aboutaids

HIV/AIDS මේ දිනවල අප අතර බහුලව කතාබහට ලක්වෙන මාතෘකාවක් වෙලා. ඇතැමෙක් මේ පිළිබඳව නිසි ආකාරව කරුණු නොදන්නා කම නිසා බොහෝ වැරදි තීරණ වලට එළඹී ඇති ආකාරයත් අද අපට දැකගන්නට පුළුවන්. ඒ නිසාම HIV/AIDS පිළිබඳව කරුණු කිහිපයක් ඔබවෙත ගෙන ඒමට අප තීරණය කළා.

මොකක්ද මේ HIV

HIV යන කෙටි නාමයෙන් හැඳින්වෙන්නේ Human  Immunodeficiency Virus යන්නයි. මෙයත් අපගේ ශරීරයට ඇතුල් වී අපව රෝගී කල හැකි තවත් එක් virus වර්ගයක්. නමුත් අනෙකුත් virus වර්ග මෙන් මෙම virus එක සම්පුර්ණයෙන්ම අපගේ සිරුරෙන් ඉවත් කිරීම කල නොහැකියි. එමෙන්ම මෙම virus එක ප්‍රධාන වශයෙන්ම පහර දෙන්නේ අපගේ ප්‍රතිශක්තිකරණ පද්දතියටයි. HIV වැළඳුනු පසු ප්‍රතිශක්තිකරණ පද්දතියේ අඩංගු CD4 cells එසේත් නැත්නම් T cells ලෙසින් හැඳින්වෙන සෛල විශේෂය අඩු වී යනවා. එවිට අපගේ ශරීරය වෙනත් වෛරස වලට ගොදුරුවීමේ අවධානම ඉහල යනවා

HIV වෛරසය සම්පුර්ණයෙන්ම අපගේ සිරුරෙන් ඉවත් කල නොහැකි වුවත් එය යම් මට්ටමකට පාලනය කල හැකි ඖෂධ මේ වනවිට නිපදවා තිබෙනවා. මෙලෙස HIV වෛරසයට නිසි ප්‍රතිකාර නොකළ හොත් එය AIDS නමැති තත්වය දක්වා වර්ධනය වීමට පුළුවන්.

HIV වෛරසයට ප්‍රතිවිරුද්දව ඇති ප්‍රතිකාර හඳුන්වන්නේ antiretroviral therapy එසේත් නැත්නම් ART යන නමිනුයි. නිසියාකාරව ප්‍රතිකාර ලබාගැනීම තුලින් HIV වෛරසය පාලනය කිරීම කල හැකියි. ඔබට HIV වැළඳී ඇත්ද යන්න දැනගැනීමට නම් ඔබ පරීක්ෂණයකට ලක්විය යුතු වෙනවා. මෙය ඉතා සුළු පරීක්ෂණයක්. බොහෝ දියුණු රටවල නම් ඔබට නිවසේදීම මම පරීක්ෂණය කරගත හැකි පරීක්ෂණ කට්ටලයක් ඖෂධ මද්‍යස්ථාන වලින් මිලදී ගැනීමට පුළුවන්.

මොනවද මේ AIDS

AIDS එසේත් නැතිනම් Acquired Immunodeficiency Syndrome යනු HIV වෛරසයේ අවසාන අවස්ථාවයි. එමෙන්ම HIV වෛරසය වැළඳෙන සැම කෙනෙක්ම මෙම අවස්ථාව කරා ලඟා වන්නේ නැහැ. HIV වෛරසය අසාදනය AIDS මට්ටමට පත්වන්නේ ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්දතිය දරුණු ලෙස බිඳ වැටුණු විටයි. HIV අසදිතයෙකුගේ රුධිරයේ CD4 සෛල මට්ටම ඝන මිලිමිටරයට සෛල 200 දක්වා පහත වැටුණු විට එම ආසදිතයා AIDS රෝගියෙකු බවට නිර්ණය කෙරෙනවා (සාමාන්‍යයෙන් රුධිරයේ CD4 සෛල ඝන මිලිමිටරයට 500ත් 1,600ත් අතර ප්‍රමාණයක පවතිනවා).

ප්‍රතිකාරයක් නොමැතිව AIDS රෝගියෙකුගේ ආයු කාලය වසර 3ක් පමණ වෙනවා. නමුත් එම රෝගියාට වෙනත් බරපතල රෝගයක් වැළඳුනු පසුව එම කාලය වසරක් වැනි කෙටි කාලයක් දක්වා පහත වැටීමට පුළුවන්.

HIV පැතිරෙන්නේ කෙසේද

HIV වෛරසය පැතිරෙන්නේ විශේෂ ක්‍රියාකාරම් වලින් පමණයි. බොහෝ දෙනෙක්ට මෙය වැළඳෙන්නේ HIV අසදිතයෙකු සමග ඇතිවෙන අනාරක්ෂිත ලිංගික එකතුවීම වලින්. HIV වෛරසය පැතිරවීමට ශරීරයේ ඇති සැම කොටසකටම බැහැ. එය පැතිරෙන්නේ ශරීරයේ පහත දැක්වෙන තරල පමණයි.

  1. රුධිරය
  2. ශුක්‍ර තරයල
  3. පෙර- ශුක්ර තරල
  4. Rectal fluids
  5. යෝනි තරයල
  6. මව්කිරි

අසදිතයෙකු ගේ මෙම තරල කොටස් සෙම පටල සමග හෝ තුවාලයක් සමග හෝ ශරීරයට සෘජුවම එන්නත් කිරීම මගින් HIV වෛරසය පැතිරී යාමට පුළුවන්.

මේ අනුව ගත් කල කෙනෙකුගෙන් තවත් කෙනෙකුට HIV අසාදනය වීමට ඇති ඉඩකඩ බොහොම අල්පයි. එමෙන්ම HIV අසදියෙකු හෝ අසදිතයෙකුගේ පවුල සමාජයෙන් කොන් කිරම සිදු කලයුතු නැති ක්‍රියාවක් බවත් ඔවුනුත් තවත් එක් මනුෂයන් පිරිසක් ලෙස හඳුනාගෙන කටයුතු කල යුතු බව අද වන විට ලෝකයම පිළිගෙන තිබෙන කරුණක්.

HIV රෝග ව්‍යාප්තිය වලක්වාලීමට ඇති හොදම ක්‍රියාමාර්ගය වන්නේ අධ්‍යාපනයයි. ලෝකයේ බොහෝ රටවල අධ්‍යාපනය තුලින්  මෙවන් රෝගී තත්වයන් පිලිබඳ නිවැරදි විද්‍යාත්මක කරුණු නිසිලෙස තරුණ පරපුරට ලබාදෙනවා.

870 Total Views 1 Views Today

Comments

comments