Screen Shot 2015-03-10 at 2.47.19 PM

ඉහත ඡායරුපයෙන්  පෙනෙන යකඩ පියන විවර කලවිට ඔබට දකින්නට ලැබෙන්නේ මිනිසා විසින් පෘථිවිය අභ්‍යන්තරයට විදින ලද ලොව වැඩිම දිගින් යුතු සිදුරයි. කෙසේවෙතත් අප අපගේ පෘථිවිය අභ්‍යන්තරයට වඩා තාරුකා මන්දාකිනි, හා වෙනත ග්‍රහ ලෝක පිළිබඳව දන්නා නිසා 1970දි  රුසියානු විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම පර්යේෂණය ආරම්භ කරා.Kola Superdeep borehole ලෙස මෙය නම් කෙරුනා. මෙහිදී ඔව්න්ගේ අරමුණ වුයේ පෘථිවි කබෝලෙන් අභ්‍යන්තරයට ගමන්කර එය තුල ඇති දෑ අධ්‍යනය කිරීමයි. 1970 සිට ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය වසර 24ක් තිස්සේ සිදුකෙරුණා.

shutterstock_134495237

එහි ප්‍රථිපලයක් ලෙස අවසානයේ ඔව්න් පෘථිවි කබොල කිලෝමීටර 12ක දුරක් විද තිබුනා. එය මුහුදේ ඇති ගැඹුරුම ස්ථානය ලෙස සැලකෙන මරියානා අගාදය (11 km) වඩා ගැඹුරට ගමන් කරා. මෙහිදී ඔව්න් පෘථිවි අභ්‍යන්තයේ  කිලෝමීටර 7ක් පමණ ගැඹුරේදී එක සෛලික ජීවීන්ගේ පොසිලයන් සොයාගනු ලැබුවා. ඊට අමතරව එම මට්ටමේදීම එනම් කිලෝමීටර 7ක් පෘථිවිය තුළද ජලය පවතින බව සොයාගත්තා. ඉන් ඔබ්බට ගමන් කිරීමේදී උෂ්ණත්වය සීග්‍රයෙන් වැඩි වූ අතර පාෂාණ තට්ටු ඝන තත්වයෙන් මිදී ප්ලාස්ටික් මෙන් හැසිරීමට පටන් ගෙන තිබුනා. ඒ එම මට්ටමේ තිබු අධික පීඩනය හා උෂ්ණත්වය නිසාවෙන්.  කෙසේවෙතත් අවසානයේ කිලෝමීටර 12ක සිමාවෙන් ඔව්න්ට මෙම පර්යේෂණය අතහැර දැමීමට සිදුවුණා. ඒ උෂ්ණත්වය 180°C දක්වා ඉහළයාම නිසයි.

Kola-Superdeep-Borehole

කෙසේවෙතත් පෘථිවි මාධ්‍යට පෘථිවි කබොලේ සිට කිලෝමීටර 6400ක  පමණ දුරක් පවතිනවා. එයත් සමග සැසඳීමේදී කිලෝමීටර 12ක් කියන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක්. එනමුත් මෙය ජීව විද්‍යාත්මක හා භූ විද්‍යාත්මක සොයාගැනීම් බොහොමයක් සඳහා උපකාරීවුවා. මේ පිලිබඳ තවත් විස්තර පහත වීඩියෝවෙන්.

2936 Total Views 2 Views Today

Comments

comments