලෙස අනාරක්ෂිත Wi-Fi සම්බන්දතා හරහා අන්තර්ජාලයට සම්බන්ද වීම නතර කිරීමක් නම් පෙනෙන්නේ නැහැ.

මේ නිසා මෙවන් අනාරක්ෂිත අන්තර්ජාල සම්බන්දතා මගින් ඔබගේ පුද්ගලික තොරතුරු වලට සිදුවිය හැකි හානිය පිළිබඳව අද්‍යයනයක් සුප්‍රසිද්ධ අන්තර්ජාල ආරක්ෂක මෘදුකාංග සමාගමක් වන Avast සමාගම මගින් සිදු කරනු ලැබුවා. මෙහිදී Avast ආයතනය මගින් විශාල වශයෙන් ජනයා ගැවසෙන ප්‍රසිද්ධ ස්ථාන වල ඔවුන්ගේ ව්‍යාජ Wi-Fi ජාලයන් පිහිටුවනු ලැබුවා. මේ සඳහා ඔවුන් යොදාගත් එක ස්ථානයක් වනුයේ  Mobile World Congress එක සඳහා ලියාපදිංචි වීම සඳහා Barcelona ගුවන් තොටුපලෙහි පිහිටවන ලද ස්ථානයකුයි. මෙවන් ස්ථාන වලට බොහෝවිට පැමිණෙන්නන් නිතරම අන්තර්ජාලයට සම්බන්ධ වීමට උත්සාහ දරන නිසා ඔවුන්ගේ උගුලට පහසුවෙන්ම හසුවුණා.

මෙම ව්‍යාජ Wi-Fi ජාලයන් ගේ නම් (SSIDs) වෙනුවෙන් ඔවුන් යොදා ගෙන තිබුනේ කිසිවෙකුත් සැක නොසිතන ආකාරයේ නම් කිහිපයකුයි. උදාහරණයක් ලෙස “Airport_Free_Wifi_AENA”, යන්න ඔවුන් ගුවන් තොටුපලේදී යොදා ගන්නා ලද SSID එකයි. පැය 4 ක් වැනි ඉතා කෙටි කාලයක් තුලදී 2000 කට අධික පිරිසක් මේ ව්‍යාජ Wi-Fi ජාලයන් හා සම්බන්ධ වී තිබුනා. කෙසේ වෙතත් Avast ආයතයන කිසිදු දත්තයක් ගබඩා කොට ගෙන තිබුනේ නැහැ. නමුත් ඔවුන්ට අනුව මෙවන් අනාරක්ෂිත පොදු Wi-Fi ජාලයක් තුලදී ඔබව පහසුවෙන් network spoofing attack එකකට හසුවීමේ ඉඩකඩක් තිබෙනවා. මේ හරහා ඔබගේ සියලුම පුද්ගලික දත්ත සහ ඔබ භාවිතයට ගනු ලබන passwords පවා වෙනත් කෙනෙකු අතට පත්වීමේ ඉඩක් පවතිනවා.

මේ නිසා මින් පසුව ඔබ මෙවන් අනාරක්ෂිත Wi-Fi ජාලයන් හා සම්බන්ධ වීමේදී වඩා වැඩි සලකිලක් දැක්විය යුතු වෙනවා. මන්ද මේ හරහා ඔබේ email ගිණුම facebook ගිණුම මෙන්ම ඔබගේ බැංකු කටයුතු වලට අදාල password පවා වෙනත් අයෙකු අතට පත්වීමට පුළුවන්. එසේ වුවහොත් සිදුවම විනාශය පිළිබඳව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. කෙසේ වෙතත් බොහෝ දෙනෙක්ගේ ජංගම දුරකථනයන් ස්වයංක්‍රීයව Wi-Fi ජාලයන් හා සමග සම්බන්ද වෙනවා. මේ නිසා ඔබ නොදැනුවත්වම ඔබ අනාරක්ෂිත Wi-Fi ජාලයකට සම්බන්ද වීමේ ඉඩකඩ තිබෙනවා. මේ නිසා ඔබ ඔබගේ ජංගම දුරකතනයේ settings නිසි පරිදි සකසා තබා ගත යුතු වෙනවා.

695 Total Views 1 Views Today

Comments

comments