berners-lee-tim_1024

වෙබ් අඩවියක් (website) හෝ වෙබ් පිටුවක් (webpage) යනු අද අපට බොහොම සුලභ දෙයක් ලෝකයේ මේ වනවිට බිලියන 4 කටත් අධික වෙබ් පිටු ප්‍රමාණයක් අන්තර්ජාලය තුල දැකගැනීමට පුළුවන්. නමුත් මේ අතරින් එක් සුවිශේෂී වෙබ් අඩවියක් තිබෙනවා එනම් ලෝකයේ ප්‍රථමයෙන්ම සියලු දෙනාට විවුර්ත වුන වෙබ් අඩවිය තවමත් සක්‍රියව පැවතීමයි. මේ වනවිට එහි වයස වසර 25ක්.

මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙන්නේ 1990 දී Tim Berners-Lee විසින් CERN නමැති පරීක්ෂණ ආයතනයක සේවය කරමින් සිටින අතරතුරදී මෙම වෙබ් අඩවිය නිර්මාණය කොට තිබෙනවා. මෙය නිර්මාණය වී තිබෙන්නේ 1990 දෙසැම්බර් 20 වැනිදායි නමුත් එය නිර්මාණය වූ මොහොතේ සිට සාමාන්‍ය ජනයාට විවුර්ත වූ එකක් ලෙස පැවති නැහැ එය අන්තර්ජාල සම්බන්ධ තාවයක් ඇති ඕනෑම කෙනෙකුට විවුර්තව තිබෙන්නේ 1991 අගෝස්තු මාසයේදී.

first-website-cern

මෙම වෙබ් අඩවිය බලූ බැල්මටම අන්තර්ජාලය පිළිබඳව මග පෙන්වීමක් ලෙස පෙනෙනවා. එහි ඔබට ඔබගේම server එකක් පිහිටවා ගන්නා ආකාරය සහ වෙනත් පරිගනකයක තිබෙන දත්ත අන්තර්ජාලය හරහා ලබන්නේ කෙසේද යන්න පිළිබඳව විස්තර පැහැදිලිව ලබදී තිබෙනවා.

මෙහි නිර්මාතෘ වන Tim Berners-Lee ගේ මුලික අදහසට අනුව නම් මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීමේදී ඔවුන් මුලික ලෙස අවධානය යොමුකොට තිබෙන්නේ ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා ලබාදීමට අදහස් කරන පණිවිඩය නිසියාකාරව පැහැදිලිව ලබාදීම පිළිබඳවයි. අන්තර්ජාල graphics භාවිතයට ඉඩකඩ තිබුනත් ඔවුන් ඒවා පිළිබඳවට වඩා ඔවුන්ගේ අදහස කියවන්නාට ලබාදීම පිළිබඳව ඔවුන් අවධානය යොමුකර තිබෙනවා. වෙබ් අඩවිය කෙතරම් පැරණි වුවත් අද පවතින බොහොමයක් වෙබ් අඩවි වලට මේ කාරණය නම් බොහෝ සෙයින් වැදගත් වනු ඇති.

ලෝකයේ ප්‍රථම සෙවුම් යන්ත්‍රය (search engine) ලෙස වාර්තාගත වන්නේ Martijn Koster විසින් CERN අයතනයේදීම නිර්මාණය කල Aliweb නමැති සෙවුම් යන්ත්‍රයයි නමුත් මෙම ව්‍යාපෘතිය එතරම් කල් පැවතුනේ නැහැ එය වැඩි දුර දියුණුවට පත්වුනෙත් නැහැ නමුත් මේ සෙවුම් යන්ත්‍රය තවමත් ක්‍රියාකාරීව පවතිනවා.

aliweb

696 Total Views 2 Views Today

Comments

comments