LG-Curved

රුපවාහිනිය යනු අද වන විට අපගේ ජිවිත වලට බොහෝ සමීප උපකරණයක්. සැම නිවසකම වාගේ රුපවාහිනියක් භාවිතා වෙනවා. සාමාන්‍යයෙන් අප භාවිතයට ගන්නා රුපවාහිනී තරමක් විශාලයි. එමෙන්ම ඒවා නිශ්චිත හැඩයකින් යුක්ත වෙනවා. මේ සාමාන්‍ය රුපවාහිනිය අබිභවමින් කුඩා සිලින්ඩරයක් සේ රෝල් කල හැකි රුපවාහිනී තිරයක්( Roll-Up Television Screen ) හඳුන්වා දීමට සුප්‍රකට LG සමාගම පසුගියදා පියවර ගනු ලැබුවා. ඒ පසුගියදා ඇමරිකාවේ Lass Vegas හි දී පැවති Consumer Electronics Show එකෙහිදියි. මෙම නවතම රුපවාහිනීය පිළිබඳව ප්‍රථම මාධ්‍ය වාර්තාව සිදුකරනු ලැබුවේ BBC ආයතනය විසිනුයි

මෙම රුපවාහිනිය අඟල් 18 ක ප්‍රමාණයෙන් යුක්ත වෙනවා මෙය 1200×810 ක pixels ප්‍රමාණයක් අන්තර්ගත වන අතර මෙය full HD වර්ගයේ රෑපවාහිනී තිරයක් වෙනවා. මෙම රුපවාහිනියේ වඩාත් සිතාගන්නා සුළු අංගය වන්නේ එය අරය සෙන්ටිමීටර් 3 ක් පමණ වන කුඩා සිලින්ඩරයක් පමණ වන තෙක් රෝල් කිරීමේ හැකියාවක් පැවතීමයි. මෙලෙස මම රුපවාහිනියට මෙතරම් නම්‍යශීලි භාවයක් ලැබී තිබෙන්නේ එය නිර්මාණය කිරීමට යොදාගන්නා ලද OLED තාක්ෂණය නිසයි. OLED යනු Organic Light Emitting Diodes යන්නයි. සාමාන්‍ය LED TV එකක LCD තිරය ආලෝකමත් කිරීමට යොදා ගන්නේ ඊට පසුපසින් ඇති LED බල්බයි මේ නිසා LED TV එකකට දෘඩ් පසුපස කොටසක් තිබීම අනිවාර්යයි. නමුත් OLED තිරයකට  self-illuminating හැකියාව තිබෙනවා එම නිසා එයට දෘඩ පසුපස කොටසක් අවශ්‍ය වන්නේ නැහැ. මේ නිසා OLED මගින් නිපදවෙන රුපවාහිනී තිරයක් සාමාන්‍ය LED තීරයකට වඩා බෙහෙවින් නම්‍යශීලි බවකින් යුක්ත වෙනවා.

මෙම තාක්ෂණය රුපවාහිනී වලට පමණක් නොව අනෙකුත් සියලුම වර්ගයේ තිර වලට යොදාගැනීමේ හැකියාවක් පවතිනවා. අනාගතයේ දිනෙක ජංගම දුරකථන tablet,  laptop පරිගණක ආදී මේ සියලු දේ සඳහා මෙමෙ OLED තාක්ෂණය භාවිත වනු ඇති බොහෝ දෙනා විශ්වාශ කරනවා. නමුත් මෙම තාක්ෂණය තවමත් මිල අධිකයි. මිට ප්‍රධානම හේතුව වන්නේ නිෂප්දනය කරන OLED තිර වලින් 20% ක පමණ ප්‍රතිශතයක් ක්‍රියාත්මක නොවී තිබීමේ සම්භාවිතාවක් පැවතීමයි. මේ නිසා තවමත් මෙම තාක්ෂණය බහුලව යොදාගැනීමේ ගැටළු පවතිනවා.

OLED තාක්ෂණයේ පවතින මීළඟ භාදකය නම් එය රෝල්කල හැකි වුවත් එය නැමීමට නොහැකි වීමයි එම නිසා මෙය අනාගතයේ දිනක විද්‍යුත් පුවත් පත් දර්ශනය කිරීමට යොදාගත හැකි වෙතැයි බොහෝ දෙනා අදහස් කර සිටියත් එය OLED තාක්ෂණය ඔස්සේ නම් ඉටු කර ගැනිමට හැකියාවක් ලැබෙන්නේ නම් නැහැ

664 Total Views 1 Views Today

Comments

comments