මිනිසා ඇතුළු සියලුම ජීවින් ජීවත්වන අපගේ මේ පෘථිවියෙහි වයස වසර බිලියන ගණනක්. මිනිස් ක්‍රියාකාරකම් පෘථිවිය මත පවතී කාලය, පෘථිවියෙහි සමස්ත ආයුකාලයක හා සමග සසඳන විට එක නිමේශයක් තරම් කුඩා කාලසීමාවක්. නමුත් ඒ කුඩා කාලසීමාව තුල අප මේ ජීවයෙන් පිරි සුන්දර ග්‍රහලෝකය කෙතරම් දුරට වෙනස් කොට තිබේද. මෙය බොහෝ දෙනා විසින් නගනු ලබන ප්‍රශ්ණයක්. නමුත් අවාසනාවකට කරුණ නම් බොහෝදෙනෙකු තුල මේ පිළිබඳව අදහසක් ඇත්තේම නැති තරම්.

නමුත් නවීන තාක්ෂනය ආධාරයෙන්, මිනිසා විසින් පෘථිවියට සිදුකෙරෙමින් පවතින වෙනස්කම් පිළිබඳව පැහැදිලි අවභෝදයක් ලබාගැනීමට අපට දැන් අවස්ථාව උදාවී තිබෙනවා. 1984 සිට 2016 දක්වා ලබනා ලද චන්ද්‍රිකා චයරුප මගින් නිපදවන ලද timelapse වර්ගයේ වීඩියෝවක් මගින් මිනිසාගේ මේ ක්‍රියාකාරකම් පැහැදිළිව පෙන්වනු ලබනවා.

timelapse වීඩියෝවක් යනු දීර්ඝ කාලයක් තිස්සේ ලබාගනු ලබන චායාරුප  විශාල සංක්‍යාවක් එකට පෙළගැස්වීම මගින්  වීඩියෝ එකක් නිර්මාණය කිරීමයි. අද පවතින බොහොමයක් music වීඩියෝ  වල මෙම ක්‍රමවේදය යොදාගෙන තිබෙනවා ඔබ දැක ඇති.

මෙම timelapse විඩියෝ එක නිර්මාණය කිරීමට අවශ්‍ය චන්ද්‍රිකා චයරුප ලබාගෙන තිබෙන්නේ Landsat 8 හා Sentinel-2 යන චන්ද්‍රිකා දෙක මගිනුයි. මෙමෙ නිර්මාණය සඳහා ඔවුන් චන්ද්‍රිකා චායාරුප ලක්ෂ පනහකට  වඩා වැඩි ප්‍රමාණයක් උපයෝගී කරගෙන තිබෙනවා.

මෙම වීඩියෝ වල අඩංගු වෙන වනස්වීම් ඉතා විස්මය ජනකයි. කාන්තාර තුලින් ජනාකීර්ණ මිනිස් ජනාවාස බිහිවී වර්ධනය වන ආකාරය මෙන්ම මහා ගංගා ඒවායේ ගමන්මග වෙනස් කරමින් ගලායන ආකාරය පැහැදිලිව මේ වීඩියෝ පටවල සටහන්ව තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ මෙලෙස නිකුත් වී තිබෙන timelapse වීඩියෝ කිහිපයකුයි

මෙහි දැක්වෙන්නේ කුවේට් හි අල් ඛිරන් පර්ල් නගරය ගොඩනැගෙන ආකාරයයි.


මෙහි දැක්වෙන්නේ ලෝකප්‍රකට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයයි. එහි සුප්‍රසිද්ධ palm island නිර්මාණය වන ආකාරය පැහැදිලිව මෙහි නිරීක්ෂණය කල හැකියි


මේ බොලිවියාවේ Nuflo de Chavez නගරය වනාන්තරය අභිබවා පැතිරීගිය ආකාරයයි. මිනිසා විසින් සිදුකරන වනාතර විනාශයට මෙය ඉතා හොඳ උදාහරණයක්.


මේ කසකස්ථානය හා උස්බකිස්ථානය අතර පිහිටි jewel-hued Aral Sea නම් විලයි. පෘතුවියේ උෂ්ණත්වය ඉහළයාම හේතුවෙන් මෙය මුළුමනින්ම සිඳීයන ආකාරය දකින්නට පුළුවන්.


මේ පේරු රාජ්‍යයේ උකයාලි ගංගාව. මෙය විවිධ අවස්ථාවල ගංවතුර හා මිනිස් ක්‍රියාකාරකම් නිසා තම ගමන්මග වෙනස් කරගන්න ආකාරය ඉතා පැහැදිලිව දකින්නට පුළුවන්.

1207 Total Views 20 Views Today

Comments

comments