1016256278

රුසියානුවන් නිපදවපු අරුම පුදුම වාහනය ගැන අපි කථාකර ඔබට මතක් ඇතිනේ. අද මේ ලිපියෙන් ගෙන එන්නේ රුසියාව විසින් පෘථිවියේ පැවැත්ම උදෙසා ඉටු කිරීමට සුදානම් වන කරුණක් පිළිබඳවයි. අප දන්නවා  ක්ෂිරපත මන්දාකිනිය පාවෙන ඇස්ටෝරොයිඩ වලින් පිරි පවතිනවා. ඉතින් යම් අවාසනාවන්ත අවස්ථාවක විශාල ඇස්ටෝරොයිඩයක් අප සිටින පෘතුවියෙ හෝ සඳ මත පතිත වුවහොත් ලෝක විනාශය සිදුවීමට හැකියාවක් පවතිනවා. මෙවැනි අවස්ථාවක අපට කල හැකි දෙයක් නම් එම ගැටීමට නියමිත වස්තුව හඳුනාගෙන එය විනාශ කිරීමයි. නමුත් මෙතෙක් පෘතුවි වසින් වන අපි එවැනි දෙයක් සිදුකර නොමැති අතර, දැන් එවැනි දෙයක් සිදුකිරීමට උත්සාහයක නිරතවීමට රුසියාව සුදානම් වනවා.

ඔව්න් මේ අයුරින් විනාශ කිරීමට උත්සහ කරන්නේ  Apophis නම් ග්‍රාහකයක්. එය ප්‍රමාණයෙන් මීටර 325ක්  වනවා.  මුලින්ම මෙය පිළිබඳව සොයාගන්නේ 2004දි  එහිදී එය වසර 2029දි  පෘතුවිය හෝ සඳෙහි ගැටීමට 2.7% ප්‍රමානයක හැකියාවක් පවතින බව අනාවරනය කරගනු ලබනවා. නමුත් පසු ගණනය කිරීම වලදී එය පෘතුවියට කිලෝමීටර 31000 ඇතින් ගමන් කරනු ඇතිබව තහවුරු කරා. නමුත් කිලෝමීටර 31000 කියන්නේ සඳ හා අප අතර ඇති දුරෙන් 12න් 1 කොටසක්. එම ග්‍රාහකය නැවත 2036දි නැවත අපට ආසන්නයෙන් ගමන් කිරීමට නියමිතයි නමුත් ඒ කොලොමිටර මිලියන 20ක් ඇතින්.මේ දෙවන වර ගමන් කිරීමේදී එය අපෙන් ඇතට යන නිසා මෙම අවස්ථාවේදී රුසියානුවන් මෙය විනාශ කිරමට උත්සහ කිරීමට නියමිතයි.

maxresdefault

ඔව්න් මෙය සිදුකිරීමට උත්සහ කරන්න අන්තර්මහද්විපික බැලස්ටික් මිසයිලයක් යොදාගනිමින්. රුසියාව චීනය හා බටහිර රටවල් බොහොමයක් සිතල  යුද්ධ සමයේදී න්‍යෂ්ටික පුපුරන ද්‍රව්‍ය රැගෙන යාමට හැකි මෙම අන්තර්මහද්විපික බැලස්ටික් මිසයිලය නිපදවනු ලැබූ අතර ඕනෑම මොහොතක එක් බොත්තමක් එබුසනින් ක්‍රියාකිරීමට ඉන්ධන පුරවා සුදානම් කර තිබෙනවා. නමුත් තවම මෙම මිසයිල අභ්‍යවකාශයට යවා නොමැති අතර මේසඳහා ඒවා upgrade කිරීමට නියමිතයි. වසර 2036ට තව කල් තිබෙන නිසා මෙය සඳහා සුදානම් වීමේ ගැටළුවක් නොමැති බව ඔව්න් පවසනවා.

apophis20080909095109

කෙසේ වෙතත් මෙම ග්‍රාහකයා පෘතුවිය හා ගැටුනොත් එය පෘතුවියේ ඇති විශාලතම න්‍යෂ්ටික අවිය මෙන් 20 ගුණයක ශක්තියක් නිකුත් කරනු ඇති අතර නමුත් එය පෘථිවිය විනාශ කිරීමට ප්‍රමාණවත් නැ. ඒ සඳහා අවම අවශයෙන් කිලෝමීටරයක ප්‍රමාණයේ ග්‍රාහකයක් ගැටිය යුතු වනනවා.  මෙවැනි ග්‍රාහක පිළිබඳව අවධානයෙන් සිටීමට nasa ආයතනය කටයුතු කරන අතර පෘතුවිය ආසන්නයෙන් ගමන් කරන ග්‍රාහක පිළිබඳව සෙවීමට වෙනම ඒකකයක්ද පිහිටවා තිබෙනවා.

5074 Total Views 6 Views Today

Comments

comments