gravitational-waves

Gravitational Wave එසේත් නැත්නම් ගුරුත්වජ තරංග පිළිබඳව මේ දිනවල පවතින්නේ විශාල කතාබහක්. ඔබත් මේ ගුරුත්වජ තරංග යනු මොනවාදැයි විමසිලිමත් වුනා වන්නට පුළුවන්. ලෝකයේ බොහෝ දෙනා අද වන විට ගුරුත්වජ තරංග පිළිබඳව කතාබහ කිරීමට පටන්ග ගෙන තිබුනත් මේ තරංග වර්ගය පිළිබඳව ලෝකයට ප්‍රථමයෙන්ම අදහස් ඉදිරිපත් කලේ මහා විද්යාඥයෙකු වන Albert Einstein විසින් මිට වසර 100 කට පමණ ඉහතදීයි. මෙම ගුරුතවජ තරංග පිලිබඳ සංකල්පය ඉදිරිපත් වූ පසුව බොහෝ පරීක්ෂකයන් විසින් මෙම තරංග විශේෂය පිළිබඳව පරීක්ෂණ පවත්වනු ලැබුවත් මෑතක් වන තුරුම ඔවුන්ට මෙම  ගුරුතවජ තරංග පිළිබඳව නිසි ලෙස සාදක සොයාගැනීමට නොහැකිවුනා.

Einstein ගේ මතයට අනුව නම් විශ්වයේ කල-අවකාශ තලයට එහි පවතින විශාල ස්කන්ධයක් සහිත වස්තුන්ගෙන් බලපෑම් එල්ල වනවා. එය හරියට හොඳින් දිගහැර තිරස්ව එල්ලා ඇති රෙදිකඩක් මත බර වස්තුවක් තැබූ විට එම රෙදි කොටස තරමක් පහතට එබෙන්නා ලෙස උපකල්පනය කල හැකියි. අප විසින් ගුරුත්වාකර්ෂණය ලෙස හඳුන්වා ගනු ලබන්නේ මේ කල-අවකාශයට විශාල ස්කන්ධයක් සහිත වස්තු වලින් ඇතිවන බලපෑමයි. මෙම මතයට අනුව විශ්වයේ විශාල ස්කන්ධ සහිත වස්තුන් වල සිදුවන විවිධ ක්‍රියාකාරකම් නිසා මෙම කාල-අවකාශය තුල යම් ආකාරයක තරංග විශේෂයක් හටගන්නවා. අප ගුරුතවජ තරංග ලෙස හඳුන්වනේ මෙම තරංග විශේෂයි.

දැවැන්ත කලුකුහර දෙකක් එකට එකතුවීම. තාරකාවක් පිපිරීයාම වැනි කරුණු වලින් මෙවන් ගුරුත්වජ තරංග ඇතිවීමට පුළුවන්. නමුත් මේවා සාමාන්‍ය තරංග මෙන් ග්‍රහණය කරගැනීමට පහසු වන්නේ නැහැ. ඒ මෙම තරංග ඉතාමත් කුඩා ප්‍රමාණයේ ඒවා වීමයි. මෙම තරඟයක තරංග ආයාමය ප්රෝටෝනයක විශ්කම්භයෙන් දහසකින් එකක් පමණ ඉතා කුඩා අගයක් පමණ වනවා.

මෙම සුවිශේෂී සොයාගැනීම සිදු කරනු ලැබුවේ LIGO (Laser Interferometer Gravitational Wave Observatory) නම් පරික්ෂනාගාරයක් මගිනුයි. ඔවුන් ප්‍රථම වරට මේ පිළිබඳව සොයාගැනීමක් සිදුකර තිබෙන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් 14 වන දිනයි. නමුත් කරුණු නිසි ලෙස සොයා බැලීමට ඔවුන් සැලකිය යුතු කාලයක් ගැනීමෙන් අනතුරුව ඔවුන් මෙමෙ සොයාගැනීම පිලිබන්දව ලෝකයට නිවේදනය කොට සිටියා.

මෙම නව සොයාගැනීම විශ්වය සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව මිනිසාගේ දැනුම වඩාත් දියුණු කිරීමට හේතු වනු ඇති බව පර්යේක්ෂකයන් ගේ අදහසයි. මන්ද මෙම ගුරුතවජ තරංග ඇතිවීමට හේතු වූ කරුණු මිට වසර මිලියන ගණනකට පෙර සිදුවූ සිදුවීම වනන්ට පුළුවන්. මේ නිසා මෙම නව තරංග වර්ගය අද්‍යනය කරීම මගින් මිට වසර බිලියන ගානකට පෙරේ මේ විශ්වයේ සිදුවූ අසිරිමත් සිදුවීම පිළිබඳව තොරතුරු අපට දැනගැනීමට ලැබෙනු ඇති

LIGO ආයතනය මෙම කුඩා ගුරුත්වජ තරංගයන් සටහන් කර ගත ආකාරය ඔබට මේ video ව තුලින් සරලව අවබෝධ කරගත හැකි වනු ඇති

guGravwaves

2000px-Ligo.svg

648 Total Views 1 Views Today

Comments

comments