solar storm

මේ ලෝකයේ තිබෙන සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග එක මොහොතක නැවත භාවිතයට ගත නොහැකි ලෙස අක්‍රිය වී ගියහොත් ඔබට කුමක් සිදුවේවිද. මේ සිදුවීම බොහෝ විට අප දැක ඇත්තේ විද්‍යා ප්‍රබන්ධ වලදී පමණයි. නමුත් මේ සිදුවීම සත්‍ය වශයෙන්ම සිදුවීමේ අවධානමක් තිබෙනවා. අද අප විස්තර ගෙන එන්නේ ඒ පිළිබඳවයි.

මෙවන් විශාල විනාශයක්  එකවර සිදුවීමේ අවධානම තිබෙන්නේ වෙන කිසිවෙකු නිසාවත් නොවෙයි පෘථිවියට ජිවය ලබාදෙන අපගේ සුර්යා නිසාවෙනි. සුර්යාගේ මාධ්‍යය ඉතාමත් උණුසුම් මේ නිසා එහි පවතින පරමාණු බිඳ වැටෙමින් නව පරමාණු නිපදවීමේ ක්‍රියාවලිය සිදුවෙනවා. සුර්යාගේ උණුසුම දිගටම රැඳී පවතින්නේ මෙමෙ ක්‍රියාවලිය දාම ප්‍රතික්‍රියාවක් ලෙස සිදුවන නිසාවෙනි. මෙලෙස පරමාණු බිඳවැටීම සිදුවෙන නිසා සුර්යාගේ මද්‍යයේ ආරෝපිත උප පරමාණුක අංශු (charged subatomic particles) නිතරම රැඳී තිබෙනවා.

මෙමෙ ආරෝපිත උප පරමාණුක අංශු වරින් වර සුර්යාගේ මද්‍යයේ සිට බාහිර අවකාශයට නිකුත් කෙරෙනවා. මේවා හඳුන්වන්නේ සුර්ය කුණාටු (solar storm) ලෙසයි. ඇතැම් අවස්ථාවල මේ ආරෝපිත උප පරමාණුක අංශු පෘථිවිය කරා පවා ලඟා වෙනවා. මෙවන් ආරෝපිත අංශු ධාරාවක් පෘථිවිය දෙසට පැමිණි විට එයින් බහුතරයක් ප්‍රමාණය පෘථිවි චුමබක ක්ෂේත්‍රය මගින් විසිරුවා හැර ඒවා පෘථිවියට ලඟා වීම වළක්වනවා. ඇතැම් අවස්ථාවලදී ආරෝපිත අංශු ධාරාවෙන් සුළු ප්‍රමාණයක් පෘථිවියේ ඉහල වායුගෝලය හා සමග ගැටීම සිදුවෙනවා. පෘථිවියේ ද්‍රව ආසන්න ප්‍රදේශවල අහසේ ඇතිවන වර්ණවත් ලෝක රටාවන් වලට හේතු වන්නේ මේවායි. බොහෝවිට අප ඒවා උතතරාලෝකය ලෙස හඳුන්වනවා.

මෙම ආරෝපිත උප පරමාණුක අංශු ධාරාව ඉලෙක්ට්‍රොනික උපාංග වලට නම් ඒ තරම් හොඳ ආරංචියක් නොවෙයි. මන්ද මේවයෙන් ඇතිවන ස්ථිතික ධාරාවන් නිසා එලෙක්ට්‍රොනික උපාංග වල ක්‍රියාකාරිත්වයට භාදා ඇතිවීමේ සිට ඒවා සම්පුර්නයේම අකර්මන්‍ය වීම දක්වා වූ තත්වයන් උද්ගතවීමට පුළුවන්. මිට අමතරව මෙම ආරෝපිත අංශු නිසා විද්‍යුත් චුම්භක තරංග වලටද භාදා ඇතිවීමට පුළුවන්.

සුර්ය කුණාටුවකින්  පෘථිවියට ඇති එකම ආරක්ෂාව වන්නේ පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය පමණයි. නමුත් පෘථිවි චුම්භක ක්ෂේත්‍රයටත් නැවැත්විය හැකි නොහැකි විශාල සුර්ය සුළඟකට පෘථිවිය මත ඇති සියලුම ඉලෙක්ට්‍රොනික උපාංගයන් අකර්මන්‍ය කිරීමේ හැකියාව තිබෙනවා.

සාමන්‍යයෙන් සූර්යයාගෙන් මෙවන් විශාල ප්‍රමාණයේ සුර්ය ගිනිදැල් ඇතිවන්නේ වසර 150 කට පමණ වතාවක් යැයි ගණන්බලා තිබෙනවා. දැනට වාර්තා වී ඇති දරුණුම සුර්ය කුණාටුව වාර්තා වී තිබෙන්නේ 1859 වසරේදී මෙමෙ සිදුවීම Carrington Event ලෙස හඳුනවනවා. මෙහිදී ඇතිවූ උත්තරාලොකයන් කියුබාව දක්වා දර්ශනය වී තිබෙනවා. නමුත් 1859 දී වර්තමානය මෙන් ඉලෙක්ට්‍රොනික උපාංග බහුලව භාවිත වී නොමැති නිසා එමගින් ඇති වූ හානිය ඉතා අවමයි.

මීළඟට විශාලම සිදුවීම වාර්තා වන්නේ 1989 දී. එම වසරේ ඇතිවූ සුර්ය කුණාටුවේ බලපෑම නිසා තත්පර 90ක් ඇතුලත සම්පුර්ණ කැනඩාවටම විදුලිය විසන්ධි වී තිබෙනවා විදුලි බාල පදධතිය යතා තත්වයට ගැනිමට පැය 9 කටත් වඩා කාලයක් ගතවී තිබෙනවා. 1989 වසරටත් වඩා ලෝකයේ ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතය අද ඉහල ගිහින්, එම නිසා මෙවන් සිදුවීමක් දැන් සිදුවුවහොත් ඉතා විශාල හානියක් සිදුවිය හැකියි.

ඉදිරි දශකය ඇතුලත මෙවන් බරපතල මට්ටමේ සුර්ය කුණාටුවක් ඇතිවීමට 12% ක සම්භාවිතාවක් ඇති බවට පර්යේෂකයන් නිගමනය කොට තිබෙනවා. මේ නිසා ලෝකයේ බොහෝ දියුණු රටවල් මෙවන් අවස්ථාවකට මුහුණ දීමේ වැඩපිළිවෙලවල් සකස් කරමින් පවතිනවා. ඇමරිකාව මේ පිළිබඳව ඔවුන්ගේ වැඩපිළිවෙල පසුගියදා එලිදකවා තිබුනා.

1335 Total Views 2 Views Today

Comments

comments