nasa

අභ්‍යවකාශ තරඟය කියනදේය අද ඊයේ පටන ගත්ත දෙයක් නොවෙයි. සඳ ගමනට වුවත් ඇමෙරිකාව හා රුසියාව අතර තිබුනේ ඉතාමත් දැඩි තරඟයක්. නමුත් කෙසේවෙතත් දැන් අවධානය යොමුවෙලා තිබෙන්නේ අඟහරු තරඟය වෙතටයි. මෙය එතරම් පහසු කාරණාවක් නොවුවත් මේ පිළිබඳව පර්යේෂණ දිගින් දිගටම පැවැත්වෙනවා. ඒ අතරතුරදී ඇමෙරිකානු ජාතික Scott Kelly දින 340යක් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගතකොට පෘතුවිය වෙත පැමිණියා. මෙය ඇමෙරිකානු ගඝනගාමියකු වැඩිම කාලයක් එකදිගට අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගතකල කාලය ලෙස සැලකෙනවා. එය වසරකට ඉතාමත් ආසන්නයි. නමුත් වැඩිම කාලයක් එකදිගට  අභ්‍යවකාශයේ ගතකල පුද්ගලයා වන්නේ  රුසියානු ජාතික Valeri Vladimirovich Polyakov ඒ දින 437. කෙසේවෙතත් දැන් NASA ආයතනය සුදානම් වන්නේ පුරා වසරක කාලයක් පෘතුවි ගුරුත්වයෙන් තොරව ගතකල ඔහුගේ ශරීරයේ සිදුව ඇති වෙනසකම් අද්‍යනය කිරීමටයි. මන්ද අඟහරු තරනයක් සිදුකෙරේනම් එයට ආසන්න වශයෙන් වසර 2.5 වත් ගතවන නිසා.

අප පරිණාමයවී ඇත්තේ ගුරුත්වයක් යටතේ ජිවත්විමටයි. නමුත් ගුරුත්වය රහිතව සිටීමේදී අප ශරීරය එයට හැඩගැසීමට උත්සහ කරනවා. මේ අනුව ශරීරය එයට දක්වන ප්‍රතිචාරයක් ලෙස වෙනස්කරගන්න දේවල් පිළිබඳවයි NASA ආයතනය පරීක්ෂණ පැවැත්වීමට සුදානම් වන්නේ. මෙහි ඇති තවත් එක් වාසිදායක කරුණක් නම්  Scott Kellyට නිවුන් සහෝදරයකු සිටීමයි. මෙහිදී ඔව්න් දෙදෙනාම සංසන්දනය කරමින් පර්යේෂණවල නිරතවීමට හැකිවීම ඔව්න් වාසියක් ලෙස සලකනවා.

143846525-miles-of-total-travel-in-the-iss-thats-about-the-same-distance-as-a-one-way-trip-to-mars-according-to-the-new-york-times

මෙහිදී ප්‍රධාන වශයෙන් සිදුව ඇති වෙනස්කම් ලෙස ඔව්න් දක්වන දේවල් අතර  නිසිආකාරයේ ව්‍යායාම කිරීමක් සිදුනොවිනම් ශරීරයේ අස්ථිවල ඝනත්වය 12% කින් අඩුවිය හැකි බවයි, මන්ද අස්ථිවලට කිසිදු බරක් දරාසිටීමට සිදුනොවන නිසා. මිට අමතරව බර දැනීමක් සිදුනොවන නිසා මාංශපේශීන් ඇකිලිම සිදුවන බවද ඔව්න් පවසනවා. කොඳු ඇටපෙලට බරක් නොවැටීම නිසා එය දිගාරිමට ලක්වෙන අතර එමනිසා උස 3%කින්  පමණ වැඩිවනවා. තවද ගුරුත්වය රහිත තත්වයක් තුල හදවත ක්‍රියාකරන නිසා එක වරකට රුධිරය ලීටර දෙකක් පමණ එකවරකට පොම්පකිරිම සිදුවනවා. මිට අමතරව  වැඩි කාලයක් එකදිගට  අභ්‍යවකාශයේගතකිරීම නිසා විකිරණ වලට පහසුවෙන් නිරාවරණය වීම සිදුවනවා. එමනිසා පිලිකා තත්වයන් ඇතිවීමේ වැඩි අවස්ථාවක් තිබෙනවා. මෙම පර්යේෂණ වලින් අඟහරු තරඟයට බොහෝ කරුණු එක්කර ගතහැකිබව ඔව්න් පවසනවා.

573 Total Views 2 Views Today

Comments

comments