page

කාර්ය බහුල ජිවිතයෙන් මිදිලා නිවාඩුවකට කොහෙට හරි ගිහින් එන්න අපි හැමෝම හරිම කැමැත්තක් දක්වනවා. නමුත් ගමන අතරමග දිගට වහනය නවත්තමින් ව්වමනය කරමින් යන අය අපි අතර ගොඩක් ඉන්නවා, විශේෂයෙන් කුඩා දරුවන්. එහෙම උනාම ගමන ඉවරවෙන්නේ එතරම් සතුටකින් නොවෙයි. මෙම රෝගී තත්වය අපි motion sickness ලෙස හදුන්වනවා. විවිධවූ පුද්ගලයින් මෙම රෝගී තත්වයට වෙනස් ලෙස සංවේදී වනවා. දුම්රිය හරස් මාර්ගයක නවතා ඇති වහනයක ඉඳන් දුම්රිය ගමන් කරන අකාරය බලා සිටීමේ සිට, මෝටර් රථයක ගමන් කිරීම , මෝටර් රථයක ගමන් කරමින් ජංගම දුරකථනය භාවිතාව ඇතුළු බොහෝ කරුණු විවිධ පුද්ගලයින් මෙම රෝගී තත්වයට පත්කරනවා.  අද අප මෙම ලිපිය ගෙන එන්නේ motion sickness ගැන හා ඉන් වැලකීම පිළිබඳවයි.

අපි මුලින්ම බලමු ඇයි මේ රෝගී තත්වය ඇතිවන්නේ කියල. බොහෝවිට මෙම රෝගි තත්වය ඇතිවන්නේ මෝටර් රථයක ගමන් කරන විටයි, නමුත් ඊට අමතරව ගුවන් යානාවන් වල ගමන් කිරීමේදී හා නැවක හෝ ප්‍රමාණයෙන් විශාල බෝට්ටුවක ගමන් කිරීමේදී මෙම රෝගී තත්වය ඇතිවනවා. අපි මෝටර් රථයක ගුවන් යානාවක හෝ නැවක සිටිනවානම් අප එයට සාපේක්ෂව නිශ්චලව පවතිනවා එය අපගේ සමබර තව පවත්වාගැනීමට උපකාරී වන කණ තුල ඇති අර්ධ චක්‍රාකාර නළ මගින් අප නිසල බව සංවේදනය කරන අතර අප අවට පරිසරය ගමන් කරන බව අපට පෙනෙනවා, මෙම දැනීම හා පෙනීම එහෙමත් නැත්තම් අපගේ ඇස්දෙකෙන් මොළයට ලබාදෙන දත්ත  හා අප නිශ්චල බව දැනෙන අපගේ කණ තුල ඇති අර්ධ චක්‍රාකාර නළ මගින් ලබාදෙන දත්ත එකිනෙකට ගලපෙනෙන් නැ. ඒ වගේම අපි මෝටර් රථය තුලදී   අප ජංගම දුරකථනය, පොතක්, හෝ මෝටර් රථය තුල ඇති දෙයක් දෙස බැලුවොත් අප නිසල බව ඇස සංවේදනය කරන අතර මෝටර් රථයේ ඉහල පහල හා වංගු වල චලනයන් අර්ධ චක්‍රාකාර නළ මගින් හදුනාගන්නේ අප චලනයවන ලෙසයි. එනම් ඉහත අවස්ථා දෙකේදීම මොළයට ලබාදෙන දත්ත එකෙනෙක ගැලපෙන්නේ නැ.

motionsickness

මෙම නොගැලපෙන දත්තයන් මොළයේ ඇති area postrema නම් කොටස වෙත යැවෙනවා. මොළයේ මෙම කොටස මගින් අප වමනය කිරීමට සැලැස්වීම සිදුකරනවා. මොකද මෙම area postrema කොටස තමයි ශරීරයට විෂක් අතුලුවුවිට එය හදුනාගෙන වමනය කිරීම සිදුකරන්නේ. ශරීරයට විෂක් අතුල්වුවිට සංවේදන වල ඇතිවන ගැටළු කාරිත්වය හා motion sickness මගින් ඇතිවන ගැටළු සහගත බව මෙයට හේතු වනවා. කුඩා දරුවන් අතර බහුලව පවතින මෙම තත්වය වයසින් වැඩෙත්ම මගහැරි යන අතර නමුත් ඔබ නිතර ගමන් බිමන් යන අයෙක් නොවේනම් හා ඉරුවාරදය (migraine) වැනි රෝග වලින් පෙළෙන්නේ නම් මෙම තත්වය දිගටම පවතින්න පුළුවන්.

මෙම තත්වය නිසා ගමනක අවසානය එතරම් ප්‍රසන්න වන්නේ නැ. නමුත් මෙය අවම කරගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග තිබෙනවා. එකක් නම් හැකිතාක් හිස සෙලවීම අවම කිරීමයි ඒ සඳහා කොට්ටයක් යොදාගනිමින් නිදාගැනීම සිදු කර හැකියි. එහිදී ඇස්දෙක මගින් යවන සංවේදනද අවම වන නිසා වඩාත් පහසුවක් දැනේවි. ඉදිරි පස ආසනයෙ ගමන් කිරීම මෝටර් රථයේ උෂ්ණත්වය පහල අගයක පවත්වාගැනීම, හැකිතාක් ජංගම දුරකථනය භාවිතය පොත්කියවිම වැනි දේවල් වලින් තොර වීම හා ඇස ඉතා ඇත ක්ෂිතිජය වෙත යොමුකිරිම මගින් මෙම තත්වය අවම කරගන්න පුළුවන්. තවද වගකීමක් සහිත රියදුරකු ලෙස ක්ෂණිකව වහනය නතරකිරිම හා ක්ෂණික ත්වරණය අවම කිරීම හා සෙමෙන් වංගු ගැනීම මගින් මගීන්ට සැප පහසු ගමනක් සලසාදෙන්න පුළුවන්. තවද වෛද්‍යවරයකු හමුවීම මගින් මෙයට සහනය සලසන ඖෂධ ලබාගන්නත් පුළුවන්.

1001 Total Views 2 Views Today

Comments

comments