page

මේ දිනවල අපි ගතකරන්නේ ඉතාමත් අපහසු කාලයක්. ඒ අපට බලපා තිබෙන මේ අධික උෂ්ණත්වය නිසා. දවසේ වැඩි කාලයක් AC කරපු කාර්යාලයේ ගතකරත් නිවසේ, වැඩපොළේ  පාසලේ සිටින ආදරනියන් හා දුවාදරුවන් නම් අනිවාර්යෙන් මෙමගින් පීඩා විඳිනවා ඇති. අද මේ ලිපිය ගෙන එන්න සිතුවේ  මේ අධික උෂ්ණත්වයෙන් සිදුවන බලපෑම් මගින් ආරක්ෂාවන ආකාරය පෙන්වාදීමටයි. පසුගිය දිනක අනුරාධපුරයේ උෂ්ණත්වය අංශක 37 ක් තරම් වූ අගයක් වුබවත් වර්තවුවා. එය ඉතාමත් සැලකිය යුතු අගයක්. මේ වැනි ඉහල උෂ්ණත්වයන් මගින් වැඩිම බලපෑම එල්ල වන්නේ කුඩා දරුවන්ට හා වැඩිහිටි පුද්ගලයන්ට, මිට අමතරව මානසික ගැටළු පවතින පුද්ගලයන්, හදවත් රෝග වලින් පෙලෙන්නන් හා පෙනහළු ආශ්‍රිතව ගැටළු පවතින පුද්ගලයින් සම්බන්දයෙනුත් සැලකිලිමත් විය යුතුවනවා

උෂ්ණත්වයෙන් ආරක්ෂා වීමට සිදුකල හැකි දේවල්.

  1. හැකිතාක් උෂ්ණත්ව වැඩි ස්ථානවලට හා අව්වේ යාමෙන් වලකින්න. ප්‍රයෝගිකව මෙය කරන්න පහසු නැති උනත් පුළුවන් නම් කුඩයක් අරන් යන්න, cap එකක් පළඳින්න. දවසේ රස්නය වැඩිම කාලය වන 11ත් හවස 3 ත් අතර කාලය කාර්යාලයේ හෝ නිවසේ ගතකරන්න පුළුවන් විදිහට දවස සැලසුම් කරගන්න.
  2. ජලය පානය කරන්න. අධික සිසිල් ජලය නොව මද සිසිල් ජලය වඩාත් සුදුසුයි. සාමාන්‍ය දිනක පානය කරනවා මෙන් දෙගුනයක්වත් ජලය පානය කරන්න උත්සහ ගන්න.
  3. ඔබ දෙමව්පියෙකු හෝ ගුරුවරයෙකුනම් පාසලේ සිටින දරුවන්ට වැඩිපුර ජලය පානයට උපදෙස් දෙන්න. ඒ වගේම පාසැල් නිමවී ගෙදර එන්නවිටත් වතුර පුරවාගෙන යන්න මතක්කරන්න. මොකද පාසැල් බස් හා වෑන් AC නොවන නිසා.
  4.  හැකිතාක් දහදිය පිටවීමට පහසු කොට්න් වැනි ඇඳුම් භාවිතා කරන්න
  5. ශරීරය සිසිල් කරගැනීමට ඇග සේදීම ස්නානය සිදුකරන්න.
  6. තේ කොපි හා මධ්‍යසාර වලින් වලකින තරමට වඩාත් හොදයි.

මේ තියෙන්නේ අපට කරන්න පුළුවන් දේවල් කිහිපයක් පමණයි. මිට අමතරව වැඩිහිටියන් කුඩා දරුවන් හා ළදරුවන් පිළිබඳව අවධානයෙන් ඉන්න. ඒවගේම උණ වැනි රෝගීතත්වයන් වලින් පෙලෙන පුද්ගලයින් හැකිතාක් අඩු උශ්නත්වයක් සහිත පරිසරයක තබන්න.  අධික හිසරදය, කලාන්තය, සිහිමද ගතිය වැනි තත්වයන්ගෙන් පෙලෙනවානම් ෛවද්‍යවරයකු හමුවීම සුදුසුයි.

අපෙගේ web අඩවිය පිලිබඳව ඔබගේ අදහස් අපට එවන්න. අප හා සම්බන්ධ වන්න
Like Us: www.fb.com/techpedia.lk
Visit Us: www.techpedia.lk

 

805 Total Views 1 Views Today

Comments

comments