DSC_4452

නෙළුම් කුළුණ කිව්වම  එක එක අයට ඇතිවෙන්නේ  එක එක අදහස්. සමහරු  බනින්න  පටන් ගනීවි, තවත් සමහරු හොඳ කියාවි. ඒ තම තමන්ගේ දේශපාලනයට අදාලවනේ. නමුත් දැන් කොළඹ  කොහෙට ගියත්  නෙළුම් කුළුණ පෙනෙන්නේ නැති  තැනක් නැති  තරම්. මොකද එය දැන්   එතරම්ම  උසයි. දැනට කුලුනේ ඉහලම කොටසේ ඉදිකිරීම් සිදුවන අතර නෙළුම් පෙති තවමත් සවිකිරීම අරඹානැහැ. නමුත් 2017දි අවසන් කිරීමට නියමිත මේ ව්‍යාපෘතියේ structure එකේ වැඩ බොහොමයක් අවසන් නිසා අපි හිතුවා නෙළුම් කුළුණ පිළිබඳව කරුණු කිහිපයක් ගෙන  එන්නට.

  • දැනට මීටර 300කට වැඩි කොටසක ඉදිකිරීම් අවසන් කර ඇති අතර  මෙය අවසන් වී විට මුළු උස මීටර 350ක් පමණ වනු ඇත .
  • මුලික වශයෙන් මේ කුළුණ ඉදිවන්නේ සම්ප්‍රේශණ නැතිනම් broadcasting කටියුතු වෙනුවෙන්. ඒ අනුව මෙය අවසන්වුවිට මෙය රූපවාහිනී හා ගුවන්විදුලි සම්ප්‍රේශණ කුළුණක් ලෙස ක්‍රියාකරනු ඇති අතර. මේ අනුව ඉතාමත් ඉහල තත්වයකින් යුතු ගුණාත්මක සේවාවක් ලබාදීමට මෙය භාවිතා කරනු ඇත
  • රුපවාහිනී නාලිකා 50ක් , FM නාලිකා 35ක්  හා ජංගම දුරකථන සේවා සපයන්නන් 20කට තම මෙහෙයුම් සිදුකරගැනීමට හැකියාව පවතිනවා
  • මෙහි ඉහල කොටස මහල් අටකින් සමන්විත වන අතර සම්ප්‍රේශණ කටයුතු සඳහා ප්‍රථම මහල් දෙක යොදාගන්න අතර ඉන් ඉහල මහල් දෙක  වල  වරකට 450 දෙනෙකු බැගින් රැඳවිය හැකි උත්සව ශාලා දෙකක් ඉදිවේ.
  • ඊට ඉහලින් 5 වන මහළ මිනිත්තු 90කින් වටයක් කැරකෙන පොලවකින් සමන්විත බ්‍රමණය වන ආපනශාලාවකින් සමන් විත වනු ඇත. හය වන හා හත්වන මහල්  අති සුපෝඛභෝගී හෝටලයකට වෙන්ව පවතින අතර.  අටවන මහළ ටිකට් පතක් මිලදීගෙන පැමිණ අප රටේ සුන්දරත්වය විඳගැනීමට හැකිවන නැරඹුම් මැදිරියකට වෙනකොට ඇත.
  • ඊට අමතරව විදුලිසොපන අටකින් මෙය සමන්විත වනු ඇති අතර එයට ඇතුලත්ව ඇති අධිවේගී සෝපාන දෙක මිනිත්තුවක් ඇතුලත බිම්මහලේ සිට මීටර 250ක් ඉහල ඇති නැරඹුම් මැදිරියට ගමන් කරනු ඇතියි.

මිට අමතරව කොළඹ අහස සිඹින තවත් බොහෝ ගොඩනැගිලි දැනටමත් ඉදිවමින් පවතිනවා. ඒ අනුව තව නොබෝකලකින් කොළඹ හදුනාගන්න අපහසුවන තරම් වෙනවස් වේවි. නමුත් මේ ඇතිවමින් පවතින ඇති නැති පරතරය අවම කිරීම අනිවාර්යෙන් සිදුවියයුතු දෙයක්. ඩොලර් මිලියන දෙකකට  සමහර apartment මිලකරද්දී පැල්පත් වල සිටින ජනතාවටත් සාධාරණයක් ඉටුවිය යුතුයි.

2043 Total Views 1 Views Today

Comments

comments